Read උත්පත්ති Chapter 30 Online
Read උත්පත්ති Chapter 30 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.
Choose a Chapter
උත්පත්ති 30
පරිච්ඡේදය 30
1. තමා යාකොබ්ට දරුවන් බිහිනොකළ බව රාඛෙල් දුටු කල ඇගේ සහෝදරීට ඊර්ෂ්‍යාකොට: මට දරුවන් දෙන්න, නැතහොත් මම නසිමියි යාකොබ්ට කීවාය.
2. එවිට යාකොබ් රාඛෙල් කෙරෙහි තරහවිය. ඔහු කථාකොට: ගර්භයේ ඵල ඔබෙන් වැලැක්වූ දෙවියන්වහන්සේ වෙනුවට මම සිටිම්දැයි කීය.
3. එවිට රාඛෙල්: මාගේ දාසීවූ බිල්හා බලන්න, ඈ මාගේ උකුළට දරුවන් බිහිකර දෙන පිණිසද ඈ කරණකොටගෙන මටත් දරුවන් ලැබෙන පිණිසද ඈ කරා එළඹෙන්න කියා
4. තමාගේ දාසීවූ බිල්හා භාර්යා කොට ඔහුට පාවාදුන්නාය. යාකොබ් ඈ කරා පැමිණියේය.
5. බිල්හා ගර්භිණීව යාකොබ් නිසා පුත්‍රයෙකු බිහිකළාය.
6. රාඛෙල් දෙවියන්වහන්සේ මා විනිශ්චයකොට මාගේ හඬත් අසා පුත්‍රයෙකු මට දුන්සේකැයි කීවාය. එහෙයින් ඈ ඔහුට දාන් යන නාමය තැබුවාය.
7. රාඛෙල්ගේ දාසීවූ බිල්හා නැවත ගර්භිණීව යාකොබ් නිසා දෙවෙනි පුත්‍රයෙකු බිහිකළාය.
8. එවිට රාඛෙල්: මහත් පොර ඇල්ලීම්වලින් මාගේ සහෝදරී හා සමඟ පොර අල්ලා ජයගතිමියි කියා ඔහුට නප්තලී යන නාමය තැබුවාය.
9. ලෙයාද තමාගේ වැදීම නැවතුණු බව දුටු කල තමාගේ දාසීවූ ශිල්පා භාර්යා කොට යාකොබ්ට පාවාදුන්නාය.
10. ලෙයාගේ දාසීවූ ශිල්පාද යාකොබ් නිසා පුත්‍රයෙකු බිහිකළාය.
11. ලෙයා: වාසනාවන්තයි! කියා ඔහුට ගාද් යන නාමය තැබුවාය.
12. ලෙයාගේ දාසීවූ ශිල්පා යාකොබ් නිසා දෙවෙනි පුත්‍රයෙකු බිහිකළාය.
13. ලෙයා: මේ මාගේ වාසනාවය, මක්නිසාද මම වාසනාවන්තීයයි දූවරුන් කියනවා ඇතැයි කියා ඔහුට ආෂේර් යන නාමය තැබුවාය.
14. තිරිඟු කපන කාලයේදී රූබෙන් කෙතට ගිය කල එහි දුදායිම් ගෙඩි සම්බවී, තමාගේ මවුවූ ලෙයාට ගෙනැවිත් දුන්නේය. එවිට රාඛෙල්: ඔබේ පුත්‍රයාගේ දුදායිම් ගෙඩිවලින් ටිකක් මට දෙන්නැයි ලෙයාට කීවාය.
15. ඈ: ඔබ මාගේ පුරුෂයා පැහැරගත්තා මදිවාට මාගේ පුත්‍රයාගේ දුදායිම් ගෙඩිත් ගන්ට හදනවාදැයි කීවාය. එවිට: ඔබේ පුත්‍රයාගේ දුදායිම් දුන්නොත් හෙතෙමේ අද රාත්‍රියෙහි ඔබ සමඟ සයනයකරන්නේයයි රාඛෙල් කීවාය.
16. යාකොබ් සවස් වේලෙහි කෙතෙන් එද්දී ලෙයා ඔහු සම්බවෙන්ට ගොස්: ඔබ මා කරා පැමිණෙන්ට ඕනෑය; මක්නිසාද මාගේ පුත්‍රයාගේ දුදායිම්වලින් ඔබ සැබවින් කුලියට ගත්තෙමියි කීවාය. ඔහු එදා රාත්‍රියෙහි ඈ සමඟ සයනය කෙළේය.
17. දෙවියන්වහන්සේ ලෙයාට කන්දුන්සේක, ඈ ගර්භිණීව යාකොබ් නිසා පස්වෙනි පුත්‍රයෙකු බිහිකළාය.
18. මාගේ දාසිය මාගේ පුරුෂයාට මා විසින් දුන් හෙයින් දෙවියන්වහන්සේ මාගේ කුලී මට දුන්සේක කියා ලෙයා ඔහුට ඉස්සාඛර් යන නාමය තැබුවාය.
19. ලෙයා නැවත ගර්භිණීව යාකොබ් නිසා හවෙනි පුත්‍රයෙකු බිහිකළාය.
20. ඈ: දෙවියන්වහන්සේ උතුම් දායාදයක් මට දී තිබේ; මාගේ පුරුෂයා නිසා මා පුත්‍රයන් සදෙනෙකු බිහිකළ බැවින් ඔහු මා සමඟ වසන්නේය කියා ඔහුට සාබුලොන් යන නාමය තැබුවාය.
21. ඉන්පසු ඈ දුවෙකු බිහිකර ඈට දීනා යන නාමය තැබුවාය.
22. දෙවියන්වහන්සේ රාඛෙල් සිහිකොට ඈට කන්දී ඈ ගර්භිණී වෙන්ට සැලැස්වූසේක.
23. ඈ ගර්භිණීව පුත්‍රයෙකු බිහිකර: දෙවියන්වහන්සේ මාගේ නින්දාව පහකළසේකැයි කීවාය.
24. තවද ඈ: ස්වාමීන්වහන්සේ තවත් පුත්‍රයෙකු මට එකතුකරනසේක්වයි කියා ඔහුට යෝසෙප් යන නාමය තැබුවාය.
25. රාඛෙල් යෝසෙප් බිහිකළ පසු යාකොබ් ලාබන්ට කථාකොට: මාගේම ස්ථානයටද මාගේ රටටද යන පිණිස මා හරින්න.
26. මා ඔබට වැඩ කොට ලබාගත් මාගේ භාර්යාවන්ද මාගේ දරුවන්ද මට දී යන්ට හරින්න. මක්නිසාද මා විසින් ඔබට කළ මෙහෙය ඔබ දන්නෙහියයි කීය.
27. එවිට ලාබන්: ඔබෙන් මට කරුණාව ලැබී තිබේ නම් නැවතී යන්න. ඔබ නිසා ස්වාමීන්වහන්සේ මට ආශීර්වාදකළ බව නිමිත්තකින් මට පෙනී ගොස් තිබේයයි ඔහුට කීවේය.
28. තවද ඔහු: ඔබේ කුලී නියම කරන්න, එය මම දෙන්නෙමියි කීවේය.
29. එවිට යාකොබ්: මා ඔබට වැඩකළ හැටිත් ඔබේ ගවයන් මා ළඟ සිටිය හැටිත් ඔබ දන්නෙහිය.
30. මක්නිසාද මා එන්ට පළමුවෙන් ඔබට තිබුණේ ස්වල්පයක්ය, දැන් එය බොහෝ සෙයින් වර්ධනයවී තිබේ; මා කොයි දෙසට හැරුණත් ස්වාමීන්වහන්සේ ඔබට ආශීර්වාදකළසේක. ඉතින් මාගේම පවුලටත් මා සපයන්නේ කවදාදැයි ඔහුට කීය.
31. මා විසින් ඔබට කුමක් දිය යුතුදැයි ඔහු ඇසුවේය. එවිට යාකොබ්: ඔබ මට කිසිවක් දෙන්ට ඕනෑ නැත. ඉදින් මේක මට කරනවානම් මම නැවත ඔබේ රැළ පෝෂණය කොට බලාගන්නෙමි.
32. මම අද ඔබේ මුළු රැළ අතරට ගොස් තිත් සහ ලප ඇති සියල්ලන්ද බැටළුවන් අතරෙහි කළුපාට ඇති සියල්ලන්ද එළුවන් අතරෙහි තිත් සහ ලප ඇති සියල්ලන්ද වෙන්කරන්නෙමි. එයාකාර එවුන් මාගේ කුලිය වන්නේය.
33. මෙසේ, ඔබ ඉදිරියෙහි තිබෙන මාගේ කුලිය සඳහා ඔබ එන කල්හි, මාගේ ධර්මිෂ්ඨකම මින් පසු මා වෙනුවට උත්තර දෙනවා ඇත. එළුවන් අතරෙහි තිත් සහ ලප නැත්තාවූද බැටළුවන් අතරෙහි කළුපාට නොවූද එකෙක්වත් මා වෙත සම්බවීනම් ඌ සොරකම්කරනලදැයි ගණන්ගත යුතුයයි කීය.
34. බලව, ඔබේ වචන ලෙස වෙතොත් කැමැත්තෙමියි කියා
35. ලාබන් ඒ දවසේම රේඛාද ලපද ඇති එළුවන් සහ තිත්ද ලපද ඇති එළුදෙනුන්ද යන යම් තැනක සුදුපාට ඇති සියල්ලන්ද බැටළුවන් අතරෙහි කළුපාට ඇති සියල්ලන්ද වෙන් කොට තමාගේ පුත්‍රයන් අතට භාරදී,
36. තමාද යාකොබ්ද අතරෙහි තුන් දවසක ගමන් ප්‍රමාණ දුර තැබීය. යාකොබ් ලාබන්ගේ ඉතිරි රැළවල් පෝෂණය කෙළේය.
37. යාකොබ් වනාහි ලිබ්නෝ, ලූස්, ආර්මොන් යන ගස්වලින් අමු කෝටු රැගෙන සුදු රේඛා වශයෙන් කොටුවල සුද පෙනෙන හැටියට ඒවායේ පොතු ඇර,
38. සිව්පාවන් බොන්ට ආකල පොතු ඇරිය කෝටු වතුර වත්කරන ඔරුවල උන් ඉදිරිපිට තැබුවේය; සිව්පාවෝ බොන්ට ආ කල ගැබ්ගත්හ.
39. එසේ කෝටු ඉදිරියේදී ගැබ්ගෙන රේඛා සහ තිත්ද ලපද ඇතිවුන් බිහිකළෝය.
40. යාකොබ් බැටළුපැටවුන් වෙන්කොට රැළවල සිව්පාවන්ගේ මුහුණු ලාබන්ගේ රැළේ රේඛා ඇති සතුන්ද කළුපාට ඇති සියල්ලන්ද දෙසට හැරෙවුවේය; තමාගේම රංචු ලාබන්ගේ රැළ අතරෙහි නොසිටුවා වෙන්කොට සිටෙවුවේය.
41. තවද රැළේ වඩා ශක්තිමත් එවුන් ගැබ්ගන්න කල උන් කෝටු ඉදිරිපිටදී ගැබ්ගන්නා පිණිස ඔහු ඒ කෝටු උන්ගේ ඇස් ඉදිරිපිට වතුර ඔරුවල තැබුවේය.
42. එහෙත් රැළ දුර්වලව සිටිය කල ඔහු ලී නොතැබුවේය. මෙසේ දුර්වල එවුන් ලාබන්ගේද ශක්තිමත් එවුන් යාකොබ්ගේද වූහ.
43. ඒ මනුෂ්‍යයා අතිශයින් වර්ධනයවුණේය, ඔහුට රැළවල්ද දාසීහුද දාසයෝද ඔටුවෝද කොටළුවෝද වූවෝය.
About උත්පත්ති Chapter 30
Read උත්පත්ති Chapter 30 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: උත්පත්ති
Chapter: 30
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading උත්පත්ති Chapter 30 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is උත්පත්ති Chapter 30?
උත්පත්ති Chapter 30 is part of the Book of උත්පත්ති in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete උත්පත්ති Chapter 30 online for free with easy chapter navigation.
More Chapters from උත්පත්ති
- උත්පත්ති Chapter 2
- උත්පත්ති Chapter 39
- උත්පත්ති Chapter 19
- උත්පත්ති Chapter 1
- උත්පත්ති Chapter 33
- උත්පත්ති Chapter 22
- උත්පත්ති Chapter 35
Explore More from පැරණි ගිවිසුම
- මලාකි Chapter 2
- ගීතාවලිය Chapter 35
- නෙහෙමියා Chapter 12
- හිතෝපදේශ Chapter 13
- විලාප ගී Chapter 2
- ද්වීතීය කථාව Chapter 34
- 1 සාමුවෙල් Chapter 20