1 සාමුවෙල් Chapter 20

For English

Read 1 සාමුවෙල් Chapter 20 Online

Read 1 සාමුවෙල් Chapter 20 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 සාමුවෙල් and the Holy Bible online.

Choose a Chapter

1 සාමුවෙල් 20

පරිච්ඡේදය 20

1. දාවිත් රාමායේ තිබෙන නායොත්හි සිට පලාගොස් යොනාතාන් ළඟට පැමිණ කථාකොට: ඔබේ පියාණන් මා මරන්ට සොයන්නේ මම කුමක් කෙළම්ද? මාගේ අපරාධය කිමෙක්ද? ඔහු ඉදිරියෙහි මා කළ පාපය මොකදැයි ඇසුවේය.

2. ඔහුද: එසේ නොවේවා; ඔබ නොනස්නෙහිය. බලව, මාගේ පියා මට නොදන්වා ලොකු හෝ සුළු හෝ කිසි දෙයක් නොකරන්නේය. මාගේ පියා මේ කාරණය මාගෙන් සඟවන්නේ මක්නිසාද? ඒක එසේ නොවේයයි කීවේය.

3. දාවිත්ද තවත් දිවුරමින්: ඔබ මට කරුණාව ඇති බව ඔබේ පියා හොඳාකාරයෙන් දන්නේය; ඉන්නිසා: යොනාතාන් කනගාටු නොවෙන පිණිස ඔහු මේක දැනනොගනීවයි ඔහු කියයි. නුමුත් ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම, ඔබේ ප්‍රාණයද ජීවත්වන සේම, සැබවින් මටත් මරණයටත් අතරේ ඇත්තේ එක අඩියක් පමණයයි කීවේය.

4. යොනාතාන්ද: ඔබ කැමති කොයි දෙයක් නුමුත් ඔබ නිසා කරන්නෙමියි කීය.

5. දාවිත් යොනාතාන්ට කථාකොට: හෙට අමාවක බැවින් මා නොවරදවාම රජ්ජුරුවන් සමඟ කෑමට ඉඳගත යුතුය. නුමුත් තුන්වෙනිදා සවස වෙනතුරු මා කෙතේ සැඟවී සිටින පිණිස මට යන්ට ඉඩ අරින්න.

6. ඉදින් මා කොතනද කියා ඔබේ පියා ඇසුවොත්: ස්වකීය නුවරවූ බෙත්-ලෙහෙම්හි මුළු පවුල උදෙසා අවුරුදු පතා පූජාවක් ඔප්පුකරන බැවින් එහි ගොහින් එන්ට ඔහු උදක්ම මාගෙන් අවසර ඉල්ලා සිටියේයයි කියන්න.

7. ඉදින් ඔහු: හොඳයයි කීවොත්, ඔබේ මෙහෙකරුවාවූ මට සමාදානය ලැබෙයි. ඔහු කිපුණොත්, ඔහු විසින් මට නපුරක් නියමකරගන තිබෙන බව දැනගන්න.

8. එවිට ඔබේ මෙහෙකරුවාවූ මට ඔබ කරුණාව පෙන්වන්ට ඕනෑය; මක්නිසාද ඔබේ මෙහෙකරුවා සමඟ ඔබ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තෙහිය. නුමුත් මා කෙරෙහි වරදක් ඇත්නම් ඔබම මා මරන්න; ඔබේ පියාණන් වෙතට මා ගෙනයන්නේ මක්නිසාදැයි කීවේය.

9. යොනාතාන්ද: ඔබට එසේ නොවේවා. ඔබ පිටට නපුරක් පමුණුවන්ට මාගේ පියා නියමකරගන සිටින බව මම ඇත්තටම දැනගතිම්නම් මා ඒක ඔබට දන්වන්නේ නැද්දැයි කීවේය.

10. එවිට දාවිත්: ඔබේ පියාණන් ඔබට තදලෙස උත්තර දුන්නොත් මට දන්වන්නේ කවුදැයි යොනාතාන්ගෙන් ඇසුවේය.

11. යොනාතාන්ද: එන්න, කෙතට යමුයයි දාවිත්ට කීය. ඔවුන් දෙදෙනා කෙතට ගියෝය.

12. යොනාතාන් දාවිත්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සාක්ෂි වන සේක්වා; හෙටවත් අනිද්දාවත් මේ වේලාවට පමණ මා විසින් මාගේ පියාගේ අදහස සොයාබැලුවාම දාවිත්ට හොඳක් වෙන්ට තිබේනම් ඔබට දන්වන පිණිස මා ඔබට පණිවිඩ එවන්නේ නැද්ද?

13. මාගේ පියා ඔබට නපුරක් කරන්ට කැමැත්තේ නම්, ඔබ සමාදානයෙන් යන පිණිස මා ඒක ඔබට දන්වා ඔබ පිටත්කර නොහැරියොත්, ස්වාමීන්වහන්සේ යොනාතාන්ට එසේමත් ඊට වැඩියෙනුත් කරන සේක්වා. ස්වාමීන්වහන්සේ මාගේ පියාණන් සමඟ සිටියාක් මෙන් ඔබ සමඟත් සිටිනසේක්වා.

14. ඇරත් මා නොනස්නා ලෙස ඔබ ස්වාමීන්වහන්සේගේ කරුණාව මා ජීවත්ව සිටින තුරුම මට පෙන්වනවා පමණක් නොව,

15. මාගේ වංශයෙන් ද ඔබේ කරුණාව කවදාවත් පහනොකරන්න. එසේය, ස්වාමීන්වහන්සේ දාවිත්ගේ සතුරන් එකිනෙකා භූමිය මතුපිටින් සිඳදැමූ කල්හිත් එසේ නොකරන්නැයි කීවේය.

16. මෙසේ යොනාතාන් දාවිත්ගේ වංශය සමඟ ගිවිසුමක් කොට: ස්වාමීන්වහන්සේ දාවිත්ගේ සතුරන් අතින් ඒක අය කරන සේක්වයි කීවේය.

17. යොනාතාන් දාවිත් කෙරෙහි පැවති ආදරය නිසා නැවත ඔහු දිවුරෙවුවේය. මක්නිසාද ඔහු තමාගේ ප්‍රාණයටමෙන් ඔහුට ආදරේවුණේය.

18. එවිට යොනාතාන් ඔහුට කථාකොට: හෙට අමාවකය, ඔබේ ආසනය සිස්වන බැවින් ඔබ එහි නැති බව පෙනෙන්නේය.

19. ඔබ තුන් දවසක් නැවතී සිට ඉක්මනින් බැස ඇවිත්, මේ කාරණාව කෙරෙද්දී ඔබ සැඟවී සිටි තැනට පැමිණ, එසෙල් ගල ළඟ සිටින්න.

20. එවිට මම ඉලක්කයකට විදින්නාක්මෙන් එහි පැත්තකට ඊගස් තුනක් විද,

21. ඊගස් සොයාගන එන්ට ළමයා හරින්නෙමි. ඊගස් ඔබට මෙහායින්ය, ඒවා ගෙනෙන්නැයි මම ළමයාට කියම්නම් ඔබ එන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔබට සමාදානය මිස වෙන කිසිවක් නැත්තේය.

22. නුමුත් මම ළමයාට: ඊගස් ඔබට එහායින්ය කියම් නම්, ඔබ යන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබ යන්ට අරිනසේක.

23. තවද ඔබත් මාත් කථාකළ කාරණය ගැන වනාහි ස්වාමීන්වහන්සේ සෑමකල්හිම ඔබත් මාත් අතරේ වනසේකැයි කීවේය.

24. ඒ හැටියට දාවිත් කෙතේ සැඟවුණේය. අමාවක පැමිණි විට රජ්ජුරුවෝ කෑම කන්ට හිඳගත්තාහ.

25. වෙනදා මෙන් රජ්ජුරුවෝ බිත්තිය ළඟ තමාගේ ආසනයෙහි හිඳගත්තාහ; යොනාතාන් නැගිට සිටියේය, අබ්නේර්ද සාවුල්ගේ පැත්තක හිඳගත්තේය. නුමුත් දාවිත්ගේ ඉඩම හිස්ව තිබුණේය.

26. එහෙත් සාවුල් ඒ දවසේ කිසිවක් කීවේ නැත. මක්නිසාද: ඔහුට මොකක් නුමුත් වෙලාය, ඔහු පවිත්‍ර නැත; ඇත්තටම පවිත්‍ර නැතැයි ඔහු කල්පනා කෙළේය.

27. අමාවකට පසුවදා වන දෙවෙනි දිනත් දාවිත්ගේ ඉඩම හිස්ව තිබුණේය. සාවුල් තමාගේ පුත්‍රවූ යොනාතාන්ට කථාකොට: යෙස්සේගේ පුත්‍රයා ඊයෙත් අදත් කෑමට නාවේ මක්නිසාදැයි කීවේය.

28. යොනාතාන් සාවුල්ට උත්තරදෙමින්: දාවිත් බෙත්-ලෙහෙමට යන පිණිස ඕනෑකමින් මාගෙන් ඉල්ලා-

29. මට යන්ට අවසර දුන මැනවි; මක්නිසාද ඒ නුවර අපේ පවුලේ පූජාවක් ඇත්තේය; මාගේ සහෝදරයාද එහි එන්ට මට අණ කෙළේය. එබැවින් ඔබේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබී තිබේනම් මාගේ සහෝදරයන් දකින පිණිස යන්ට මට අවසර ලැබේවයි කියා සිටියේය. ඔහු රජ්ජුරුවන්ගේ මේසයට නාවේ ඒ නිසා යයි කීවේය.

30. එවිට සාවුල්ගේ කෝපය යොනාතාන්ට විරුද්ධව ඇවිළ, ඔහු කථාකොට: හිතුවක්කාර කැරළිකාර ස්ත්‍රියකුගේ පුත්‍රය, ඔබට ලජ්ජාවත් ඔබේ මෑණියන්ට ලජ්ජාවත් හා අගෞරවයත් පැමිණෙන ලෙස ඔබ යෙස්සේගේ පුත්‍රයා කෙරෙහි ඇලුම්ව සිටින බව මම නොදනිම්ද?

31. මක්නිසාද යෙස්සේගේ පුත්‍රයා භූමිය මතුපිට ජීවත්ව සිටින තුරුම ඔබවත් ඔබේ රජකමවත් ස්ථිරවෙන්නේ නැත. එබැවින් දැන් මිනිසුන් යවා ඔහු මා ළඟට ගෙන්වන්න, සැබවින් ඔහු මරනු ලබන්නේයයි කීය.

32. යොනාතාන් තමාගේ පියවූ සාවුල්ට උත්තරදෙමින්: ඔහු මරන්ට ඕනෑ මක්නිසාද? ඔහු කෙළේ මොකදැයි කීවේය.

33. එවිට සාවුල් ඔහුට අනින පිණිස ඔහු දෙසට හෙල්ලය වීසිකෙළේය. දාවිත් මරන්ට තමාගේ පියා නියමකරගන සිටින බව එයින් යොනාතාන් දැනගත්තේය.

34. යොනාතාන් තද කෝපයෙන් මේසයෙන් නැගිටගොස් මාසයේ දෙවෙනිදා කෑම නොකා සිටියේය. මක්නිසාද තමාගේ පියා දාවිත්ට අගෞරවකළ බැවින් ඔහු දාවිත් ගැන ශෝකවුණේය.

35. පසුවදා උදය යොනාතාන් දාවිත් සමඟ නියම කරගත් වේලාවේදී කුඩා ළමයෙකු සමඟ කෙතට ගියේය.

36. ඔහු ළමයාට කථාකොට: ඔබ දුවගොස්, මා විසින් විදින ඊගස් සොයාගන එන්නැයි කියා, ළමයා දුවද්දී ඔහුට එහායින් යන්ට ඊගහක් විද්දේය.

37. යොනාතාන් විද්ද ඊගහ තිබෙන තැනට ළමයා පැමුණුණු කල යොනාතාන් ළමයාට මොරගසා: ඊගස ඔබට එහායින් තිබෙනවා නොවේදැයි කීවේය.

38. යොනාතාන් ළමයාට මොරගසා: කඩිසරවී ඉක්මන් වෙන්න, ප්‍රමාදවෙන්ට එපායයි කීය. යොනාතාන්ගේ ළමයාද ඊගස් එකතුකරගන තමාගේ ස්වාමියා ළඟට ආවේය.

39. නුමුත් ළමයා කිසිවක් දැනනොගත්තේය. යොනාතාන් සහ දාවිත් පමණක් ඒ කාරණය දැනගන සිටියෝය.

40. යොනාතාන් තමාගේ ආයුධ ළමයාට දී: මේවා නුවරට අරගන යන්නැයි ඔහුට කීවේය.

41. ළමයා ගියපසු දාවිත් දකුණු පැත්තෙන් නැගිට ඇවිත් මුහුණින් බිමවැටී තුන් විටක් වැන්දේය. ඔව්හු එකිනෙකා සිඹගන දෙදෙනා එක්ව ඇඬුවෝය. දාවිත් වඩාම ඇඬුවේය.

42. යොනාතාන් දාවිත්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මා සහ ඔබ අතරේද මාගේ වංශය සහ ඔබේ වංශය අතරේද සෑම කල්හිම වනසේක්වයි කියා අප දෙදෙනා ස්වාමීන්වහන්සේගේ නාමයෙන් දිවුරා තිබේ, ඒ නිසා සමාදානයෙන් යන්නැයි කීවේය. එවිට ඔහු නැගිට පිටත්ව ගියේය. යොනාතාන් නුවරට ගියේය.

About 1 සාමුවෙල් Chapter 20

Read 1 සාමුවෙල් Chapter 20 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 සාමුවෙල්
Chapter: 20
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 සාමුවෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 සාමුවෙල් Chapter 20 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 සාමුවෙල් Chapter 20?

1 සාමුවෙල් Chapter 20 is part of the Book of 1 සාමුවෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 සාමුවෙල් Chapter 20 online for free with easy chapter navigation.

More Chapters from 1-සාමුවෙල්

  1. 1 සාමුවෙල් Chapter 11
  2. 1 සාමුවෙල් Chapter 24
  3. 1 සාමුවෙල් Chapter 7
  4. 1 සාමුවෙල් Chapter 22
  5. 1 සාමුවෙල් Chapter 21
  6. 1 සාමුවෙල් Chapter 30
  7. 1 සාමුවෙල් Chapter 25

Explore More from පැරණි ගිවිසුම

  1. 2 ලේකම් Chapter 31
  2. යෙරෙමියා Chapter 37
  3. 2 රාජාවලිය Chapter 19
  4. සෙකරියා Chapter 10
  5. නෙහෙමියා Chapter 9
  6. ආමොස් Chapter 2
  7. යෙරෙමියා Chapter 18

Related Chapters & Readings

  1. එස්රා Chapter 9
  2. ශු. ලූක් Chapter 23
  3. 1 රාජාවලිය Chapter 19
  4. ගීතාවලිය Chapter 71
  5. 2 රාජාවලිය Chapter 12
  6. යෝෂුවා Chapter 12
  7. එස්තර් Chapter 3
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *