ගීතාවලිය Chapter 18

For English

Read ගීතාවලිය Chapter 18 Online

Read ගීතාවලිය Chapter 18 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.

Choose a Chapter

ගීතාවලිය 18

පරිච්ඡේදය 18

1. මාගේ ශක්තියවූ ස්වාමිනි, ඔබට ප්‍රේමකරමි.

2. ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයය, මාගේ බලකොටුවය, මාගේ මිදුම්කාරයාණෝය; මාගේ දෙවියන්වහන්සේය, මාගේ ශක්තිමත් පර්වතයය, උන්වහන්සේ සරණ කොට ගන්නෙමි; උන්වහන්සේ මාගේ පලිහය, මාගේ ගැළවීමේ අඟය, මාගේ උස් කොටුවය.

3. ප්‍රශංසා ලැබිය යුතුවූ ස්වාමීන්ට හඬගසන්නෙමි. මෙසේ මාගේ සතුරන්ගෙන් ගළවනු ලබන්නෙමි.

4. මරහුගේ ලනුවලින් වෙළනු ලැබීමි, අධර්මය නමැති ජල ප්‍රවාහයෝ මා භයගැන්වූය.

5. ෂෙයෝලේ 18:5හෙවත්, පාතාලයේ. බැඳුම් මා වටින් විය. මරණයේ මලපත් මා පිටට ආයේය.

6. මාගේ විපත්තියේදී ස්වාමීන්ට හඬගැසීමි, මාගේ දෙවියන්වහන්සේට මොරගැසීමි. උන්වහන්සේ තමන් මාලිගාවෙහි සිට මාගේ හඬ ඇසූසේක, උන්වහන්සේ ඉදිරියෙහි මාගේ මොරගැසීමද උන්වහන්සේගේ කණෙහි වැටුණේය.

7. එවිට පොළොව සෙලවී කම්පාවූවාය, කඳුවල අත්තිවාරම්ද දෙදරා සෙලවුණේය, මක්නිසාද උන්වහන්සේ උදහස්වූසේක.

8. උන්වහන්සේගේ නාස්පුටවලින් දුමක් නැංගේය, උන්වහන්සේගේ මුඛයෙන් ගිනි නික්ම විනාශකෙළේය. එයින් අඟුරු ඇවිළගත්තේය.

9. උන්වහන්සේ අහස නමාගන බැස්සසේක; උන්වහන්සේගේ පාද යට ඝනාන්ධකාරය විය.

10. උන්වහන්සේ කෙරුබයෙක් පිට නැඟී පියාසරකළසේක, එසේය, උන්වහන්සේ සුළඟ නමැති පියාපත් මතුයෙහි වේගයෙන් ගමන්කළසේක.

11. උන්වහන්සේ අන්ධකාරය තමන්ට ආවරණයක්ද, ජලධාරාවල අන්ධකාරය සහ ආකාශ ඝන වලාකුල් තමන් වටකොට මණ්ඩපයක්ද කරගත්සේක.

12. උන්වහන්සේ ඉදිරියෙහිවූ දීප්තිය නිසා උන්වහන්සේගේ ඝන වලාකුල් පහව ගියේය; ගල්වැසිද ගිනි අඟුරුද විය.

13. ස්වාමීන්වහන්සේ අහසෙහි ගර්ජනා කළසේක, මහෝත්තමයාණෝද තමන් හඬ නිකුත්කළසේක; ගල්වැසිද ගිනි අඟුරුද විය.

14. උන්වහන්සේ තමන් ඊගස් විද ඔවුන් විසිරවූසේක; එසේය, බොහෝ විදුලි එවා ඔවුන් පරාජයකළසේක.

15. එවිට ස්වාමිනි, ඔබගේ තරවටුකිරීමෙන්ද ඔබගේ නාසා වාත වේගයෙන්ද ජල පාරවල් ප්‍රකාශවුණේය, ලෝකයේ අත්තිවාරම්ද ප්‍රකාශවිය.

16. උන්වහන්සේ උඩින් අත පොවා මා අල්වාගත්සේක; බොහෝ ජලධාරාවලින් මා ඇදගත්සේක.

17. උන්වහන්සේ මාගේ බලවත් සතුරාගෙන්ද මට වෛරවූවන්ගෙන්ද මා මුදාගත්සේක, මක්නිසාද ඔව්හු මට වඩා බලසම්පන්න වූය. ‍

18. මගේ විපත්ති දවසේදී ඔව්හු මට විරුද්ධව ආවෝය. නුමුත් ස්වාමීන්වහන්සේ මට ආධාරවූසේක.

19. උන්වහන්සේ විශාල ස්ථානයකට මා ගෙනාසේක; උන්වහන්සේ මා කෙරෙහි ප්‍රසන්නවූ බැවින් මා මිදූසේක.

20. ස්වාමීන්වහන්සේ මාගේ ධර්මිෂ්ඨකම ලෙස මට විපාක දුන්සේක; මාගේ අත්වල පිරිසිදුකම ලෙස මට ප්‍රතිඵල දුන්සේක.

21. මක්නිසාද මම ස්වාමීන්ගේ මාර්ගවල පැවතුණෙමි, මාගේ දෙවියන්වහන්සේ කෙරෙන් දුෂ්ටලෙස අහක්ව නොගියෙමි.

22. මක්නිසාද උන්වහන්සේගේ සියලු විනිශ්චයෝ මා ඉදිරියෙහි වූහ, උන්වහන්සේගේ පනත්ද මා කෙරෙන් පහ නොකෙළෙමි.

23. මම උන්වහන්සේ වෙත නිර්දෝෂව සිටියෙමි, මාගේ අයුතුකමෙන් වැලකී සිටියෙමි.

24. එබැවින් ස්වාමීන්වහන්සේ මාගේ ධර්මිෂ්ඨකම ලෙසත් උන්වහන්සේගේ ඇස් ඉදිරියෙහි මාගේ අත්වල පිරිසිදුකම ලෙසත් මට ප්‍රතිඵල දුන්සේක.

25. කරුණාවන්තයා සමඟ ඔබද කරුණාවන්ත බව දක්වනසේක; නිර්දෝෂ 18:25හෙවත්, සම්පූර්ණ මනුෂ්‍යයා. තැනැත්තා සමඟ නිර්දෝෂ 18:25හෙවත්, සම්පූර්ණ බව. බව දක්වනසේක;

26. පිරිසිදු අය සමඟ ඔබ පිරිසිදු බව දක්වනසේක; හිතුවක්කාර අය සමඟ විරුද්ධ බව දක්වනසේක.

27. මක්නිසාද ඔබ පීඩිතවූ සෙනඟ ගළවනසේක; නුමුත් උඩඟු ඇස් පහත්කරනසේක.

28. එසේය, ඔබ මාගේ පහන දල්වනසේක. මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මාගේ අන්ධකාරය ආලෝකකරනසේක.

29. මක්නිසාද ඔබ කරණකොටගෙන හමුදාවකට විරුද්ධව දුවමි; මාගේ දෙවියන්වහන්සේ කරණකොටගෙන පවුරකින් පනිමි.

30. දෙවියන්වහන්සේගේ මාර්ගය සම්පූර්ණය. ස්වාමීන්ගේ වචනය නිර්මලය; උන්වහන්සේ තමන් සරණ කොට ගන්න සියල්ලන්ට පලිහක් වනසේක.

31. මක්නිසාද ස්වාමීන් හැර දෙවිකෙනෙක් කවුද? අපේ දෙවියන්වහන්සේ හැර පර්වතයක් කවරේද?

32. මාගේ ඉණ බලයෙන් සරසන්නේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ මාගේ මාර්ගය නිර්මල 18:32හෙවත්, සම්පූර්ණ. කරනසේක.

33. උන්වහන්සේ මාගේ පාද මුවන්ගේ පාද මෙන් කරනසේක. මාගේ උස්තැන්වල මා පිහිටුවනසේක.

34. උන්වහන්සේ යුද්ධයට මාගේ අත් පුරුදුකරනසේක; එහෙයින් මාගේ බාහු පිත්තල දුන්නක් නමති.

35. තවද ඔබගේ ගැළවීම නමැති පලිහ ඔබ මට දුන්සේක. ඔබගේ දකුණත මා දැරුවේය, ඔබගේ මෘදුකම මා උසස්කෙළේය.

36. ඔබ මාගේ අඩිපාර පළල්කළසේක, මාගේ පාදයෝද නොලිස්සුවෝය.

37. මාගේ සතුරන් ලුහුබැඳ අල්ලාගන්නෙමි. ඔවුන් විනාශවෙන තුරු හැරී නොඑන්නෙමි.

38. නැගිටින්ට බැරිවන ලෙස ඔවුන්ට පහරදෙන්නෙමි. ඔව්හු මාගේ පාදයට වැටෙන්නාහුය.

39. මක්නිසාද ඔබ මාගේ ඉණ බලයෙන් සැරසූසේක. මට විරුද්ධව නැගුටුණු අය ඔබ මා යටතේ මැඩපැවැත්වූසේක.

40. ගේ වෛරකාරයන් මා විසින් සිඳිනු ලබන පිණිස ඔබ මාගේ සතුරන් මට පිටුපාන්ට සැලැස්සූසේක.

41. ව්හු මොරගැසුවෝය, නුමුත් ගළවන්ට කිසිවෙක් නොවීය. ස්වාමීන්ට මොරගැසුවෝය, නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර නුදුන්සේක.

42. ඒකල මම සුළඟ ඉදිරියෙහි ධූලි මෙන් ඔවුන් සුණු කෙළෙමි. වීථිවල මඩ මෙන් ඔවුන් වීසි කෙළෙමි

43. ඔබ ගේ විවාදවලින් මා මුදා ගත්සේක; ඔබ මා ජාතීන්ගේ ප්‍රධානියා කළසේක. මා විසින් ඇඳින නොගත් සෙනඟක් මට මෙහෙකරන්නේය.

44. ඔව්හු මා ගැන ඇසූ කෙණෙහිම මට කීකරුවන්නාහුය. විදේශීහු මට යටත්වන්නාහුය.

45. විදේශීහු මලානිකව, තමන් සැඟවී හුන් තැන්වලින් වෙවුලමින් පිටත එන්නෝය.

46. ස්වාමීන්වහන්සේ ජීවත්වනසේක; මාගේ පර්වතයවූ උන්වහන්සේට ප්‍රශංසාවේවා; මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ උසස්වනසේක්වා.

47. උන්වහන්සේ වනාහි මා උදෙසා පළිගන්නාවූ, ජාතීන් මට යටත්කරදෙන්නාවූ දෙවියන්වහන්සේය.

48. උන්වහන්සේ මාගේ සතුරන්ගෙන් මා මුදාගන්නාසේක. එසේය, මට විරුද්ධව නැගිටින්නන්ට වඩා ඔබ මා උසස්කරනසේක. බලාත්කාරකරන්නාගෙන් මා ගළවාගන්නසේක.

49. එබැවින් ස්වාමිනි, ජාතීන් අතරේ ඔබට ස්තුතිකරන්නෙමි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි.

50. උන්වහන්සේ තමන් රජහට මහත් ගැළවීම දෙනසේක; තමන්ගේ අභිෂේකලත් තැනැත්තා වන දාවිත්ටත් ඔහුගේ වංශයටත් සදාකල් කරුණාව පෙන්වනසේක.

About ගීතාවලිය Chapter 18

Read ගීතාවලිය Chapter 18 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගීතාවලිය
Chapter: 18
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගීතාවලිය Chapter 18 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගීතාවලිය Chapter 18?

ගීතාවලිය Chapter 18 is part of the Book of ගීතාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගීතාවලිය Chapter 18 online for free with easy chapter navigation.

More Chapters from ගීතාවලිය

  1. ගීතාවලිය Chapter 129
  2. ගීතාවලිය Chapter 106
  3. ගීතාවලිය Chapter 42
  4. ගීතාවලිය Chapter 48
  5. ගීතාවලිය Chapter 150
  6. ගීතාවලිය Chapter 75
  7. ගීතාවලිය Chapter 69

Explore More from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 31
  2. උත්පත්ති Chapter 49
  3. නික්මයාම Chapter 14
  4. ගීතාවලිය Chapter 124
  5. එසකියෙල් Chapter 4
  6. යෙසායා Chapter 48
  7. දානියෙල් Chapter 3

Related Chapters & Readings

  1. යෙරෙමියා Chapter 32
  2. ලෙවී කථාව Chapter 23
  3. ලෙවී කථාව Chapter 9
  4. එළිදරව් Chapter 16
  5. 1 කොරින්ති Chapter 16
  6. ක්රිරයා Chapter 18
  7. 1 ලේකම් Chapter 9
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *