2 සාමුවෙල් Chapter 14

For English

Read 2 සාමුවෙල් Chapter 14 Online

Read 2 සාමුවෙල් Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of 2 සාමුවෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 සාමුවෙල් and the Holy Bible online.

Choose a Chapter

2 සාමුවෙල් 14

පරිච්ඡේදය 14

1. රජුගේ සිත අබ්සලොම් කෙරෙහි ඇලුම්ව තිබෙන බව ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ට දැනුණේය.

2. එවිට යෝවාබ් තෙකෝවායෙන් නුවණක්කාර ස්ත්‍රියෙක් ගෙන්වාගන ඈට කථාකොට: ඔබ වැලපෙන්නාක් මෙන් වැලපීමේ වස්ත්‍ර හැඳ, තෙල් නොගා, මැරුණ කෙනෙකු ගැන බොහෝ කල් වැලපුණු ස්ත්‍රියෙක් මෙන් වී,

3. රජු ළඟට ගොස් මේ මේ වචනවල හැටියට ඔහුට කියන්නැයි කියා ඒ වචන ඇගේ කටට දුන්නේය.

4. තෙකෝවාහි ස්ත්‍රී රජු ළඟට ගොස් මුහුණින් බිම වැටී වැඳ: අනේ රජ්ජුරුවෙනි, පිහිටවුවමැනවැයි කීවාය.

5. රජ: ඔබට මක්වෙලාදැයි ඇගෙන් ඇසුවේය. ඈද: සැබවින් මම වැන්දඹුවක්මි, මාගේ පුරුෂයා මැරුණේය.

6. ඔබගේ දාසීට පුත්‍රයන් දෙදෙනෙක් සිටියෝය, ඒ දෙදෙනා පිටතදී ඩබර කරගත්තෝය, ඔවුන් නවත්වන්ට කිසිවෙක් නොසිටිය නිසා එක්කෙනෙක් අනිකාට ගසා ඔහු මැරුවේය.

7. ඉතින් දැන් පවුලේ සියල්ලෝ ඔබගේ දාසීට විරුද්ධව නැගිට: තමාගේ සහෝදරයා මැරූ තැනැත්තා ඔහු විසින් මරනලද සහෝදරයාගේ ප්‍රාණය උදෙසා අප විසින් මරන පිණිස අපට දෙන්න, මෙසේ අපි උරුමක්කාරයාත් විනාශ කරන්නෙමුයයි කියති. මේ ආකාරයෙන් මාගේ පුරුෂයාට පොළෝ මතුපිට නාමයක්වත් දරුවෙක්වත් නොපවතින ලෙස ඔවුන් මට ඉතුරුව තිබෙන අඟුර නිවනවා ඇතැයි කීවාය.

8. රජද: ඔබ ගෙදර යන්න, මම ඔබ ගැන අණදෙමියි ස්ත්‍රියට කීවේය.

9. තෙකෝවාහි ස්ත්‍රී: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි ඒ දෝෂය මා පිටත් මාගේ පිය වංශය පිටත් වේවා. රජද රජුගේ සිංහාසනයද නිර්දෝෂවේවයි රජුට කීවාය.

10. රජද: ඔබට විරුද්ධව කථාකරන අය මා ළඟට ගෙනෙන්න, එවිට ඔහු තවත් ඔබට අතනොගසන්නේයයි කීවේය.

11. එවිට ඈ: ලේවලට පළිගන්න අය විසින් තවත් විනාශනොකරන පිණිසද ඔවුන් මාගේ පුත්‍රයා නැතිනොකරන පිණිසද රජ්ජුරුවෝ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිකෙරෙත්වයි කීවාය. ඔහුද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔබේ පුත්‍රයාගේ ඉසකෙසක්වත් බිම නොවැටෙන්නේයයි කීවේය.

12. එවිට ඒ ස්ත්‍රී: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට වචනයක් කියන්ට ඔබගේ දාසීට අවසර ලැබේවයි කීවාය. කියන්නැයි ඔහු කීවේය.

13. ස්ත්‍රීද: එසේවීනම් ඔබ දෙවියන්වහන්සේගේ සෙනඟට විරුද්ධව එබඳු දෙයක් කල්පනාකළේ මක්නිසාද? පන්නාදමනු ලැබූ තමන්ගේම තැනැත්තා නැවත ගෙන්වා නොගන්න බැවින් රජ්ජුරුවෝ දැන් කී කාරණය නිසා වරදකාරයෙක් මෙන් සිටින්නාහ.

14. කුමක්හෙයින්ද බිම වැගුරුණ වතුර එකතුකරගන්ට බැරුවාක්මෙන් අප මැරෙන්ටම ඕනෑය; දෙවියන්වහන්සේ වනාහි ප්‍රාණය හානි නොකොට, පන්නාදමනු ලැබූ අය තමන් වෙතින් තවත් පිටවහලෙකු නොවනලෙස යෝජනාකරගන්නාසේක.

15. එබැවින් මා දැන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ට මේ කාරණාව කියන්ට ඇවිත් සිටින්නේ සෙනඟ මා භයගැන්වූ නිසාය. එබැවින්: මම රජ්ජුරුවන්ට කථාකරමි; සමහර විට රජ්ජුරුවන් තමන් දාසියගේ ඉල්ලීම ඉෂ්ටකරනවා වෙන්ට පුළුවන.

16. මක්නිසාද දෙවියන්වහන්සේගේ උරුමයෙන් මාත් මාගේ පුත්‍රයාත් එක වරම නැතිකර දමන්ට හදන මනුෂ්‍යයාගේ අතින් තමන්ගේ දාසිය ගළවන්ට රජ්ජුරුවන් ඇහුම්කන්දෙනවා ඇතැයි මම සිතුවෙමි.

17. එබැවින් මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ වචනයෙන් සැනසීම ලැබේවයි ඔබගේ දාසී කීවාය. මක්නිසාද යහපත අයහපත විමසීමට මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ දෙවියන්වහන්සේගේ දූතයෙකු හා සමානය. එබැවින් ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනසේක්වයි කීවාය.

18. එවිට රජ උත්තරදෙමින්: මා ඔබෙන් අසන දෙය මාගෙන් සඟවන්ට එපායයි ස්ත්‍රියට කීවේය. ස්ත්‍රීද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ කථාකෙරෙත්වයි කීවාය.

19. රජද: මේ සියල්ල සම්බන්ධව යෝවාබ්ගේ අත ඔබ සමඟදැයි ඇසුවේය. ස්ත්‍රී උත්තරදෙමින්: මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබගේ ආත්මය ජීවත්වන බව සැබෑවාසේම මාගේ ස්වාමිවූ රජ්ජුරුවන් කී සියල්ලෙන් දකුණටවත් වමටවත් හැරෙන්ට කිසිවෙකුට නුපුළුවන. එසේය, ඔබගේ සේවකවූ යෝවාබ්ම මට අණකර ඔහුම මේ සියලු වචන ඔබගේ දාසීගේ කටට දුන්නේය.

20. ඔබගේ සේවකයාවූ යෝවාබ් මෙසේ කළේ කාරණයේ අන්දම හරවා පෙන්වන පිණිසය. නුමුත් පොළොවේ සියල්ල දැනගැනීමට මාගේ ස්වාමියාගේ ප්‍රඥාව දෙවියන්වහන්සේගේ දූතයෙකුගේ ප්‍රඥාව හා සමානයයි කීවාය.

21. එවිට රජ යෝවාබ්ට කථාකොට: මෙන්න, මම ඒ කාරණය ඉෂ්ටකෙළෙමි. ඔබ ගොස් අබ්සලොම් යෞවනයා කැඳවාගෙන එන්නැයි කීවේය.

22. යෝවාබ් මුහුණින් බිම වැටී වැඳ රජුට ස්තුතිකොට: රජ්ජුරුවන් විසින් තමන් මෙහෙකරුවාගේ ඉල්ලීම ඉෂ්ටකළ නිසා මාගේ ස්වාමිවූ රජ්ජුරුවෙනි, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබෙන බව ඔබගේ මෙහෙකරුවා දැන් දන්නේයයි කීවේය.

23. මෙසේ යෝවාබ් පිටත්ව ගෙෂූර්ට ගොස් අබ්සලොම් යෙරුසලමට කැඳවාගන ආවේය.

24. රජද: ඔහු තමාගේ ගෙදරට යේවා, ඔහු මාගේ මුහුණ නොදක්නේයයි කීවේය. එබැවින් අබ්සලොම් තමාගේ ගෙදරට හැරී ගියේය, ඔහු රජුගේ මුහුණ දුටුවේ නැත.

25. අබ්සලොම් මෙන් රූප ශෝභාව ගැන ප්‍රශංසා කටයුතු කෙනෙක් මුළු ඉශ්‍රායෙල්හි සිටියේ නැත. පතුළ පටන් හිස්මුදුන දක්වා ඔහුට කිසි කැලලක් නොවීය.

26. ඔහු තමාගේ හිසකේ අවුරුද්දෙන් අවුරුද්ද කැපුවේය; ඒවා කැපුවේ ඔහුට බරව තිබුණ නිසාය. ඔහු හිසකේ කැපූ විට එය කිරා බැලුවේය, ඒවායේ බර රාජ පඩියෙන් ෂෙකෙල් දෙසියයක් විය.

27. අබ්සලොම්ට පුත්‍රයන් තුන්දෙනෙක්ද එක දුවක්ද උපන්නෝය, ඇගේ නම තාමර්ය. ඈ ශෝභන පෙනීමක් ඇති ස්ත්‍රියෙක් වූවාය.

28. අබ්සලොම් රජුගේ මුහුණ නොදැක දෑවුරුද්දක්ම යෙරුසලමෙහි වාසයකෙළේය.

29. එවිට අබ්සලොම් යෝවාබ් රජු ළඟට යවන පිණිස ඔහුට හඬගසා ඇරියේය; නුමුත් ඔහු එන්ට කැමති නොවීය. ඔහු නැවත දෙවෙනි වර ඇරියේය, එහෙත් ඔහු එන්ට කැමතිවුණේ නැත.

30. එබැවින් ඔහු තමාගේ වැඩකාරයන්ට කථාකොට: බලන්න, යෝවාබ්ගේ කෙත මගේ කෙත ළඟය, එහි ඔහුට යව ගොයම් තිබේ; ඔබ සැම ගොස් එය ගිනිලන්නැයි කීවේය. අබ්සලොම්ගේ මෙහෙකරුවෝ ඒ කෙතට ගිනි තිබුවෝය.

31. එවිට යෝවාබ් නැගිට අබ්සලොම් ළඟට ඔහුගේ ගෙදරට ඇවිත්: ඔබේ වැඩකාරයන් මාගේ කෙතට ගිනිතැබුවේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවේය.

32. අබ්සලොම්ද යෝවාබ්ට කථාකොට: මම ගෙෂූර් සිට කුමට ආයෙම්ද? මේ වනතුරුත් එහි සිටියෙම් නම් මට හොඳය කියා කියන්ට ඔබ රජු වෙතට යවන පිණිස, මෙහි එන්න කියා ඔබට කියා එවුවෙමි. ඉතින් මට රජුගේ මුහුණ දකින්ට ලැබේවා; මා තුළ අපරාධයක් ඇත්නම් ඔහු මා මැරුවාවේයි කීවේය.

33. යෝවාබ් රජු ළඟට ඇවිත් එපවත් ඔහුට දැන්නුවේය. ඔහු අබ්සලොම් කැඳවූ කල හෙතෙම රජු ළඟට ඇවිත් රජු ඉදිරියෙහි මුහුණින් බිමට නැමී වැන්දේය. රජද අබ්සලොම් සිඹගත්තේය.

About 2 සාමුවෙල් Chapter 14

Read 2 සාමුවෙල් Chapter 14 online from the Holy Bible. This chapter is part of the Book of 2 සාමුවෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 2 සාමුවෙල්
Chapter: 14
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 2 සාමුවෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 2 සාමුවෙල් Chapter 14 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 2 සාමුවෙල් Chapter 14?

2 සාමුවෙල් Chapter 14 is part of the Book of 2 සාමුවෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 2 සාමුවෙල් Chapter 14 online for free with easy chapter navigation.

More Chapters from 2-සාමුවෙල්

  1. 2 සාමුවෙල් Chapter 20
  2. 2 සාමුවෙල් Chapter 18
  3. 2 සාමුවෙල් Chapter 1
  4. 2 සාමුවෙල් Chapter 21
  5. 2 සාමුවෙල් Chapter 12
  6. 2 සාමුවෙල් Chapter 11
  7. 2 සාමුවෙල් Chapter 7

Explore More from පැරණි ගිවිසුම

  1. ගීතාවලිය Chapter 34
  2. නික්මයාම Chapter 6
  3. උත්පත්ති Chapter 5
  4. එසකියෙල් Chapter 34
  5. ගීතාවලිය Chapter 147
  6. හබක්කුක් Chapter 2
  7. එස්තර් Chapter 5

Related Chapters & Readings

  1. යෙසායා Chapter 39
  2. 2 ලේකම් Chapter 18
  3. දානියෙල් Chapter 4
  4. 1 තිමෝති Chapter 2
  5. හිතෝපදේශ Chapter 30
  6. ශු. මතෙව් Chapter 25
  7. 2 රාජාවලිය Chapter 23
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *