Read ගණන් කථාව Chapter 34 Online
Read ගණන් කථාව Chapter 34 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගණන් කථාව and the Holy Bible online.
Choose a Chapter
ගණන් කථාව 34
පරිච්ඡේදය 34
1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
2. ඔබ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකොට ඔවුන්ට මෙසේ කියන්න-ඔබ සැම කානාන් දේශයට පැමිණි කල්හි ඔබ සැමට උරුමයක් කොට වැටෙන දේශය නම් ඒකේ සීමාවල ප්‍රකාරයට කානාන් දේශයය.
3. එසේ ඔබ සැමගේ දකුණු පැත්ත ශීන් කාන්තාරයේ පටන් ඒදොම් දිශාව ළඟින් වන්නේය, ඔබ සැමගේ දකුණු සීමාව නැගෙනහිර දිග ලුණු මුහුදේ කෙළවර සිට පටන්ගෙන,
4. ඔබ සැමගේ සීමාව අක්‍රබ්බීම්හි නැගුමට දකුණෙන් හැරී ශීනට පැමිණ, කාදෙෂ්-බර්නේයට දකුණෙන් වැටී, එතැනින් හශර්-අද්දාර්ටත් එයින් අශ්මොන්ටත් වන්නේය.
5. අශ්මොන් පටන් සීමාව මිසර ඔය දෙසට හැරී ගොස් මුහුද ළඟ කෙළවර වන්නේය.
6. බස්නාඉර සීමාවට වනාහි මහ මුහුද ඔබ සැමගේ සීමාව වන්නේය. ඒක ඔබ සැමගේ බස්නාඉර සීමාව වන්නේය.
7. ඔබ සැමගේ උතුරු සීමාව මෙසේ වන්නේය: මහ මුහුද පටන් හෝර් කන්ද දක්වා ලකුණුකරගන,
8. හෝර් කන්දෙන් හමාත්ට ඇතුල්වන තැන දක්වා ලකුණුකරන්න; සීමාව ශෙදාද්ට පැමිණ,
9. ශිප්‍රොන්ට ගොස් හශර්-ඒනාන් ළඟ කෙළවර වන්නේය. ඒක ඔබ සැමගේ උතුරු සීමාව වන්නේය.
10. ඔබ සැමගේ නැගෙනහිර සීමාව හශර්-ඒනානෙන් ෂෙඵාම් දක්වා ලකුණුකරන්න.
11. සීමාවද ෂෙඵාම් පටන් අයින්ට නැගෙනහිරෙන් රිබ්ලාට බැස, කින්නෙරෙත් මුහුදේ නැගෙනහිර අද්දරින්ම බැස ඇවිත්,
12. එතනින් සීමාව යොර්දාන අද්දරින් බැස ලුණු මුහුද ළඟදී කෙළවර වන්නේය. වටකර සීමාවල ප්‍රකාරයට මේක ඔබ සැමගේ දේශය වන්නේයයි කීසේක.
13. මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකරමින්: ඔබ සැම විසින් පස ඇට දැමීමෙන් උරුමකරගත යුතුවන්නාවූ, ගෝත්‍ර නවයටත් අර්ධ ගෝත්‍රයටත් දෙන්ට ස්වාමීන්වහන්සේ අණකළාවූ දේශය නම් මේය.
14. මක්නිසාද තමුන්ගේ පිය පෙළපත් ලෙස රූබෙන් පුත්‍රයන්ගේ ගෝත්‍රයටද ගාද් පුත්‍රයන්ගේ ගෝත්‍රයටද මනස්සේගේ අර්ධ ගෝත්‍රයටද තමුන්ගේ උරුමය ලැබීතිබේ.
15. එසේ ඒ ගෝත්‍ර දෙකටද අර්ධ ගෝත්‍රයටද යොර්දානෙන් මෙගොඩ යෙරිකෝව ළඟ නැගෙනහිර දිශාවෙහි තමුන්ගේ උරුමය ලැබීතිබේයයි කීවේය.
16. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
17. ඔබ සැමට දේශය උරුමයක් කොට බෙදා දෙන්නන් වූ මනුෂ්‍යයන්ගේ නාම නම්: පූජකවූ එලෙයාසර් සහ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාය.
18. දේශය උරුම වශයෙන් බෙදන පිණිස සියලු ගෝත්‍රවලින් එක අධිපතියෙකු බැගින් ගන්න.
19. ඒ මනුෂ්‍යයන්ගේ නාම මේවාය: යූදා ගෝත්‍රයෙන් යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ය.
20. සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් අම්මීහුද්ගේ පුත්‍රවූ ෂෙමුවෙල්ය.
21. බෙන්යමින්ගේ ගෝත්‍රයෙන් කිස්ලොන්ගේ පුත්‍රවූ එලිදාද්ය.
22. දාන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් යොග්ලීගේ පුත්‍රවූ අධිපතියෙක්වූ බුක්කීය.
23. යෝසෙප්ගේ පුත්‍රයන්ගෙන් මනස්සේ පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ඒඵොද්ගේ පුත්‍රවූ අධිපතියෙක්වූ හන්නියෙල්ය.
24. එප්‍රායිම් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ෂිප්තාන්ගේ පුත්‍රවූ අධිපතියෙක්වූ කෙමුවේල්ය.
25. සාබුලොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් පර්නාක්ගේ පුත්‍රවූ අධිපතියෙක්වූ එලිශාඵාන්ය.
26. ඉස්සාඛර් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් අස්සාන්ගේ පුත්‍රවූ අධිපතියෙක්වූ පල්තියෙල්ය.
27. ආෂෙර් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ෂෙලොමීගේ පුත්‍රවූ අධිපතියෙක්වූ ආහිහුද්ය.
28. නප්තලී පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් අම්මීහුද්ගේ පුත්‍රවූ අධිපතියෙක්වූ පෙදහෙල්යයි කීසේක.
29. ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කානාන් දේශයෙහි උරුමය බෙදාදෙන පිණිස ස්වාමීන්වහන්සේ අණකළේ මොවුන්ටය.
About ගණන් කථාව Chapter 34
Read ගණන් කථාව Chapter 34 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ගණන් කථාව
Chapter: 34
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ගණන් කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ගණන් කථාව Chapter 34 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ගණන් කථාව Chapter 34?
ගණන් කථාව Chapter 34 is part of the Book of ගණන් කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ගණන් කථාව Chapter 34 online for free with easy chapter navigation.
More Chapters from ගණන්-කථාව
- ගණන් කථාව Chapter 26
- ගණන් කථාව Chapter 21
- ගණන් කථාව Chapter 10
- ගණන් කථාව Chapter 27
- ගණන් කථාව Chapter 23
- ගණන් කථාව Chapter 19
- ගණන් කථාව Chapter 16
Explore More from පැරණි ගිවිසුම
- 2 රාජාවලිය Chapter 10
- සාලමොන්ගේ ගීතිකා Chapter 4
- හිතෝපදේශ Chapter 10
- නික්මයාම Chapter 38
- 1 රාජාවලිය Chapter 19
- එසකියෙල් Chapter 1
- යෙසායා Chapter 46