උත්පත්ති Chapter 5

For English

Read උත්පත්ති Chapter 5 Online

Read උත්පත්ති Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.

Choose a Chapter

උත්පත්ති 5

පරිච්ඡේදය 5

1. ආදම්ගේ පරම්පරා පොත මේය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැවූ දවසෙහි දෙවියන්වහන්සේගේ සමානත්වයෙන් ඔහු සෑදූසේක;

2. පුරුෂයෙක්ද ස්ත්‍රියෙක්ද කොට උන්වහන්සේ ඔවුන් මැවූසේක; උන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකර, ඔවුන් මවනු ලැබූ දවසෙහි ආදම්5:2 හෙවත්, මනුෂ්‍යයා. යන නාමය ඔවුන්ට තැබූසේක.

3. ආදම් එකසිය තිස් අවුරුද්දක් ජීවත්වූ පසු තමාගේම සමානත්වයෙන් තමාගේ ස්වරූපය මෙන් පුත්‍රයෙකු උපදවා ඔහුට සෙත් යන නම තැබුවේය.

4. සෙත් උපන්නාට පසු ආදම්ගේ දවස් අවුරුදු අටසියයක් විය. ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

5. ආදම් ජීවත්වුණු සියලු දවස් නවසිය තිස් අවුරුද්දක්ය; ඔහු මළේය.

6. සෙත් එකසිය පස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ඒනොෂ් උපන්නේය.

7. සෙත් ඒනොෂ් ඉපදෙවූූූ පසු අටසිය සත් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

8. සෙත්ගේ සියලු දවස් නවසිය දොළොස් අවුරුද්දක්ය; ඔහු මළේය.

9. ඒනොෂ් අනූ අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව කේනාන් උපන්නේය.

10. ඒනොෂ් කේනාන් ඉපදෙවූූ පසු අටසිය පසළොස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

11. ඒනොෂ්ගේ සියලු දවස් නවසිය පස් අවුරුද්දක්ය; ඔහු මළේය.

12. කේනාන් සැත්තෑ අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව මහලලෙල් උපන්නේය.

13. කේනාන් මහලලෙල් ඉපෙදවූ පසු අටසිය සතළිස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

14. කේනාන්ගේ සියලු දවස් නවසිය දස අවුරුද්දක්ය; ඔහු මළේය.

15. මහලලෙල් සැටපස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව යරෙද් උපන්නේය.

16. මහලලෙල් යරෙද් ඉපදෙවූූ පසු අටසිය තිස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

17. මහලලෙල්ගේ සියලු දවස් අටසිය අනූපස් අවුරුද්දක්ය; ඔහු මළේය.

18. යරෙද් එකසිය සැට දෑවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ඒනොක් උපන්නේය.

19. යරෙද් ඒනොක් ඉපෙදවූ පසු අටසිය අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

20. යරෙද්ගේ සියලු දවස් නවසිය සැටදෑවුරුද්දක්ය; ඔහු මළේය.

21. ඒනොක් සැටපස් අවුරුද්දක් ජීවත්ව මෙතුසෙලා ඉපදෙවූවේය.

22. ඒනොක් මෙතුසෙලා ඉපදෙවූ පසු අවුරුදු තුන්සියයක් දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

23. ඒනොක්ගේ සියලු දවස් තුන්සිය සැටපස් අවුරුද්දක්ය.

24. තවද ඒනොක් දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය; දෙවියන්වහන්සේ ඔහු ගත් බැවින් ඔහු තවත් නොදක්නා ලද්දේය.

25. මෙතුසෙලා එකසිය අසූසත් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ලාමෙක් උපන්නේය.

26. මෙතුසෙලා ලාමෙක් ඉපදෙවූූ පසු සත්සිය අසූ දෑවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

27. මෙතුසෙලාගේ සියලු දවස් නවසිය සැටනව අවුරුද්දක්ය; ඔහු මළේය.

28. ලාමෙක් එකසිය අසූ දෑවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව පුත්‍රයෙක් උපන්නේය.

29. ඔහු: ස්වාමීන්වහන්සේ ශාපකළ භූමිය කරණකොටගෙනවූ අපගේ වැඩද අත්වල වෙහෙසද ගැන මේ තෙමේ අප සනසන්නේය කියා ඔහුට නෝවා යන නම තැබීය.

30. ලාමෙක් නෝවා ඉපදෙවූ පසු පන්සිය අනූපස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

31. ලාමෙක්ගේ සියලු දවස් සත්සිය සැත්තෑසත් අවුරුද්දක්ය; ඔහු මළේය.

32. නෝවාට අවුරුදු පන්සියයක් වයස්වූ කල ඔහුට දාව ෂෙම්ද හාම්ද යඵෙත්ද උපන්නෝය.

About උත්පත්ති Chapter 5

Read උත්පත්ති Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: උත්පත්ති
Chapter: 5
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading උත්පත්ති Chapter 5 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is උත්පත්ති Chapter 5?

උත්පත්ති Chapter 5 is part of the Book of උත්පත්ති in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete උත්පත්ති Chapter 5 online for free with easy chapter navigation.

More Chapters from උත්පත්ති

  1. උත්පත්ති Chapter 2
  2. උත්පත්ති Chapter 19
  3. උත්පත්ති Chapter 1
  4. උත්පත්ති Chapter 39
  5. උත්පත්ති Chapter 34
  6. උත්පත්ති Chapter 49
  7. උත්පත්ති Chapter 33

Explore More from පැරණි ගිවිසුම

  1. යෙරෙමියා Chapter 3
  2. විනිශ්චයකාරයන් Chapter 3
  3. හිතෝපදේශ Chapter 20
  4. 1 සාමුවෙල් Chapter 18
  5. ගීතාවලිය Chapter 54
  6. විනිශ්චයකාරයන් Chapter 10
  7. 1 සාමුවෙල් Chapter 12

Related Chapters & Readings

  1. යෝබ් Chapter 10
  2. එපීස Chapter 4
  3. විනිශ්චයකාරයන් Chapter 16
  4. ගීතාවලිය Chapter 72
  5. ශු. යොහන් Chapter 5
  6. ගීතාවලිය Chapter 110
  7. ආමොස් Chapter 1
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *