උත්පත්ති Chapter 34

For English

Read උත්පත්ති Chapter 34 Online

Read උත්පත්ති Chapter 34 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.

Choose a Chapter

උත්පත්ති 34

පරිච්ඡේදය 34

1. ලෙයා යාකොබ් නිසා බිහිකළාවූ ඇගේ දුවවූ දීනා දේශයෙහි දූවරුන් දකින්ට ගියාය.

2. එවිට දේශයේ අධිපතිවූ හිවීය හාමොර්ගේ පුත් ෂෙඛෙම් ඈ දුටුවේය; ඔහු ඈ රැගෙන ඈ සමඟ සයනය කොට ඈ අපවිත්‍ර කෙළේය.

3. ඔහුගේ සිත යාකොබ්ගේ දූවූ දීනා කෙරෙහි ඇලුම්විය, ඔහු ඒ තරුණියට ආදරව ඈට කරුණාවන්ත ලෙස කථාකෙළේය.

4. ෂෙඛෙම් තමාගේ පියවූ හාමොර්ට කථාකොට: මේ තරුණිය මට භාර්යාව කොට ලබාදුනමැනවැයි කීය.

5. ඔහු තමාගේ දූවූ දීනා අපවිත්‍රකළ බව යාකොබ්ට සැලවිය; ඒ වේලාවට ඔහුගේ පුත්‍රයෝ ඔහුගේ සිව්පාවන් සමඟ කෙතෙහි සිටියෝය. යාකොබ් ඔවුන් එනතුරු නිශ්ශබ්දව සිටියේය.

6. ෂෙඛෙම්ගේ පියවූ හාමොර් යාකොබ් සමඟ කථාකරන පිණිස ඔහු වෙතට පිටතට ගියේය.

7. යාකොබ්ගේ පුත්‍රයෝ ඒ අසා කෙතේ සිට ආවෝය. ඔහු යාකොබ්ගේ දුව සමඟ සයනයකිරීමෙන් ඉශ්‍රායෙල් අතරේ නොකටයුතු වූ නින්දිතකමක් කළ හෙයින් ඒ මනුෂ්‍යයෝ ශෝකව ඉතා කෝපවූහ.

8. හාමොර් ඔවුන් හා සමඟ කථාකරමින්: මාගේ පුත්‍රවූ ෂෙඛෙම්ගේ සිත ඔබ සැමගේ දියණිය කෙරෙහි ඇලුම්වෙයි. ඈ භාර්යාකොට ඔහුට දුන මැනවි.

9. තවද අප හා සමඟ විවාහගනුදෙනු කරමින් ඔබ සැමගේ දූවරුන් අපට දෙන ලෙසත් අපේ දූවරුන් ඔබට ගන්න ලෙසත් ඉල්ලමි.

10. මෙසේ ඔබ සැම අප සමඟ වාසය කරන්නහුය. දේශයද ඔබ සැම ඉදිරියෙහි තිබේ; මෙහි වාසයකරමින් වෙළඳාම්කර උරුම වාසි ලබාගන්නැයි කීවේය.

11. ෂෙඛෙම්ද දීනාගේ පියාට හා සහෝදරයන්ටත් කථාකොට: ඔබ සැමගෙන් මට කරුණාව ලැබේවා, ඔබ සැම මට කියන දේ දෙන්නෙමි.

12. කොපමණ දායාද හා තෑගි මට නියමකළත් ඔබ සැම මට කියන ප්‍රකාරයට දෙන්නෙමි. කොහොම නුමුත් තරුණිය මට භාර්යාකොට දුනමැනවැයි කීවේය.

13. එවිට යාකොබ්ගේ පුත්‍රයෝ වනාහි ෂෙඛෙම් තමන්ගේ සහෝදරීවූ දීනාට අවනම්බු කළ නිසා ඔහුටත් ඔහුගේ පියවූ හාමොර්ටත් වංචාවෙන් උත්තරදෙමින්:

14. අචර්මඡේදිත කෙනෙකුට අපේ සහෝදරිය දීම අපට නින්දාවක් බැවින් මේ කාරණය කරන්ට අපට නුපුළුවන.

15. අපට ඔබ සැම සමඟ එකඟවීමට ඇත්තේ මේ විධිය පමණක්ය: එනම්, ඔබ සැමගේ සියලු පිරිමි චර්මඡේදිතව අප මෙන් විය යුතුය;

16. එවිට අපගේ දූවරුන් ඔබ සැමට දෙන්නෙමුව, ඔබ සැමගේ දූවරුන් අපි ගන්නෙමුව, ඔබ සැම සමඟ වාසය කරමින් එක සෙනඟක් වන්නෙමුව.

17. එහෙත් ඔබ සැම චර්මඡේද්‍යය වන පිණිස අපගේ වචන නොඅසන්නහුනම් අපගේ දුව රැගෙන යන්නෙමුයයි ඔවුන්ට කීවෝය.

18. ඔවුන්ගේ වචන හාමොර්ටත් හාමොර්ගේ පුත්‍රවූ ෂෙඛෙම්ටත් ප්‍රසන්න විය.

19. ඒ තරුණයා යාකොබ්ගේ දුවට ප්‍රියව සිටිය බැවින් ඒක කරන්ට ප්‍රමාද නොවීය. ඔහු තම පියාගේ ගෙදර සියල්ලන්ට වඩා ගරුතර කෙනෙක් විය.

20. හාමොර්ද ඔහුගේ පුත්‍රවූ ෂෙඛෙම්ද තමුන්ගේ නුවර දොරටුව ළඟට අවුත් තමුන්ගේ නුවර වාසීන් සමඟ කථාකරමින්:

21. මේ මනුෂ්‍යයෝ අප හා සමඟිතාවෙන් සිටිති; එහෙයින් ඔව්හු දේශයෙහි වැස වෙළඳාම් කෙරෙත්වා; මක්නිසාද දේශයෙහි ඔවුන්ට හොඳටම ඉඩ තිබේ; අපි ඔවුන්ගේ දූවරුන් භාර්යාවන් කොට ගනිමු, අපගේ දූවරුන් ඔවුන්ට දෙමු.

22. නුමුත් ඒ මනුෂ්‍යයන් චර්මඡේද්‍යය කරනුලැබුවාක් මෙන් අප අතරෙහි සියලු පිරිමි චර්මඡේද්‍යය කරනු ලැබුවොත් මිස නැත්නම් අප සමඟ වාසයකර එක සෙනඟක් වෙන්ට ඔව්හු අප හා එකඟ නොවන්නාහුය.

23. ඔවුන්ගේ ගවයෝද ඔවුන්ගේ වස්තුවද ඔවුන්ගේ සියලු මෘගයෝද අපට අයිති නොවන්නෝද? ඔවුන්ගේ අභිප්‍රායට එකඟවමු, එවිට ඔව්හු අප සමඟ වාසය කරන්නෝයයි කීවෝය.

24. හාමොර්ගේ නුවර දොරටුවෙන් පිටතට ගිය සියල්ලෝ ඔහුටත් ඔහුගේ පුත්‍රවූ ෂෙඛෙම්ටත් කන්දුන්නෝය; ඔහුගේ නුවර දොරටුවෙන් පිටතට ගිය සියලු පිරිමි චර්මඡේද්‍යය කරනු ලැබුවෝය.

25. තවද තුන්වෙනි දින ඔවුන් ගායව සිටි කල්හි යාකොබ්ගේ පුත්‍රයන්ගෙන් දෙදෙනෙක් වූ දීනාගේ සහෝදරයෝ වූ සිමියොන්ද ලෙවීද තමුන්ගේ කඩු රැගෙන හදිසියෙන් නුවරට වැද සියලු පිරිමින් මැරුවාහ.

26. ඔව්හු හාමොර්ද ඔහුගේ පුත්‍රවූ ෂෙඛෙම්ද කඩු මුවහතින් මරා ෂෙඛෙම්ගේ ගෙයින් දීනා රැගෙන නික්ම ගියෝය.

27. යාකොබ්ගේ පුත්‍රයෝ මරනු ලැබූවන් කරා අවුත් ඔවුන් තමුන්ගේ සහෝදරීට අවනම්බුකළ බැවින් නුවර කොල්ලකෑවෝය.

28. ඔව්හු ඔවුන්ගේ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද කොටළුවන්ද නුවර තිබුණු දේද කෙතෙහි තිබුණු දේද ඔවුන්ගේ සියලු වස්තුවද ගෙන,

29. ඔවුන්ගේ සියලු දරුවන්ද භාර්යාවන්ද අල්ලාගෙන, ගෙවල තිබුණු සියලු දේද කොල්ලකා ගත්තෝය.

30. එවිට යාකොබ් සිමියොන්ටත් ලෙවීටත් කථාකොට: දේශයේ වැසියන්වූ කානානිවරුන් සහ පෙරිස්සිවරුන් විසින් මා නුරුස්සනු ලබන්ට සැලැස්වීමෙන් ඔබ සැම මා හිරිහැරයට පත්කළහුය. ගණනින් ස්වල්පවූ මට විරුද්ධව ඔවුන් රැස්ව මට පහරදෙනවා ඇත; මා හා මාගේ පවුල විනාශවන්නේයයි කීය.

31. වේශ්‍යාවකුට මෙන් අපගේ සහෝදරීට ක්‍රියාකරන්ට ඔහුට යුතුදැයි ඔව්හු කීවෝය.

About උත්පත්ති Chapter 34

Read උත්පත්ති Chapter 34 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: උත්පත්ති
Chapter: 34
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading උත්පත්ති Chapter 34 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is උත්පත්ති Chapter 34?

උත්පත්ති Chapter 34 is part of the Book of උත්පත්ති in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete උත්පත්ති Chapter 34 online for free with easy chapter navigation.

More Chapters from උත්පත්ති

  1. උත්පත්ති Chapter 2
  2. උත්පත්ති Chapter 19
  3. උත්පත්ති Chapter 1
  4. උත්පත්ති Chapter 39
  5. උත්පත්ති Chapter 49
  6. උත්පත්ති Chapter 33
  7. උත්පත්ති Chapter 30

Explore More from පැරණි ගිවිසුම

  1. යෙසායා Chapter 41
  2. යෙරෙමියා Chapter 22
  3. එසකියෙල් Chapter 48
  4. හිතෝපදේශ Chapter 5
  5. යෙසායා Chapter 36
  6. ගීතාවලිය Chapter 98
  7. 2 රාජාවලිය Chapter 9

Related Chapters & Readings

  1. නෙහෙමියා Chapter 1
  2. ශු. යොහන් Chapter 16
  3. නික්මයාම Chapter 7
  4. ආමොස් Chapter 6
  5. ගණන් කථාව Chapter 29
  6. එසකියෙල් Chapter 12
  7. නෙහෙමියා Chapter 11
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *