Read ශු. යොහන් Chapter 15 Online
Read ශු. යොහන් Chapter 15 online from the Holy Bible. This chapter is part of the Book of ශු. යොහන් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. යොහන් and the Holy Bible online.
Choose a Chapter
ශු. යොහන් 15
පරිච්ඡේදය 15
1. මම සැබෑවූ මිදිවැලය, මාගේ පියාණන්වහන්සේ ගොවියාය.
2. මා තුළෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහකරනසේක. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍රකරනසේක.
3. මා විසින් නුඹලාට කී වචනය කරණකොටගෙන නුඹලා දැන් පවිත්‍රය.
4. මා තුළ පැවතෙන්න, මමත් නුඹලා තුළ පවතින්නෙමි. අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, නුඹලා මා තුළෙහි නොපවතිවු නම්, ඵල දරන්ට නුඹලාට බැරිය.
5. මිදිවැල මමය, නුඹලා අතුය. යමෙක් මා තුළෙහි පවතින්නේද, මම ඔහු තුළෙහි පවතිම්ද, ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. මක්නිසාද මාගෙන් වෙන්ව කිසිවක් කරන්ට නුඹලාට බැරිය.
6. යමෙක් මා තුළෙහි නොපවතී නම්, ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබ වියළීයයි; ඒවා එක්කොට ගින්නට දමනු ලැබේ, ඒවා දාලායන්නේය.
7. නුඹලා මා තුළෙහි පවතින්නෝ නම්, මාගේ වචනය නුඹලා තුළෙහි පවතී නම්, නුඹලා කැමති දෙයක් ඉල්ලන්න, එවිට නුඹලාට ලැබේ.
8. මාගේ පියාණන්වහන්සේට ගෞරව ලැබෙන්නේ නුඹලා විසින් බොහෝ ඵල දැරීමෙන්ය; මෙසේ නුඹලා මාගේ ගෝලයෝ වන්නෝය.
9. පියාණන්වහන්සේ මට ප්‍රේමකළාක්මෙන්ම මමත් නුඹලාට ප්‍රේමකෙළෙමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න.
10. මම මාගේ පියාණන්වහන්සේගේ ආඥා රක්ෂාකොට උන්වහන්සේගේ ප්‍රේමයෙහි යම්සේ පවතිම්ද, එසේම නුඹලාත් මාගේ ආඥා රක්ෂාකරවුනම් මාගේ ප්‍රේමයෙහි පවතින්නහුය.
11. මාගේ ප්‍රීතිය නුඹලා තුළෙහි පවතින පිණිසද නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණවන පිණිසද මේ දේවල් නුඹලාට කීවෙමි.
12. මාගේ ආඥාව නම් මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන්නය යනුය.
13. යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත.
14. මා නුඹලාට ආඥාකරන දේ නුඹලා කරනවානම්, නුඹලා මාගේ මිත්‍රයෝය.
15. දාසයා තමාගේ ස්වාමියා කරන්නේ කුමක්දැයි නොදන්නා බැවින් තවත් නුඹලාට දාසයෝයයි නොකියමි; මක්නිසාද මාගේ පියාණන්වහන්සේගෙන් මා ඇසූ සියල්ල නුඹලාට දැන්වූ බැවින් නුඹලා මිත්‍රයෝයයි කීමි.
16. නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත්කෙළෙමි. එසේ කළේ නුඹලා ගොස් ඵල දරන පිණිසත් නුඹලාගේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන්වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නුමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය.
17. මේ දේවල් මා නුඹලාට අණකරන්නේ නුඹලා එක් එක්කෙනාට ප්‍රේමකරන පිණිසය.
18. ලෝකයා නුඹලාට වෛරවෙනවා නම්, නුඹලාට පළමුවෙන් මට වෛරවුණ බව නුඹලා දනිහුය.
19. නුඹලා ලෝකයට අයිති නම්, ලෝකයා තමුන්ගේම අයට ආදරේවන්නෝය. නුමුත් නුඹලා ලෝකයාගෙන් නොවන නිසාත් මා විසින් ලෝකයෙන් නුඹලා තෝරාගත් නිසාත් ලෝකයා නුඹලාට වෛරවෙති.
20. දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවේයයි නුඹලාට මා කී වචනය සිහිකරන්න. ඔව්හු මට පීඩාකළෝනම් නුඹලාටත් පීඩාකරන්නෝය; මාගේ වචනය රක්ෂාකළෝ නම් නුඹලාගේ වචනයත් රක්ෂාකරන්නෝය.
21. නුමුත් ඔවුන් මා එවූ තැනන්වහන්සේව නාඳුනන බැවින් මාගේ නාමය නිසා මේ සියල්ල නුඹලාට කරනවා ඇත.
22. මම ඇවිත් ඔවුන්ට කථා නොකෙළෙම් නම්, ඔවුන්ට පාපයක් නැත. නුමුත් දැන් ඔවුන්ගේ පාපය ගැන ඔව්හු නිරුත්තරව සිටිති.
23. මට වෛරවෙන්නා මාගේ පියාණන්වහන්සේටත් වෛරවෙන්නේය.
24. වෙන කිසිවෙකු විසින් නොකළ ක්‍රියා මම ඔවුන් අතරෙහි නොකෙළෙම් නම්, ඔවුන්ට පාපයක් නැත. නුමුත් දැන් ඔව්හු මාද මාගේ පියාණන්වහන්සේද දැක වෛරවූවෝය.
25. (මෙසේ වුණේ) ඔව්හු නිෂ්කාරණයේ මට වෛරවුණෝයයි ඔවුන්ගේ ව්‍යවස්ථාවෙහි ලියා තිබෙන වචනය සම්පූර්ණවන පිණිසය.
26. නුමුත් පියාණන්වහන්සේ කෙරෙන් මා විසින් නුඹලාට එවන සැනසිලිකාරයාණන්වහන්සේ එනම් පියාණන්වහන්සේ වෙතින් නික්මෙන්නාවූ සත්‍යතාවේ ආත්මයාණන්වහන්සේ ආ කල, උන්වහන්සේ මා ගැන සාක්ෂිදෙනසේක.
27. පටන්ගැන්මේ සිට නුඹලා මා සමඟ සිටි බැවින් නුඹලාත් සාක්ෂිදෙන්නහුය.
About ශු. යොහන් Chapter 15
Read ශු. යොහන් Chapter 15 online from the Holy Bible. This chapter is part of the Book of ශු. යොහන් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ශු. යොහන්
Chapter: 15
Testament: New Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ශු. යොහන්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ශු. යොහන් Chapter 15 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ශු. යොහන් Chapter 15?
ශු. යොහන් Chapter 15 is part of the Book of ශු. යොහන් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ශු. යොහන් Chapter 15 online for free with easy chapter navigation.
More Chapters from නව ගිවිසුම
- එපීස Chapter 1
- එපීස Chapter 4
- එපීස Chapter 3
- එපීස Chapter 2
- එපීස Chapter 5
- ශු. ලූක් Chapter 15
- ශු. ලූක් Chapter 3
Explore More from ශු.-යොහන්
- ශු. යොහන් Chapter 11
- ශු. යොහන් Chapter 5
- ශු. යොහන් Chapter 8
- ශු. යොහන් Chapter 12
- ශු. යොහන් Chapter 3
- ශු. යොහන් Chapter 14
- ශු. යොහන් Chapter 16