2 කොරින්ති Chapter 5

For English

Read 2 කොරින්ති Chapter 5 Online

Read 2 කොරින්ති Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of 2 කොරින්ති in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 කොරින්ති and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

2 කොරින්ති 5

පරිච්ඡේදය 5

1. කූඩාරමක්වූ අපේ භූමික ගෙය කඩාවැටුණත් දෙවියන්වහන්සේගෙන්වූ ගොඩනැගිල්ලක් වන අතින් නොසෑදුවාවූ සදාකාලිකවූ ගෘහයක් ස්වර්ගවල අපට ඇති බව දනිමුව.

2. මක්නිසාද මේකේදී අපි කෙඳිරිගාමින් අපගේ ස්වර්ගීය වාසස්ථානය පැළඳගන්ට ආශාවමුව.

3. මෙසේ වූ කල්හි අපි පළඳනලදුව, නග්නව සිටිනවා දකිනු නොලබමුව.

4. එසේය, මේ කූඩාරමේ සිටින්නාවූ අපි බර උසුලමින් කෙඳිරිගාමුව; මක්නිසාද පැළඳීම අහක දමන්ට නොව මරණීයවූ එක ජීවනයෙන් ගිලිනු ලබන පිණිස, අපි පළඳිනු ලබන්ට කැමැත්තෙමුව.

5. ඉදින් මේ පිණිසම අප පිළියෙළකළේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ ආත්මයාණන් නැමති අත්තිකාරම අපට දුන්සේක.

6. අපි ශරීරය නැමති ගෙදර සිටින විට ස්වාමීන්වහන්සේගෙන් ඈත්ව සිටින බව දැන නිතරම ධෛර්යවත්ව සිටිමුව.

7. (මක්නිසාද අප හැසිරෙන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය.)

8. එසේය, අපි ධෛර්යවත්ව, ශරීරයෙන් ඈත්ව ස්වාමීන්වහන්සේ සමඟ සිටින්ට වඩා කැමැතිවෙමුව.

9. එහෙයින් උන්වහන්සේ වෙත සිටින නුමුත් ඈත්ව සිටින නුමුත් උන්වහන්සේට ප්‍රසන්නවූ තැනැත්තන් වීම අපේ අභිප්‍රාය කරගනිමුව.

10. මක්නිසාද එකිනෙකා තම තමාගේ ශරීරයේදී කළාවූ දේවල ඵල, ඒ දේ යහපත් වුවත් අයහපත් වුවත්, කළ දේවල හැටියට ලබන පිණිස, අප සියල්ලෝම ක්‍රිස්තුස්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි ප්‍රකාශවෙන්ට ඕනෑය.

11. එබැවින් ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම කිමෙක්දැයි දන්නාවූ අපි මනුෂ්‍යයන් පොලඹවමුව, නුමුත් අපි දෙවියන්වහන්සේට ප්‍රකාශකරනු ලැබ සිටිමුව; නුඹලාගේ හෘදයසාක්ෂිවලටද අපි ප්‍රකාශව සිටිමුයයි විශ්වාසකරමි.

12. අපි නැවත අප ගැනම නුඹලාට සාක්ෂි නොදෙමුව, නුමුත් හිතෙන් නොව පෙනීමෙන් පාරට්ටුකරගන්නන්ට උත්තරදෙන්ට නුඹලාට පුළුවන්වන පිණිස අප ගැන පාරට්ටුකරන්ට අපි නුඹලාට කාරණා දෙමුව.

13. මක්නිසාද අපට ඔල්මාද නම් ඒ දෙවියන්වහන්සේ උදෙසාය. අපි සිහි ඇත්තෝ නම් ඒ නුඹලා උදෙසාය.

14. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය; එසේය, එක් කෙනෙක් සියල්ලන් වෙනුවට මැරුණේය කියාත්, එබැවින් සියල්ලෝම මැරුණෝය කියාත්,

15. උන්වහන්සේ සියල්ලන් වෙනුවට මැරුණේ, ජීවත්වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවී, ඔවුන් වෙනුවට මැරී නැවත නැගුටුණාවූ තැනන්වහන්සේ උදෙසා ජීවත්වන පිණිසය කියාත්, අපි නිශ්චයකොට කියමුව.

16. එහෙයින් මෙතැන් පටන් අපි මාංසාකාරයෙන් කිසිවෙකු දැන නොගනිමුව. මාංසකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ දැනගෙන සිටිය නුමුත් අපි දැන් තවත් එසේ දැන නොගනිමුව.

17. එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය; මෙන්න, සියල්ලම අලුත්වී තිබේ.

18. සියල්ල පැමිණෙන්නේ දෙවියන්වහන්සේගෙන්ය; උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන තමන්වහන්සේට අප සමඟිකරගන, සමඟිකිරීමේ සේවය අපට දුන්සේක.

19. එනම්, දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ වරදවල් ඔවුන්ගේ ගණනට නොතබා, ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ලෝකයා තමන්වහන්සේට සමඟිකරගනිමින් සිටියසේක, සමඟිකිරීමේ වචනයද අපට භාරදුන්සේක.

20. එබැවින් දෙවියන්වහන්සේ අප ලවා ඉල්වන්නාක්මෙන් අපි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් තානාපතියෝව සිට: දෙවියන්වහන්සේ හා සමඟිවෙන්නැයි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් නුඹලාගෙන් ඉල්ලමුව.

21. අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට * පාපය වෙන්ට [දෙවියන්වහන්සේ] සැලැස්සූසේක. (* එනම් – පාපය තමන් පිටට ගන්ට)

About 2 කොරින්ති Chapter 5

Read 2 කොරින්ති Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of 2 කොරින්ති in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 2 කොරින්ති
Chapter: 5
Testament: New Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 2 කොරින්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 2 කොරින්ති Chapter 5 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 2 කොරින්ති Chapter 5?

2 කොරින්ති Chapter 5 is part of the Book of 2 කොරින්ති in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 2 කොරින්ති Chapter 5 online for free with easy chapter navigation.

More Chapters from 2-කොරින්ති

  1. 2 කොරින්ති Chapter 11
  2. 2 කොරින්ති Chapter 12
  3. 2 කොරින්ති Chapter 7
  4. 2 කොරින්ති Chapter 6
  5. 2 කොරින්ති Chapter 1
  6. 2 කොරින්ති Chapter 9
  7. 2 කොරින්ති Chapter 2

Explore More from නව ගිවිසුම

  1. හෙබ්රෙනව් Chapter 4
  2. ක්රිරයා Chapter 12
  3. රෝම Chapter 14
  4. 1 තිමෝති Chapter 2
  5. ක්රිරයා Chapter 16
  6. එළිදරව් Chapter 11
  7. ශු. මතෙව් Chapter 18

Related Chapters & Readings

  1. යෙසායා Chapter 18
  2. ශු. මතෙව් Chapter 22
  3. යෙසායා Chapter 54
  4. හොෂෙයා Chapter 5
  5. ආමොස් Chapter 6
  6. නික්මයාම Chapter 32
  7. දානියෙල් Chapter 11
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *