1 රාජාවලිය Chapter 7

For English

Read 1 රාජාවලිය Chapter 7 Online

Read 1 රාජාවලිය Chapter 7 online from the Holy Bible. This chapter is part of the Book of 1 රාජාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 රාජාවලිය and the Holy Bible online.

Choose a Chapter

1 රාජාවලිය 7

පරිච්ඡේදය 7

1. සාලමොන් තමාගේම ගෘහය දහතුන් අවුරුද්දකින් ගොඩනැඟුවේය, තමාගේ මුළු ගෘහයද අවසානකෙළේය.

2. ඔහු ලෙබනොන් වනය නම් ගෘහය ගොඩනැගීය; කිහිරි කණු පේළි සතරක්ද ඒ කණු පිට කිහිරි දැවද ඇතුව එය සාදන ලද්දේය. එහි දිග රියන් සියයක්ය, පළල රියන් පනහක්ය, උස රියන් තිහක්ය.

3. කණු පිට පේළියට පසළොසක් බැගින් පිහිටුවා තිබුණ කාමර සතළිස් පහ කිහිරි ලීවලින් උඩින් වසා තිබුණේය,

4. ජනෙල තට්ටු තුනක් තිබුණේය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා තිබුණේය.

5. සියලු දොරකඩවල්ද උළුවහුද ජනෙලවලට කෙළින් සතරැස්ව තිබුණේය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා තිබුණේය.

6. ඔහු රියන් පනහක් දිගද රියන් තිහක් පළලද ඇති කුළුනු ශාලාවත් සෑදුවේය; ඒවා ඉදිරිපිට කුළුනුද පඩි පෙළක්ද ඇති තවත් ශාලාවකුත් ඒවා ඉදිරිපිට සෑදුවේය.

7. ඔහු විනිශ්චයකරන පිණිස සිංහාසනයේ ශාලාව වන අධිකරණ ශාලාවත් සෑදුවේය. එය බිම පටන් උඩ තට්ටුව දක්වා කිහිරි ලීවලින් වසන ලද්දේය.

8. ඔහුට වාසයකිරීමට ශාලාවට එහා පැත්තෙන් අනික් මිදුලේ තිබුණ ඔහුගේ ගෘහය ඊට සමානව සාදන ලද්දේය. ඒ ශාලාවට සමානවූ ගෙයක් සාලමොන් තමා භාර්යාකොට පාවාගත් ඵාරාවෝගේ දුවටත් සෑදුවේය.

9. මේ සියල්ලම කියතෙන් ඉරා කැපූ ගල්වල මිමිවල හැටියට ඇතුළෙනුත් පිටිනුත් අත්තිවාරමේ පටන් පේකඩය දක්වාද පිටත සිට මහ මිදුල දක්වාද අනර්ඝ ගල්වලින් විය.

10. අත්තිවාරමද මහත්වූ අනර්ඝවූ ගල්වලින් එනම් දස රියන්වූ ගල්වලින්ද අට රියන්වූ ගල්වලින්ද දමා තිබුණේය.

11. ඊ පිට කැපූ ගල්වල මිමිවල හැටියට අනර්ඝවූ ගල්ද කිහිරි ලීද තිබුණේය.

12. වටකර තිබුණ මහ මිදුල කැපූ ගල් පේළි තුනකින්ද කිහිරි දැව පේළියකින්ද සාදන ලද්දේය; ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ඇතුළු මිදුලත් ගෘහයේ ශාලාවත් එසේමය.

13. සාලමොන් රජ තීර්හි සිට හීරාම් ගෙන්වා ගත්තේය.

14. ඔහු නප්තලී ගෝත්‍රයේ වැන්දඹු ස්ත්‍රියෙකුගේ පුත්‍රයෙක්ය, ඔහුගේ පියා තීර්හි මනුෂ්‍යයෙක්වූ ලෝකුරුවෙක්ය; ඔහු සියලු ආකාර පිත්තල වැඩකිරීමට ප්‍රඥාවෙන්ද තේරුමෙන්ද දැනගැන්මෙන්ද පූර්ණව සිටියේය. ඔහු සාලමොන් රජු ළඟට ඇවිත් ඔහුගේ සියලු වැඩ කෙළේය.

15. ඔහු පිත්තල කුළුනු දෙක සෑදුවේය. එක එක කුළුනේ උස දහ අට රියනක්ය, එක එක කුළුනේ වට ප්‍රමාණය දොළොස් රියනක්ය.

16. කුළුනු මුදුන් පිට තබන්ට ඔහු පිත්තල පේකඩ දෙකක් වාත්තුකර සෑදුවේය. එක පේකඩයක උස රියන් පහක්ය, අනික් පේකඩයේ උස රියන් පහක්ය.

17. කුළුනු මුදුන්පිට තිබුණු පේකඩවලට දැල් වැඩද දම්වැල් මාලා වැඩද තිබුණේය; එක පේකඩයට සතක්ද අනික් පේකඩයට සතක්ද තිබුණේය.

18. කුළුනු මුදුන් පිට තිබුණ පේකඩ වසන පිණිස එක එක පේකඩයේ දැල් වැඩ පිට වටකරින්ම ඔහු දෙළුම් ගෙඩි පේළි දෙකක් සෑදුවේය.

19. ශාලාවේ කුළුනු මුදුන් පිට තිබුණ පේකඩවල මානෙල් වැඩ සතර රියනක් සාදා තිබුණේය.

20. කුළුනු දෙකේ පේකඩවල දැල් කර්මාන්තයට උඩින් ඛන්ඩිය ළඟ එක එක පේකඩය වටකර දෙළුම් දෙසියයක් පේළිවල තිබුණේය.

21. ඔහු දේවමාලිගාවේ ශාලාව ඉදිරිපිට ඒ කුළුනු පිහිටෙව්වේය. දකුණු කුළුන පිහිටුවා ඊට යාකීන් යන නමද වම් කුළුන පිහිටුවා ඊට බෝවස් යන නමද තැබුවේය.

22. කුළුනු මුදුන්වල මානෙල් වැඩ තිබුණේය. මෙසේ කුළුනුවල වැඩ නිමකරනලද්දේය.

23. ඔහු ජලාධාරයත් වාත්තුකර සෑදුවේය. ඒක ගැටියේ එක පැත්තක සිට අනික් පැත්ත දක්වා රියන් දසයක්ය; ඒක වටකුරුව තිබුණේය. ඒකේ උස පස්රියනක් විය; ඒකේ වට ප්‍රමාණය තිස්රියනක් විය.

24. ඒකේ ගැටියට යටින් ඒක වටකර රියනකට කැකිරි දසයක් බැගින්, ඒක වාත්තුකරනවිට වාත්තුකළ දෙපේළියක කැකිරි ගෙඩි ජලාධාරය වටකරින්ම තිබුණේය.

25. එය ගව රූප දොළොසක් පිට තබා තිබුණේය, තුනක් උතුරු දෙසටද තුනක් බස්නාහිර දෙසටද තුනක් දකුණු දෙසටද තුනක් නැගනෙහිර දෙසටද හැරී තිබුණේය. ජලාධාරය ඒවාට උඩින් ඒවා පිට තබා තිබුණේය, ඒවායේ පස්සා කොට්ඨාස සියල්ලම ඇතුළට තිබුණේය.

26. ඒකේ ඝනකම අල්ලක පළලය; ඒකේ ගැටිය පාත්‍රයක ගැටිය මෙන් මානෙල් මලක් ලෙස සාදන ලද්දේය. එහි බාත්7:26 බාත් එකක් ගැලොම් 8 ½ කි. දෙදාහක් ඇල්ලුවේය.

27. ඔහු අඩි දසයක් පිත්තලෙන් සෑදුවේය; එක එක අඩියේ දිග සතර රියනක්ය, පළල සතර රියනක්ය, උස තුන් රියනක්ය.

28. අඩිවල වැඩ මෙසේය: ඒවා පනේල ආකාරව තිබුණේය; පනේල සන්ධිවලට අතරේ තිබුණේය.

29. එසේ සන්ධිවලට අතරේ පනේල පිට සිංහ රූපද ගව රූපද කෙරුබ් රූපද වූහ; සන්ධි පිටත් ඉහළ පැත්ත එසේම තිබුණේය. සිංහයන්ටත් ගවයන්ටත් යටින් එල්ලෙන මාලා කර්ම තිබුණේය.

30. එක එක අඩියට පිත්තල රෝද සතරක්ද පිත්තල අලවංගුද තිබුණේය. ඒකේ අඩි සතරට ආධාරවල් තිබුණේය. සෝදන භාජනය යට එක එක පැත්තේ මාලා ඇත්තාවූ වාත්තු කළ ආධාරවල්ද විය.

31. පේකඩය ඇතුළෙත් ඉහලත් ඒකේ කට හරහා රියනක් විය. කුළුනු අඩියක වැඩ ඇතුව ඒකේ කට වටකුරුව රියන් එකහමාරක් උසව තිබුණේය. ඒකේ කට පිට කැටයම් වැඩ තිබුණේය, නුමුත් ඒවායේ පනේල වටකුරුව නොව සතරැස්ව තිබුණේය.

32. රෝද සතර පනේලවලට යටින් තිබුණේය; රෝදවල අලවංගු අඩිවලට අල්ලා තිබුණේය. එක එක රෝදයේ උස රියන් එකහමාරක්ය.

33. රෝදවල වැඩ රථ රෝදයක වැඩයට සමානය. ඒවායේ අලවංගුද වක්අතුද දත්ද බොස්ගෙඩිද සියල්ලම වාත්තුකරන ලද්දේය.

34. එක එක අඩියේ කොන් සතරට අඩිය එක්කම සාදාපු ආධාර සතරක් විය.

35. අඩියේ මුදුන රියන් භාගයක් උසට වටකුරුකර තිබුණේය. අඩියේ මුදුනෙහි තිබුණ ඒකේ අත්ද පනේලද එය එක්කම සාදා තිබුණේය.

36. ඔහු ඒකේ අත්වල ලෑලිවලද ඒකේ පනේලවලද ඒ ඒ ඉඩ ප්‍රමාණයට කෙරුබ් රූපද සිංහ රූපද තල් ගස්ද කැටයම්කළේය; වටේට මාලාද තිබුණේය.

37. මේ අන්දමට ඔහු අඩි දසය සෑදුවේය. ඒ සියල්ලට තිබුණේ එක වාත්තුවත් එක මිම්මත් එක හැඩයත්ය.

38. තවද සේදීම පිණිස පිත්තල භාජන දශයක් ඔහු සෑදුවේය. එක එක භාජනයේ බාත් සතළිසක් ඇල්ලුවේය. එක එක භාජනය රියන් හතරක් පළලය. අඩි දසයෙන් එක එක අඩිය පිට භාජනයත් තිබුණේය.

39. ඔහු අඩි පහක් ගෘහයට දකුණු පැත්තෙන්ද පහක් ගෘහයට වම් පැත්තෙන්ද තැබුවේය. ජලාධාරය වනාහි ඔහු ගෘහයට දකුණු පැත්තෙන් පූර්ව දිශාවටත් දකුණු දිශාවටත් අතරේ තැබුවේය.

40. තවද හීරාම් සෝදන භාජනද හැඳිද තාලිද සෑදීය. මෙසේ හීරාම් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් රජුට කළ සියලු වැඩ නිමකෙළේය.

41. එනම් කුළුනු දෙකක්ද කුළුනු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙකද කුළුනු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙකද,

42. කුළුනු පිට තිබුණ පේකඩවල ගෝල දෙක වැසීමට එක එක දැල් වැඩේට දෙළුම් දෙපේළියක් බැගින් දැල් වැඩ දෙකට දෙළුම් හාරසියයද;

43. අඩි දසයද අඩි පිට තිබුණ භාජන දසයද;

44. ඒ එක ජලාධාරයද ජලාධාරය යට තිබුණ ගවයන් දොළසද;

45. හැළිද හැඳිද තාලිද යන මේවාය. හීරාම් ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් රජුට සෑදූ මේ සියලු බඩු ඔපදැමූ පිත්තලෙන් විය.

46. රජ යොර්දාන් සමභූමියෙහි සුක්කොත් හා ශාරෙතත් අතරේ තිබෙන මැටි භූමියෙහි ඒවා වාත්තුකෙරෙව්වේය.

47. ඒ සියලු බඩු ඉතා මහත් ගණනක්ව තිබුණ බැවින් සාලමොන් ඒවා නොකිරා හැරියේය. පිත්තලවල බරද දැනගත්තේ නැත.

48. සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි සියලු බඩු එනම් රන් පූජාසනයද පිදීමේ රොටි තැබීමට රන් මේසයද,

49. දිව්‍ය-වාක්‍යස්ථානය ඉදිරිපිට දකුණු පැත්තෙත් වම් පැත්තෙත් පහක් බැගින් තැබීමට අනර්ඝ රනින් පහන්රුක්ද මල්ද පහන්ද අඬුද,

50. අනර්ඝ රනින් තලිද පහන් කතුරුද තාලිද පාත්‍රාද ගිනි භාජනද රනින් ඇතුල් ගෘහය වන අති ශුද්ධස්ථානයේ දොරවලටත් ගෘහය වන මාලිගාවේ දොරවලටත් රන් අසව්-විලිද සෑදෙව්වේය.

51. මෙලෙස සාලමොන් රජ ස්වාමීන්වහන්සේගේ ගෘහය උදෙසා කෙරෙවු සියලු වැඩ නිමවිය. සාලමොන් තමාගේ පියවූ දාවිත් විසින් කැපකළදේ එනම් රිදීද රන්ද බඩුද ඇතුළට ගෙනවුත් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ගබඩාවල තැබුවේය.

About 1 රාජාවලිය Chapter 7

Read 1 රාජාවලිය Chapter 7 online from the Holy Bible. This chapter is part of the Book of 1 රාජාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 රාජාවලිය
Chapter: 7
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 රාජාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 රාජාවලිය Chapter 7 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 රාජාවලිය Chapter 7?

1 රාජාවලිය Chapter 7 is part of the Book of 1 රාජාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 රාජාවලිය Chapter 7 online for free with easy chapter navigation.

More Chapters from 1-රාජාවලිය

  1. 1 රාජාවලිය Chapter 18
  2. 1 රාජාවලිය Chapter 19
  3. 1 රාජාවලිය Chapter 20
  4. 1 රාජාවලිය Chapter 22
  5. 1 රාජාවලිය Chapter 13
  6. 1 රාජාවලිය Chapter 17
  7. 1 රාජාවලිය Chapter 11

Explore More from පැරණි ගිවිසුම

  1. එස්රා Chapter 7
  2. උත්පත්ති Chapter 8
  3. මලාකි Chapter 3
  4. උත්පත්ති Chapter 7
  5. ගීතාවලිය Chapter 52
  6. හග්ගයි Chapter 1
  7. මීකා Chapter 7

Related Chapters & Readings

  1. එසකියෙල් Chapter 20
  2. ශු. ලූක් Chapter 5
  3. ද්වීතීය කථාව Chapter 26
  4. හොෂෙයා Chapter 7
  5. යෝබ් Chapter 32
  6. ශු. මාර්ක් Chapter 12
  7. ගීතාවලිය Chapter 119
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *