Read මීකා Chapter 3 Online
Read මීකා Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of මීකා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of මීකා and the Holy Bible online.
Choose a Chapter
මීකා 3
පරිච්ඡේදය 3
1. තවද මම මෙසේ කීවෙමි: යාකොබ්ගේ ප්‍රධානියෙනි, ඉශ්‍රායෙල් වංශයේ ආණ්ඩුකාරයෙනි, අසන්න. විනිශ්චය දැනගැනීම නුඹලාගේ යුතුකමක් නොවේද?
2. නුඹලා යහපතට ද්වේෂකොට නපුරට ප්‍රේමවන්නහුය; නුඹලා ඔවුන්ගෙන් ඔවුන්ගේ හමද ඔවුන්ගේ ඇටවලින් ඔවුන්ගේ මාංසද ගළවන්නහුය.
3. එසේ ඒ අය මාගේ සෙනඟගේ මාංස කන්නෝය; ඔවුන්ගේ හම ඔවුන්ගෙන් ගළවන්නෝය, ඔවුන්ගේ ඇටද පොඩිකර, ඇතිලියේ දැමීමට මෙන්ද කටාරමේ මාංසය මෙන්ද කෑලි කරන්නෝය.
4. එකල ඔව්හු ස්වාමීන්වහන්සේට මොරගසන්නෝය, නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර නොදී, ඔවුන් නපුරු ක්‍රියාවල් කළ හෙයින් ඒ කාලයේදී තමන්ගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගන්නාසේක .
5. මාගේ සෙනඟ මුළාකරවන්නාවූ, තමුන්ගේ දත්වලින් හපාකන අතර: සමාදානයයයි මොරගසන්නාවූ, තමුන්ගේ කටට කෑම නොදෙන අයට විරුද්ධව යුද්ධයට පේවෙන්නාවූ අනාගතවක්තෘවරුන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේක:
6. නුඹලා එසේ කරන බැවින් දර්ශනයක් නැතුව නුඹලාට රෑවෙනවා ඇත; පේනකීමක් නැතුව නුඹලාට අන්ධකාරවෙනවා ඇත; අනාගතවක්තෘවරුන්ට ඉර බසිනවා ඇත, දවාලද ඔවුන්ට උඩින් කළුවරවෙනවා ඇත.
7. දර්ශනකාරයන් ලජ්ජාවටත් පේනකියන්නන් වියවුල්කමටත් පැමිණ, දෙවියන්වහන්සේගෙන් උත්තරයක් නැති නිසා ඔවුන් සෑමදෙනාම තමුන්ගේ තොල් වසාගන්නවා ඇත.
8. එහෙත් මම වනාහි යාකොබ්ට ඔහුගේ වරදත් ඉශ්‍රායෙල්ට ඔහුගේ පාපයත් දන්වන්ට ස්වාමීන්වහන්සේගේ ආත්මය ඇතුව, බලයෙන්ද යුක්තියෙන්ද ධෛර්යයෙන්ද පූර්ණව සිටිමි.
9. යුක්තියට පිළිකුල්කොට, සියලු යුතුකම් පෙරළා, සියොන් ලේවලින්ද යෙරුසලම අධර්මිෂ්ඨකමෙන්ද ගොඩනගන්නාවූ,
10. යාකොබ්ගේ වංශයේ ප්‍රධානියෙනි, ඉශ්‍රායෙල් වංශයේ ආණ්ඩුකාරයෙනි, මේක අසන්න.
11. එහි ප්‍රධානියෝ තෑග්ගක් නිසා විනිශ්චය කරති, පූජකයෝ කුලියට උගන්වති, එහි අනාගතවක්තෘවරුද මිලේට පේනකියති. එහෙත් ඔව්හු ස්වාමීන්වහන්සේ කෙරෙහි පිහිටා සිට: ස්වාමීන්වහන්සේ අප අතරෙහි සිටිනවා නොවේද? අප පිටට විපත්තියක් නොපැමිණෙන්නේයයි කියති.
12. එබැවින් නුඹලා නිසා සියොන් කෙතක් මෙන් හානු ලබන්නේය, යෙරුසලම ගොඩවල්ද ගෘහයේ කන්ද කැලෑ මුදුන්ද වෙනවා ඇත.
About මීකා Chapter 3
Read මීකා Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of මීකා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: මීකා
Chapter: 3
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading මීකා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading මීකා Chapter 3 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is මීකා Chapter 3?
මීකා Chapter 3 is part of the Book of මීකා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete මීකා Chapter 3 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 21
- නික්මයාම Chapter 9
- නික්මයාම Chapter 2