උත්පත්ති Chapter 13

For English

Read උත්පත්ති Chapter 13 Online

Read උත්පත්ති Chapter 13 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.

Choose a Chapter

උත්පත්ති 13

පරිච්ඡේදය 13

1. ආබ්‍රම් තම භාර්යාව සහ තමා සන්තක සියල්ල රැගෙන ලොත්ද කැටුව මිසරයෙන් නික්ම දකුණු දෙසට ගියේය.

2. ආබ්‍රම් සිව්පාවුන්ගෙන්ද රන්රිදීයෙන්ද ඉතා පොහොසත්ව සිටියේය.

3. ඔහු දකුණු දිශාවේ සිට බෙතෙල් දක්වා ගමන්කරමින් බෙතෙල් සහ ආයි අතරෙහි පළමුවෙන් තමාගේ කූඩාරමද

4. තමා විසින් මුලදී සෑදූ පූජාසනයද තිබුණාවූ ස්ථානයට පැමුණුණේය. එහිදී ආබ්‍රම් ස්වාමීන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකෙළේය.

5. ආබ්‍රම් සමඟ ගියාවූ ලොත්ටද බැටළු රැළවල්ද ගවයෝද සිටියෝය, කූඩාරම්ද තිබුණේය.

6. ඔවුන්ට සම්පත් බොහෝ නිසා එක්ව විසීමට දේශය ඉඩ මදිවුණේය; එබැවින් එක්ව විසීම ඔවුන්ට නුපුළුවන්විය.

7. ආබ්‍රම්ගේ ගවයන්ගේ එඬේරුන් සහ ලොත්ගේ ගවයන්ගේ එඬේරුන් අතරේ ඩබරයක් විය. එකල්හි කානානිවරුද පෙරිස්සිවරුද දේශයෙහි වාසයකළෝය.

8. එවිට ආබ්‍රම් ලොත්ට කථාකොට: මා සහ ඔබ අතරෙහිද මාගේ එඬේරුන් සහ ඔබේ එඬේරුන් අතරෙහිද ඩබරයක් නොවේවා; මක්නිසාද අපි සහෝදරයෝය.

9. මුළු දේශය ඔබ ඉදිරියෙහි තිබෙනවා නොවේද? මා කෙරෙන් වෙන්ව යනලෙස ඔබෙන් ඉල්ලමි. ඔබ වම් දෙසට යන්නෙහි නම් මම දකුණු දෙසට යන්නෙමි; ඔබ දකුණු දෙසට යන්නේ නම් මම වම් දෙසට යන්නෙමියි කීවේය.

10. ලොත් ඇස් ඔසවා බලා යොර්දානේ මුළු සමභූමිය හැම තැනම ජල සම්පන්නව තිබෙන බව දුටුවේය. ස්වාමීන්වහන්සේ සොදොම සහ ගොමොරා විනාශකරන්ට පළමුවෙන් ඒක ශොවර් දෙසට ස්වාමීන්වහන්සේගේ උයන මෙන්ද මිසර දේශය මෙන්ද වූයේය.

11. එවිට ලොත් යොර්දානේ මුළු සමභූමිය තෝරාගෙන නැගෙනහිර දිසාවට ගමන්කෙළේය. මෙසේ ඔව්හු තම තමන් කෙරෙන් වෙන්වූවෝය.

12. ආබ්‍රම් කානාන් දේශයෙහි වාසය කෙළේය, ලොත් සමභූමියෙහි නුවරවල වාසය කරමින් තමාගේ කූඩාරම සොදොම දක්වා ගෙනගියේය.

13. සොදොමේ මනුෂ්‍යයෝ වනාහි දුෂ්ටව ස්වාමීන්වහන්සේට විරුද්ධව අතිශයින් පව්කාරව සිටියෝය.

14. ආබ්‍රම් කෙරෙන් ලොත් වෙන්වූ පසු ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට කථාකොට: ඔබේ ඇස් ඔසවා ඔබ සිටින ස්ථානයේ සිට උතුරද දකුණද නැගෙනහිරද බස්නාහිරද දෙස බලන්න.

15. මක්නිසාද ඔබ දක්නාවූ මුළු දේශය ඔබටද ඔබේ වංශයටද සදාකාලයටම දෙන්නෙමි.

16. ඔබේ වංශය පොළොවේ ධූලි මෙන් වැඩිකරන්නෙමි. එසේ හෙයින් මනුෂ්‍යයෙකුට පොළොවේ ධූලි ගණන්කරන්ට පුළුවන්නම් ඔබේ වංශයත් ගණන් කළ හැකි වන්නේය.

17. නැගිට දේශයෙහි දිගටත් හරහටත් යන්න; මක්නිසාද ඒක ඔබට දෙන්නෙමියි කීසේක.

18. ආබ්‍රම් තමාගේ කූඩාරම රැගෙන හෙබ්‍රොන්හි තිබෙන මම්රේගේ ආලොන් ගස් ළඟට ඇවිත් වාසයකොට එහි ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.

About උත්පත්ති Chapter 13

Read උත්පත්ති Chapter 13 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: උත්පත්ති
Chapter: 13
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading උත්පත්ති Chapter 13 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is උත්පත්ති Chapter 13?

උත්පත්ති Chapter 13 is part of the Book of උත්පත්ති in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete උත්පත්ති Chapter 13 online for free with easy chapter navigation.

More Chapters from උත්පත්ති

  1. උත්පත්ති Chapter 2
  2. උත්පත්ති Chapter 39
  3. උත්පත්ති Chapter 19
  4. උත්පත්ති Chapter 1
  5. උත්පත්ති Chapter 33
  6. උත්පත්ති Chapter 22
  7. උත්පත්ති Chapter 35

Explore More from පැරණි ගිවිසුම

  1. ගීතාවලිය Chapter 95
  2. උත්පත්ති Chapter 15
  3. ගීතාවලිය Chapter 131
  4. යෙරෙමියා Chapter 15
  5. උත්පත්ති Chapter 19
  6. විනිශ්චයකාරයන් Chapter 8
  7. යෙසායා Chapter 9

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 113
  2. දේශනාකාරයා Chapter 11
  3. ගණන් කථාව Chapter 27
  4. ද්වීතීය කථාව Chapter 3
  5. 2 රාජාවලිය Chapter 10
  6. හොෂෙයා Chapter 1
  7. ශු. මාර්ක් Chapter 16
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *