Read උත්පත්ති Chapter 47 Online
Read උත්පත්ති Chapter 47 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.
Choose a Chapter
උත්පත්ති 47
පරිච්ඡේදය 47
1. එකල්හි යෝසෙප් ඇවිත්: මාගේ පියා සහ මාගේ සහෝදරයෝද ඔවුන්ගේ එළු බැටළු රැළවල් සහ ගව රැළවල්ද ඔවුන් සන්තක සියල්ලද සමඟ කානාන් දේශයෙන් ආවෝය; ඔව්හු ගෝෂෙන් දේශයෙහි සිටිතියි ඵාරාවෝට කීවේය.
2. ඔහු තමාගේ සහෝදරයන්ගෙන් පස් දෙනෙකු කැඳවාගෙන ඇවිත් ඵාරාවෝ ඉදිරියෙහි සිටෙවුවේය.
3. ඵාරාවෝ: ඔබ සැමගේ රක්ෂාව මොකදැයි ඔහුගේ සහෝදරයන්ගෙන් ඇසුවේය. ඔබගේ මෙහෙකරුවූ අපිත් අපේ පියවරුත් එඬේරුයයි ඔව්හු ඵාරාවෝට කීවෝය.
4. තවද ඔව්හු: කානාන් දේශයෙහි සාගතය බලවත් බැවින්, ඔබගේ මෙහෙකරුවන්ගේ සිව්පා රැළවලට ගොදුරු නැති නිසා, මේ දේශයෙහි පොරොත්තුවීමට ආවෙමුව; එබැවින් දැන් ඔබගේ මෙහෙකරුවන්ට ගෝෂෙන් දේශයෙහි වසන්ට අවසර ලැබේවයි ඵාරාවෝට කීවෝය.
5. ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: ඔබේ පියාණෝද සහෝදරයෝද ඔබ වෙතට ඇවිත් සිටිති.
6. මිසර දේශය ඔබ ඉදිරියෙහි තිබේ; ඔබේ පියා සහ සහෝදරයන් දේශයේ ඉතාම හොඳ පළාතෙහි වාසය කරවන්න; ගෝෂෙන් දේශයෙහි ඔව්හු වාසය කෙරෙත්වා. ඔවුන් අතරේ දක්ෂ පුරුෂයන් දන්නෙහිනම් ඔවුන් මාගේ සිව්පාවුන් කෙරෙහි ප්‍රධානීන් කොට පත්කරන්නැයි කීය.
7. යෝසෙප් තම පියවූ යාකොබ් ඇතුළට කැඳවාගෙනවිත් ඵාරාවෝ ඉදිරියෙහි සිටෙවුවේය. යාකොබ් ඵාරාවෝට ආශීර්වාදකෙළේය.
8. එවිට ඵාරාවෝ: ඔබේ ජීවිතයේ අවුරුදු ගණන කීයක්දැයි යාකොබ්ගෙන් ඇසීය.
9. යාකොබ්ද: මාගේ ප්‍රවාස කාලයේ අවුරුදු ගණන එකසිය තිහක්ය. මාගේ ජීවිතයේ අවුරුදු ගණන ස්වල්පව දුක්ඛිතව තිබුණේය, ඒවා මාගේ පියවරුන්ගේ ජීවිතවල ඔවුන්ගේ ප්‍රවාස කාලයේ අවුරුදු ගණනට නොපැමුණුණේයයි ඵාරාවෝට කීයේය.
10. තවද යාකොබ් ඵාරාවෝට ආශීර්වාදකොට ඵාරාවෝ ඉදිරියෙන් පිටතට ගියේය.
11. යෝසෙප් ඵාරාවෝ අණකළ ලෙස තමාගේ පියා සහ සහෝදරයන් පදිංචිකරවමින් මිසර දේශයේ ඉතා හොඳ පළාතවූ රමෙසෙස් නම් ප්‍රදේශයෙහි ඔවුන්ට උරුමයක් දුන්නේය.
12. යෝසෙප් තමාගේ පියාට සහ සහෝදරයන්ටද පියාගේ ගෙයි වැසි සියල්ලන්ටද ඔවුන්ගේ පවුල්වල ප්‍රකාරයට ආහාර දී ඔවුන් රක්ෂාකළේය.
13. දේශයෙහි කොතැනකවත් ආහාර නොතිබුණේය; මක්නිසාද සාගතය ඉතා බලවත් වූයේය, මිසර දේශයද කානාන් දේශයද සාගතය නිසා පිරිහී ගියාහ.
14. යෝසෙප් මිනිසුන් මිලේට ගත් ධාන්‍යවල මිලවූ මිසර දේශයෙහිද කානාන් දේශයෙහිද තිබුණ මුදල් සියල්ල එකතුකොට ඒ මුදල් ඵාරාවෝගේ ගෙට ගෙනායේය.
15. මිසර දේශයෙහිද කානාන් දේශයෙහිද මුදල් සියල්ල වියදම්වූ කල්හි, සියලු මිසරවරු යෝසෙප් වෙතට අවුත්: අපට ආහාර දුනමැනවි. අපි ඔබ ඉදිරියෙහි කුමක් හෙයින් නසිමුද? මක්නිසාද අපේ මුදල් ඉවරයයි කීවෝය.
16. යෝසෙප්ද: ඔබ සැමගේ සිව්පාවුන් දෙන්න; මුදල් ඉවරනම් සිව්පාවුන් හිලව්වට ආහාර දෙන්නෙමියි කීය.
17. ඔව්හු තමන්ගේ සිව්පාවුන් යෝසෙප් වෙතට ගෙනාවෝය. එවිට යෝසෙප් අශ්වයන්ද එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද කොටළුවන්ද හිලව්වට ඔවුන්ට ආහාර දුන්නේය. ඔහු ඒ අවුරුද්දේ ඔවුන්ගේ සියලු සිව්පාවුන් හිලව්වට ආහාරයෙන් ඔවුන් රක්ෂාකෙළේය.
18. ඒ අවුරුද්ද කෙළවරවූ කල්හි ඔව්හු දෙවෙනි අවුරුද්දේදී ඔහු වෙතට අවුත්: අපේ මුදල් සියල්ල ඉවරවූ බව අපේ ස්වාමීන් කෙරෙන් නොසඟවමුව; සිව්පා රැළවල් අපේ ස්වාමීන්ගේය; අපේ ස්වාමීන් ඉදිරියෙහි අපේ ශරීර සහ අපේ ගම් බිම් හැර අන් කිසිවක් ඉතුරුව නැත්තේය.
19. අප සහ අපේ ගම්බිම් කුමක් නිසා ඔබගේ ඇස් ඉදිරියෙහි නාස්තිවී යන්නේද? අපද අපේ ගම්බිම්ද ගෙන ආහාර දුන මැනවි; අපේ ගම්බිම් ඇතුළුව අපි ඵාරාවෝට දාසයෝ වන්නෙමු. අප නොනැසී ජීවත්වන පිණිසද භූමිය පාළු නොවන පිණිසද අපට බීජ දුනමැනවයි කීවෝය.
20. මෙසේ යෝසෙප් මුළු මිසර දේශය ඵාරාවෝට ගත්තේය; මක්නිසාද සියලු මිසරවරුන් කෙරෙහි සාගතය බලවත්වූ බැවින් ඔව්හු තම තමන්ගේ කෙත් වික්කෝය. දේශයද ඵාරාවෝට හිමිවිය.
21. ඔහු මිසරයේ එක් සීමා කෙළවරක පටන් අනික් සීමා කෙළවර දක්වා සෙනඟ නුවරවලට පැමිණෙවුවේය.
22. ඔහු නොගත්තේ පූජකයන්ගේ ගම්බිම් පමණකි. මක්නිසාද පූජකයන්ට ඵාරාවෝගෙන් කොටසක් ලැබුණේය, ඵාරාවෝ ඔවුන්ට දුන් කොටස ඔවුන් කෑ හෙයින් ඔව්හු තමන්ගේ ගම්බිම් නොවික්කෝය.
23. එකල යෝසෙප් සෙනඟට කථාකොට: බලව, අද ඔබ සැම සහ ඔබ සැමගේ ගම්බිම් ඵාරාවෝට ගතිමි. මෙන්න, මෙහි ඔබ සැමට බීජ තිබේ, වපුරන්න.
24. අස්වැන්න රැස්කරන කල පහෙන් කොටසක් ඵාරාවෝට දිය යුතුය, කෙතේ බීජ පිණිසත් ඔබ සැමගේ ද ඔබ සැමගේ ගෙයි වැසියන්ගේද ආහාර පිණිසත් ඔබ සැමගේ දරුවන්ගේ ආහාර පිණිසත් සතර කොටසක් ඔබ සැමට වන්නේයයි කීවේය.
25. ඔබ අපේ ජීවිත රක්ෂාකෙළෙහිය. අපේ ස්වාමීහුගේ ඇස් හමුවෙහි අපට කරුණාව ලැබේවා, අපි ඵාරාවෝගේ දාසයෝ වන්නෙමුයයි ඔව්හු කීවෝය.
26. පහෙන් කොටසක් ඵාරාවෝට විය යුතුය යන මිසරයේ බිම් ගැන අද දක්වා පවතින නියෝගයක් යෝසෙප් විසින් නියමකරනලද්දේය; පූජකයන්ගේ ගම්බිම් පමණක් ඵාරාවෝට අයිතිනොවීය.
27. ඉශ්‍රායෙල්වරු මිසර දේශයේ ගෝෂෙන් පළාතෙහි වාසයකළෝය; ඔව්හු එහි ගම්බිම් බලාගෙන සඵලව අතිශයෙන් බෝවූවෝය.
28. යාකොබ් මිසර දේශයෙහි දහහත් අවුරුද්දක් ජීවත්ව සිටියේය. මෙසේ යාකොබ්ගේ ජීවිතයේ අවුරුදු ගණන එකසිය සතළිස් සතක් විය.
29. ඉශ්‍රායෙල් නසින කාලය ආසන්නවූයේය. ඔහු තමාගේ පුත්‍රවූ යෝසෙප් කැඳවා ඔහුට කථාකොට: ඔබෙන් මට කරුණාව ඇත්තේවීනම් ඔබේ අත මාගේ කළවය යට තබා ගිවිස, මට කරුණාවෙන් සහ සැබෑකමෙන් ක්‍රියාකරන්න; මිසරයෙහි මා තැන්පත්නොකරන්න.
30. මාගේ පියවරුන් සමඟ මා සැතපුණු කල්හි මිසරයෙන් මා ගෙනගොස් ඔවුන්ගේ සොහොන්පළෙහි මා තැන්පත් කරන්නැයි කීවේය. ඔබ කී ලෙස මම කරන්නෙමියි ඔහු කීය.
31. එවිට ඔහු: මට දිවුරන්නැයි කීය. ඔහු දිවුළේය. ඉශ්‍රායෙල් ඇඳ ඉද්දර දෙසට හැරී නමස්කාරකෙළේය.
About උත්පත්ති Chapter 47
Read උත්පත්ති Chapter 47 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: උත්පත්ති
Chapter: 47
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading උත්පත්ති Chapter 47 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is උත්පත්ති Chapter 47?
උත්පත්ති Chapter 47 is part of the Book of උත්පත්ති in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete උත්පත්ති Chapter 47 online for free with easy chapter navigation.
More Chapters from උත්පත්ති
- උත්පත්ති Chapter 2
- උත්පත්ති Chapter 19
- උත්පත්ති Chapter 39
- උත්පත්ති Chapter 1
- උත්පත්ති Chapter 49
- උත්පත්ති Chapter 33
- උත්පත්ති Chapter 30
Explore More from පැරණි ගිවිසුම
- යෙසායා Chapter 37
- ගණන් කථාව Chapter 32
- ගණන් කථාව Chapter 2
- 2 ලේකම් Chapter 26
- ගීතාවලිය Chapter 131
- එස්රා Chapter 7
- ගීතාවලිය Chapter 97