උත්පත්ති Chapter 14

For English

Read උත්පත්ති Chapter 14 Online

Read උත්පත්ති Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.

Choose a Chapter

උත්පත්ති 14

පරිච්ඡේදය 14

1. ෂිනාර්හි රජවූ අම්රාඵෙල්ගේද එල්ලාසාර්හි රජවූ අරියොක්ගේද ඒලාම්හි රජවූ කෙදොර්-ලායොමෙර්ගේද ජාතීන්ගේ රජවූ තිදාල්ගේද දවස්වලදී,

2. ඔව්හු සොදොම්හි රජවූ බෙරාද ගොමොරාහි රජවූ බිර්ෂාද අද්මාහි රජවූ ෂිනාබ්ද ශෙබොයිම්හි රජවූ ෂෙමේබෙර්ද බෙලාහි (එනම් ශොවර්හි) රජද යන මොවුන්ට විරුද්ධව යුද්ධකළෝය.

3. මොවුන් සියල්ලෝ ලුණු මුහුද වූ සිද්දීම් මිටියාවතෙහි එකට රැස්වූවෝය.

4. ඔව්හු දොළොස් අවුරුද්දක් කෙදොර්-ලායොමෙර්ට මෙහෙකොට දහතුන්වෙනි අවුරුද්දේ කැරළිගැසුවෝය.

5. දසසතරවෙනි අවුරුද්දේදී කෙදොර්-ලායොමෙර්ද ඔහු සමඟ සිටි රජවරුද ඇවිත් අෂ්තෙරොත්-කර්ණයිම්හි සිටිය රෙඵාවරුන්ටත් හාම්හි සිටිය සූසිවරුන්ටත් කිරියාතායිම් සමබිමේ සිටි ඒමිවරුන්ටත්

6. කාන්තාරයට ළංවූ ඒල්-පාරාන් දක්වා සේයිර් නම්වූ ස්වකීය කඳුකරයෙහි සිටිය හෝරිවරුන්ටත් පහරදුන්නෝය.

7. තවද ඔව්හු හැරී ඇවිත් ඒන්-මිෂ්පාත්ට (එනම් කාදෙෂ්ට) පැමිණ අමලෙක්වරුන්ගේ මුළු රටටත් හශශොන්-තාමාර්හි විසූ අමෝරිවරුන්ටත් පහරදුන්නෝය.

8. එවිට සොදොම්හි රජද ගොමොරාහි රජද අද්මාහි රජද ශෙබොයිම්හි රජද බෙලාහි (එනම් ශොවර්හි) රජද යන රජවරු පස්දෙනා පිටත්ව ගොස්,

9. ඒලාම්හි රජවූ කෙදොර්-ලායොමෙර්ද ජාතීන්ගේ රජවූ තිදාල්ද ෂිනාර්හි රජවූ අම්රාඵෙල්ද එල්ලාසාර්හි රජවූ අරියොක්ද යන රජවරුන් සතරදෙනාට විරුද්ධව සිද්දීම් මිටියාවතෙහි යුද්ධයට සැරසී සිටියෝය.

10. සිද්දීම් මිටියාවත වනාහි කීල් වළවලින් පිරී තිබුණේය; සොදොම සහ ගොමොරාහි රජවරු පලාගොස් එහි වැටුණෝය, ඉතිරි අය කන්දට පලාගියෝය.

11. එකල ඔව්හු සොදොම සහ ගොමොරාහි සියලු සම්පත්ද ඔවුන්ගේ සියලු ආහාරද රැගෙන ගියෝය.

12. ඔව්හු සොදොම්හි විසූ ආබ්‍රම්ගේ සහෝදරයාගේ පුත්වූ ලොත් සහ ඔහුගේ සම්පත්ද රැගෙන ගියෝය.

13. එවිට ගැළවී ගිය කෙනෙක් ඇවිත් හෙබ්‍රෙව්වාවූ ආබ්‍රම්ට දැන්විය. හෙතෙම වනාහි එෂ්කොල්ගේ සහෝදරයාද අනෙර්ගේ සහෝදරයාදවූ අමෝරිය මම්රේගේ ආලෝන් ගස් ළඟ වාසයකෙළේය. මොව්හු ආබ්‍රම් සමඟ ගිවිසුමක් කරගෙන සිටියෝය.

