දේශනාකාරයා Chapter 9

For English

Read දේශනාකාරයා Chapter 9 Online

Read දේශනාකාරයා Chapter 9 online from the Holy Bible. This chapter is part of the Book of දේශනාකාරයා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of දේශනාකාරයා and the Holy Bible online.

Choose a Chapter

දේශනාකාරයා 9

පරිච්ඡේදය 9

1. මක්නිසාද මෙකී සියල්ල මාගේ සිතේ තබාගන ඒ සියල්ලද සෝදිසි කෙළෙමි; එනම් ධර්මිෂ්ඨයන්ද ප්‍රඥාවන්තයන්ද ඔවුන්ගේ ක්‍රියාද දෙවියන්වහන්සේගේ අතේ පවතින නුමුත් එයින් උන්වහන්සේගේ ප්‍රේමයවත් වෛරයවත් මනුෂ්‍යයා නොදන්නා බවය. සියල්ල ඔවුන් ඉදිරියෙහි තිබේ.

2. සියලු දේ සියල්ලන්ට ඒකාකාරයෙන් සිදුවන්නේය. ධර්මිෂ්ඨයාට සහ දුෂ්ටයාටත් යහපත් අයට සහ පවිත්‍ර අයටත් අපවිත්‍ර අයටත් පූජාකරන්නාට සහ පූජා නොකරන්නාටත් සිද්ධවෙන්නේ එක දෙයක්ය. යහපත් මනුෂ්‍යයා සහ පව්කාරයාත් දිවුරන්නා සහ දිවුරුමට භය ඇත්තාත් ඒකාකාරය.

3. ඉර යට කෙරෙන සියල්ල අතරේ ඇති නරකක් නම් සියල්ලන්ට එක සිද්ධියක් ඇතිවීමය. එසේ මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුරෙන් පිරී ඔවුන් ජීවත්වන තෙක් මෝහය ඔවුන්ගේ සිත්වල තිබේ, ඉන්පසු ඔව්හු මළවුන් ළඟට යන්නෝය.

4. ජීවත්වන සියල්ලන්ට බලාපොරොත්තුවක් තිබේ. එසේය, මළ සිංහයෙකුට වඩා පණඇති බල්ලෙක් හොඳය.

5. මක්නිසාද ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත; මක්නිසාද ඔවුන් ගැන සිහිවීම නැතිවිය.

6. ඔවුන්ගේ ප්‍රේමයද වෛරයද ඊර්ෂ්‍යයාවද දැන් නැතිවී තිබේ. ඉර යට කෙරෙන සියල්ලෙන් තවත් සදාකාලයටම ඔවුන්ට කොටසක් නැත. කාලික සැප භුක්තිවිදීමට සහ කඩිසරකම.

7. නුඹ ගොස් ප්‍රීතියෙන් නුඹේ කෑම කා තුෂ්ටිමත් සිතින් නුඹේ මුද්‍රිකපානය බොන්න; මක්නිසාද දෙවියන්වහන්සේ නුඹේ වැඩවලට දැන් ප්‍රසන්නව සිටිනසේක.

8. නුඹේ වස්ත්‍ර නිතරම සුදුව තිබේවා; නුඹේ ඉස තෙල් නැතුව නොතිබේවා.

9. නුඹේ සියලු නිෂ්ඵල දවස්වල, උන්වහන්සේ ඉර යට නුඹට දී තිබෙන නුඹේ නිෂ්ඵල ජීවිතයේ සියලු දවස්වල, නුඹ ප්‍රේමකරන නුඹේ භාර්යාව සමඟ ජීවිතය භුක්තිවිඳින්න. මක්නිසාද ජීවිතයෙන්ද ඉර යට නුඹ ගන්නාවූ නුඹේ වෙහෙසෙන්ද නුඹට ලැබෙන කොටස ඒකය.

10. කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.

11. නැවත, මම වනාහි ඉර යට දිවීමේ දිනුම ශීඝ්‍ර අයටවත් යුද්ධයේ ජය බලවන්තයන්ටවත් කෑම ප්‍රඥාවන්තයන්ටවත් වස්තුව තේරුම් ඇත්තන්ටවත් කරුණාව දැනගැන්ම ඇත්තන්ටවත් ලැබෙනවා නොව, කාලයත් හදිසි කාරණාත් ඔවුන් සියල්ලන්ට සිද්ධවෙන බව දුටිමි.

12. මක්නිසාද නපුරු දැලකට අසුවෙන මත්ස්‍යයන්ද මලපතකට අසුවෙන පක්ෂීන්ද මෙන් මනුෂ්‍යයාත් තමාගේ කාලය නොදැන සිටියි, විපත්ති කාලය මනුෂ්‍ය පුත්‍රයන් පිටට හදිසියෙන් පැමිණෙන විට උන් වාගේ ඔව්හු ඊට අසුවෙති.

13. ඉර යට මෙයාකාර ප්‍රඥාවක් දුටිමි, එය මට මහත්ව පෙනුණේය.

14. මනුෂ්‍යයන් ස්වල්ප දෙනෙක් ඇති කුඩා නුවරක්විය; මහත් රජෙක් ඊට විරුද්ධව ඇවිත්, එය වටලාගන, ඊට විරුද්ධව මහත් බලකොටු ගොඩනැඟුවේය.

15. එහි දිළිඳුවූ ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් සිටියේය, ඔහු තමාගේ ප්‍රඥාවෙන් ඒ නුවර ගැළෙවුවේය. එහෙත් කිසිවෙක් ඒ දිළිඳු මනුෂ්‍යයා සිහිකළේ නැත.

16. එවිට මම: බලවන්තකමට වඩා ප්‍රඥාව හොඳයයි කීවෙමි. එහෙත් දිළින්දාගේ ප්‍රඥාව සුළුකරනු ලැබේ, ඔහුගේ වචනද අසනු නොලැබේ.

17. අඥානයන් අතරේ ආණ්ඩුකරන්නාගේ කෑගැසීමට වඩා නිශ්චලකමෙන් කියන ප්‍රඥාවන්තයන්ගේ වචන අසනු ලැබේ.

18. යුද්ධායුධවලට වඩා ප්‍රඥාව වටනේය. නුමුත් එක පව්කාරයෙක් හොඳ බොහෝ කාරණා නැතිකරයි.

About දේශනාකාරයා Chapter 9

Read දේශනාකාරයා Chapter 9 online from the Holy Bible. This chapter is part of the Book of දේශනාකාරයා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: දේශනාකාරයා
Chapter: 9
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading දේශනාකාරයා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading දේශනාකාරයා Chapter 9 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is දේශනාකාරයා Chapter 9?

දේශනාකාරයා Chapter 9 is part of the Book of දේශනාකාරයා in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete දේශනාකාරයා Chapter 9 online for free with easy chapter navigation.

More Chapters from දේශනාකාරයා

  1. දේශනාකාරයා Chapter 6
  2. දේශනාකාරයා Chapter 8
  3. දේශනාකාරයා Chapter 1
  4. දේශනාකාරයා Chapter 4
  5. දේශනාකාරයා Chapter 12
  6. දේශනාකාරයා Chapter 11
  7. දේශනාකාරයා Chapter 10

Explore More from පැරණි ගිවිසුම

  1. යෙසායා Chapter 25
  2. ද්වීතීය කථාව Chapter 32
  3. හිතෝපදේශ Chapter 22
  4. සාලමොන්ගේ ගීතිකා Chapter 8
  5. ගීතාවලිය Chapter 52
  6. යෙසායා Chapter 55
  7. ගීතාවලිය Chapter 45

Related Chapters & Readings

  1. ශු. මාර්ක් Chapter 16
  2. ගීතාවලිය Chapter 55
  3. යෙසායා Chapter 28
  4. යෙසායා Chapter 22
  5. හිතෝපදේශ Chapter 7
  6. ගණන් කථාව Chapter 21
  7. යෝබ් Chapter 3
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *