උත්පත්ති Chapter 23

For English

Read උත්පත්ති Chapter 23 Online

Read උත්පත්ති Chapter 23 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.

Choose a Chapter

උත්පත්ති 23

පරිච්ඡේදය 23

1. සාරාගේ ජීවිත කාලය එකසිය විසිහත් අවුරුද්දකි. මේවා සාරාගේ ජීවිතයේ අවුරුදුය.

2. සාරා කානාන් දේශයෙහිවූ කිර්යත්-අර්භාහිදී මළාය. ඒ වනාහි හෙබ්‍රොන් නම් ස්ථානයය. එවිට ආබ්‍රහම් සාරා නිසා වැලපෙන්ටත් හඬන්ටත් ආයේය.

3. ආබ්‍රහම් තමාගේ මළ තැනැත්තිය ඉදිරියෙන් නැගිට හෙත්ගේ පුත්‍රයන්ට කථාකරමින්:

4. මම ඔබ සැම අතරෙහි විදේශියෙක් හා ආගන්තුකයෙක්ව සිටිමි. මාගේ මළ තැනැත්තිය මා ඉදිරියෙන් වළලන පිණිස ඔබ සැම අතරෙහි මට උරුමවන ලෙස සොහොන්පළක් දුනමැනවයි කීය.

5. හෙත්ගේ පුත්‍රයෝ ආබ්‍රහම්ට උත්තර දෙමින්:

6. මාගේ ස්වාමීනි, අපේ බස් ඇසුව මැනවි. ඔබ අප අතරෙහි බලසම්පන්න අධිපතියෙක්ය. අපේ සොහොන්පළවලින් ඉතා උතුම් එකක ඔබගේ මළ තැනැත්තිය වැළලුව මැනවි; ඔබ විසින් ඔබගේ මළ තැනැත්තිය තැන්පත් කරන පිණිස අපගෙන් කිසිවෙක් තමාගේ සොහොන්පළ නොවළක්වන්නේයයි කීවෝය.

7. එවිට ආබ්‍රහම් නැගිට ඒ රටේ සෙනඟට එනම් හෙත්ගේ පුත්‍රයන්ට නැමී ආචාරකොට

8. ඔවුන් සමඟ කථාකරමින්: මා විසින් මාගේ මළ තැනැත්තිය මා ඉදිරියෙන් වළලනවාට ඔබ සැම කැමැත්තහුනම් මාගේ බස් අසා ශොහර්ගේ පුත්‍රවූ එප්‍රොන්ගේ කෙතෙහි කෙළවර තිබෙන

9. තමා සන්තකවූ මක්පේලායේ ගුහාව මට දෙන ලෙස මා වෙනුවෙන් ඔහුගෙන් ඉල්ලුව මැනවි; ඔබ සැම අතරෙහි මට හිමිවූ සොහොන්පළක් පිණිස එය වටින මිල ගණනට ඔහු මට දේවයි කීවේය.

10. එප්‍රොන් හෙත්ගේ පුත්‍රයන් අතරෙහි හිඳගෙන උන්නේය. එවිට හිත්තීයවූ එප්‍රොන් හෙත්ගේ පුත්‍රයන් එනම් තමන් නුවර දොරටුවෙන් ඇතුල් වෙන්නාවූ සියල්ලන් අසාගන සිටියදී ආබ්‍රහම්ට උත්තර දෙමින්:

11. මගේ ස්වාමීනි, එසේ නොවේවා, මාගේ බස් ඇසුව මැනවි. ඒ කෙත ඔබට දෙමි, එහි තිබෙන ගුහාවද ඔබට දෙමි. මාගේ සෙනඟගේ පුත්‍රයන් ඉදිරියෙහිදී මම ඒක ඔබට දෙමි. ඔබගේ මළ තැනැත්තිය තැන්පත්කළ මැනවියි කීයේය.

12. ආබ්‍රහම්ද ඒ දේශයේ සෙනඟට නැමී ආචාරකොට,

13. දේශයේ සෙනඟ අසාගන සිටියදී එප්‍රොන්ට කථාකරමින්: ඔබ කරුණාකර මාගේ බස් ඇසුව මැනවි. කෙතට මිල දෙමි; එය මාගෙන් පිළිගත මැනවි, එවිට එහි මාගේ මළ තැනැත්තිය වළලමියි කීය.

14. එප්‍රොන්ද ආබ්‍රහම්ට උත්තරදෙමින්:

15. මාගේ ස්වාමීනි, මාගේ බස් ඇසුව මැනවි. රිදී ෂෙකෙල් හාරසියයක් වටින බිම් කැබෙල්ලක් මා සහ ඔබ අතරෙහි මොකක්ද? එබැවින් ඔබගේ මළ අය තැන්පත් කළ මැනවියි ඔහුට කීවේය.

16. ආබ්‍රහම් එප්‍රොන්ට ඇහුම්කන්දී, ඔහු හෙත්ගේ පුත්‍රයන් අසාගෙන සිටියදී ඔහු කී මිල එනම් වෙළඳුන් අතරෙහි වලංගුවූ රිදී ෂෙකෙල් හාරසියයක් ඔහුට කිරාදුන්නේය.

17. මෙසේ මම්රේ ඉදිරිපිට මක්පේලායෙහි තිබුණු එප්‍රොන්ගේ කෙතද එහිවූ ගුහාවද කෙතෙහිත් වටකර සියලු සීමාවලත් තිබුණු සියලු ගස්ද හෙත්ගේ පුත්‍රයන් ඉදිරියෙහි,

18. ඔහුගේ නුවර දොරටුවෙන් ඇතුල්වුණාවූ සියල්ලන් ඉදිරියෙහි, ආබ්‍රහම්ට අයිතියක් වශයෙන් ස්ථිරකරන ලද්දේය.

19. ඉන්පසු ආබ්‍රහම් තම භාර්යාවවූ සාරා කානාන් දේශයෙහි මම්රේ (එනම් හෙබ්‍රොන්) ඉදිරිපිට මක්පේලායේ කෙතේ ගුහාවෙහි තැන්පත්කෙළේය.

20. කෙත සහ එහි ඇති ගුහාවද සොහොන්පළක් මෙන් අයිති වන පිණිස හෙත්ගේ පුත්‍රයන් විසින් ආබ්‍රහම්ට ස්ථිරකරනලද්දේය.

About උත්පත්ති Chapter 23

Read උත්පත්ති Chapter 23 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: උත්පත්ති
Chapter: 23
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading උත්පත්ති Chapter 23 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is උත්පත්ති Chapter 23?

උත්පත්ති Chapter 23 is part of the Book of උත්පත්ති in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete උත්පත්ති Chapter 23 online for free with easy chapter navigation.

More Chapters from උත්පත්ති

  1. උත්පත්ති Chapter 2
  2. උත්පත්ති Chapter 19
  3. උත්පත්ති Chapter 39
  4. උත්පත්ති Chapter 1
  5. උත්පත්ති Chapter 49
  6. උත්පත්ති Chapter 33
  7. උත්පත්ති Chapter 30

Explore More from පැරණි ගිවිසුම

  1. ද්වීතීය කථාව Chapter 17
  2. ලෙවී කථාව Chapter 5
  3. 1 සාමුවෙල් Chapter 15
  4. ගීතාවලිය Chapter 37
  5. විනිශ්චයකාරයන් Chapter 15
  6. උත්පත්ති Chapter 48
  7. 2 සාමුවෙල් Chapter 2

Related Chapters & Readings

  1. විනිශ්චයකාරයන් Chapter 20
  2. යෝබ් Chapter 16
  3. යෙරෙමියා Chapter 32
  4. 2 ලේකම් Chapter 17
  5. නෙහෙමියා Chapter 9
  6. යෙසායා Chapter 48
  7. ගීතාවලිය Chapter 26
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *