1 සාමුවෙල් Chapter 10

For English

Read 1 සාමුවෙල් Chapter 10 Online

Read 1 සාමුවෙල් Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 1 සාමුවෙල් and the Holy Bible online.

Choose a Chapter

1 සාමුවෙල් 10

පරිච්ඡේදය 10

1. එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත්කොට ඔහු සිඹ: ස්වාමීන්වහන්සේ තමන්ගේ උරුමය කෙරෙහි අධිපතියාකොට ඔබ ආලේපකළසේක් නොවේදැයි කීය.

2. ඔබ අද මා ළඟින් පිටත්ව යන විට බෙන්යමින් සීමාවේ ශෙල්ශාහි තිබෙන රාඛෙල්ගේ සොහොන්පළ ළඟදී මනුෂ්‍යයන් දෙදෙනෙක් ඔබට සම්බවන්නෝය; ඔවුන් ඔබට කථාකොට-ඔබ සොයන්ට ගිය කොටළුවෝ සම්බවුණෝය. ඔබේ පියාණෝ කොටළුවන්ගේ කාරණය අත්හැර: මාගේ පුත්‍රයා ගැන මක්කරම්දැයි කියමින් ඔබ සැම ගැන ශෝකවන්නේයයි කියනවා ඇත.

3. එවිට ඔබ එතැනින් තවත් දුර ගොස් තාබොර්හි අලෝන වෘක්ෂය ළඟට පැමින්නාම, එක්කෙනෙක් එළුපැටියන් තුන්දෙනෙක්ද එක්කෙනෙක් රොටි තුනක්ද එක්කෙනෙක් මුද්‍රිකපාන භාජනයක්ද රැගෙන දෙවියන්වහන්සේ ළඟට බෙතෙල්ට යන මනුෂ්‍යයන් තුන්දෙනෙක් ඔබට සම්බවන්නෝය.

4. ඔවුන් ඔබට ආචාර කොට රොටි දෙකක් ඔබට දෙනවා ඇත; ඒවා ඔවුන් අතින් පිළිගන්න.

5. ඊට පසුව ඔබ පිලිස්තිවරුන්ගේ මුර සමුදාව සිටින දෙවියන්වහන්සේගේ කන්දට පැමිණෙන්නෙහිය. ඔබ එහි නුවරට ඇතුල්වෙන විට ප්‍රොපේත කණ්ඩායමක් තමුන්ට පෙරටුව වීණාවක්ද රබානක් ද නලාවක්ද කුඩා වීණාවක්ද ඇතුව ධර්මවාක්‍ය පවසමින් උස් තැනින් බැස එනවා ඔබට සම්බවන්නේය.

6. එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය ආනුභාසම්පන්නව ඔබ කෙරෙහි බලවත් ලෙස පැමිණෙන්නේය, ඔබ ඔවුන් සමඟ ධර්මවාක්‍ය පවසමින් අන්‍යාකාර මනුෂ්‍යයෙක් වන්නෙහිය.

7. මේ ලකුණු ඔබට පැමිණි කල ඔබ ප්‍රස්තාවේ හැටියට ක්‍රියාකරන්න; මක්නිසාද දෙවියන්වහන්සේ ඔබ සමඟ සිටිනසේක.

8. ඔබ මට පෙරටුව ගිල්ගාල්ට යන්න; මම වනාහි දවන පූජා ඔප්පුකරන පිණිසත් ශාන්ති පූජාවල යාගයන් පූජාකරන පිණිසත් ඔබ ළඟට එන්නෙමි. මා ඔබ ළඟට ඇවිත් ඔබ කළයුතු දේ ඔබට දන්වන තුරු සත් දවසක් බලාසිටින්නැයි කීවේය.

9. තවද ඔහු සාමුවෙල් වෙතින් යන්ට පිටිපෑ කල දෙවියන්වහන්සේ ඔහුට අමුතු සිතක් දුන්සේක. ඒ සියලු ලකුණු ඒ දවසේදී සිද්ධවුණේය.

10. ඔවුන් ඒ හෙල ළඟට පැමිණි කල, බලව, ප්‍රොපේත කණ්ඩායමක් ඔහුට සම්බවිය; දෙවියන්වහන්සේගේ ආත්මයද ඔහු කෙරෙහි ආනුභාසම්පන්නව පැමිණියේය, එවිට ඔහු ඔවුන් අතරේ ධර්මවාක්‍ය පැවසුවේය.

11. පළමු ඔහු ඇඳින සිටි හැමදෙනාම ඔහු ප්‍රොපේතවරුන් සමඟ ධර්මවාක්‍ය පවසනවා දුටු කල ඔවුනොවුන්ට කථාකොට: කීෂ්ගේ පුත්‍රයාට මේ මක්වෙලාද? සාවුලුත් ප්‍රොපේතවරුන් සමඟ සිටිනවාදැයි කීවෝය.

12. ඒ ස්ථානයේ එක්කෙනෙක් උත්තරදෙමින්: ඔවුන්ගේ පියා කවුදැයි කීවේය. එබැවින්: සාවුලුත් ප්‍රොපේතවරුන් අතරේ සිටින්නේද යන කීමක් හටගත්තේය.

13. ඔහු ධර්මවාක්‍ය පවසා නිමවූ කල උස් තැනට ආයේය.

14. සාවුල්ගේ බාප්පා: ඔබ සැම කොතැනට ගියාදැයි ඔහුගෙන්ද ඔහුගේ වැඩකාරයන්ගෙන්ද ඇසුවේය. අපි කොටළුවන් සොයන්ට ගියෙමුව. උන් නැති බව දුටු විට අපි සාමුවෙල් ළඟට පැමුණුණෙමුයයි ඔහු කීවේය.

15. සාමුවෙල් ඔබ සැමට කීවේ මොකද කියා මට කියන්නැයි සාවුල්ගේ බාප්පා කීය.

16. සාවුල්ද: කොටළුවන් සම්බවුණ බව ඔහු අපට පැහැදිලි ලෙස දැන්නුවේයයි තමාගේ බාප්පාට කීවේය. නුමුත් රජකම ගැන සාමුවෙල් කී කාරණය ඔහුට දැන්නුවේ නැත.

17. සාමුවෙල් ස්වාමීන්වහන්සේ වෙතට මිශ්පාට සෙනඟ රැස්කරවා,

18. ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මම ඉශ්‍රායෙල් මිසරයෙන් ගෙනැවිත් මිසරවරුන්ගේ අතින්ද ඔබ සැමට පීඩාකළ සියලු රාජ්‍යයන්ගේ බලයෙන්ද ඔබ සැම ගළවාගතිමි.

19. එහෙත් ඔබ සැමගේ සියලු විපත්තිවලින්ද පීඩාවලින්ද ඔබ සැම ගැළෙවූ ඔබ සැමගේ දෙවියන්වහන්සේ ඔබ සැම අද එපාකර: රජකෙනෙකු අප කෙරෙහි පත්කරන්ට ඕනෑයයි උන්වහන්සේට කීවහුය. එබැවින් දැන් ඔබ සැමගේ ගෝත්‍ර හා දහස් ගණන් ප්‍රකාරයට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටින්නැයි කියනසේකැයි කීවේය.

20. මෙසේ සාමුවෙල් සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රයන් ළංකෙරෙවු විට බෙන්යමින් ගෝත්‍රය ගන්නාලද්දේය.

21. බෙන්යමින් ගෝත්‍රය පවුල් වශයෙන් ළංකෙරෙවු විට මට්රීගේ පවුල ගන්නා ලද්දේය. කීෂ්ගේ පුත්‍රවූ සාවුල්ද ගන්නාලද්දේය; නුමුත් ඔවුන් ඔහු සෙවූ විට ඔහු සම්බවුණේ නැත.

22. එබැවින් ඔව්හු: ඒ මනුෂ්‍යයා දැන් මෙහි ඇවිත් සිටීදැයි වැඩිදුරටත් ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය. ස්වාමීන්වහන්සේ උත්තරදෙමින්: ඔහු බඩු අතරේ සැඟවී ඉන්නවායයි කීසේක.

23. ඔව්හු දුවගොස් ඔහු එතැනින් ගෙනාවෝය; ඔහු සෙනඟ අතරේ සිටි කල උරඉස් පටන් ඉහළට හැමදෙනාටම වඩා උස්ව සිටියේය.

24. සාමුවෙල් මුළු සෙනඟට කථාකොට: ස්වාමීන්වහන්සේ තෝරාගත් තැනැත්තාට සමාන කෙනෙක් මුළු සෙනඟ අතරේ නැති බව ඔබ සැමට පෙනෙනවාදැයි කීවේය. මුළු සෙනඟද රජු සැරදේවා කියා මොරගැසූහ.

25. එවිට සාමුවෙල් රජකමේ විධිය සෙනඟට කියාදී, ඒක පොතෙහි ලියා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තැබුවේය. සාමුවෙල් මුළු සෙනඟ හරිනුයේ, එකිනෙකා තම තමාගේ ගෙදරට යන්ට හැරියේය.

26. සාවුල් වනාහි ගිබියාහි තිබුණ තමාගේ ගෙදරට ගියේය; දෙවියන්වහන්සේ විසින් සිත පොළොඹවනලද සේනාවද ඔහු සමඟ ගියාය.

27. නුමුත් සමහර දුර්ජනයෝ. කථාකොට: මේ මනුෂ්‍යයා අප ගළවන්නේ කොහොමදැයි කියා ඔහු සුළුකොට සිතා ඔහුට කිසි තෑග්ගක් නොගෙනාවෝය. නුමුත් ඔහු නිශ්ශබ්දව සිටියේය.

About 1 සාමුවෙල් Chapter 10

Read 1 සාමුවෙල් Chapter 10 online from the Holy Bible. This chapter is part of the Book of 1 සාමුවෙල් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 1 සාමුවෙල්
Chapter: 10
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 1 සාමුවෙල්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 1 සාමුවෙල් Chapter 10 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 1 සාමුවෙල් Chapter 10?

1 සාමුවෙල් Chapter 10 is part of the Book of 1 සාමුවෙල් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 1 සාමුවෙල් Chapter 10 online for free with easy chapter navigation.

More Chapters from 1-සාමුවෙල්

  1. 1 සාමුවෙල් Chapter 11
  2. 1 සාමුවෙල් Chapter 24
  3. 1 සාමුවෙල් Chapter 20
  4. 1 සාමුවෙල් Chapter 7
  5. 1 සාමුවෙල් Chapter 30
  6. 1 සාමුවෙල් Chapter 22
  7. 1 සාමුවෙල් Chapter 21

Explore More from පැරණි ගිවිසුම

  1. ගණන් කථාව Chapter 13
  2. 2 රාජාවලිය Chapter 17
  3. යෝෂුවා Chapter 18
  4. 1 සාමුවෙල් Chapter 3
  5. 1 රාජාවලිය Chapter 5
  6. 1 ලේකම් Chapter 22
  7. යෙරෙමියා Chapter 29

Related Chapters & Readings

  1. හිතෝපදේශ Chapter 29
  2. නික්මයාම Chapter 2
  3. හෙබ්රෙනව් Chapter 9
  4. එළිදරව් Chapter 2
  5. ගීතාවලිය Chapter 73
  6. දානියෙල් Chapter 9
  7. රූත්ගේ කථාව Chapter 3
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *