උත්පත්ති Chapter 33

For English

Read උත්පත්ති Chapter 33 Online

Read උත්පත්ති Chapter 33 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.

Choose a Chapter

උත්පත්ති 33

පරිච්ඡේදය 33

1. යාකොබ් තමාගේ ඇස් ඔසවා බැලූ විට ඒසව්ද ඔහු සමඟ මිනිසුන් හාරසියයක්ද එනවා දුටුවේය. ඔහු ලෙයාටත් රාඛෙල්ටත් දාසීන් දෙදෙනාටත් දරුවන් වෙන්කොට දී,

2. දාසීන් සහ ඔවුන්ගේ දරුවන් පෙරටුකොටද, ලෙයා සහ ඇගේ දරුවන් පස්සෙන්ද, රාඛෙල් සහ යෝසෙප් ඊටත් පස්සෙන්ද සිටුවා,

3. ඔවුන්ට ඉස්සරවී, තමාගේ සහෝදරයා ළඟට එන තෙක් සත්වරක් බිමට නැමී වැන්දේය.

4. එවිට ඒසව් ඔහු සම්මුඛවෙන්ට දිවගොස් ඔහු වැළඳගෙන බෙල්ල බදාගෙන ඔහු සිඹගත්තේය. තවද ඔව්හු ඇඬුවෝය.

5. ඒසව් ඇස් ඔසවා ස්ත්‍රීන් හා දරුවන් දැක: ඔබ සමඟ සිටින මොව්හු කවුරුදැයි ඇසුවේය. දෙවියන්වහන්සේ කරුණාවෙන් ඔබගේ මෙහෙකරුවාට දුන් දරුවෝයයි ඔහු කීවේය.

6. එකල දාසීහුද ඔවුන්ගේ දරුවෝද ළංවී වැන්දෝය.

7. ලෙයාද ඇගේ දරුවෝද ළංවී වැන්දෝය. ඉන්පසු යෝසෙප්ද රාඛෙල්ද ළංවී වැන්දෝය.

8. මට සම්බවුණු ඔබේ ඔය පිරිස කුමක් පිණිසදැයි ඒසව් ඇසුවේය. මාගේ ස්වාමිහුගෙන් කරුණාව ලැබෙන පිණිසයයි ඔහු කීවේය.

9. ඒසව්: මට සෑහෙන පමණ තිබේ; මාගේ සහෝදරය, ඔබට තිබෙන දේ ඔබටම තිබේවයි කීය.

10. එවිට යාකොබ්: එසේ නොවේවා; ඔබගෙන් කරුණාව ලදිම්නම් මා අතින් මාගේ තෑග්ග පිළිගතමැනවි. කුමක්හෙයින්ද කෙනෙක් දෙවියන්වහන්සේගේ මුහුණ දකින්නාක් මෙන් මම ඔබගේ මුහුණ දුටුවෙමි, ඔබ මා කෙරෙහි ප්‍රසන්නවූයෙහිය.

11. දෙවියන්වහන්සේ මට කරුණා කළ හෙයින්ද සෑහෙන පමණ මට තිබෙන හෙයින්ද ඔබට ගෙනාවාවූ මාගේ තෑග්ග පිළිගතමැනවියි කියා ඔහුට පෙරැත්ත කෙළේය. එවිට ඔහු ඒක පිළිගත්තේය.

12. තවද ඔහු: අපි පිටත්ව යමු; මම ඔබට පෙරටුව යන්නෙමියි කීවේය.

13. එවිට යාකොබ්: දරුවන් ළාබාල බවද කිරිදෙන එළු බැටළුරැළවල් සහ ගවරැළවල් මා සමඟ ඉන්න බවද මාගේ ස්වාමියා දන්නේය. එක දවසක් උන් ඉක්මනට දැක්කුවොත් මුළු රැළ මියයන්නේය.

14. මාගේ ස්වාමියා ස්වකීය මෙහෙකරුවාට ඉස්සරව යේවා. මම මාගේ ස්වාමියා වෙතට සේයිර්ට පැමිණෙනතෙක් මට පෙරටුව යන සිව්පාවුන්ටත් දරුවන්ටත් යන්ට පුළුවන් ප්‍රමාණයට හෙමිහිට එන්නෙමියි ඔහුට කීවේය.

15. ඒසව්ද: එසේවීනම් මා සමඟ සිටින මිනිසුන්ගෙන් සමහරෙකු ඔබ සමඟ නවත්වා යන්නෙමියි කීවේය. ඔහුද: ඒ කුමටද? මාගේ ස්වාමියාගෙන් මට කරුණාව ලැබේවයි කීවේය.

16. මෙසේ ඒසව් ඒ දවසෙහි සේයිර්ට යන පිණිස හැරීගියේය.

17. යාකොබ් සුක්කොත්ට 33:17 එනම්, මඩු. ගමන්කොට තමාට ගෙයක් ගොඩනැගුවේය, තමාගේ සිව්පාවුන්ට මඩුද සෑදීය. එබැවින් ඒ ස්ථානයට සුක්කොත් යන නම තබනලද්දේය.

18. යාකොබ් පදන්-අරාමෙන් ආ කල්හි කානාන් දේශයෙහි තිබෙන ෂෙඛෙම් නුවරට සමාදානයෙන් ඇවිත් නුවර ඉදිරිපිට කූඩාරම් පිහිටුවා ගත්තේය.

19. ඔහු තමාගේ කූඩාරම පිහිටුවාගත් බිම් කැබෙල්ල ෂෙඛෙම්ගේ පියවූ හාමොර්ගේ පුත්‍රයන්ගෙන් රිදී කෑලි සියයකට ගෙන

20. එහි පූජාසනයක් ගොඩනගා ඒල්-එලොහේ-ඉශ්‍රායෙල් 33:20 එනම්, දෙවියන්වහන්සේ ඉශ්රායෙල්ගේ දෙවියන්වහන්සේ. යන නාමය ඊට තැබුවේය.

About උත්පත්ති Chapter 33

Read උත්පත්ති Chapter 33 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: උත්පත්ති
Chapter: 33
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading උත්පත්ති Chapter 33 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is උත්පත්ති Chapter 33?

උත්පත්ති Chapter 33 is part of the Book of උත්පත්ති in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete උත්පත්ති Chapter 33 online for free with easy chapter navigation.

More Chapters from උත්පත්ති

  1. උත්පත්ති Chapter 2
  2. උත්පත්ති Chapter 19
  3. උත්පත්ති Chapter 39
  4. උත්පත්ති Chapter 1
  5. උත්පත්ති Chapter 49
  6. උත්පත්ති Chapter 34
  7. උත්පත්ති Chapter 30

Explore More from පැරණි ගිවිසුම

  1. උත්පත්ති Chapter 37
  2. හිතෝපදේශ Chapter 31
  3. යෝෂුවා Chapter 8
  4. යෝබ් Chapter 1
  5. ගීතාවලිය Chapter 53
  6. 2 රාජාවලිය Chapter 17
  7. 1 ලේකම් Chapter 27

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 92
  2. ශු. යොහන් Chapter 15
  3. යෙරෙමියා Chapter 10
  4. ගීතාවලිය Chapter 107
  5. 1 සාමුවෙල් Chapter 21
  6. ශු. මාර්ක් Chapter 4
  7. 1 රාජාවලිය Chapter 2
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *