2 සාමුවෙල් Chapter 15

For English

Read 2 සාමුවෙල් Chapter 15 Online

Read 2 සාමුවෙල් Chapter 15 online from the Holy Bible. This chapter is part of the Book of 2 සාමුවෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 සාමුවෙල් and the Holy Bible online.

Choose a Chapter

2 සාමුවෙල් 15

පරිච්ඡේදය 15

1. ඉන්පසු අබ්සලොම් රථයක්ද අශ්වයන්ද තමාට පෙරටුවෙන් දුවන්ට මනුෂ්‍යයන් පනස් දෙනෙක්ද පිළියෙළ කරගත්තේය.

2. තවද අබ්සලොම් අලුයම නැගිට දොරටුවට යන මාර්ගයේ අයිනේ සිට, විනිශ්චය පිණිස රජු වෙතට පැමිණීමට නඩුවක් ඇති එකිනෙකාට අඬගසා: ඔබ මොන නුවරට අයිතිදැයි ඇසීය. ඔහුද: ඔබගේ මෙහෙකරුවා ඉශ්‍රායෙල් ගෝත්‍රයකට අයිතියයි කීවේය.

3. අබ්සලොම්: ඔන්න ඔබේ කාරණා හොඳය, හරිය; නුමුත් ඔබේ කාරණා අසන පිණිස රජු විසින් පත්කරනලද කෙනෙක් නැතැයි ඔහුට කීවේය.

4. ඇරත් අබ්සලොම් කථාකොට: දේශයේ විනිශ්චයකාරයා කොට මා පත්කළොත් යහපත! එවිට නඩුවක් හෝ පැමිණිල්ලක් ඇති කවුරු නුමුත් මා වෙතට ආ කල්හි මම ඔහුට යුක්තිය කරන්නෙමියි කීවේය.

5. යමෙක් ඔහුට වඳින්ට ළංවූ කල ඔහු තමාගේ අත දිඟුකොට ඔහු අල්වා සිඹගත්තේය.

6. විනිශ්චය පිණිස රජු ළඟට ආ සියලු ඉශ්‍රායෙල්වරුන්ට අබ්සලොම් මෙයාකාර කොට, හොරෙන් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ සිත් දිනා ගත්තේය.

7. තවද සතර. අවුරුද්දකට පසු අබ්සලොම් රජුට කථාකොට: ස්වාමීන්වහන්සේට වුණාවූ මාගේ බාරය හෙබ්‍රොන්හිදී ඉෂ්ටකරන පිණිස යන්ට මට අවසර ලැබේවා.

8. මක්නිසාද ඔබගේ මෙහෙකරුවා සිරියේ ගෙෂූර්හි සිටියදී: ස්වාමීන්වහන්සේ සැබවින් මා නැවත යෙරුසලමට පමුණුවන්ට යෙදුණොත් මම ස්වාමීන්වහන්සේට සේවයකරන්නෙමියි කියා බාරයක් වුණේයයි කීවේය.

9. සමාදානයෙන් යන්නැයි රජ ඔහුට කීවේය. ඔහු නැගිට හෙබ්‍රොන්ට ගියේය.

10. නුමුත් අබ්සලොම් ඉශ්‍රායෙල් ගෝත්‍ර සියල්ල අතරෙහි ඔත්තුකාරයන් යවා: ඔබ සැමට හොරණෑ ශබ්දය ඇසුණු කෙණෙහිම-අබ්සලොම් හෙබ්‍රොන්හි රජවී සිටීයයි කියන්නැයි කියන්ට කීවේය.

11. තවද කැඳවනලද මනුෂ්‍යයන් දෙසියයක් අබ්සලොම් සමඟ යෙරුසලමෙන් ගියෝය; ඔව්හු කිසිවක් නොදැන තමුන්ගේ අවංකකමින් ගියෝය.

12. අබ්සලොම් පූජා ඔප්පුකරන අතර දාවිත්ගේ මන්ත්‍රියෙක්වූ ගීලොනිය අහිතොපෙල් ඔහුගේ නුවරවූ ගීලොයෙන් ගෙන්වාගත්තේය. මෙසේ කුමන්ත්‍රණය බලවත් වී සෙනඟ වඩ වඩා අබ්සලොම්ට එකතුවුණෝය.

13. පණිවිඩකාරයෙක් දාවිත් කරා ඇවිත්: ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ සිත් අබ්සලොම් දෙසට හැරීගියේයයි කීවේය.

14. එවිට දාවිත් යෙරුසලමේ තමා සමඟ සිටි තමාගේ සියලු සේවකයන්ට කථාකොට: අපි පිටත්ව පලායමු; නැතහොත් අපෙන් කිසිවෙක් අබ්සලොම්ගෙන් ගැළවෙන්නේ නැත. ඔහු වහාම අප කරා පැමිණ අප පිටට අනතුරු පමුණුවා, කඩුමුවහතින් නුවරට පහරනොදෙන පිණිස, යන්ට ඉක්මන්කරන්නැයි කීවේය.

15. රජුගේ සේවකයෝ රජුට කථාකොට: අපගේ ස්වාමිවූ රජ්ජුරුවන් නියමකරන කොයි දෙයක් නුමුත් කරන්ට ඔබගේ සේවකයෝ සෑදී සිටිතියි කීවෝය.

16. එවිට රජුද ඔහු අනුව ඔහුගේ ගෙයි වැසි සියල්ලෝද පිටත්ව ගියෝය. උප භාර්යාවන්වූ ස්ත්‍රීන් දසදෙනෙක් රජ තෙමේ ගෙදර බලාගැනීමට නවත්වා ගියේය.

17. මෙසේ රජද ඔහු අනුව සියලු සෙනඟද පිටත්ව ගොස් බෙත්-මෙර්හාක්හි නැවතුණෝය.

18. ඔහුගේ සියලු සේවකයෝ ඔහු ළඟින් පැත්තෙන් ගියෝය. සියලු කෙරෙතිවරුද සියලු පෙලෙතිවරුද ගාත්හි සිට ඔහු අනුව ආ ගිත්තියයන්වූ මනුෂ්‍යයන් හසියයක්ද ඔහුට පෙරටුවෙන් ගියෝය.

19. එවිට රජ ගිත්තීය ඉත්තයිට කථාකොට: ඔබත් අප සමඟ එන්නේ මක්නිසාද? හැරී ගොස් රජු සමඟ සිටින්න. මක්නිසාද ඔබ විදේශියෙක්ය, ඔබේ රටින් පිටවුණ කෙනෙක්ය; ඔබේ ස්ථානයට හැරී යන්න.

20. ඊයේ ආවාවූ ඔබට අද එහා මෙහා අප සමඟ යන්ට සැලැස්වීම යුතුද? මම වනාහි යන්ට පුළුවන් කොතනට නුමුත් යමි. ඔබ හැරී ඔබේ සහෝදරයන් කැඳවාගන යන්න; කරුණාවත් සැබෑකමත් ඔබ සමඟ වේවයි කීවේය.

21. ඉත්තයි රජුට උත්තර දෙමින්: ස්වාමීන්වහන්සේ ජීවමාන බවද රජු ජීවත්වන බවද සැබෑවා සේම, මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් සිටින්නේ යම් තැනෙක්හිද එතැන්හිම මැරෙන්ට හෝ ජීවත්වෙන්ට හෝ ඔබගේ මෙහෙකරුවා සිටින්නේයයි කීවේය.

22. දාවිත්ද: ගොස් එගොඩවෙයන්නැයි ඉත්තයිට කීය. එවිට ගිත්තීය ඉත්තයිද ඔහුගේ සියලු මිනිස්සුද ඔහු සමඟ සිටි සියලු බාලයෝද එගොඩවූවෝය.

23. මුළු සෙනඟ යද්දී දේශයේ සෑම තැනම මිනිස්සු මහත් හඬින් ඇඬුවෝය. රජ තෙමේ කිද්‍රොන් නම් ඔයෙන් එගොඩව ගියේය, මුළු සෙනඟද කාන්තාරයට යන මාර්ගය දෙසට එගොඩව ගියෝය.

24. ශාදොක්ද ඔහු සමඟ සියලු ලෙවීවරුද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය රැගෙන ආවෝය; මුළු සෙනඟ නුවරින් ඇවිත් නිමවෙන තුරු ඔව්හු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය බිම තැබුවෝය. අබියාතර්ද ඇවිත් සිටියේය.

25. රජ ශාදොක්ට කථාකොට: දෙවියන්වහන්සේගේ පෙට්ටිය නැවත නුවරට ගෙනිය‍න්න. ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි මට කරුණාව ලැබුණොත් උන්වහන්සේ නැවත මා ගෙනැවිත් ඒකත් එහි වාසස්ථානයත් මට පෙන්වනවා ඇත.

26. නුමුත්-මම ඔබ කෙරෙහි ප්‍රසන්න නොවෙමියි උන්වහන්සේ කියනසේක් නම්, මම මෙහිය, උන්වහන්සේට යහපත්ව පෙනෙන ලෙස මට කරනසේක්වයි කීවේය.

27. රජ පූජකවූ ශාදොක්ට තව දුරටත් කතාකොට: ඔබට තේරෙනවාද? ඔබේ පුත්‍රවූ අහිමයාශ්ද අබියාතර්ගේ පුත්‍රවූ යොනාතාන්ද යන ඔබ සැමගේ පුත්‍රයන් දෙදෙනා සමඟ සමාදානයෙන් නුවරට හැරීයන්න.

28. මෙන්න, මට දන්වන්ට ඔබ සැමගෙන් ආරංචි ලැබෙන තුරු කාන්තාරයේ සමභූමිවල නවතින්නෙමියි කීවේය.

29. එබැවින් ශාදොක්ද අබියාතර්ද දෙවියන්වහන්සේගේ පෙට්ටිය නැවත යෙරුසලමට ගෙනගොස් එහි සිටියෝය.

30. දාවිත් අඬ අඬා හිස වසාගන වහන්නැතුව ඔලීව කන්දට නගින පාරේ ගියේය. ඔහු සමඟ සිටි මුළු සෙනඟද තම තමුන්ගේ හිස් වසාගන අඬමින් නැගී ගියෝය.

31. අහිතොපෙල් කුමන්ත්‍රණකාරයන් අතරේ අබ්සලොම් සමඟ සිටින බව දාවිත්ට දන්වනලද්දේය. එවිට දාවිත්: අහෝ, ස්වාමීන්වහන්ස, අහිතොපෙල්ගේ මන්ත්‍රණය මෝඩකමට හැරවුව මැනවයි කීවේය.

32. තවද දෙවියන්වහන්සේට නමස්කාරකරන ස්ථානයවූ කන්ද මුදුනට දාවිත් පැමුණුණු විට අර්කීය හූෂයි තමාගේ උතුරුසළුව ඉරාගන, හිස පිට පස් දමාගන, ඔහුගේ පෙරමගට ආයේය.

33. දාවිත්ද: ඔබ මා සමඟ ගියොත් ඔබ මට බරක් වන්නේය.

34. නුමුත් ඔබ නුවරට හැරී ගොස් අබ්සලොම්ට කථාකර-රජ්ජුරුවෙනි, මම ඔබගේ සේවකයා වෙමි; පළමු මම ඔබගේ පියාගේ සේවකයෙක්ව සිටියාක්මෙන් දැන් ඔබගේ සේවකයෙක් වෙමියි කියන්නෙහි නම්, මා උදෙසා අහිතොපෙල්ගේ මන්ත්‍රණය නිෂ්ඵලකරන්ට ඔබට පුළුවන් වන්නේය.

35. පූජකවූ ශාදොක් සහ අබියාතර් ඔබ සමඟ එහි සිටිනවා නොවේද? එබැවින් රජ ගෙදරින් අසන්ට ලැබෙන කොයි දෙයක් නුමුත් ඔබ පූජකයන්වූ ශාදොක්ටත් අබියාතර්ටත් දන්වාපන්න.

36. ඔවුන්ගේ පුත්‍රයන් දෙදෙනා වන ශාදොක්ගේ පුත්‍රවූ අහිමයාශ් හා අබියාතර්ගේ පුත්‍රවූ යොනාතාන්ද එහි ඔවුන් සමඟ සිටිති; ඔබ සැම දැනගන්න සියලු දේ ඔවුන් අත මට කියා එවන්නැයි කීවේය.

37. මෙසේ දාවිත්ගේ මිත්‍රවූ හූෂයි නුවරට ආයේය; අබ්සලොම්ද යෙරුසලමට ආයේය.

About 2 සාමුවෙල් Chapter 15

Read 2 සාමුවෙල් Chapter 15 online from the Holy Bible. This chapter is part of the Book of 2 සාමුවෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 2 සාමුවෙල්
Chapter: 15
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 2 සාමුවෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 2 සාමුවෙල් Chapter 15 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 2 සාමුවෙල් Chapter 15?

2 සාමුවෙල් Chapter 15 is part of the Book of 2 සාමුවෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 2 සාමුවෙල් Chapter 15 online for free with easy chapter navigation.

More Chapters from 2-සාමුවෙල්

  1. 2 සාමුවෙල් Chapter 21
  2. 2 සාමුවෙල් Chapter 20
  3. 2 සාමුවෙල් Chapter 18
  4. 2 සාමුවෙල් Chapter 1
  5. 2 සාමුවෙල් Chapter 14
  6. 2 සාමුවෙල් Chapter 12
  7. 2 සාමුවෙල් Chapter 11

Explore More from පැරණි ගිවිසුම

  1. ආමොස් Chapter 8
  2. යෙරෙමියා Chapter 20
  3. 2 රාජාවලිය Chapter 10
  4. දානියෙල් Chapter 10
  5. යෝබ් Chapter 16
  6. එසකියෙල් Chapter 8
  7. හොෂෙයා Chapter 11

Related Chapters & Readings

  1. ලෙවී කථාව Chapter 12
  2. ගීතාවලිය Chapter 100
  3. යාකොබ් Chapter 5
  4. ගීතාවලිය Chapter 60
  5. එසකියෙල් Chapter 16
  6. ගීතාවලිය Chapter 114
  7. 1 සාමුවෙල් Chapter 14
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *