Read උත්පත්ති Chapter 49 Online
Read උත්පත්ති Chapter 49 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.
Choose a Chapter
උත්පත්ති 49
පරිච්ඡේදය 49
1. එවිට යාකොබ් තමාගේ පුත්‍රයන් කැඳවා: මතු කාලයේදී ඔබ සැමට පැමිණෙන්ට තිබෙන දේ ඔබ සැමට දන්වන පිණිස රැස්වෙන්න.
2. යාකොබ්ගේ පුත්‍රයෙනි, රැස්ව අසන්න; ඔබ සැමගේ පියවූ ඉශ්‍රායෙල්ට කන්දෙන්න.
3. රූබෙන්, ඔබ මාගේ කුලුඳුලාය, මාගේ බලයය, මාගේ ශක්තියේ නාඹුල් ඵලයය; ශ්‍රේෂ්ඨ භාවයේ උතුම්කමය, පරාක්‍රමයේ උතුම්කමය.
4. ජලය මෙන් අස්ථිරවූ ඔබට ප්‍රධානකම නොලැබෙන්නේය. කුමක්හෙයින්ද ඔබ ඔබේ පියාගේ ඇඳට නැගුණෙහිය. එකල ඔබ එය කිලුටුකෙළෙහිය. ඔහු මාගේ යහනට නැගුණේය.
5. සිමියොන් සහ ලෙවී සහෝදරයෝය; ඔවුන්ගේ කඩු වනාහි බලාත්කාරකමේ ආයුධය.
6. එම්බා මාගේ ආත්මය, ඔවුන්ගේ මන්ත්‍රණයට ඇතුල්නොවන්න; මාගේ මහිමය ඔවුන්ගේ සමාගමට එකතුනොවන්න; කුමක්හෙයින්ද ඔවුන්ගේ කෝපයෙන් ඔව්හු මනුෂ්‍යයෙකු මැරුවෝය, ඔවුන්ගේ හිතුවක්කාරකමෙන් ගොනෙකුගේ කුදි කැපුවෝය.
7. ඔවුන්ගේ කෝපය රෞද්‍ර නිසාද ඔවුන්ගේ උදහස කෲරතර නිසාද ඊට ශාපවේවා. මම ඔවුන් යාකොබ් අතරෙහි බෙදා ඉශ්‍රායෙල් අතරෙහි විසුරුවන්නෙමි.
8. එම්බා යූදා, ඔබේ සහෝදරයෝ ඔබට ප්‍රශංසාකරන්නෝය. ඔබේ අත ඔබේ සතුරන්ගේ ගෙළෙහි වන්නේය; ඔබේ පියාගේ පුත්‍රයෝ ඔබ ඉදිරියෙහි වැඳවැටෙන්නෝය.
9. යූදා සිංහපැටවෙක; මාගේ පුත්‍රය, ඔබ ගොදුර කා නැගී ගියෙහිය. ඔහු සිංහයෙකු මෙන්ද සිංහධේනුවක් මෙන්ද නැමී ලැග්ගේය, ඔහු නැගුටුවන්නේ කවුද?
10. ෂිලෝ එන තෙක් යූදා කෙරෙන් ජයකොන්තයවත් ඔහුගේ පාද අතරෙන් ආණ්ඩුකාරයාගේ සැරයටියවත් පහනොවන්නේය; මනුෂ්‍ය වර්ගයන්ගේ කීකරුකම ඔහුට වන්නේය.
11. ඔහු තමාගේ කොටළු පැටවා මුද්‍රික වැලේද තමාගේ කොටළු වස්සා සාරවූ මුද්‍රික වැලේද බඳිමින් තමාගේ වස්ත්‍ර මුද්‍රිකපානයෙන්ද තමාගේ සළුව මුද්‍රික යුසයෙන්ද සේදුවේය.
12. ඔහුගේ ඇස් මුද්‍රිකපානයෙන් රතු වන්නේය, ඔහුගේ දත් කිරෙන් සුදුවන්නේය.
13. සාබුලොන් මුහුදු බඩ වසන්නේය. ඔහු නැව් තොටක් පිණිස වන්නේය; ඔහුගේ සීමාවද ශීදොන් දක්වා වන්නේය.
14. ඉස්සාඛර් ගාල් අතුරෙහි ලැගහිඳින ශක්තිමත් කොටළුවෙක.
15. ඔහු නවාතැනක් දැක ඒ හොඳ බවද දේශය ප්‍රසන්න බවද දැක බර ඉසිලීමට තමාගේ කර නමා අමාරු වැඩට දාසයෙක් වුණේය.
16. දාන් ඉශ්‍රායෙල්ගේ ගෝත්‍රවලින් එකක් මෙන් තමාගේ සෙනඟ විනිශ්චයකරන්නේය.
17. දාන් අශ්වයා පිට නැගී යන අය පස්සට වැටෙන ලෙස අශ්වයාගේ විලුඹුවලට දෂ්ටකරන්නාවූ මාර්ගයෙහි සිටින සර්පයෙක් වන්නේය, මාවත සිටින පොළඟෙක් වන්නේය.
18. ස්වාමීනි, ඔබගේ ගැළවීම ගැන බලාසිටියෙමි.
19. ගාද්ට විරුද්ධව බලහමුදාවක් ලුහුබැඳ එන්නේය. නුමුත් ඔහු හැරී ඔවුන් ලුහුබැඳ යන්නේය.
20. ආෂෙර් කෙරෙන් ඔහුගේ පෝෂ්‍ය ආහාර හටගන්නේය, ඔහු රාජකීය රසවත් භෝජන උපදවන්නේය.
21. නප්තලී මුදාහරිනලද මුවදෙනක්ය. ඔහු ශෝභන වචන පවසයි.
22. යෝසෙප් ඵලදෙන අත්තක්ය, උල්පතක් ළඟ තිබෙන ඵලදෙන අත්තක්ය; එහි ශාඛා බිත්තිය පිට විහිද යති.
23. දුනුවායෝ ඔහුට අතිශයින් හිංසාකොට ඔහුට විද ඔහුට පීඩාකළෝය.
24. එහෙත් ඔහුගේ දුන්න ශක්තිමත්ව පැවතුණේය, යාකොබ්ගේ බලවන්තයාණන්වහන්සේගේ අත්වලින්ද ඔබට පිහිටවන ඔබේ පියාගේ දෙවියන්වහන්සේගෙන්ද ඉහළ අහසේ ආශීර්වාදවලිනුත්
25. පහළ වැතිර තිබෙන ගැඹුරේ ආශීර්වාදවලිනුත් පායෝධරවල සහ ගර්භයේ ආශීර්වාදවලිනුත් ඔබට ආශීර්වාදකරන සර්වපරාක්‍රමයාණන්වහන්සේගෙන්ද ඔහුගේ අත්වල ශක්තිය ස්ථිරකරන ලද්දේය. (ඉශ්‍රායෙල්ගේ පර්වතයවූ එඬේරා මෙතැනින්ය.)
26. ඔබේ පියාගේ ආශීර්වාද මාගේ පියවරුන්ගේ ආශීර්වාදවලට වඩා අධිකවී සදාකාල කඳුවල ඉතා දුර සීමාව දක්වා ගියේය. ඒවා යෝසෙප්ගේ හිස පිටත් තමන් සහෝදරයන්ගෙන් වෙන්ව සිටි තැනැත්තාගේ හිස්මුදුන පිටත් වන්නේය.
27. බෙන්යමින් ගසාකන වෘකයෙක. ඔහු උදය ගොදුරු කාදමන්නේය, සවස කොල්ලය බෙදාගන්නේයයි කීයේය.
28. මොවුන් සියල්ලෝ ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළසය. ඔවුන්ගේ පියා ඔවුන්ට ආශීර්වාදකරමින් ඔවුන්ට කීවේ මෙලෙසය; ඒ ඒ අයගේ ආශීර්වාදය ලෙස ඔහු ඔවුන්ට ආශීර්වාදකෙළේය.
29. ඔහු ඔවුන්ට අණකරමින්: මම මාගේ සෙනඟට එකතුවන්නෙමි. හිත්තීයවූ එප්‍රොන්ගේ කෙතෙහි තිබෙන ගුහාවේ එනම් කානාන් දේශයෙහි මම්රේ ඉදිරිපිට මක්පේලායේ කෙතෙහි තිබෙන,
30. ආබ්‍රහම් විසින් උරුමවූ සොහොන් පළක් පිණිස කෙතත් සමඟ හිත්තීයවූ එප්‍රොන්ගෙන් මිලේට ගත්තාවූ ගුහාවෙහි මාගේ පියවරුන් ළඟ මා තැන්පත්කරන්න.
31. ඔව්හු එහි ආබ්‍රහම් සහ ඔහුගේ භාර්යාවවූ සාරා තැන්පත්කළෝය; ඔව්හු එහි ඊසාක් සහ ඔහුගේ භාර්යාවවූ රෙබෙකාද තැන්පත්කළෝය; එහි මමද ලෙයා තැන්පත්කෙළෙමි.
32. ඒ කෙත සහ එහි තිබෙන ගුහාවත් හෙත්ගේ පුත්‍රයන්ගෙන් මිලේට ගන්නාලදැයි කීවේය.
33. යාකොබ් තමාගේ පුත්‍රයන්ට අණකර නිමකළ කල්හි තමාගේ පාද යහනට ඔසවාගෙන ප්‍රාණය හැර තමාගේ සෙනඟට එකතුවුණේය.
About උත්පත්ති Chapter 49
Read උත්පත්ති Chapter 49 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: උත්පත්ති
Chapter: 49
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
- 📱 Hindi Android Bible App
- 📱 Hindi Christian Songs from waytochurch
- 📖 Read on Malayalam Christian Songs – madely
Continue Reading the Bible
Continue reading උත්පත්ති Chapter 49 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is උත්පත්ති Chapter 49?
උත්පත්ති Chapter 49 is part of the Book of උත්පත්ති in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete උත්පත්ති Chapter 49 online for free with easy chapter navigation.
More Chapters from උත්පත්ති
- උත්පත්ති Chapter 2
- උත්පත්ති Chapter 39
- උත්පත්ති Chapter 19
- උත්පත්ති Chapter 1
- උත්පත්ති Chapter 33
- උත්පත්ති Chapter 30
- උත්පත්ති Chapter 22
Explore More from පැරණි ගිවිසුම
- යෙසායා Chapter 51
- දේශනාකාරයා Chapter 11
- විනිශ්චයකාරයන් Chapter 7
- නික්මයාම Chapter 26
- 2 රාජාවලිය Chapter 9
- ගීතාවලිය Chapter 139
- හිතෝපදේශ Chapter 27