14. ආබ්‍රම් තමාගේ සහෝදරයා අල්වාගෙන ගිය බව ඇසූ කල තමාගේ ගෙයි උපන්නාවූ පුරුදුකරනු ලැබූ ස්වකීය මිනිසුන් තුන්සිය දසඅට දෙනෙකු රැගෙන දාන් දක්වා ලුහුබැඳ ගියේය.

15. තවද ඔහුත් ඔහුගේ මෙහෙකරුවොත් රාත්‍රියෙහි ඔවුන්ට විරුද්ධව බෙදී, ඔවුන්ට පහරදී, දමස්කයට වම් පැත්තෙහි වූ හෝබා දක්වා ලුහුබැඳ ගොස් සියලු සම්පත් ආපසු ගෙනාවෝය.

16. ඔහු තම සහෝදරවූ ලොත් සහ ඔහුගේ සම්පත්ද ස්ත්‍රීන්ද සෙනඟද ආපසු ගෙනායේය.

17. ඔහු කෙදොර්-ලායොමෙර් සහ ඔහු සමඟ සිටිය රජුන් මරා ආ කල්හි සොදොම්හි රජතෙම ඔහු සම්මුඛවන පිණිස ෂාවේ මිටියාවතට (එනම් රජුගේ මිටියාවතට) පිටත්ව ගියේය.

18. සාලෙම්හි රජවූ මෙල්කිසදෙක් රොටි හා මුද්‍රිකපානය ගෙනායේය. හෙතෙම මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයා විය.

19. ඔහු ආබ්‍රම්ට ආශීර්වාද කොට: අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම දෙවියන්වහන්සේගෙන් ආබ්‍රම්ට ආශීර්වාද වේවා;

20. ඔබේ සතුරන් ඔබේ අතට පාවාදුන් මහෝත්තම දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවයි කීය. ආබ්‍රම්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය.

21. සොදොම්හි රජද ආබ්‍රම්ට කථාකොට: මිනිසුන් මට දියන්න, සම්පත් ඔබටම ගනින්නැයි කීය. ආබ්‍රම් සොදොම්හි රජුට කථාකොට:

22. මම ආබ්‍රම් පොහොසත්කෙළෙමියි ඔබ නොකියන පිණිස යෞවනයන් කෑ දේ සහ මා සමඟ ගියාවූ මිනිසුන්ගේ කොටස හැර

23. නූල්පටක්වත් මිරිවැඩි පටියක්වත් ඔබ සන්තක කිසි දෙයක්වත් නොගන්නෙමියි අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම දෙවිවූ ස්වාමීන්වහන්සේට මාගේ අත ඔසවා දිවුළෙමි;

24. අනෙර්ද එෂ්කොල්ද මම්රේද තමන්ගේ කොටස් ගනිත්වයි කීය.

About උත්පත්ති Chapter 14

Read උත්පත්ති Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: උත්පත්ති
Chapter: 14
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading උත්පත්ති Chapter 14 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is උත්පත්ති Chapter 14?

උත්පත්ති Chapter 14 is part of the Book of උත්පත්ති in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete උත්පත්ති Chapter 14 online for free with easy chapter navigation.

More Chapters from උත්පත්ති

  1. උත්පත්ති Chapter 2
  2. උත්පත්ති Chapter 39
  3. උත්පත්ති Chapter 19
  4. උත්පත්ති Chapter 1
  5. උත්පත්ති Chapter 33
  6. උත්පත්ති Chapter 30
  7. උත්පත්ති Chapter 22

Explore More from පැරණි ගිවිසුම

  1. එස්තර් Chapter 4
  2. ගීතාවලිය Chapter 11
  3. යෙසායා Chapter 30
  4. 1 ලේකම් Chapter 4
  5. ආමොස් Chapter 4
  6. ගීතාවලිය Chapter 117
  7. 2 ලේකම් Chapter 14

Related Chapters & Readings

  1. සෙකරියා Chapter 13
  2. ශු. යොහන් Chapter 8
  3. ගීතාවලිය Chapter 78
  4. ගීතාවලිය Chapter 76
  5. ගණන් කථාව Chapter 31
  6. සාලමොන්ගේ ගීතිකා Chapter 8
  7. යෝෂුවා Chapter 21
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *