ගණන් කථාව Chapter 13

For English

Read ගණන් කථාව Chapter 13 Online

Read ගණන් කථාව Chapter 13 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගණන් කථාව and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

ගණන් කථාව 13

පරිච්ඡේදය 13

1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්:

2. මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන කානාන් දේශය සෝදිසිකරන පිණිස මනුෂ්‍යයන් යවන්න. තම තමාගේ පිය ගෝත්‍රයෙන් එක්කෙනෙකු බැගින් ඔවුන් අතරේ අධිපතිව සිටින තැනැත්තන්ම යවන්නැයි කීසේක.

3. මෝසෙස් ස්වාමීන්වහන්සේගේ ආඥාව ලෙස පාරාන් කාන්තාරයේ සිට ඔවුන් යැවුවේය. ඔවුන් සියල්ලෝම ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ප්‍රධානියෝව සිටි මනුෂ්‍යයෝය.

4. ඔවුන්ගේ නාමවල් මේය: රූබෙන් ගෝත්‍රයෙන් සක්කූර්ගේ පුත්‍රවූ ෂම්මුවාය.

5. සිමියොන් ගෝත්‍රයෙන් හෝරීගේ පුත්‍රවූ ෂාඵාත්ය.

6. යූදා ගෝත්‍රයෙන් යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ය.

7. ඉස්සාඛර් ගෝත්‍රයෙන් යෝසෙප්ගේ පුත්‍රවූ ඉගාල්ය.

8. එප්‍රායිම් ගෝත්‍රයෙන් නූන්ගේ පුත්‍රවූ හෝෂෙයාය.

9. බෙන්යමින්ගේ ගෝත්‍රයෙන් රාඵුගේ පුත්‍රවූ පල්තීය.

10. සාබුලොන් ගෝත්‍රයෙන් සෝදීගේ පුත්‍රවූ ගද්දීයෙල්ය.

11. යෝසෙප් ගෝත්‍රයෙන් එනම් මනස්සේ ගෝත්‍රයෙන් සූසිගේ පුත්‍රවූ ගද්දීය.

12. දාන් ගෝත්‍රයෙන් ගෙමල්ලිගේ පුත්‍රවූ අම්මීයෙල්ය.

13. ආෂෙර් ගෝත්‍රයෙන් මිඛායෙල්ගේ පුත්‍රවූ සෙතුර්ය.

14. නප්තලී ගෝත්‍රයෙන් වොප්සීගේ පුත්‍රවූ නාබීය.

15. ගාද් ගෝත්‍රයෙන් මාඛීගේ පුත්‍රවූ ගෙවුයෙල්ය.

16. දේශය සෝදිසි කරන පිණිස මෝසෙස් යැවූ මනුෂ්‍යයන්ගේ නාමවල් මේය. මෝසෙස් නූන්ගේ පුත්‍රවූ හෝෂෙයාට යෝෂුවායයි නම්තැබුවේය.

17. එසේ කානාන් දේශය සෝදිසිකරන පිණිස මෝසෙස් ඔවුන් යවමින්: ඔබ සැම මේ දකුණු දිශාවෙන් ගොස් කඳුකරයට නැගී

18. දේශය කොයි ආකාරද කියාත්, එහි වසන සෙනඟ බලවත්ද දුර්වලද ස්වල්පද බොහෝද කියාත්,

19. ඔවුන් වාසයකරන දේශය හොඳද නරකද කියාත්, ඔවුන් සිටින නුවරවල් කොයි ආකාරද, ඔවුන් වසන්නේ කූඩාරම්වලද බලකොටුවලද කියාත්,

20. දේශය සශ්‍රීකද නිශ්‍රීකද, එහි මුකළාන් ඇද්ද නැද්ද කියාත් බලන්න. ඔබ සැම ධෛර්යවත්ව සිට දේශයේ ඵලවලින් ගෙනෙන්නැයි කීවේය. ඒ කාලය ප්‍රථම මුද්‍රික ඵල වාරයව තිබුණේය.

21. එසේ ඔව්හු ගොස් ශීන් කාන්තාරයේ පටන් හමාත්ට යන තැන තිබෙන රෙහොබ් දක්වා දේශය සෝදිසිකළෝය.

22. ඔව්හු දකුණු දිශාවේ නැගී ගොස් හෙබ්‍රොන්ට පැමුණුණෝය; එහි අනාක්ගේ පුත්‍රයන් වන අහීමන්ද ෂේෂයිද තල්මයිද සිටියෝය. (හෙබ්‍රොන් නුවර මිසරයේ ශොවන් නුවරට සත් අවුරුද්දකට ප්‍රථමයෙන් ගොඩනගනලදී.)

23. ඔව්හු එෂ්කොල් මිටියාවතට අවුත් එතැනින් එක මුද්‍රික පොකුරක් ඇති අත්තක් කපාගත්තෝය, දෙදෙනෙක් ඒක දණ්ඩක තඩලාගන ආවෝය; ඔව්හු දෙළුම් හා අත්තික්කාත් ගෙනාවෝය.

24. ඉශ්‍රායෙල් පුත්‍රයන් එහිදී කපාගත් මුද්‍රික පොකුර නිසා ඒ ස්ථානයට එෂ්කොල් මිටියාවත යයි නම් තබන ලද්දේය.

25. ඔව්හු දේශය සෝදිසිකර සතළිස් දවසකට පසු හැරී ඇවිත්,

26. මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවද වෙතට පාරාන් කාන්තාරයෙහිවූ කාදෙෂ්ට පැමිණ ඔවුන්ටත් මුළු සභාවටත් තොරතුරු දන්වා දේශයේ ඵල ඔවුන්ට පෙන්නුවෝය.

27. ඔව්හු ඔහුට කථාකොට: ඔබ අප යැවූ දේශයට ගියෙමුව, සැබවින් එහි කිරි සහ මීපැණි ගලායයි; එහි ඵල මේය.

28. එසේවීනුමුත් දේශයෙහි සිටින සෙනඟ බලවත්ය, නුවරවල්ද ප්‍රාකාර සහිතව ඉතා මහත්ය. ඒ ඇරත් අනාක්ගේ පුත්‍රයන් එහි දුටිමුව.

29. අමලෙක්වරු දකුණු දිසාවේ රටෙහි වාසය කරති. හිත්තීවරුත් යෙබූසිවරුත් අමෝරිවරුත් කඳුකරයෙහි වාසයකරති. කානානිවරු මුහුද බඩද යොර්දාන් අසබඩද වාසයකරතියි කීවෝය.

30. කාලෙබ් මෝසෙස් ඉදිරියෙහි සෙනඟ නිශ්ශබ්ද කරවා: අපි වහාම නැගී ගොස් ඒක හිමිකර ගනිමු; මක්නිසාද අපට ඒක යටත්කරගන්ට හොඳටම පුළුවනැයි කීය.

31. එහෙත් ඔහු සමඟ ගිය මනුෂ්‍යයෝ කථාකොට: ඒ සෙනඟට විරුද්ධව යන්ට අපට නොහැකිය; මක්නිසාද ඔවුන් අපට වඩා බලවත්යයි කීවෝය.

32. ඔව්හු තමුන් සෝදිසිකළ දේශය ගැන ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි නරක ප්‍රවෘත්තියක් පතළකරමින්: අප සෝදිසි කරන්ට ගිය දේශයනම් වැසියන් නාස්තිකරදමන දේශයක්ය; එහි අප විසින් දක්නාලද සෙනඟ සියල්ලෝම බොහෝ උස මහත ඇති මනුෂ්‍යයෝය.

33. එහි යෝධයන්ගෙන් පැවත එන අනාක්ගේ පුත්‍රයන් වන යෝධයන් දුටිමුව. අප පළඟැටියන් මෙන් අපටම පෙනුණේය, එසේම ඔවුන්ටත් අප පෙනුණේයයි කීවෝය.

About ගණන් කථාව Chapter 13

Read ගණන් කථාව Chapter 13 online from the Holy Bible. This chapter is part of the Book of ගණන් කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගණන් කථාව
Chapter: 13
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගණන් කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගණන් කථාව Chapter 13 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගණන් කථාව Chapter 13?

ගණන් කථාව Chapter 13 is part of the Book of ගණන් කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගණන් කථාව Chapter 13 online for free with easy chapter navigation.

More Chapters from ගණන්-කථාව

  1. ගණන් කථාව Chapter 26
  2. ගණන් කථාව Chapter 21
  3. ගණන් කථාව Chapter 10
  4. ගණන් කථාව Chapter 1
  5. ගණන් කථාව Chapter 36
  6. ගණන් කථාව Chapter 27
  7. ගණන් කථාව Chapter 23

Explore More from පැරණි ගිවිසුම

  1. යෝබ් Chapter 22
  2. ලෙවී කථාව Chapter 1
  3. යෙරෙමියා Chapter 20
  4. උත්පත්ති Chapter 46
  5. යෙරෙමියා Chapter 19
  6. යෙරෙමියා Chapter 21
  7. 1 රාජාවලිය Chapter 16

Related Chapters & Readings

  1. යෙසායා Chapter 34
  2. හිතෝපදේශ Chapter 27
  3. යෙසායා Chapter 48
  4. යෙසායා Chapter 61
  5. 1 සාමුවෙල් Chapter 10
  6. එස්තර් Chapter 8
  7. 2 සාමුවෙල් Chapter 2
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *