උත්පත්ති Chapter 46

For English

Read උත්පත්ති Chapter 46 Online

Read උත්පත්ති Chapter 46 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.

Choose a Chapter

උත්පත්ති 46

පරිච්ඡේදය 46

1. ඉශ්‍රායෙල් තමා සන්තක සියල්ල රැගෙන ගමන් ගෙන බෙයර්-ෂෙබාවට පැමිණ තමාගේ පියවූ ඊසාක්ගේ දෙවියන්වහන්සේට පූජා ඔප්පුකෙළේය.

2. දෙවියන්වහන්සේ රාත්‍රියේ දර්ශනවලින් ඉශ්‍රායෙල්ට කථාකොට: යාකොබ්, යාකොබ් යයි කීසේක. මම මෙහි යයි ඔහු කීවේය.

3. එවිට උන්වහන්සේ: මම දෙවියන්වහන්සේය, ඔබේ පියාගේ දෙවියන්වහන්සේය. මිසරයට යන්ට භයනොවව; කුමක්හෙයින්ද මම එහිදී ඔබ මහත් ජාතියක් කරන්නෙමි.

4. මම ඔබ සමඟ මිසරයට යන්නෙමි; සැබවින් මම ඔබ නැවත ගෙනෙන්නෙමි. යෝසෙප්ද ඔහුගේ අත ඔබේ ඇස් පිට තබන්නේයයි කීසේක.

5. පසුව යාකොබ් බෙයර්-ෂෙබාවෙන් පිටත්වුණේය. ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝ ඔහු ගෙනයන පිණිස ඵාරාවෝ එවූ ගැල්වලින් තමන්ගේ පියවූ යාකොබ්ද තමන් දරුවන්ද භාර්යාවන්ද ගෙන ගියෝය.

6. ඔව්හු තමන්ගේ සිව්පාවුන්ද කානාන් දේශයෙහිදී ලබාගත් සම්පත්ද රැගෙන මිසරයට පැමිණියෝය, මෙසේ යාකොබ් සහ ඔහු සමඟ ඔහුගේ මුළු වංශයද ගියෝය.

7. ඔහු තමාගේ පුත්‍රයන්ද තමාගේ පුත්‍රයන්ගේ පුත්‍රයන්ද තමාගේ දූවරුන්ද තමාගේ පුත්‍රයන්ගේ දූවරුන්ද තමාගේ මුළු වංශයද තමා සමඟ මිසරයට ගෙනායේය.

8. මිසරයට පැමිණියාවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නම් මේය: යාකොබ් සහ ඔහුගේ පුත්‍රයෝය. යාකොබ්ගේ කුලුඳුලාවූ රූබෙන්ය.

9. රූබෙන්ගේ පුත්‍රයෝ, හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මීය.

10. සිමියොන්ගේ පුත්‍රයෝ, යෙමුවෙල්, යාමීන්, ඔහද්, යාඛින්, ශොහාර් සහ කානානිය ස්ත්‍රියෙකුගේ පුත්‍රවූ ෂාවුල්ය.

11. ලෙවීගේ පුත්‍රයෝ, ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය.

12. යූදාගේ පුත්‍රයෝ, ඒර්, ඕනාන්, ෂෙලා, පෙරෙශ් සහ ශෙරාය. එහෙත් ඒර් සහ ඕනාන් කානාන් දේශයේදී නැසුණෝය. පෙරෙශ්ගේ පුත්‍රයෝ, හෙශ්රොන් සහ හාමුල්ය.

13. ඉස්සාඛර්ගේ පුත්‍රයෝ, තෝලා, පුවා, යෝබ් සහ ෂිම්රොන්ය.

14. සාබුලොන්ගේ පුත්‍රයෝ, සෙරෙද්, ඒලොන් සහ යාලෙයෙල්ය.

15. මොව්හු ලෙයාගේ පුත්‍රයෝය, ඈ ඔවුන් සහ යාකොබ්ගේ දුවවූ දීනාද පදන්-අරාමේදී ඔහු නිසා බිහිකළාය. ඔහුගේ සියලු පුත්‍රයොත් දූවරුන් තිස් තුන් දෙනෙක්ය.

16. ගාද්ගේ පුත්‍රයෝ, ශිඵියොන්, හග්ගි, ෂුනී, එශ්බොන්, ඒරි, අරෝදි සහ අරේලීය.

17. ආෂෙර්ගේ පුත්‍රයෝ, ඉම්නා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා සහ ඔවුන්ගේ සහෝදරීවූ සෙරාය. බෙරියාගේ පුත්‍රයෝ, හෙබෙර් සහ මල්ඛීයෙල්ය.

18. ඔව්හු ලාබන් තමාගේ දියණියවූ ලෙයාට දුන් ශිල්පාගේ පුත්‍රයෝය, ඈ යාකොබ් නිසා ඔවුන් බිහිකළාය, ඔව්හු සොළොස් දෙනෙක්ය.

19. යාකොබ්ගේ භාර්යාවවූ රාඛෙල්ගේ පුත්‍රයෝ, යෝසෙප් සහ බෙන්යමින්ය.

20. යෝසෙප්ට මිසර දේශයේදී මනස්සේ සහ එප්‍රායිම් උපන්නෝය, ඕන්හි පූජකයාවූ පෝති-ඵෙරාගේ දූවූ ආසෙනත් ඔවුන් ඔහු නිසා බිහිකළාය.

21. බෙන්යමින්ගේ පුත්‍රයෝ, බෙලා, බෙඛෙර්, අෂ්බෙල්, ගේරා, නාමාන්, ඒහී, රොෂ්, මුප්පීම්, හුප්පීම් සහ ආර්ද්ය.

22. මොව්හු යාකොබ්ට උපන් රාඛෙල්ගේ පුත්‍රයෝය. ඒ සියලු දෙනම දසසතර දෙනෙක්ය.

23. දාන්ගේ පුත්‍රයෝ නම් හුෂීම්ය.

24. නප්තලීගේ පුත්‍රයෝ, යාශෙයෙල්, ගුනී, යේශෙර් සහ ෂිල්ලෙම්ය.

25. ඔවුන් ලාබන් තමාගේ දියණියවූ රාඛෙල්ට දුන් බිල්හාගේ පුත්‍රයෝය, ඈ යාකොබ් නිසා ඔවුන් බිහිකළාය. ඒ සියල්ලෝ සත් දෙනෙක්ය.

26. යාකොබ්ගේ පුත්‍රයන්ගේ භාර්යාවන් හැර යාකොබ්ගේ කටියෙන් නික්මුණාවූ, ඔහු සමඟ මිසරයට පැමිණියාවූ සියල්ලෝ සැට සදෙනෙක්ය.

27. යෝසෙප්ට මිසරයෙහිදී උපන් පුත්‍රයෝ දෙදෙනෙක්ය. මිසරයට පැමිණියාවූ යාකොබ්ගේ ගෙයි සියල්ලෝ සැත්තෑදෙනෙක්ය.

28. ගෝෂෙන්ට යන මාර්ගය පෙන්වන පිණිස ඔහු තමාට පෙරටුව යූදා යෝසෙප් වෙතට යැවීය; ඔව්හු ගෝෂෙන් දේශයට පැමිණියෝය.

29. යෝසෙප් තමාගේ රථය සූදානම්කොට තමාගේ පියවූ ඉශ්‍රායෙල් සම්මුඛවෙන පිණිස ගෝෂෙන්ට ගියේය; ඔහු ඉදිරියට පැමිණ, ඔහුගේ බෙල්ල වැලඳගෙන, ඔහුගේ බෙල්ලට හාන්සිවී, බොහෝ වේලා හැඬුවේය.

30. එවිට ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: මා ඔබගේ මුහුණ දැක ඔබ තවම ජීවත්ව සිටින බව දැනගත් බැවින් ඉතින් මට මරණය පැමුණුණාවේයයි යෝසෙප්ට කීවේය.

31. යෝසෙප් තමාගේ සහෝදරයන්ටද තම පියාගේ ගෙයි වැසියන්ටද කථාකොට: මම ඵාරාවෝ වෙතට ගොස්: කානාන් දේශයෙහි සිටියාවූ මාගේ සහෝදරයෝත් මාගේ පියාගේ ගෙයි වැසියෝත් මා වෙතට ඇවිත් සිටිති;

32. ඒ මනුෂ්‍යයෝ එඬේරුය, මක්නිසාද ඔව්හු සිව්පාවුන් ඇතිකරන මනුෂ්‍යයෝය; ඔව්හු තමන්ගේ එළු බැටළු රැළවල්ද තමන්ගේ ගව රැළවල්ද තමන්ට ඇති සියල්ලද ගෙනාවෝයයි ඔහුට කියන්නෙමි.

33. තවද ඵාරාවෝ ඔබ සැමට අඬගසා-ඔබ සැමගේ රක්ෂාව මොකදැයි අසන කල, ඔබ සැමට ගෝෂෙන් දේශයෙහි වාසය කරන්ට ලැබෙන පිණිස-ඔබගේ මෙහෙකරුවූ අපිද අපේ පියවරුද අපේ බාල වයසේ පටන් මේ වන තුරු සිව්පාවුන් ඇතිකරන්නෝයයි කියන්න; කුමක්හෙයින්ද සියලු එඬේරු මිසරවරුන්ට පිළිකුලකැයි කීවේය.

About උත්පත්ති Chapter 46

Read උත්පත්ති Chapter 46 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: උත්පත්ති
Chapter: 46
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading උත්පත්ති Chapter 46 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is උත්පත්ති Chapter 46?

උත්පත්ති Chapter 46 is part of the Book of උත්පත්ති in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete උත්පත්ති Chapter 46 online for free with easy chapter navigation.

More Chapters from උත්පත්ති

  1. උත්පත්ති Chapter 2
  2. උත්පත්ති Chapter 19
  3. උත්පත්ති Chapter 1
  4. උත්පත්ති Chapter 39
  5. උත්පත්ති Chapter 33
  6. උත්පත්ති Chapter 34
  7. උත්පත්ති Chapter 49

Explore More from පැරණි ගිවිසුම

  1. එසකියෙල් Chapter 31
  2. ගණන් කථාව Chapter 22
  3. යෙසායා Chapter 17
  4. 1 රාජාවලිය Chapter 19
  5. ලෙවී කථාව Chapter 17
  6. දේශනාකාරයා Chapter 5
  7. යෝබ් Chapter 4

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 4
  2. යෙසායා Chapter 50
  3. මලාකි Chapter 3
  4. 1 රාජාවලිය Chapter 16
  5. හිතෝපදේශ Chapter 15
  6. ශු. ලූක් Chapter 8
  7. 2 කොරින්ති Chapter 8
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *