Read උත්පත්ති Chapter 3 Online
Read උත්පත්ති Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.
Choose a Chapter
උත්පත්ති 3
පරිච්ඡේදය 3
1. සර්පයා වනාහි ස්වාමිවූ දෙවියන්වහන්සේ සෑදූ වනයේ කවර සත්වයෙකුටත් වඩා ප්‍රයෝග සහිත වූයේය. ඌද: ඇත්තටම උයනේ කොයි ගසකින්වත් කන්ට එපාය කියා දෙවියන්වහන්සේ කීවාදැයි ස්ත්‍රියගෙන් ඇසීය.
2. ස්ත්‍රීද: උයනේ ගස්වල ගෙඩි කන්ට අපට පුළුවන;
3. එහෙත් දෙවියන්වහන්සේ-ඔබ සැම නොනසින පිණිස උයන මැද තිබෙන ගහේ ගෙඩි කන්ටවත් ඊට අතගසන්ටවත් එපායයි කීසේකැයි සර්පයාට කීවාය.
4. සර්පයාද: ඔබ සැම ඇත්තටම නසින්නේ නැත;
5. මක්නිසාද ඔබ සැම එයින් කන දවසෙහි ඔබ සැමගේ ඇස් ඇරෙන බවත් ඔබ සැම යහපත හා නපුර දැනගෙන දෙවියන්වහන්සේට සමාන වන බවත් දෙවියන්වහන්සේ දන්නාසේකැයි ස්ත්‍රීට කීය.
6. ස්ත්‍රී වනාහි ඒ ගහ කෑමට හොඳ බවද එය ඇස්වලට ප්‍රිය බවද නුවණ ලැබීම සඳහා ආශාවිය යුතු ගහක් බවද දැක එහි ගෙඩිගෙන කෑවාය; ඈ තමා සමඟ සිටි තමාගේ පුරුෂයාටත් දුන්නාය, ඔහුද කෑවේය.
7. එවිට ඔවුන් දෙදෙනාගේම ඇස් ඇරී තමන් නග්නව සිටින බව ඔව්හු දැනගත්තෝය; ඔව්හු අත්තික්කා කොළ මහා තමන්ට ඉණවැසුම් සාදාගත්තෝය.
8. ඉක්බිති දිවාභාගයේ සිසිල් වේලේ ස්වාමිවූ දෙවියන්වහන්සේ උයනෙහි සක්මන්කරන ශබ්දය ඔවුන්ට ඇසුණේය. එවිට මනුෂ්‍යයා සහ ඔහුගේ භාර්යාව ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරෙහි සැඟවුණෝය.
9. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට හඬගසමින්: ඔබ කොහේදැයි ඔහුට කීසේක.
10. ඔහු: මට ඔබවහන්සේගේ ශබ්දය උයනෙහිදී ඇසී මම නග්න බැවින් භයපත්ව සැඟවුණෙමියි කීය.
11. උන්වහන්සේ: ඔබ නග්න බව ඔබට කීවේ කවුද? නොකන්ට මා ආඥාකළ ගහෙන් කෑවේදැයි ඇසූසේක.
12. මනුෂ්‍යයාද: මා සමඟ සිටින්ට ඔබවහන්සේ දුන් ස්ත්‍රී ගහෙන් මට දුන්නාය, මමද කෑවෙමියි කීය.
13. ස්වාමිවූ දෙවියන්වහන්සේ: ඔබ කළ මේ දෙය මොකදැයි ස්ත්‍රියට කීසේක. ස්ත්‍රීද: සර්පයා මා රැවටුවේය, මම කෑවෙමියි කීවාය.
14. එවිට ස්වාමිවූ දෙවියන්වහන්සේ සර්පයාට කථාකොට: තා මේක කළ බැවින් සියලු තිරිසනුන්ටත් වනයේ සියලු සත්වයන්ටත් වඩා තෝ ශාප ලද්දෙක්ය; තෝ බඩගායමින් තාගේ ජීවිතයේ සියලු දවස්වලම ධූලි කන්නෙහිය.
15. මම තා සහ ස්ත්‍රිය අතරෙහිද තාගේ වංශය සහ ඇගේ වංශය අතරෙහිද සතුරුකම තබන්නෙමි; ඒ වංශය තාගේ හිස පොඩිකරන්නේය, තෝ ඔහුගේ විලුඹ පොඩිකරන්නෙහියයි කීසේක.
16. උන්වහන්සේ ස්ත්‍රියට කථාකොට: ඔබේ ශෝකය3:16 නොහොත්, ගර්භදැරීමේ වේදනාව. හා ගැබ්ගැනීම බොහෝසෙයින් වැඩිකරන්නෙමි; ඔබ වේදනා සහිතව දරුවන් වදන්නීය; ඔබේ ආශාව ඔබේ පුරුෂයා කෙරෙහි වන්නේය; ඔහු ඔබ කෙරෙහි බලපවත්වන්නේයයි කීසේක.
17. උන්වහන්සේ ආදම්ට කථාකොට: ඔබේ භාර්යාවගේ හඬට ඇහුම්කන්දී නොකන්ට මා අණකළ ගහෙන් කෑ බැවින් ඔබ නිසා භූමිය ශාපලද්දීය; ඔබේ ජීවිතයේ සියලු දවස්වලම ඔබ වෙහෙසින් යුක්තව එයින් කන්නෙහිය;
18. එය ඔබට කටුද ගොකටුද උපදවන්නේය; ඔබ වනයේ පලා කන්නෙහිය;
19. ඔබ භූමියෙන් ගන්නාලද බැවින් එයට හැරී යනතෙක් ඔබේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නේය; මක්නිසාද ඔබ දූවිලිය, දූවිල්ලට හැරී යන්නේයයි කීසේක.
20. මනුෂ්‍යයා තමාගේ භාර්යාව ජීවමාන සියල්ලන්ගේ මවු හෙයින් ඈට ඒව3:20 හෙබ්‍රෙව්: හව්වා, එනම් ජීවමාන, නොහොත් ජීවනය. යන නම තැබීය.
21. ස්වාමිවූ දෙවියන්වහන්සේ ආදම්ට සහ ඔහුගේ භාර්යාවට සම්වලින් ඇඳුම් සාදා ඇන්දවූසේක.
22. තවද ස්වාමිවූ දෙවියන්වහන්සේ: බලව, මනුෂ්‍යයා යහපත හා නපුර දැනගැනීමට අපගෙන් කෙනෙකු මෙන් වුණේය. දැනුදු ඔහු තමාගේ අත දිඟුකොට ජීවන වෘක්ෂයෙනුත් ගෙන කා සදාකාලයටම ජීවත්නොවන පිණිසය කියා,
23. යම් භූමියකින් ඔහු ගන්නාලදද එය වවන පිණිස ස්වාමිවූ දෙවියන්වහන්සේ ඒදන් උයනෙන් ඔහු පිටකළසේක.
24. මෙසේ උන්වහන්සේ මනුෂ්‍යයා පිටතට එළවා ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල්කරන පිණිස ඒදන් උයනට නැගෙනහිරෙන් කෙරුබ්වරුන්ද හැම අතටම කරකැවෙන්නාවූ ගිනිමයවූ කඩුවක්ද පිහිටෙවූසේක.
About උත්පත්ති Chapter 3
Read උත්පත්ති Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: උත්පත්ති
Chapter: 3
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading උත්පත්ති Chapter 3 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is උත්පත්ති Chapter 3?
උත්පත්ති Chapter 3 is part of the Book of උත්පත්ති in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete උත්පත්ති Chapter 3 online for free with easy chapter navigation.
More Chapters from උත්පත්ති
- උත්පත්ති Chapter 2
- උත්පත්ති Chapter 39
- උත්පත්ති Chapter 19
- උත්පත්ති Chapter 1
- උත්පත්ති Chapter 49
- උත්පත්ති Chapter 33
- උත්පත්ති Chapter 30
Explore More from පැරණි ගිවිසුම
- යෝෂුවා Chapter 6
- සාලමොන්ගේ ගීතිකා Chapter 8
- 2 ලේකම් Chapter 1
- දානියෙල් Chapter 8
- ගීතාවලිය Chapter 120
- රූත්ගේ කථාව Chapter 1
- ගීතාවලිය Chapter 37