ආමොස් Chapter 9

For English

Read ආමොස් Chapter 9 Online

Read ආමොස් Chapter 9 online from the Holy Bible. This chapter is part of the Book of ආමොස් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ආමොස් and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

ආමොස් 9

පරිච්ඡේදය 9

1. ස්වාමීන්වහන්සේ පූජාසනය ළඟ සිටිනවා දුටිමි. උන්වහන්සේ කථාකොට: උළුවහු සෙලවෙන හැටියට පේකඩවලට ගසා, ඒවා ඔවුන් සියල්ලන්ගේ හිස් පිට කඩාදමන්න; ඔවුන්ගෙන් ඉතිරිවෙන්නන් කඩුවෙන් මරන්නෙමි. ඔවුන්ගෙන් කිසිවෙක් පලා නොයන්නේය, ඔවුන්ගෙන් කිසිවෙක් නොගැළවෙන්නේය.

2. ඔවුන් පාතාලය දක්වා හාරාගන ගියත් එතැනින් මාගේ අත ඔවුන් අරගන්නවා ඇත; ඔවුන් අහසට නැඟුණත් එතැනින් මම ඔවුන් පහතට හෙළන්නෙමි.

3. ඔවුන් කර්මෙල් මුදුනෙහි සැඟවී සිටියත්, මම එතැනින් ඔවුන් සොයාගන්නෙමි; ඔවුන් මාගේ ඇස් ඉදිරියෙන් මුහුදුපල්ලෙහි සැඟවුණත්, එහිදී ඔවුන්ට දෂ්ටකරන හැටියට මම සර්පයාට අණකරන්නෙමි.

4. ඔවුන් තමුන්ගේ සතුරන් ඉදිරියෙහි වහල්කමට ගියත්, එහිදී ඔවුන් මරන හැටියට කඩුවට අණකරන්නෙමි. යහපත පිණිස නොව විපත්තිය පිණිස මාගේ ඇස් ඔවුන් දෙස යොමුකරන්නෙමි.

5. මක්නිසාද පොළොව දියවෙන හැටියටත් එහි සියලු වැසියන් වැලපෙන හැටියටත් එය ගංගාව මෙන් මුළුමනින්ම ගලා මිසරයේ ගංගාව මෙන් බැසයන හැටියටත් ඊට අතගසන්නේ සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේය.

6. උන්වහන්සේ තමන්ගේ උඩුමහල් අහස පිට ගොඩනගා, තමන්ගේ අහස් කුහරය පොළොව පිට පිහිටුවා තිබෙන්නාවූ, මුහුදේ ජලයට අඬගසා ඒවා පොළෝතලයෙහි වත්කරන්නාවූ, යෙහෝවා යන නාමය ඇත්තාවූ තැනන්වහන්සේය.

7. ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලා මා ඉදිරියෙහි කූෂ්වරුන්ගේ පුත්‍රයින්ට සමාන නොවෙත්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මා විසින් ඉශ්‍රායෙල්වරුන් මිසර දේශයෙන්ද පිලිස්තිවරුන් කප්තොර් සිටද අරාම්වරුන් කීර් කෙරෙන්ද ගෙනාවා නොවේද?

8. බලව, ස්වාමිවූ දෙවියන්වහන්සේ ඇස් පාපිෂ්ඨවූ රාජ්‍යය දෙසට යොමා තිබේ, මම එය භූමිය මතුපිටින් විනාශකරන්නෙමි; එහෙත් යාකොබ් වංශය සහමුලින්ම විනාශ නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

9. කිසි ඇටයක් බිම නොවැටෙන හැටියට පෙනේරෙන් හලන්නාක්මෙන් මම අණකර, ඉශ්‍රායෙල් වංශය සියලු ජාතීන් අතරෙහි හලන්නෙමි.

10. ඒ විපත්තිය ළංවී අප පිටට නොපැමිණෙන්නේයයි කියන්නාවූ, මාගේ සෙනඟගෙන් පව්කාරයෝව සිටින්නාවූ සියල්ලෝ කඩුවෙන් මැරෙන්නෝය.

11. ඒදොමෙන් ඉතිරිවූ කොට්ඨාසයද මාගේ නාමය දරන සියලු ජාතීන්ද ඔවුන් විසින් හිමිකරගන්න පිණිස,

12. වැටී තිබෙන දාවිත්ගේ මණ්ඩපය මම ඒ කාලයේදී පිහිටුවා, එහි කපොලු අහුරා, කඩාදමා තිබෙන දේද පිහිටුවා, පුරාණයේ දවස්වල මෙන් ඒක ගොඩනගන්නෙමියි මෙය කරන ස්වාමීන්වහන්සේ කියනසේක.

13. හීහාන්නා ගොයම් කපන්නාටත් මුද්‍රිකඵල මඩින්නා බීජ වපුරන්නාටත් කිට්ටුවෙන දවස් පැමිණෙන්නේය; කඳු මිහිරි මිදිපැන් වස්වන්නේය, සෑම හෙල් දියවන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

14. මම මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ගේ වහල්කම පහකරන්නෙමි, ඔවුන් විනාශවී තිබෙන නුවරවල් ගොඩනගා එහි වාසය කරනවා ඇත; මිදිවතු වවා ඒවායේ මුද්‍රිකපානය බොනවා ඇත; වතුද වවා ඒවායේ ඵල කනවා ඇත.

15. මම ඔවුන්ගේ රටෙහි ඔවුන් පිහිටුවන්නෙමි, මා විසින් ඔවුන්ට දී තිබෙන රටෙන් ඔවුන් තවත් උදුරනු ලබන්නේ නැතැයි නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.

About ආමොස් Chapter 9

Read ආමොස් Chapter 9 online from the Holy Bible. This chapter is part of the Book of ආමොස් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ආමොස්
Chapter: 9
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ආමොස්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ආමොස් Chapter 9 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ආමොස් Chapter 9?

ආමොස් Chapter 9 is part of the Book of ආමොස් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ආමොස් Chapter 9 online for free with easy chapter navigation.

More Chapters from ආමොස්

  1. ආමොස් Chapter 5
  2. ආමොස් Chapter 7
  3. ආමොස් Chapter 8
  4. ආමොස් Chapter 6
  5. ආමොස් Chapter 3
  6. ආමොස් Chapter 4
  7. ආමොස් Chapter 2

Explore More from පැරණි ගිවිසුම

  1. එසකියෙල් Chapter 40
  2. ද්වීතීය කථාව Chapter 16
  3. ආමොස් Chapter 5
  4. නික්මයාම Chapter 14
  5. ගීතාවලිය Chapter 66
  6. ගීතාවලිය Chapter 120
  7. 1 ලේකම් Chapter 18

Related Chapters & Readings

  1. විලාප ගී Chapter 2
  2. උත්පත්ති Chapter 1
  3. යෙසායා Chapter 60
  4. විනිශ්චයකාරයන් Chapter 13
  5. 1 රාජාවලිය Chapter 6
  6. යෙරෙමියා Chapter 13
  7. යෙසායා Chapter 14
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *