Read උත්පත්ති Chapter 40 Online
Read උත්පත්ති Chapter 40 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.
Choose a Chapter
උත්පත්ති 40
පරිච්ඡේදය 40
1. ඉක්බිති මිසරයේ රජ්ජුරුවන්ගේ කුසලාන දරන්නාද පූප සාදන්නාද තමන්ගේ ස්වාමිවූ මිසරයේ රජ්ජුරුවන්ට විරුද්ධව වරද කළෝය.
2. ඵාරාවෝ තමන් ඇමතියන් දෙදෙනාවූ කුසලාන දරන්නන්ගේ නායකයා කෙරෙහිද පූප සාදන්නන්ගේ නායකයා කෙරෙහිද උදහස්ව
3. ඔවුන් යෝසෙප් හිර අඩස්සියේ සිටි ස්ථානයවූ රැකවලුන්ගේ නායකයාගේ ගෙය වන හිරගෙයි දැම්මේය.
4. රැකවලුන්ගේ නායකයා ඔවුන් යෝසෙප්ට භාරකෙළේය, ඔහු ඔවුන්ට සේවය කෙළේය. ඔව්හුද කාලයක් හිරගෙයි සිටියෝය.
5. හිරගෙයි බඳනාලද්දාවූ මිසරයේ රජ්ජුරුවන්ගේ කුසලාන දරන්නාද පූප සාදන්නාද යන දෙදෙනාම තම තමාට අදාළවූ අර්ථ ඇති හීනයක් එක රාත්‍රියේම දුටුවෝය.
6. යෝසෙප් උදය ඔවුන් වෙතට ආ කල ඔවුන් ශෝකයෙන් ඉන්න බව දුටුවේය.
7. ඔබ සැම අද මලානිකව සිටින්නේ මක්නිසාදැයි ස්වකීය ස්වාමියාගේ ගෙයි තමා සමඟ හිරේ සිටි ඵාරාවෝගේ ඒ ඇමතියන්ගෙන් ඔහු ඇසුවේය.
8. ඔව්හුද: අපි හීනයක් දුටිමුව, ඒකේ තේරුම කියාදෙන්ට පුළුවන් කෙනෙක් නැත්තේයයි ඔහුට කීවෝය. තේරුම කියාදීම දෙවියන්වහන්සේට අයිති නොවේද? එය මට කියන්නැයි යෝසෙප් ඔවුන්ට කීවේය.
9. එවිට කුසලාන දරන්නන්ගේ නායකයා තමාගේ හීනය යෝසෙප්ට කියනුයේ: බලව, හීනෙන් මුද්‍රික වැලක් මා ඉදිරියෙහි තිබුණේය.
10. ඒ මුද්‍රික වැලේ අතු තුනක් තිබුණේය. ඒක දළු දමා එහි මල් අටගත්තාක් මෙන්ද විය; එහි වලුවල ඉදුණු මිදි පල තිබුණේය.
11. ඵාරාවෝගේ කුසලාන මා අතෙහි තිබුණේය; මම මුද්‍රික ඵල රැගෙන ඵාරාවෝගේ කුසලානට මිරිකා ඒ කුසලාන ඵාරාවෝ අතට දුනිමියි කීවේය.
12. යෝසෙප් ඔහුට කියනුයේ: එහි අර්ථය මේය. අතු තුන නම් තුන් දවසක්ය;
13. තව තුන් දවසක් ඇතුළතදී ඵාරාවෝ ඔබේ හිස ඔසවා ඔබේ නිලයට නැවත ඔබ පමුණුවන්නේය. ඔබ ඵාරාවෝගේ කුසලාන දරන්නාව සිටියදී පළමුවෙන් කළ ලෙස ඔහුගේ කුසලාන ඔහු අතට දෙන්නෙහිය,
14. ඉතින් ඔබට ශුභසිද්ධවූ කල්හි මා සිහිකොට, මට කරුණාව පෙන්වා, ඵාරාවෝට මා ගැන සඳහන්කර, මේ ගෙයින් මා නිදහස්කරවන ලෙස ඉල්ලමි.
15. මක්නිසාද සැබවින් මම හෙබ්‍රෙව්වරුන්ගේ දේශයෙන් සොරකම් කරනු ලැබීමි. මෙහිදීත් මම ඇඳිරිගෙයි දමනු ලැබීමට කිසිවක් නොකෙළෙමියි කීය.
16. පූප සාදන්නන්ගේ නායකයා ඒ අර්ථ කීම යහපත් බව දැක යෝසෙප්ට කියනුයේ: මමත් හීනයක් දුටිමි, බලව, මාගේ හිස පිට සුදු රොටි පෙට්ටි තුනක් තිබුණේය.
17. ඉහළම පෙට්ටියේ ඵාරාවෝට සාදනලද සියලු ආකාර පූප තිබුණේය; පක්ෂීහු මාගේ හිස පිට තිබුණු පෙට්ටියෙන් ඒවා කෑවෝයයි කීවේය.
18. යෝසෙප් උත්තරදෙමින්: ඒකේ අර්ථය මෙසේය.
19. පෙට්ටි තුන නම් තුන් දවසක්ය; තව තුන් දවසක් ඇතුළතදී ඵාරාවෝ ඔබේ හිස ඔබ කෙරෙන් ඔසවා ඔබ ගසක එල්වන්නේය; පක්ෂීහු ඔබේ මාංස කඩා කන්නෝයයි කීය.
20. තවද තුන්වෙනි දිනවූ ඵාරාවෝ උපන් දවසේදී ඔහු තමාගේ සියලු මෙහෙකරුවන්ට මංගල්‍ය කෑමක් පිළියෙළකෙළේය. යෝසෙප් ඔවුන්ට තේරුම කියාදුන් ලෙස ඔහු කුසලාන දරන්නන්ගේ නායකයාගේ හිසද පූප සාදන්නන්ගේ නායකයාගේ හිසද තමාගේ සේවකයන් අතරෙහි එසවූයේය.
21. කුසලාන දරන්නන්ගේ නායකයා ඔහුගේ නිලයට නැවත පැමිණවිය; ඔහු ඵාරාවෝගේ අතට කුසලාන දුන්නේය.
22. එහෙත් ඔහු පූප සාදන්නන්ගේ නායකයා එල්ලා දැමීය.
23. එසේවී නුමුත් කුසලාන දරන්නන්ගේ නායකයා යෝසෙප් සිහිනොකොට ඔහු මතක නැතිකෙළේය.
About උත්පත්ති Chapter 40
Read උත්පත්ති Chapter 40 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: උත්පත්ති
Chapter: 40
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading උත්පත්ති Chapter 40 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is උත්පත්ති Chapter 40?
උත්පත්ති Chapter 40 is part of the Book of උත්පත්ති in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete උත්පත්ති Chapter 40 online for free with easy chapter navigation.
More Chapters from උත්පත්ති
- උත්පත්ති Chapter 2
- උත්පත්ති Chapter 19
- උත්පත්ති Chapter 39
- උත්පත්ති Chapter 1
- උත්පත්ති Chapter 49
- උත්පත්ති Chapter 34
- උත්පත්ති Chapter 30
Explore More from පැරණි ගිවිසුම
- යෙරෙමියා Chapter 15
- එසකියෙල් Chapter 1
- උත්පත්ති Chapter 8
- ගීතාවලිය Chapter 55
- එසකියෙල් Chapter 17
- ගීතාවලිය Chapter 127
- උත්පත්ති Chapter 9