උත්පත්ති Chapter 39

For English

Read උත්පත්ති Chapter 39 Online

Read උත්පත්ති Chapter 39 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.

Choose a Chapter

උත්පත්ති 39

පරිච්ඡේදය 39

1. යෝසෙප් මිසරයට ගෙනයන ලද්දේය; ඵාරාවෝගේ ඇමතියෙක්ද රැකවලුන්ගේ නායකයාද වූ මිසරයෙක් වන පෝතිඵර් ඔහු එහි ගෙනගිය ඉෂ්මායෙල්වරුන්ගෙන් ඔහු මිලේට ගත්තේය.

2. ස්වාමීන්වහන්සේ යෝසෙප් සමඟ වූ සේක, ඔහු සඵලවත් මනුෂ්‍යයෙක්ව තම ස්වාමිවූ මිසරයාගේ ගෙයි සිටියේය.

3. ඔහුගේ ස්වාමියා ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටින බවත් ඔහු කළ සියල්ල ඔහුගේ අතේ දියුණුවෙන්ට සලස්වන බවත් දුටුවේය.

4. යෝසෙප් ඔහුගෙන් කරුණාව ලැබ ඔහුට මෙහෙකෙළේය. ඔහු තමාගේ ගෙට ඔහු ප්‍රධානියා කොට තමා සන්තක සියල්ල ඔහු අතට භාරදුන්නේය.

5. ඔහු තමාගේ ගෙට සහ තමා සන්තක සියල්ලටත් ඔහු ප්‍රධානියා කළ තැන් පටන් ස්වාමීන්වහන්සේ යෝසෙප් නිසා මිසරයාගේ ගෙට ආශීර්වාද කළසේක; ගෙයි සහ කෙතෙහි ඔහුට තිබුණාවූ සියල්ල කෙරෙහි ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය වූයේය.

6. එබැවින් ඔහු තමාට තිබුණ සියල්ලම යෝසෙප් අතට භාරදුන්නේය; තමා කන කෑම ගැන මිස තමා ළඟ තිබුණු වෙන කිසිවක් ගැන ඔහු සැලකුවේ නැත. යෝසෙප් වනාහි රූපසම්පන්න ශෝභමාන කෙනක් වූයේය.

7. මින් පසු යෝසෙප්ගේ ස්වාමිහුගේ භාර්යාව ඔහු කෙරෙහි ඇස් හෙළා: මා සමඟ සයනයකරන්නැයි කීවාය.

8. එහෙත් ඔහු අකැමතිව තම ස්වාමියාගේ භාර්යාවට කථාකොට: මාගේ ස්වාමියා වනාහි ගෙයි මා ළඟ තිබෙන කිසිවක් ගැන නොදනියි, ඔහු තමා සන්තක සියල්ලම මා අතට භාරදී තිබේ;

9. මට වඩා උතුම් කෙනෙක් මේ ගෙයි නැත්තේය; ඔබ ඔහුගේ භාර්යාව බැවින් ඔබ මිස වෙන කිසිවක් මට තහනම් කරලා නැත. එහෙයින් මම මේ මහත් දුෂ්ටකම කර දෙවියන්වහන්සේට විරුද්ධව කෙසේ පව්කරන්නෙම්දැයි ඈට කීවේය.

10. ඈ දවසින් දවස යෝසෙප්ට කථාකළ නුමුත් ඔහු ඈ සමඟ සයනයකරන්ටවත් ඈ ළඟ සිටින්ටවත් ඈට ඇහුම්කන් නුදුන්නේය.

11. තවද මේ කාලයෙහි එක් දවසක ඔහු තමාගේ වැඩකරන පිණිස ගෙට ඇතුල් විය; ගෙදර මිනිසුන්ගෙන් කිසිවෙක් එහි ඇතුළෙහි නොසිටියේය.

12. ඈ ඔහුගේ සළුවෙන් ඔහු අල්වා: මා සමඟ සයනයකරන්නැයි කීවාය. එවිට ඔහු තමාගේ සළුව ඇගේ අතට හැර පිටතට පලා ගියේය.

13. ඔහු තමාගේ සළුව ඇගේ අතට හැර පිටතට පලාගිය බව ඈ දැක ඇගේ ගෙයි මිනිසුන්ට හඬගසා:

14. බලන්න, හෙතෙම අපට නින්දාකරන පිණිස හෙබ්‍රෙව් මනුෂ්‍යයෙකු අප වෙතට ගෙනායේය; ඔහු මා සමඟ සයනයකරන පිණිස මා වෙතට ආයේය, මම මහත් හඬකින් මොරගැසීමි.

15. තවද මා හඬනගා මොරගසනවා ඇසී ඔහු තමාගේ සළුව මා ළඟ දමා පිටතට පලාගියේයයි කීවාය.

16. ඔහුගේ ස්වාමියා ගෙදර එනතුරු ඈ ඔහුගේ සළුව තමා ළඟ තබාගත්තාය.

17. මේ වචන ප්‍රකාරයටම ඈ ඔහුට කථාකරමින්: ඔබ අප වෙතට ගෙනාවාවූ හෙබ්‍රෙව් වැඩකාරයා මට නින්දාකරන්ට මා ළඟට ආයේය.

18. එහෙත් මා හඬනගා මොරගැසූ විට ඔහු තමාගේ සළුව මා වෙත දමා පිටතට පලාගියේයයි කීවාය.

19. ඔබේ වැඩකාරයා මට මෙලෙස කෙළේයයි තමාගේ භාර්යාව කී වචන ඔහුගේ ස්වාමියා ඇසූකල ඔහුගේ කෝපය ඇවුළුණේය.

20. එවිට යෝසෙප්ගේ ස්වාමියා ඔහු ගෙන රජහුගේ හිරකාරයන් බඳිනලද ස්ථානයවූ හිරගෙයි දැමීය. එහි ඔහු හිරගෙයි සිටියේය.

21. එහෙත් ස්වාමීන්වහන්සේ යෝසෙප් සමඟ සිට ඔහුට දයාව පෙන්වා හිරගෙයි නායකයාගේ ඇස් හමුවෙහි ඔහුට කරුණාව ගෙනදුන්සේක.

22. හිරගෙයි නායකයාද හිරගෙයි සිටි සියලු හිරකාරයන් යෝසෙප් අතට භාරදුන්නේය; ඔවුන් එහි කළාවූ සියල්ලද ඔහු යටතේ කරනලද්දේය.

23. හිරගෙයි නායකයා ඔහු අත යටතේ තිබුණු කිසිම දෙයක් බැලුවේ නැත, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටිසේක; ඔහු කළ දේවල්ද ස්වාමීන්වහන්සේ සඵලකළසේක.

About උත්පත්ති Chapter 39

Read උත්පත්ති Chapter 39 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: උත්පත්ති
Chapter: 39
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading උත්පත්ති Chapter 39 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is උත්පත්ති Chapter 39?

උත්පත්ති Chapter 39 is part of the Book of උත්පත්ති in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete උත්පත්ති Chapter 39 online for free with easy chapter navigation.

More Chapters from උත්පත්ති

  1. උත්පත්ති Chapter 2
  2. උත්පත්ති Chapter 19
  3. උත්පත්ති Chapter 1
  4. උත්පත්ති Chapter 30
  5. උත්පත්ති Chapter 49
  6. උත්පත්ති Chapter 33
  7. උත්පත්ති Chapter 34

Explore More from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 11
  2. හිතෝපදේශ Chapter 26
  3. යෙරෙමියා Chapter 7
  4. ගීතාවලිය Chapter 51
  5. යෝබ් Chapter 37
  6. යෙරෙමියා Chapter 15
  7. ගීතාවලිය Chapter 108

Related Chapters & Readings

  1. 2 පේතෘස් Chapter 1
  2. යෙසායා Chapter 52
  3. ද්වීතීය කථාව Chapter 5
  4. 2 ලේකම් Chapter 26
  5. යෙසායා Chapter 9
  6. එසකියෙල් Chapter 6
  7. යෝබ් Chapter 35
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *