Read උත්පත්ති Chapter 19 Online
Read උත්පත්ති Chapter 19 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.
Choose a Chapter
උත්පත්ති 19
පරිච්ඡේදය 19
1. දේවදූතයන් දෙදෙනා සවස් වේලෙහි සොදොමට පැමුණුණෝය; ලොත් සොදොමේ දොරටුවේ හුන්නේය. ලොත් ඔවුන් දැක ඔවුන් සම්මුඛවන පිණිස නැගිට මුහුණින් බිමට නැමුණේය;
2. තවද ඔහු: බැලුව මැනවි, මාගේ ස්වාමිවරුනි, ඔබවහන්සේලාගේ මෙහෙකරුවාගේ ගෙදරට ඇවිත් මුළු රෑ නැවතී සිට පාද සෝදාගතමැනවි, අලුයම් වේලෙහි නැගිට ඔබවහන්සේලාගේ ගමන යත හැකියයි කීවේය. ඔව්හුද: නැත; මුළු රෑ වීථියේ නවතින්නෙමුයයි කීවෝය.
3. නුමුත් ඔහු ඔවුන්ට බොහෝසේ පෙරැත්තකළ නිසා ඔව්හු ඔහු වෙතට හැරී ගොස් ඔහුගේ ගෙට ඇතුල්වූවෝය; එවිට ඔහු මුහුන් නුමුසු රොටි පුළුස්සා ඔවුන්ට කෑමක් පිළියෙළ කෙළේය, ඔව්හුද කෑවෝය.
4. නුමුත් ඔවුන් නින්දට පළමුවෙන් නුවර මනුෂ්‍යයෝ, එනම් සොදොමේ මනුෂ්‍යයෝ වූ සියලු දිගින් ආවාවූ තරුණයෝද මහල්ලෝද යන මුළු සෙනඟ ගෙය වටකරගත්තෝය;
5. ඉක්බිති ඔව්හු ලොත්ට හඬගසමින්: අද රාත්‍රියේ ඔබ වෙතට ආවාවූ මනුෂ්‍යයෝ කොහේද? අප විසින් ඔවුන් හැඳිනගන්නා පිණිස ඔවුන් අප ළඟට පිටතට ගෙනෙන්නැයි කීවෝය.
6. ලොත් දොරකඩින් නික්ම දොර වසා ඔවුන් ළඟට ගොස්:
7. මාගේ සහෝදරයිනි, මෙබඳු දුෂ්ටකමක් නොකරන්න.
8. මෙන්න, පුරුෂයෙකු නෑඳින්න දූවරු දෙදෙනෙක් මට සිටිති; ඔවුන් ඔබ සැම ළඟට පිටතට ගෙනෙන්ට ඉඩදෙන්න, ඔබ සැමට හොඳව පෙනෙන ලෙස ඔවුන්ට කරන්න; එහෙත් මේ මනුෂ්‍යයන් මාගේ පියස්ස යටට ඇවිත් සිටින නිසා ඔවුන්ට කිසිවක් නොකරන්නැයි කීය.
9. එවිට ඔව්හු: අහකට යන්න, මේකා නැවතී සිටින්ට ඇවිත් විනිශ්චයකාරයෙක් වෙන්ට හදයි. දැන් ඔවුන්ට වඩා තදබලව තට ක්‍රියාකරන්නෙමුයයි කීවෝය. ඔව්හුද: ඒ මනුෂ්‍යයා, එනම්, ලොත් තදින් තෙරපා දොර බිඳින පිණිස ළංවූවෝය.
10. එහෙත් ඒ මනුෂ්‍යයෝ තමන්ගේ අත් දිඟුකොට ලොත් තමන් වෙතට ගේ ඇතුළට ඇදගෙන දොර වැසුවෝය.
11. තවද ඔව්හු ගෙයි දොර ළඟ සිටි ලොකු කුඩා සියල්ලන් අන්ධ කළෝය. මෙසේ ඔව්හු දොර සොයමින් වෙහෙසුණෝය.
12. ඒ මනුෂ්‍යයෝ ලොත්ට කථාකොට: මෙහි ඔබට සිටින්නේ වෙන කවුද? බෑනා හෝ ඔබේ පුත්‍රයන් හෝ ඔබේ දූවරුන් හෝ වෙන මේ නුවර ඔබට සිටින කොයි කෙනෙක් හෝ මේ ස්ථානයෙන් පිටතට යන්න;
13. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මේ මිනිසුන්ගේ මොරගැසීම අධිකවූ බැවින් අපි මේ ස්ථානය විනාශකරන්නෙමුව; එය විනාශකරන පිණිස ස්වාමීන්වහන්සේ අප එවූසේකැයි කීවෝය.
14. ලොත් පිටතට ගොස් තමාගේ දූවරුන් සරණ පාවාගත් බෑනාවරුන්ට කථාකරමින්: නැගිට මේ ස්ථානයෙන් පිටතට යන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ මේ නුවර විනාශකරන්ට යනසේකැයි කීවේය. එහෙත් ඔහු සරදම්කරන්නෙකු මෙන් තම බෑනාවරුන්ට පෙනුණේය.
15. පහන්වුණ කල දේවදූතයෝ: මේ නුවර අයුතුකමෙහි ඔබ නාස්තිනොවන පිණිස නැගිට මෙහි සිටින ඔබේ භාර්යාවත් ඔබේ දූවරුන් දෙදෙනාත් කැඳවාගෙන යන්නැයි කියා ලොත් ඉක්මන් කෙරෙවුවෝය.
16. එහෙත් ඔහු ප්‍රමාදවුණ කල්හි ස්වාමීන්වහන්සේ ඔහු කෙරෙහි ඇති දයාව නිසා ඒ මනුෂ්‍යයෝ ඔහුගේ අතද ඔහුගේ භාර්යාවගේ අතද ඔහුගේ දූවරුන් දෙදෙනාගේ අත්ද අල්වාගෙන ඔහු ගෙනගොස් නුවරින් පිටත සිටෙවුවෝය.
17. ඔවුන් පිටතට ගෙනා කල්හි උන්වහන්සේ කථාකොට: ඔබේ ප්‍රාණය ගළවාගන්ට දුවන්න; ආපසු නොබලන්න. සමභූමියෙහි කොතැනවත් නැවතී නොසිටින්න; නාස්තිනොවන පිණිස කන්දට දුවන්නැයි කීසේක.
18. එවිට ලොත්: අනේ මාගේ ස්වාමීනි, එසේ නොවේවා.
19. මෙන්න බැලුව මැනවි, ඔබගේ මෙහෙකරුවාට ඔබ ඉදිරියෙහි කරුණාව ලැබී තිබේ; මාගේ ප්‍රාණය රක්ෂාකිරීමෙන් ඔබ මට මහත් ලෙස කරුණාකළසේක; මට කන්දට පලායන්ට නුපුළුවන, සමහරවිට මට නපුර පැමිණීමෙන් මරණය සිදුවිය හැකිය.
20. මෙන්න, පලායන්ට අර නුවර ළඟය, ඒක කුඩා එකක්ය. අහෝ එහි පලායන්ට අවසර ලැබේවා; ඒක කුඩා එකක් නොවේද? එවිට මාගේ ප්‍රාණය ජීවත්වන්නේයයි ඔවුන්ට කීය.
21. උන්වහන්සේද: බලව, ඔබ සඳහන්කළ නුවර මා විසින් විනාශ නොකරන හැටියට මේ කාරණය ගැනත් ඔබ පිළිගතිමි.
22. ඉක්මන්කරන්න, ගැළවෙන්ට එතැනට දුවන්න; මක්නිසාද ඔබ එතැනට පැමිණෙනතුරු කිසිවක් කළ නොහැක්කෙමියි ඔහුට කීසේක. එබැවින් ඒ නුවරට ශොවර් 19:22 එනම්, කුඩා. යන නම කියනලදී.
23. ලොත් ශොවර් නුවරට ළඟාවූ කල්හි පොළොව පිට ඉර උදාවී තිබුණේය.
24. එවිට ස්වාමීන්වහන්සේ සොදොම පිට සහ ගොමොරා පිට ස්වාමීන්වහන්සේ වෙතින් අහසෙන් ගෙන්දගම් සහ ගිනිද වස්වා
25. ඒ නුවරවල්ද මුළු සමභූමියද ඒ නුවරවල සියලු වැසියන්ද භූමියෙහි හටගත් දේද විනාශකළසේක.
26. එහෙත් ඔහුගේ භාර්යාව ඔහුට පිටිපසින් යමින් ආපසු බැලුවාය, ඈ වනාහි ලුණු කණුවක් වූවාය.
27. ආබ්‍රහම් අලුයම් වේලෙහි නැගිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තමා සිටි ස්ථානයට ගොස්
28. සොදොම සහ ගොමොරාද සමභූමියෙහි මුළු දේශයද දෙස බැලුවේය, බලව, ඒ දේශයේ ධූමය උදුනක ධූමය ලෙස නගිනවා ඔහු දුටුවේය.
29. තවද දෙවියන්වහන්සේ සමභූමියෙහි නුවරවල් විනාශකරන කල්හි දෙවියන්වහන්සේ ආබ්‍රහම් සිහිකොට, ලොත් විසූ නුවරවල් විනාශකරද්දී ඒ විනාශය මධ්‍යයෙන් ලොත් පිටතට යැවූසේක.
30. ලොත් ඔහුගේ දූවරුන් දෙදෙනාත් සමඟ ශොවර් කෙරෙන් ගොස් කන්දේ වාසයකෙළේය; මක්නිසාද ඔහු ශොවර්හි වාසයකරන්ට භයවිය. ඔහුත් ඔහුගේ දූවරු දෙදෙනාත් ගුහාවක වාසයකළෝය.
31. එවිට වැඩිමහල් තැනැත්තී බාල තැනැත්තියට කථාකොට: අපේ පියා මහලුය, මුළු පොළොවේ ව්‍යවහාරය ලෙස අප කරා පැමිණෙන්ට පොළොවෙහි පුරුෂයෙක් නැත්තේය.
32. එන්න, අපේ පියාගෙන් වංශය රක්ෂාකරගන්නා පිණිස අපේ පියාණන්ට මුද්‍රිකපානය පොවා ඔහු සමඟ සයනයකරමුයයි කීවාය.
33. ඔව්හු ඒ රාත්‍රියෙහි තමන්ගේ පියාට මුද්‍රිකපානය පෙවුවෝය. වැඩිමහල් තැනැත්තී ඇතුල්ව තමාගේ පියා සමඟ සයනයකළාය; ඇගේ සයනය කිරීමවත් නැගිටීමවත් ඔහු නොදත්තේය.
34. පසුවදා වැඩිමහල් තැනැත්තී බාල තැනැත්තියට කථාකොට: බලව, ඊයේ රාත්‍රියේ මාගේ පියා සමඟ මම සයනයකෙළෙමි. අද රාත්‍රියෙහිත් අප විසින් ඔහුට මුද්‍රිකපානය පොවා අපේ පියාගෙන් වංශය රක්ෂාකරගන්නා පිණිස ඔබත් ඇතුල්ව ඔහු සමඟ සයනය කරන්නැයි කීවාය.
35. ඔව්හු ඒ රාත්‍රියෙහිත් තමන් පියාණන්ට මුද්‍රිකපානය පෙවුවෝය. බාල තැනැත්තීද නැගිට ඔහු සමඟ සයනයකළාය; ඇගේ සයනයකිරීමවත් නැගිටීමවත් ඔහු නොදත්තේය.
36. මෙසේ ලොත්ගේ දූවරු දෙදෙනා තමන්ගේ පියා කරණකොටගෙන ගර්භිණීවූවෝය.
37. වැඩිමහල් තැනැත්තී පුත්‍රයෙකු බිහිකර ඔහුට මෝවබ්යයි නම් තැබුවාය. ඔහු අද දක්වා මෝවබ්වරුන්ගේ පියාණෝය.
38. බාල තැනැත්තීද පුත්‍රයෙකු බිහිකර ඔහුට බෙන්අම්මියයි නම් තැබුවාය. ඔහු අද දක්වා අම්මොන් පුත්‍රයන්ගේ පියාණෝය.
About උත්පත්ති Chapter 19
Read උත්පත්ති Chapter 19 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: උත්පත්ති
Chapter: 19
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading උත්පත්ති Chapter 19 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is උත්පත්ති Chapter 19?
උත්පත්ති Chapter 19 is part of the Book of උත්පත්ති in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete උත්පත්ති Chapter 19 online for free with easy chapter navigation.
More Chapters from උත්පත්ති
- උත්පත්ති Chapter 2
- උත්පත්ති Chapter 39
- උත්පත්ති Chapter 1
- උත්පත්ති Chapter 49
- උත්පත්ති Chapter 33
- උත්පත්ති Chapter 30
- උත්පත්ති Chapter 22
Explore More from පැරණි ගිවිසුම
- ගීතාවලිය Chapter 80
- හොෂෙයා Chapter 9
- යෙසායා Chapter 18
- ගණන් කථාව Chapter 25
- නික්මයාම Chapter 7
- ගීතාවලිය Chapter 61
- 1 රාජාවලිය Chapter 16