එසකියෙල් Chapter 4

For English

Read එසකියෙල් Chapter 4 Online

Read එසකියෙල් Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of එසකියෙල් and the Holy Bible online.

Choose a Chapter

එසකියෙල් 4

පරිච්ඡේදය 4

1. තවද මනුෂ්‍ය පුත්‍රය, පැතලි ගඩොළක් ගෙන ඒක නුඹ ඉදිරියෙහි තබාගන නුවරක්, එනම් යෙරුසලම, ඒකේ සිතියම් කරන්න.

2. ඊට විරුද්ධව වටලාගැනීමක් පිහිටුවා, ඊට විරුද්ධව බලකොටු ගොඩනගා, ඊට විරුද්ධව ගොඩැල්ලක් සාදා, ඊට විරුද්ධව අන්දායම් තබා, වටකරින් ඊට විරුද්ධව යුද්ධ යන්ත්‍ර තබන්න.

3. තවද යකඩ තැටියක් ගෙන යකඩ පවුරක් මෙන් කොට ඒක නුඹටත් නුවරටත් අතරේ තබා, ඒක වටලනු ලබන පිණිස ඊට විරුද්ධව නුඹේ මුහුණ පිහිටුවා, ඒක වටලාගන්න. මෙය ඉශ්‍රායෙල් වංශයට ලකුණක්ය.

4. තවද නුඹේ වම් අංශයට හාන්සිවී, ඉශ්‍රායෙල් වංශයේ අයුතුකම ඊ පිට තබාගන හිඳින්න. නුඹ ඊ පිට හාන්සිවී ඉන්න දවස් ගණන මුළුල්ලෙහි නුඹ ඔවුන්ගේ අයුතුකම දරන්නෙහිය.

5. මක්නිසාද මම ඔවුන්ගේ අයුතුකමේ අවුරුදු නුඹට දවස් ගණනක් කොට එනම් තුන්සිය අනූ දවසක් නියමකෙළෙමි. මෙලෙස නුඹ ඉශ්‍රායෙල් වංශයේ අයුතුකම දරන්නෙහිය.

6. නුඹ ඒවා ඉෂ්ටකළ පසු, නුඹේ දකුණු අංශයට නැවත හාන්සිවී, යූදා වංශයේ අයුතුකම සතළිස් දවසක් දරාගන හිඳින්න. අවුරුද්දකට දවසක් බැගින් නුඹට නියමකෙළෙමි.

7. නුඹේ මුහුණද යෙරුසලම වටලෑමට පිහිටුවාගන හිඳ, නුඹේ හස්තය නග්නකර, ඊට විරුද්ධව අනාගතවාක්‍ය කියන්න.

8. බලව, නුඹේ වටලෑමේ දවස් නුඹ තීන්දුකරන තුරු නුඹේ එක අංශයකින් අනික් අංශයට නොහැරෙන පිණිස මම නුඹ පිට බැඳුම් තබමි.

9. තවද නුඹ තිරිඟුද යවද මෑද කොල්ලුද කුරක්කන්ද තණහාල්ද රැගෙන එක භාජනයක තබා, එයින් රොටි සාදාගන්න; නුඹේ අංශයට නුඹ හාන්සිවෙන දවස් ගණන වන තුන්සිය අනූ දවසක් ඒවා කන්න.

10. නුඹ කන්නාවූ නුඹේ කෑමද දවසට බර ගණනින් ෂෙකෙල් විස්සක්ව තිබෙන්ට ඕනෑය. වරින් වර ඒවා කන්න.

11. වතුරත් දවසට නැළියෙන් සතරෙන් තුන් පංගුවක් මැන බොන්ට ඕනෑය. වරින් වර බොන්න.

12. යව රොටි වාගේ ඒ කෑම කන්න, මනුෂ්‍යයා පහරන අශූචිවලින් ඔවුන්ගේ ඇස් හමුයෙහි ඒවා පිසින්න.

13. මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන් ජාතීන් අතරට පන්නා දැමූ කල්හි ඔවුන් එසේ එහිදී තමුන්ගේ අපවිත්‍රවූ කෑම කනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කීසේක.

14. එවිට මම: අහෝ ස්වාමීවූ දෙවියන්වහන්ස! මාගේ ප්‍රාණය අපවිත්‍ර නොවීය. මාගේ බාල වයසේ පටන් දැන් දක්වාම කුණපවත් මෘගයන් විසින් ඉරාදැමූ සතෙක්වත් නොකෑවෙමි; පිළිකුල් මාංස මාගේ කටට ඇතුල් නොවීයයි කීමි.

15. එවිට උන්වහන්සේ: මෙන්න, මනුෂ්‍ය අශූචි වෙනුවට ගවයින්ගේ ගොම නුඹට නියමකෙළෙමි, ඒවායින් නුඹේ රොටි පිසින්නැයි මට කීසේක.

16. තවද උන්වහන්සේ මට කියනසේක්: මනුෂ්‍ය පුත්‍රය, ඔවුන්ට කෑමද වතුරද නැතුව ගොස්; එකිනෙකා සමඟ විස්මයට පත්ව, තමුන්ගේ අයුතුකම නිසා ක්ෂයවී යන පිණිස,

17. මම යෙරුසලමේ කෑම නමැති යෂ්ටියද නැතිකරන්නෙමි. මෙසේ ඔව්හු කෑම කිරා පිරිමසාගන කන්නෝය; කනස්සලු‍කමින් වතුර මැන බොන්නෝයයි කීසේක.

About එසකියෙල් Chapter 4

Read එසකියෙල් Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of එසකියෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: එසකියෙල්
Chapter: 4
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading එසකියෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading එසකියෙල් Chapter 4 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is එසකියෙල් Chapter 4?

එසකියෙල් Chapter 4 is part of the Book of එසකියෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete එසකියෙල් Chapter 4 online for free with easy chapter navigation.

More Chapters from එසකියෙල්

  1. එසකියෙල් Chapter 24
  2. එසකියෙල් Chapter 5
  3. එසකියෙල් Chapter 28
  4. එසකියෙල් Chapter 45
  5. එසකියෙල් Chapter 40
  6. එසකියෙල් Chapter 17
  7. එසකියෙල් Chapter 9

Explore More from පැරණි ගිවිසුම

  1. ගීතාවලිය Chapter 149
  2. උත්පත්ති Chapter 26
  3. එසකියෙල් Chapter 39
  4. නික්මයාම Chapter 37
  5. හිතෝපදේශ Chapter 19
  6. 2 සාමුවෙල් Chapter 8
  7. හිතෝපදේශ Chapter 21

Related Chapters & Readings

  1. හිතෝපදේශ Chapter 26
  2. ශෙපනියා Chapter 1
  3. ශු. මාර්ක් Chapter 12
  4. ගණන් කථාව Chapter 15
  5. විලාප ගී Chapter 5
  6. ගීතාවලිය Chapter 35
  7. ශු. මතෙව් Chapter 15
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *