Read ලෙවී කථාව Chapter 19 Online
Read ලෙවී කථාව Chapter 19 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ලෙවී කථාව and the Holy Bible online.
Choose a Chapter
ලෙවී කථාව 19
පරිච්ඡේදය 19
1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:
2. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට මෙසේ කියන්න-ඔබ සැම ශුද්ධව සිටිය යුතුය. මක්නිසාද ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම ශුද්ධය.
3. ඔබ සැම එකිනෙකා තමතමාගේ මවුටද පියාටද භයවිය යුතුය, මාගේ සබත් රක්ෂාකළ යුතුය. මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
4. රූප වෙතට නොහැරෙන්න, වාත්තු දේවතාවුන් සාදානොගන්න. මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
5. ඔබ සැම ශාන්ති පූජාවක් ස්වාමීන්වහන්සේට පූජාකරන කල ඔබ සැම පිළිගනු ලබන ලෙස එය පූජාකළ යුතුය.
6. එය ඔබ සැම විසින් පූජාකරන දවසේදීද පසු දවසේදීද කෑ යුතුය. තුන්වෙනි දවස දක්වා කිසිවක් ඉතුරුව තිබුණොත් ඒවා ගින්නෙන් දවනු ලැබිය යුතුය.
7. එයින් කිසිවක් තුන්වෙනි දවසේදී කෑවොත් එය පිළිකුල්ය; එය පිළිගනු නොලබන්නේය.
8. එය කන තැනැත්තේ තමාගේ අපරාධය දරන්නේය, මක්නිසාද ඔහු ස්වාමීන්වහන්සේගේ ශුද්ධවූ දේ අපවිත්‍රකෙළේය. ඒ තැනැත්තා තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.
9. ඔබ සැමගේ දේශයේ ගොයම් කපන කල ඔබේ කෙතේ මුලු තීන්දුවට කපා නොගන්න, කපන විට වැටෙන කරල් එකතුකර නොගන්න.
10. ඔබේ මිදිවත්තේ දෙවරක් වලු කපානොගන්න, ඔබේ මිදිවත්තේ වැටී තිබෙන ඵල එකතු නොකරන්න. දිළින්දාට විදේශියාටද ඒවා අත්හරින්න. මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
11. සොරකම් නොකරන්න; වංචා නොකරන්න, ඔවුනොවුන්ට බොරු නොකියන්න.
12. ඔබේ දෙවියන්වහන්සේගේ නාමයට අපහාස නොපැමිණෙන පිණිස මාගේ නාමයෙන් බොරුවට නොදිවුරන්න. මම ස්වාමීන්වහන්සේය.
13. ඔබේ අසල්වාසියාට හිංසා නොකරන්න, ඔහුගෙන් කොල්ල නොකන්න. කුලීකාරයාගේ කුලී පසුවදා උදය වනතුරු රෑ මුළුල්ලේ ඔබ වෙත නොතිබිය යුතුය.
14. බිහිරාට දෙස් නොකියන්න, අන්ධයාට ඉස්සරහ පැකිළවන දෙයක් නොතබා, ඔබේ දෙවියන්වහන්සේට භයව සිටින්න. මම ස්වාමීන්වහන්සේය.
15. විනිශ්චයේදී අධර්මිෂ්ඨකමක් නොකරන්න. දිළිඳාගේ තරම සැලකීමෙන්වත් බලවතාගේ තත්ත්වයට ගරුකිරීමෙන්වත් නොව ධර්මිෂ්ඨකමින් ඔබේ අසල්වාසියා විනිශ්චයකරන්න.
16. ඔබේ සෙනඟ අතරෙහි කේලාම් කියමින් ඔබමොබ නොයන්න. ඔබේ අසල්වාසියාගේ ප්‍රාණයට විරුද්ධව නොනැගිටින්න. මම ස්වාමීන්වහන්සේය.
17. ඔබේ සිතින් සහෝදරයාට වෛරනොවෙන්න. ඔබේ අසල්වාසියාගේ හේතුවෙන් ඔබ පාපය නොදරන පිණිස සැබවින් ඔහුට තරවටු කරන්න.
18. පළිගන්නේවත් ඔබේ සෙනඟගේ පුත්‍රයන්ට විරුද්ධව කිසි වෛරයක් පවත්වන්නේවත් නැතුව ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේමකරන්න. මම ස්වාමීන්වහන්සේය.
19. මාගේ පනත් රක්ෂාකරන්න. ඔබේ ගවයන්ට වෙනස් වර්ගයක සතුන් සමඟ සංවාසය කරන්ට ඉඩ නොදියයුතුය. දෙවර්ගයක බීජ ඔබේ කෙතේ නොවපුළ යුතුය. දෙවර්ගයක නූල් මිශ්‍රකර වියාපු වස්ත්‍රයක් හැඳ නොගත යුතුය.
20. පුරුෂයෙකුට විවාහබස් දී කිසිසේත් මුදනු නොලැබ, නිදහස ලබානොගෙන, සිටින දාසියක් සමඟ යමෙක් සංවාසය කළොත් ඔවුන්ට දඬුවම්කළ යුතුය; ඈ නිදහස්ව නොසිටි නිසා ඔව්හු මරනු නොලබන්නෝය.
21. ඔහු තමාගේ අපරාධ පූජාවට බැටළුවෙකු සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට අපරාධ පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේ වෙතට ගෙනා යුතුය.
22. පූජකයාද ඔහු කළ පාපය ගැන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි අපරාධ පූජාවේ බැටළුවාගෙන් ඔහු උදෙසා සමඟිකමක් කෙරේවා. එවිට ඔහු කළ පාපය ගැන ඔහුට ක්ෂමාව ලැබේ.
23. ඔබ සැම දේශයට අවුත් ආහාර පිණිස සියලු ආකාර ගස් සිටෙවු කල එහි ඵල ඒවායේ අචර්මඡේද්‍යය මෙන් සලකන්න. ඒවා තුන් අවුරුද්දක් ඔබ සැමට අචර්මඡේද්‍යය මෙන් තිබිය යුතුය; ඒවා නොකෑ යුතුය.
24. එහෙත් සතරවෙනි අවුරුද්දේ එහි සියලු ඵල ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේ මංගල්‍යයක් පිණිස ශුද්ධ වන්නේය.
25. ඒවායේ ඵල ප්‍රයෝජන ඔබ සැමට වැඩි වන ලෙස පස්වෙනි අවුරුද්දේ ඒවායේ ඵල කන්න. මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
26. ඔබ සැම ලේ සමඟ කිසිවක් නොකෑ යුතුය. ශාස්ත්‍ර නොබලන්න, මායම් භාවිතා නොකරන්න.
27. ඔබ සැමගේ නළල් කෙළවරවල් වට නොකළ යුතුය, ඔබ සැමගේ රැවුලේ කොන් නොකැපිය යුතුය.
28. මළවුන් නිසා ඔබ සැමගේ ශරීරවල කැපුමක් කර නොගන්න, ඔබ සැමගේ ශරීරයෙහි කිසි සායම් ලකුණක්ද කොටා නොගන්න. මම ස්වාමීන්වහන්සේය.
29. දේශය වේශ්‍යාකමට වැටී දූෂ්‍යකමින් නොපිරෙන පිණිස ඔබේ දුව වේශ්‍යාකමට දී අපවිත්‍ර නොකරන්න.
30. මාගේ සබත් රක්ෂාකරන්න, මාගේ ශුද්ධස්ථානයට ගෞරව කරන්න. මම ස්වාමීන්වහන්සේය.
31. ආත්ම බන්ධනකාරයන් දෙසටවත් ශාස්ත්‍රකාරයන් දෙසටවත් නොහැරෙන්න; ඔවුන්ගෙන් අපවිත්‍ර නොවන පිණිස ඔවුන් සොයා නොයන්න. මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
32. පැසුණු හිසකේ ඇත්තා ඉදිරියෙහි නැගිට සිටින්න, මහල්ලාගේ මුහුණට ගෞරවකරන්න. ඔබේ දෙවියන්වහන්සේට භයවෙන්න; මම ස්වාමීන්වහන්සේය.
33. විදේශියෙක් ඔබ සැමගේ දේශයෙහි ඔබ ළඟ වසන්නේනම් ඔහුට අයුත්තක් නොකරන්න.
34. ඔබ සැම ළඟ වාසයකරන විදේශියා ඔබ සැම අතරෙහිම උපන්නෙකු මෙන් වේවා, ඔබට මෙන් ඔහුට ප්‍රේමකරන්න; මක්නිසාද ඔබ සැම මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය. මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
35. විනිශ්චයයෙන්වත් මනින දණ්ඩෙන්වත් කිරුමෙන්වත් මැනීමෙන්වත් අධර්මිෂ්ඨකම් නොකරන්න.
36. හරි තරාදිද හරි බරද හරි ඒඵාවක්ද හරි හිනක්ද ඔබ සැමට තබාගන්න. මම මිසර දේශයෙන් ඔබ සැම ගෙනාවාවූ ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
37. එබැවින් ඔබ සැම මාගේ සියලු පනත්ද මාගේ සියලු විනිශ්චයයන්ද පවත්වා ඒවා ඉෂ්ටකරන්න. මම ස්වාමීන්වහන්සේයයි කීසේක.
About ලෙවී කථාව Chapter 19
Read ලෙවී කථාව Chapter 19 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ලෙවී කථාව
Chapter: 19
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ලෙවී කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ලෙවී කථාව Chapter 19 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ලෙවී කථාව Chapter 19?
ලෙවී කථාව Chapter 19 is part of the Book of ලෙවී කථාව in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ලෙවී කථාව Chapter 19 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 20
- නික්මයාම Chapter 6
- නික්මයාම Chapter 2
Explore More from ලෙවී-කථාව
- ලෙවී කථාව Chapter 24
- ලෙවී කථාව Chapter 16
- ලෙවී කථාව Chapter 15
- ලෙවී කථාව Chapter 3
- ලෙවී කථාව Chapter 9
- ලෙවී කථාව Chapter 7
- ලෙවී කථාව Chapter 2