Read 1 ලේකම් Chapter 5 Online
Read 1 ලේකම් Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 ලේකම් and the Holy Bible online.
Choose a Chapter
1 ලේකම් 5
පරිච්ඡේදය 5
1. ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ගේ පුත්‍රයෝ මොව්හුය. (ඔහු කුලුඳුලාව සිටිය නුමුත් තම පියාගේ යහන කිලුටුකළ නිසා ඔහුගේ කුලුඳුල්කම ඉශ්‍රායෙල්ගේ පුත්‍රවූ යෝසෙප්ගේ පුත්‍රයන්ට දෙනලද්දේය; කුලුඳුල්කමේ හැටියට පෙළපත ගණන්නොගන්නා ලද්දේය.
2. යූදා වනාහි තමාගේ සහෝදරයන් අතරේ බලවත්වුණේය, ඔහුගෙන් අධිපතියා පැවතආයේය; නුමුත් කුලුඳුල්කම යෝසෙප්ට අයිතිය.)
3. ඉශ්‍රායෙල්ගේ කුලුඳුලාවූ රූබෙන්ගේ පුත්‍රයෝ නම්: හනොක්, පල්ලූ, හෙශ්රොන් සහ කර්මිය.
4. යෝවෙල්ගේ පුත්‍රයෝනම්: ඔහුගේ පුත්‍රයා ෂෙමායාය, ඔහුගේ පුත්‍රයා ගොග්ය, ඔහුගේ පුත්‍රයා ෂිමෙයිය;
5. ඔහුගේ පුත්‍රයා මීකාය, ඔහුගේ පුත්‍රයා රෙයායාය, ඔහුගේ පුත්‍රයා බාල්ය;
6. ඔහුගේ පුත්‍රයා බෙයේරාය, ඔහු අෂූර්හි රජවූ තිල්ගත්-පිල්නෙසෙර් විසින් වාලට ගෙනයනු ලැබුවේය. ඔහු රූබෙන්වරුන්ගේ අධිපතියාය.
7. තමුන්ගේ පරම්පරා ලේඛනයෙහි ලියාතිබෙන තමුන්ගේ පවුල්වල හැටියට ඔහුගේ සහෝදරයෝ නම්: ප්‍රධානියාවූ යෙයීයෙල් සහ සෙකරියාය,
8. යෝවෙල්ගේ පුත්‍රවූ ෂෙමාගේ පුත්‍රයා වන ආසාස්ගේ පුත්‍රවූ බෙලාය. ඔහු අරොයෙර්හිද නෙබෝ සහ බාල්-මෙයෝන් දක්වාද වාසයකෙළේය.
9. නැගෙනහිරට ඔව්හු ප්‍රාත් ගංගාවේ පටන් කාන්තාරයට ඇතුල්වෙන තැන දක්වා වාසයකළෝය. මක්නිසාද ඔවුන්ගේ සිව්පාවෝ ගිලියද් දේශයෙහි බහුලව සිටියෝය.
10. ඔව්හු සාවුල්ගේ දවස්වලදී හග්රිවරුන් සමඟ යුද්ධකොට ඔවුන් නැතිකර, ගිලියද්ට නැගෙනහිරෙන් තිබෙන දේශය මුළුල්ලෙහි ඔවුන්ගේ කූඩාරම්වල වාසයකළෝය.
11. ගාද්ගේ පුත්‍රයෝ ඔවුන්ට ඉදිරිපිටින් බාෂාන් දේශයේ සලෙකා දක්වා වාසයකළෝය.
12. ඔව්හු නම්: ප්‍රධානියාවූ යෝවෙල්, දෙවෙනියාවූ ෂාපාම්, යානයි සහ ෂාපාත්ය; ඔව්හු බාෂාන්හි සිටියෝය.
13. තමුන්ගේ පිය වංශ ප්‍රකාරයට ඔවුන්ගේ සහෝදරයෝ නම්: මීකායෙල්ද මෙෂුල්ලාම්ද ෂෙබාද යෝරයිද යාකාන්ද ෂීයද එබෙර්ද යන සත් දෙනාය.
14. මොව්හු බූස්ගේ පුත්‍රයා වන යාඩෝගේ පුත්‍රවූ යෙෂීෂයිගේ පුත්‍රයා වන මීකායෙල්ගේ පුත්‍රවූ ගිලියද්ගේ පුත්‍රයා වන යාරොවාගේ පුත්‍රවූ හූරිගේ පුත්‍රයා වන අබිහයිල්ගේ පුත්‍රයෝය;
15. ගුනීගේ පුත්‍රවූ අබ්දියෙල්ගේ පුත්‍රයා වන අහී ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියාය.
16. ඔව්හු ගිලියද්හිද බාෂාන්හිද එහි නුවරවලද ෂාරෝන්හි සියලු පිට-බිම්වලද තමුන්ගේ සීමා දක්වා වාසයකළෝය.
17. මේ සියල්ලෝම යුදාහි රජවූ යෝතාම්ගේ දවස්වලදීද ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ දවස්වලදීද පෙළපත් වශයෙන් ලියවුණෝය.
18. රූබෙන් පුත්‍රයන්ගෙන්ද ගාද්වරුන්ගෙන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන්ද පලිහත් කඩුවත් පාවිච්චිකරන්නාවූ, දුන්නෙන් විදින්නාවූ, යුද්ධයට දක්ෂවූ වික්‍රමාන්විත මනුෂ්‍යයෝ හතළිස් හාරදාස් හත්සිය හැටක් වූවෝය; ඔව්හු යුද්ධයට යන්ට පුළුවන් අයය.
19. ඔව්හු හග්රීවරුන්ද යෙටූර්ද නාපීෂ්ද නෝදාබ්ද සමඟ යුද්ධකළෝය.
20. ඒ අයට විරුද්ධව ඔවුන්ට පිහිට ලැබුණු බැවින් හග්රීවරුද ඔවුන් සමඟ සිටි සියල්ලෝද ඔවුන් අතට පාවාදෙනලද්දෝය. මක්නිසාද සටනේදී ඔව්හු දෙවියන්වහන්සේට යාච්ඤාකළෝය; ඔවුන් උන්වහන්සේ කෙරෙහි විශ්වාසකළ බැවින් උන්වහන්සේ ඔවුන්ට ඇහුම්කන් දුන්සේක.
21. ඔව්හු ඔවුන්ගේ සිව්පාවුන් වන ඔවුන්ගේ ඔටුවන් පනස්දහසක්ද බැටළුවන් දෙලක්ෂ පනස්දහසක්ද කොටළුවන් දෙදහසක්ද මිනිසුන් ලක්ෂයක්ද අල්ලාගෙන ගියෝය.
22. යුද්ධය දෙවියන්වහන්සේ කෙරෙන් වූ නිසා බොහෝ දෙනෙක්ම මැරුම්කා වැටුණෝය. වාල්කමට ගෙනයාම දක්වා ඔව්හු මොවුන්ගේ ඉඩමෙහි වාසයකළෝය.
23. මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ පුත්‍රයෝ දේශයෙහි වාසයකළෝය. ඔව්හු බාෂාන් පටන් බාල්-හෙර්මොන්ද සෙනීර්ද හෙර්මොන් කන්දද දක්වා ගණනින් වැඩිවූවෝය.
24. ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ මොව්හුය: ඒපෙර්, ඉෂී, එලියෙල්, අස්‍රීයෙල්, යෙරෙමියා, හෝදවියා සහ යාදියෙල්ය. ඔව්හු බලවන්තයෝව කීර්තිමත් මනුෂ්‍යයෝ ව තමුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ ව සිටියෝය.
25. නුමුත් ඔව්හු තමුන්ගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කොට උන්වහන්සේ ඔවුන් ඉදිරියෙන් විනාශකළ රටවැසියන්ගේ දෙවිවරුන් අනුව යාමෙන් වේශ්‍යාකම්කළෝය.
26. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේද අෂූර්හි රජවූ පූල්ගේ සිතත් අෂූර්හි රජවූ තිල්ගත්-පිල්නෙසෙර්ගේ සිතත් පොළඹවා, ඔවුන් එනම් රූබෙන්වරුන්ද ගාද්වරුන්ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයද ගෙන ගොස්, හලාටත් හාබෝර්ටත් හාරාටත් ගෝසාන්හි ගංගාව ළඟටත් පැමිණෙවුසේක, ඔව්හු අද දක්වා එහි සිටිති.
About 1 ලේකම් Chapter 5
Read 1 ලේකම් Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of 1 ලේකම් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 1 ලේකම්
Chapter: 5
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 1 ලේකම්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 1 ලේකම් Chapter 5 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 1 ලේකම් Chapter 5?
1 ලේකම් Chapter 5 is part of the Book of 1 ලේකම් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 1 ලේකම් Chapter 5 online for free with easy chapter navigation.
More Chapters from 1-ලේකම්
- 1 ලේකම් Chapter 25
- 1 ලේකම් Chapter 22
- 1 ලේකම් Chapter 15
- 1 ලේකම් Chapter 11
- 1 ලේකම් Chapter 16
- 1 ලේකම් Chapter 2
- 1 ලේකම් Chapter 1
Explore More from පැරණි ගිවිසුම
- යෙරෙමියා Chapter 32
- විලාප ගී Chapter 5
- 2 රාජාවලිය Chapter 22
- ගීතාවලිය Chapter 84
- ගණන් කථාව Chapter 3
- උත්පත්ති Chapter 49
- යෙරෙමියා Chapter 47