Read කොලොස්සි Chapter 4 Online
Read කොලොස්සි Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of කොලොස්සි in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of කොලොස්සි and the Holy Bible online.
Choose a Chapter
කොලොස්සි 4
පරිච්ඡේදය 4
1. ස්වාමිවරුනි, ස්වර්ගයෙහි නුඹලාටත් ස්වාමි කෙනෙක් සිටින බව දැන, නුඹලාගේ දාසයන්ට ධර්මිෂ්ඨවූ සාධාරණවූ දේ දෙන්න.
2. ස්තුතිදීමෙන් යුක්තව යාච්ඤාවෙහි අවදිව සිට, නොකඩව එහි පැවතෙන්න;
3. තවද මා විසින් කථාකළයුතුව තිබෙන අන්දමට ක්‍රිස්තුස්වහන්සේගේ රහස එළිදරව්කරන පිණිස,
4. එය කියාදීමට දෙවියන්වහන්සේ අපට වචනයේ දොරක් අරින ලෙස අප උදෙසාත් යාච්ඤාකරන්න. ඒ රහස නිසා මම බැඳුම් ලැබ සිටි.
5. නුඹලා ප්‍රස්තාව අල්ලාගනිමින්, පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියාකරන්න.
6. නුඹලා එකිනෙකාට උත්තරදිය යුතු කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා.
7. ස්වාමීන්වහන්සේ තුළ ප්‍රේමවන්ත සහෝදරයාද විශ්වාස සේවකයාද හවුල් දාසයාද වූ තුඛීකස් මාගේ සියලු කාරණා නුඹලාට දන්වනවා ඇත.
8. ඒ පිණිසම එනම් නුඹලා අපේ කාරණා දැනගන්න පිණිසත්, ඔහු නුඹලාගේ සිත් සනසන පිණිසත්,
9. නුඹලාගෙන් එක්කෙනෙක් වන විශ්වාස ප්‍රේමවන්ත සහෝදරයාවූ ඔනේසිමස් සමඟ ඔහු නුඹලා ළඟට එවමි. මෙහි සියලු කාරණා ඔවුන් නුඹලාට දන්වනවා ඇත.
10. මාගේ හවුල් හිරකාරයාවූ අරිස්තාර්කස්ද බාර්ණබස්ගේ ඥාති සහෝදරයෙක්වූ මාර්ක්ද යුස්තස් කියන යේසුස්ද නුඹලාට ආචාරකරති. මාර්ක් ගැන නුඹලා අණ ලැබුවහුය. ඔහු නුඹලා වෙතට ආවොත් පිළිගන්න.
11. චර්මඡේදිතයන්ගෙන් මොව්හු පමණක් මට සැනසිල්ලක් වූවෝය, මොව්හු දෙවියන්වහන්සේගේ රාජ්‍යය උදෙසා මාගේ හවුල් සේවකයෝවද සිටිති.
12. නුඹලාගෙන් එක්කෙනෙක්වූ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසෙයක්වූ එපප්‍රස් නුඹලාට ආචාරකරන්නේය; නුඹලා දෙවියන්වහන්සේගේ මුළු කැමැත්තෙහි සම්පූර්ණව නිසැකව සිටින පිණිස ඔහු යාච්ඤාවලින් නුඹලා ගැන නිතරම වීර්යකරන්නේය.
13. මක්නිසාද නුඹලා උදෙසාත් ලවොදිකයෙහිද හියරපොලිසෙහිද සිටින්නන් උදෙසාත් ඔහු බොහෝ වෙහෙසෙන බවට මම සාක්ෂිදරමි.
14. ලූක් නම් ප්‍රේමවන්ත වෛද්‍යාචාරි තැනද දේමස්ද නුඹලාට ආචාරකරති.
15. ලවොදිකයෙහි සිටින සහෝදරයන්ටත් නිම්පස්ටත් ඔවුන්ගේ ගෙදර තිබෙන සභාවටත් ආචාරකරන්න.
16. මේ ලියුම නුඹලා අතරෙහි කියෙවු පසු, මේක ලවොදිකයන්ගේ සභාවෙහිද කියවනු ලබන්ට සලස්වන්න; ලවොදිකයෙන් ලැබෙන ලියුම නුඹලාත් කියවන්ට බලාගන්න.
17. ස්වාමීන්වහන්සේ තුළ නුඹ ලැබූ සේවය සම්පූර්ණකරන පිණිස ඒ ගැන බලාගන්නැයි අර්කිපස්ට කියන්න.
18. පාවුල් නම්වූ මාගේම අතින් ලියන ආචාරයය. මාගේ බැඳුම් සිහිකරන්න. අනුග්‍රහය නුඹලා සමඟ වේවා.
About කොලොස්සි Chapter 4
Read කොලොස්සි Chapter 4 online from the Holy Bible. This chapter is part of the Book of කොලොස්සි in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: කොලොස්සි
Chapter: 4
Testament: New Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading කොලොස්සි. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading කොලොස්සි Chapter 4 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is කොලොස්සි Chapter 4?
කොලොස්සි Chapter 4 is part of the Book of කොලොස්සි in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete කොලොස්සි Chapter 4 online for free with easy chapter navigation.
More Chapters from කොලොස්සි
Explore More from නව ගිවිසුම
- ශු. යොහන් Chapter 15
- ශු. මාර්ක් Chapter 10
- 1 තෙසලෝනික Chapter 5
- ක්රිරයා Chapter 17
- පිලිප්පි Chapter 1
- ශු. යොහන් Chapter 14
- ක්රිරයා Chapter 6