උත්පත්ති Chapter 18

For English

Read උත්පත්ති Chapter 18 Online

Read උත්පත්ති Chapter 18 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.

Choose a Chapter

උත්පත්ති 18

පරිච්ඡේදය 18

1. ඔහු දවාලේ ග්‍රීෂ්ම වේලාවේ කූඩාරමේ දොරකඩ හිඳින කල ස්වාමීන්වහන්සේ මම්රේගේ ආලොන් ගස් ළඟදී ඔහුට පෙනුණුසේක;

2. ඔහු ඇස් ඔසවා බැලීය, බලව, මනුෂ්‍යයන් තුන්දෙනෙක් ඔහු ඉදිරියෙහි සිටියෝය. ඔහු ඔවුන් දුටු විට ඔවුන් සම්මුඛවන පිණිස කූඩාරමේ දොරකඩ සිට දිවගොස් බිමට නැමී:

3. මාගේ ස්වාමීනි, ඔබ ඉදිරියෙහි දැන් මම කරුණාව ලැබුයෙම්නම් ඔබගේ මෙහෙකරුවා කෙරෙන් අහක්ව නොයන ලෙස ඉල්ලමි.

4. පැන් ටිකක් ගෙනෙන්ට ඉඩ දී ඔබවහන්සේලාගේ පාද සෝදා, ගස යට පහසුගත මැනව.

5. ඔබවහන්සේලාගේ සිත් ශක්තිමත් කරගන්න පිණිස මම කෑම ටිකක් ගෙනෙන්නෙමි; පසුව ඔබවහන්සේලාට යත හැකිය. මක්නිසාද ඔබවහන්සේලා තමන් මෙහෙකරුවා වෙතට ආවේ ඒ පිණිසයයි කීය. ඔව්හුද: ඔබ කී ලෙස කරන්නැයි කීවෝය.

6. එවිට ආබ්‍රහම් කූඩාරමේ සිටි සාරා වෙතට යුහුව ගොස්: සිහින් පිටි නැළි තුනක් ඉක්මනින් සූදානම්කොට අනා රොටි සාදන්නැයි කීය.

7. ආබ්‍රහම් ගව රැළට දිවගොස් ළපටි හොඳ වස්සෙකු ගෙනවුත් මෙහෙකරුවාට දුන්නේය; ඔහු ඌ ඉක්මනින් පිළියෙළකෙළේය.

8. ඔහු වෙඬරු හා කිරිද පිළියෙළකළ වස්සාද ගෙනවුත් ඔවුන් ඉදිරියෙහි තබා ගස යට ඔවුන් ළඟ සිටියේය; ඔව්හුද කෑවෝය.

9. ඔබේ භාර්යාවවූ සාරා කොතැන්හිදැයි ඔව්හු ඔහුගෙන් ඇසුවෝය.

10. කූඩාරමෙහියයි ඔහු කීය. එවිට උන්වහන්සේ: සැබවින්ම එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට මම ඔබ වෙතට නැවත එන්නෙමි; බලව, ඔබේ භාර්යාවවූ සාරා පුත්‍රයෙකු ලබන්නීයයි කීසේක. උන්වහන්සේට පස්සෙන් තිබුණු කූඩාරම් දොරකඩදී සාරාට ඒ ඇසුණේය.

11. ආබ්‍රහම්ද සාරාද මහලුව වයෝවෘද්ධව සිටියෝය; ස්ත්‍රීන්ට ඇති නියමය සාරා පිළිබඳව නැවතී තිබුණේය.

12. සාරා සිත තුළ සිනාසී: මා වයෝවෘද්ධ වූවායින් පසුත් මාගේ ස්වාමියා මහලුව සිටියදීත් මම ප්‍රීතියක් ලබන්නෙම්දැයි කීවාය.

13. එවිට ස්වාමීන්වහන්සේ ආබ්‍රහම්ට කථාකොට: මහලුවූ මම සැබවින් දරුවෙකු වදන්නෙම්දැයි කියමින් සාරා සිනාසුණේ මක්නිසාද?

14. ස්වාමීන්වහන්සේට බැරි දෙයක් ඇද්ද? එන අවුරුද්දේ නියම කාලය පැමිණි විට ඔබ වෙතට නැවත එන්නෙමි, සාරා පුත්‍රයෙකු ලබන්නීයයි කීසේක.

15. සාරා භයවූ බැවින්: මා සිනාසුණේ නැතැයි කීවාය. උන්වහන්සේද:

16. ඒ මනුෂ්‍යයෝ එතැනින් නැගිට සොදොම බලා ගියෝය. ආබ්‍රහම් ඔවුන් ඇරලන පිණිස ඔවුන් සමඟ ගියේය.

17. ස්වාමීන්වහන්සේ: මා කරන්ට යනදේ ආබ්‍රහම්ගෙන් සඟවම්ද?

18. ආබ්‍රහම් නම් සැබවින්ම මහත්වූ බලවත් ජාතියක් වන්නේය; පොළොවේ සියලු ජාතීහුද ඔහු කරණකොටගෙන ආශීර්වාද ලබන්නෝය.

19. මක්නිසාද ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් ගැන කී දේ ඔහු කෙරෙහි පමුණුවන ලෙස, ධර්මිෂ්ඨකමද යුක්තියද කරමින් ස්වාමීන්වහන්සේගේ මාර්ගය රක්ෂා කරන්ට ඔහු තමාට පසු තමාගේ දරුවන්ටද තමාගේ ගෙයි වැසියන්ටද අණකරන පිණිස ඔහු ඇඳිනගතිමියි කීසේක.

20. තවද ස්වාමීන්වහන්සේ: සොදොමේද ගොමොරාවේද මොරගැසීම මහත් බැවින්ද ඔවුන්ගේ පාපය ඉතා බරපතළ බැවින්ද,

21. මම දැන් බැස ගොස් මා වෙතට පැමිණි මොරගැසීම ලෙස ඔවුන් සම්පූර්ණයෙන්ම කළාද කියා බලමි, නැතහොත් දැනගන්නෙමියි කීසේක.

22. ඒ මනුෂ්‍යයෝ එතැනින් හැරී සොදොම දෙසට ගියෝය. නුමුත් ආබ්‍රහම් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහිම නැවතී සිටියේය.

23. ආබ්‍රහම් ළංව: ඔබ දුෂ්ටයන් සමඟ ධර්මිෂ්ඨයන් විනාශකරනසේක්ද?

24. ඒ නුවර ධර්මිෂ්ඨයන් පනස් දෙනෙක් සිටිත් නම් එහි සිටින ධර්මිෂ්ඨයන් පනස්දෙනා නිසා ඔබ ඒ ස්ථානය ඉතුරු නොකොට විනාශකරනසේක්ද?

25. එයාකාර කිරීම ඔබගෙන් දුරුවේවා, ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමානවන ලෙස දුෂ්ටයා සමඟ ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරුවේවා. මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ යුක්තිය නොකරනසේක්දැයි කීවේය.

26. එවිට ස්වාමීන්වහන්සේ: සොදොම් නුවර තුළ ධර්මිෂ්ඨයන් පනස් දෙනෙක් සම්බවුණොත් ඔවුන් නිසා මුළු ස්ථානය ඉතුරුකරන්නෙමියි කීසේක.

27. ආබ්‍රහම් උත්තරදෙමින්: බැලුව මැනව, ධූලි හා අලු පමණක් වූ මම ස්වාමීන්වහන්සේට කථාකරන්ට ධෛර්ය ගතිමි.

28. ධර්මිෂ්ඨයන් පනස් දෙනාගෙන් පස් දෙනෙක් අඩුවීනම්, පස් දෙනෙක් අඩු නිසා ඔබ මුලු නුවර විනාශකරනසේක්දැයි කීය. උන්වහන්සේද: එහි හතලිස්පස් දෙනෙක් මට සම්බවුණොත් ඒක විනාශ නොකරන්නෙමියි කීසේක.

29. ඔහු නැවතත් උන්වහන්සේට කථාකොට: සමහරවිට එහි හතලිස් දෙනෙක් සම්බවන්නෝයයි කීවේය. උන්වහන්සේ: හතලිස් දෙනා නිසා ඒක නොකරසිටින්නෙමියි කීසේක.

30. ඔහුද: අනේ ස්වාමීන්වහන්සේ උදහස් නොවනසේක්වා, එවිට මම කථාකරන්නෙමි. සමහරවිට තිස් දෙනෙක් එහි සම්බවන්නෝයයි කීවේය. උන්වහන්සේද: තිස්දෙනෙක් එහි මට සම්බවුණොත් ඒක නොකර සිටින්නෙමියි කීසේක.

31. එවිට ඔහු: බැලුව මැනව, ස්වාමීන්වහන්සේට කථාකරන්ට ධෛර්ය ගතිමි; සමහරවිට විසි දෙනෙක් එහි සම්බවන්නෝයයි කීවේය. උන්වහන්සේද විසි දෙනා නිසා ඒක විනාශනොකර සිටින්නෙමියි කීසේක.

32. ඔහුද: අනේ ස්වාමීන්වහන්සේ උදහස් නොවන සේක්වා, එවිට මම මේ වර පමණක් කථාකරන්නෙමි. සමහරවිට දස දෙනෙක් එහි සම්බවන්නෝයයි කීය. උන්වහන්සේද: දස දෙනා නිසා ඒක විනාශ නොකර සිටින්නෙමියි කීසේක.

33. ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් සමඟ කථාකොට නිමවූ වහාම යන්ට ගියසේක. ආබ්‍රහම්ද තමාගේ ස්ථානයට හැරී ගියේය.

About උත්පත්ති Chapter 18

Read උත්පත්ති Chapter 18 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: උත්පත්ති
Chapter: 18
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading උත්පත්ති Chapter 18 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is උත්පත්ති Chapter 18?

උත්පත්ති Chapter 18 is part of the Book of උත්පත්ති in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete උත්පත්ති Chapter 18 online for free with easy chapter navigation.

More Chapters from උත්පත්ති

  1. උත්පත්ති Chapter 2
  2. උත්පත්ති Chapter 19
  3. උත්පත්ති Chapter 1
  4. උත්පත්ති Chapter 39
  5. උත්පත්ති Chapter 49
  6. උත්පත්ති Chapter 34
  7. උත්පත්ති Chapter 33

Explore More from පැරණි ගිවිසුම

  1. යෝබ් Chapter 7
  2. ගණන් කථාව Chapter 11
  3. ගීතාවලිය Chapter 124
  4. 1 ලේකම් Chapter 22
  5. ගීතාවලිය Chapter 42
  6. නෙහෙමියා Chapter 8
  7. ගණන් කථාව Chapter 26

Related Chapters & Readings

  1. 2 තිමෝති Chapter 1
  2. රෝම Chapter 15
  3. ගලාති Chapter 3
  4. නික්මයාම Chapter 9
  5. ශු. යොහන් Chapter 3
  6. ගීතාවලිය Chapter 110
  7. 1 සාමුවෙල් Chapter 2
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *