Read යෙරෙමියා Chapter 28 Online
Read යෙරෙමියා Chapter 28 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙරෙමියා and the Holy Bible online.
Choose a Chapter
යෙරෙමියා 28
පරිච්ඡේදය 28
1. තවද යූදාහි රජවූ ශෙදෙකියාගේ රජකම්කිරීමේ පටන්ගැන්මෙහි එම අවුරුද්ද වන සතරවෙනි අවුරුද්දේ පස්වෙනි මාසයේදී අස්සූර්ගේ පුත්‍රවූ, ගිබියොන්හි පදිංචි ප්‍රොපේතවූ හනනියා ස්වාමීන්වහන්සේගේ ගෘහයේදී පූජකයන් සහ මුළු සෙනඟ ඉදිරියෙහි මට කථාකොට:
2. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මම බබිලෝනියේ රජුගේ වියගහ බින්දෙමි.
3. බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් මේ ස්ථානයෙන් රැගෙන බබිලෝනියට ගෙනගිය ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සියලුම භාණ්ඩ මම සම්පූර්ණ අවුරුදු දෙකක් ඇතුළතදී නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි.
4. යෙහෝයාකීම්ගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙකොනියාද, අසුවී බබිලෝනියට ගෙනයනු ලැබුවාවූ සියලුම යූදාවරුන්ද මම නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි. මක්නිසාද බබිලෝනියේ රජුගේ වියගහ බිඳින්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
5. එවිට අනාගතවක්තෘවූ යෙරෙමියා පූජකයන් ඉදිරියෙහිත් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සිටි මුළු සෙනඟ ඉදිරියෙහිත් ප්‍රොපේතවූ හනනියාට කථාකොට:
6. ආමෙන්, ස්වාමීන්වහන්සේ එසේ කරන සේක්වා. ස්වාමීන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩද අල්ලාගෙනගිය සියල්ලන්ද නැවත බබිලෝනියෙන් මේ ස්ථානයට ගෙනෙන ලෙස නුඹ අනාගතවාක්‍යයෙන් කී වචන ස්වාමීන්වහන්සේ ඉෂ්ටකරනසේක්වා.
7. එසේ වුවත් නුඹ ඉදිරියෙහිත් මුළු සෙනඟ ඉදිරියෙහිත් මා කියන මේ වචනය අසන්න.
8. මටත් නුඹටත් පළමුවෙන් පුරාණයේ පටන් සිටි අනාගතවක්තෘවරුත් බොහෝ රටවලට සහ මහත් රාජ්‍යවලට විරුද්ධව යුද්ධයද විපත්තියද වසංගතයද ගැන අනාගතවාක්‍ය කීවෝය.
9. සමාදානය ගැන අනාගතවාක්‍ය කියන අනාගතවක්තෘ කෙනෙක් ඇද්ද, ඒ අනාගතවක්තෘගේ වචනය ඉෂ්ටවුණාම ඔහු සැබවින් ස්වාමීන්වහන්සේ විසින් එවූ අනාගතවක්තෘකෙනෙකු බව පෙනීයන්නේයයි අනාගතවක්තෘවූ යෙරෙමියා කීවේය.
10. එවිට ප්‍රොපේතවූ හනනියා අනාගතවක්තෘවූ යෙරෙමියාගේ බෙල්ලෙන් වියගහ හැරගෙන බින්දේය.
11. හනනියාද මුළු සෙනඟ ඉදිරියෙහි කථාකොට: සම්පූර්ණ අවුරුදු දෙකක් ඇතුළතදී බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ගේ වියගහ සියලු ජාතීන්ගේ බෙල්ලෙන් මෙසේ බිඳදමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය. අනාගතවක්තෘවූ යෙරෙමියාද යන්ට ගියේය.
12. තවද ප්‍රොපේතවූ හනනියා අනාගතවක්තෘවූ යෙරෙමියාගේ බෙල්ලෙන් වියගහ බිඳදැමූ පසු ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ:
13. නුඹ ගොස් හනනියාට කථාකොට- ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ බිඳදැමුවේ ලී වියගස්ය; නුමුත් ඒවා වෙනුවට නුඹ යකඩ වියගස් සාදන්නෙහිය.
14. මක්නිසාද ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර්ට සේවයකරන පිණිස මම යකඩ වියගහක් මේ සියලු ජාතීන්ගේ බෙල්ලේ තැබුවෙමි; ඔවුන් ඔහුට සේවයකරනවා ඇත. මම වනයේ මෘගයන්ද ඔහුට දුනිමියි කියන්නැයි කීසේක.
15. එවිට අනාගතවක්තෘවූ යෙරෙමියා ප්‍රොපේතවූ හනනියාට කථාකොට: හනනියා, අසන්න; ස්වාමීන්වහන්සේ නුඹ නොඑවූසේක; නුඹ මිථ්‍යාවක් කෙරෙහි විශ්වාසය තබන්ට මේ සෙනඟට සලස්වන්නෙහිය.
16. එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම නුඹ පොළොව මතුපිටින් පහකරන්නෙමි. නුඹ ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාර වචන කථාකළ නිසා නුඹ මේ අවුරුද්දේ මැරෙන්නෙහියයි කීවේය.
17. එසේම ප්‍රොපේතවූ හනනියා එම අවුරුද්දේ සත්වෙනි මාසයේදී මළේය.
About යෙරෙමියා Chapter 28
Read යෙරෙමියා Chapter 28 online from the Holy Bible. This chapter is part of the Book of යෙරෙමියා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: යෙරෙමියා
Chapter: 28
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading යෙරෙමියා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading යෙරෙමියා Chapter 28 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is යෙරෙමියා Chapter 28?
යෙරෙමියා Chapter 28 is part of the Book of යෙරෙමියා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete යෙරෙමියා Chapter 28 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 6
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 21
- නික්මයාම Chapter 10
Explore More from යෙරෙමියා
- යෙරෙමියා Chapter 26
- යෙරෙමියා Chapter 42
- යෙරෙමියා Chapter 32
- යෙරෙමියා Chapter 43
- යෙරෙමියා Chapter 19
- යෙරෙමියා Chapter 38
- යෙරෙමියා Chapter 23