Read නික්මයාම Chapter 29 Online
Read නික්මයාම Chapter 29 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of නික්මයාම and the Holy Bible online.
Choose a Chapter
නික්මයාම 29
පරිච්ඡේදය 29
1. පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ඔවුන් විශුද්ධකරන්ට ඔබ විසින් ඔවුන්ට කළ යුතු දේ මේය. පළුදුවක් නැති එක නාඹ ගොනෙක්ද බැටළුවන් දෙදෙනෙක්ද,
2. මුහුන් නොදැමූ රොටිද තෙලින් මිශ්‍රවූ මුහුන් නොදැමූ පූපයන්ද තෙල් ගැල්වූ මුහුන් නොදැමූ පූපපෙතිද ගන්න. ඒවා සිහින් තිරිඟු පිටියෙන් සෑදිය යුතුය.
3. ඒවා එක පැසක තබා පෙට්ටිය සමඟ ඒවා සහ ගොනාත් බැටළුවන් දෙදෙනාත් ගෙනෙන්න.
4. ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩට කැඳවාගෙන ඔවුන් වතුරෙන් නාවන්න.
5. ඒ වස්ත්‍ර ගෙන යට ඇඳුමද ඒඵොද් සැට්ටයේ සළුවද ඒඵොද් සැට්ටයද ළය වැස්මද ආරොන්ට අඳවා ඒඵොද් සැට්ටයේ විසිතුරු පටියෙන් ඔහුගේ ඉඟ බඳින්න.
6. ඔහුගේ හිසේ මකුටයද මකුටය පිට ශුද්ධ ඔටුන්නද තබන්න.
7. එවිට ඔබ ආලේප තෛලය ගෙන ඔහුගේ හිස පිට වත්කරමින් ඔහු ආලේපකරන්න.
8. ඔහුගේ පුත්‍රයන් කැඳවා ඔවුන්ට යට ඇඳුම් අඳවන්න.
9. ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට ඉඟපටිද දමා ඔවුන්ට හිස වැසුම් බඳින්න. නිරන්තර පනතකින් පූජක තනතුර ඔවුන්ට වන්නේය. මෙසේ ඔබ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පත්කරන්න.
10. සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ඉදිරිපිටට ගොනා ගෙනෙන්න. ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝද ගොනාගේ හිස පිට තමන්ගේ අත් තබත්වා.
11. එවිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී ඒ ගොනා මරන්න.
12. තවද උගේ ලෙයින් ස්වල්පයක් ගෙන ඔබේ ඇඟිල්ලෙන් පූජාසනයේ අංවල ගා ලේ සියල්ල පූජාසනය මුල වත්කරන්න.
13. අතුණු වසා තිබෙන තෙල් සියල්ලද අක්මාව පිට තිබෙන දැලද වකුගඩු දෙකද එහි තිබෙන තෙල්ද රැගෙන පූජාසනය පිට දවන්න.
14. එහෙත් ගොනාගේ මාංසද හමද ගොමද කඳවුරෙන් පිට ගින්නෙන් දවන්න. ඒක පාප පූජාවක්ය.
15. එක බැටළුවෙකුත් අරගන්න; ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ තමන්ගේ අත් බැටළුවාගේ හිස පිට තබත්වා.
16. එවිට ඔබ බැටළුවා මරා උගේ ලේ රැගෙන පූජාසනය පිට වටකරින් ඉසින්න.
17. බැටළුවා උගේ කොටස්වලට කපා උගේ අතුණුද කකුල්ද සෝදා ඒවා උගේ කොටස්ද උගේ ඉසද සමඟ තබන්න.
18. තවද මුළු බැටළුවා පූජාසනය පිට දවන්න. ඒක ස්වාමීන්වහන්සේට දවන පූජාවක්ය, මිහිරි සුවඳක්ය, ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක්ය. අනික් බැටළුවාද හැරගන්න;
19. ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද බැටළුවාගේ හිස පිට තමුන්ගේ අත් තබත්වා.
20. එවිට ඔබ බැටළුවා මරා උගේ ලෙයින් ස්වල්පයක් ගෙන ආරොන්ගේ දකුණු කනේ කෙළවරද ඔහුගේ පුත්‍රයන්ගේ දකුණු කන් කෙළවරද ඔවුන්ගේ දකුණු අත්වල මාපට ඇඟිලිවලද දකුණු පාදවල මාපට ඇඟිලිවලද ගා ලේ පූජාසනය පිට වටකරින් ඉසින්න.
21. පූජාසනය පිට තිබෙන ලෙයින්ද ආලේප තෙල්වලින්ද ස්වල්පයක් රැගෙන ආරොන් පිටත් ඔහුගේ වස්ත්‍ර පිටත් ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් පිටත් ඔවුන්ගේ වස්ත්‍ර පිටත් ඉසින්න. මෙසේ ඔහු සහ ඔහුගේ වස්ත්‍රද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයෝද ඔවුන්ගේ වස්ත්‍රද ශුද්ධවන්නෝය.
22. තවද බැටළුවාගෙන් තෙල්ද තෙල ඇති වල්ගයද අතුණු වැසී තිබෙන තෙල්ද අක්මාව පිට දැලද වකුගඩු දෙකද ඒවා පිට තිබෙන තෙලද දකුණු කළවයද ගන්න; මක්නිසාද ඌ කැපකිරීමේ බැටළුවෙක්ය.
23. තවද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන මුහුන් නොදැමූ රොටි පැසෙන් රොටියක්ද තෙල් ගැල්වූ රොටියක්ද පූප පෙත්තක්ද ගන්න.
24. ඒ සියල්ල ආරොන්ගේ අත්වලද ඔහුගේ පුත්‍රයන්ගේ අත්වලද තබා ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවක් වශයෙන් වනා තේවකරන්න.
25. ඔබ ඒවා ඔවුන් අතින් ගෙන පූජාසනය පිට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මිහිරි සුවඳක් පිණිස දවන පූජාව පිට දවන්න. ඒක ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක්ය.
26. ආරොන්ගේ පත්වීමේ බැටළුවාගේ ළැපැත්ත ගෙන තේව පූජාවක් පිණිස වනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේවකරන්න. එය ඔබේ කොටස වන්නේය.
27. පත්කිරීමේ බැටළුවාගෙන් එනම් ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් ලැබිය යුතුවූ කොටසෙන් තේවකරනලද මැනීමේ පූජාවෙන් ළැපැත්තද තේවකරනලද එසවීමේ පූජාවෙන් කළවයද විශුද්ධකරන්න.
28. එය නිරන්තරයෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් දිය යුත්තක් කොට ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද වන්නේය. මක්නිසාද එය එසවීමේ පූජාවක්ය. එය ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශාන්ති පූජාවල යාගවලින් එනම් ඔවුන් විසින් ස්වාමීන්වහන්සේට ඔසවන පූජාවලින් එසවීමේ පූජාවක් වන්නේය.
29. ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර ඔහුගේ පුත්‍රයන් ඇඳගෙන ආලේප කරනුලැබීමටත් පත්කරනුලැබීමටත් ඔහුගෙන් පසු ඔවුන්ට වන්නේය.
30. ඔහු වෙනුවට පූජකයා වෙන්නාවූ ඔහුගේ පුත්‍රයා ශුද්ධ ස්ථානයෙහි සේවයකරන පිණිස සම්මුඛවීමේ කූඩාරමට ඇතුල් වන කල්හි සත් දවසක් ඒවා ඇන්ද යුතුය.
31. ඔබ කැපකිරීමේ බැටළුවා රැගෙන ශුද්ධවූ තැනක උගේ මාංසය පිසින්න.
32. ආරොන් හා ඔහුගේ පුත්‍රයෝ සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ සිට ඒ බැටළුවාගේ මාංසද පැසේ තිබෙන රොටිද කෑ යුතුය.
33. ඔවුන් පත්කිරීමටත් විශුද්ධකිරීමටත් ඒවායින් සමඟිකම්කළ බැවින් ඔවුන් විසින් ඒවා කන්නට යෙදේවා. නුමුත් ඒවා ශුද්ධ බැවින් විදේශියෙක් එයින් නොකෑ යුතුය.
34. කැපකිරීමේ මාංසයෙන් හෝ රොටියෙන් හෝ පසුවදා උදය දක්වා කිසිවක් ඉතිරිවී නම් ඒ ඉතිරි ඒවා ගින්නෙන් දවන්න. ඒවා ශුද්ධ බැවින් නොකෑයුතුය.
35. මා විසින් ඔබට අණකළ සියල්ල ලෙස ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද කරන්න. සත් දවසක් එසේ කරමින් ඔබ ඔවුන් කැපකළ යුතුය.
36. ඔබ සමඟිකිරීම පිණිස පාප පූජාවේ ගොනා හැමදාම පූජාකළ යුතුය. පූජාසනය උදෙසා සමඟිකමක් කරන විට ඒක පවිත්‍ර කරන්න; ඒක විශුද්ධකරන පිණිස ඒක ආලේප කරන්න.
37. සත් දවසක් පූජාසනය උදෙසා සමඟිකිරීමේ පූජාව ඔප්පුකොට ඒක විශුද්ධකරන්න. මෙසේ පූජාසනය අති ශුද්ධ වන්නේය; පූජාසනයට ස්පර්ශවන කොයි දෙයක් නුමුත් ශුද්ධ වන්නේය.
38. ඔබ පූජාසනය පිට ඔප්පුකළ යුතුදේ නම් මේය; නොකඩව දවස්පතා එක් අවුරුදු බැටළු වස්සෝ දෙදෙනෙක.
39. එක බැටළු වස්සෙකු උදය පූජාකරන්න; අනික් බැටළු වස්සා සවස පූජාකරන්න.
40. සිහින් පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් කොටා සිඳගත් තෙල් හිනකින් සතරෙන් කොටසක් සමඟ මිශ්‍රකර, ඒවා සහ පාන පූජාවක් කොට මුද්‍රික පානය හිනකින් සතරෙන් කොටසක්ද එක බැටළු වස්සෙකු සමඟ ඔප්පුකරන්න.
41. අනික් බැටළු පැටවා සවස ඔප්පුකර ඒ සමඟ උදය ආහාර පූජාවේ හැටියටත් ඒකේ පාන පූජාවේ හැටියටත් මිහිරි සුවඳක් පිණිස එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කරනලද පූජාවක් කොට ඔප්පුකරන්න.
42. ඒක සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔබ සැමගේ පරම්පරාවල ඔප්පුකළ යුතු නිරන්තර දවන පූජාවක්ය. ඒ කූඩාරම වනාහි ඔබ සැම සමඟ කථාකරන පිණිස මා ඔබ සැමට සම්මුඛවන ස්ථානයය.
43. එහිදී මම ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සම්මුඛ වන්නෙමි; මාගේ මහිමයෙන් කූඩාරම විශුද්ධ කරනු ලබන්නේය.
44. මම සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද විශුද්ධකරන්නෙමි. පූජක තනතුරෙහි මට මෙහෙ කරන පිණිස ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ද විශුද්ධ කරන්නෙමි.
45. මම ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරේ වාසයකරමින් ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.
46. මම වනාහි ඔවුන් අතරේ වාසයකරන පිණිස ඔවුන් මිසර දේශයෙන් ගෙනාවාවූ ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝය. මම ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
About නික්මයාම Chapter 29
Read නික්මයාම Chapter 29 online from the Holy Bible. This chapter is part of the Book of නික්මයාම in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: නික්මයාම
Chapter: 29
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading නික්මයාම. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading නික්මයාම Chapter 29 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is නික්මයාම Chapter 29?
නික්මයාම Chapter 29 is part of the Book of නික්මයාම in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete නික්මයාම Chapter 29 online for free with easy chapter navigation.
More Chapters from නික්මයාම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 21
- නික්මයාම Chapter 10
- නික්මයාම Chapter 9
Explore More from පැරණි ගිවිසුම
- 1 සාමුවෙල් Chapter 13
- ගණන් කථාව Chapter 31
- ලෙවී කථාව Chapter 9
- දේශනාකාරයා Chapter 11
- උත්පත්ති Chapter 39
- 2 ලේකම් Chapter 27
- 1 ලේකම් Chapter 11