විනිශ්චයකාරයන් Chapter 1

For English

Read විනිශ්චයකාරයන් Chapter 1 Online

Read විනිශ්චයකාරයන් Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of විනිශ්චයකාරයන් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of විනිශ්චයකාරයන් and the Holy Bible online.

Choose a Chapter

විනිශ්චයකාරයන් 1

පරිච්ඡේදය 1

1. යෝෂුවාගේ මරණයෙන් පසු ඉශ්‍රායෙල් පුත්‍රයෝ: අපගේ කවුරු කානානිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට පළමුකොට යා යුතුදැයි ස්වාමීන්වහන්සේගෙන් ඇසුවෝය.

2. ස්වාමීන්වහන්සේද: යූදා යා යුතුය. මම ඔහු අතට දේශය දුනිමියි කීසේක.

3. යූදා තම සහෝදරවූ සිමියොන්ට කථාකොට: අප කානානිවරුන්ට විරුද්ධව යුද්ධකරන පිණිස මාගේ උරුම කොටසට මා සමඟ නැගී එන්න; මමත් ඔබේ උරුම කොටසට ඔබ සමඟ එන්නෙමියි කීවේය. මෙසේ සිමියොන් ඔහු සමඟ ගියේය.

4. යූදා එසේ නැගී ගිය කල ස්වාමීන්වහන්සේ කානානිවරුන්ද පෙරිස්සිවරුන්ද ඔවුන්ගේ අතට පාවාදුන්සේක. ඔව්හු බෙශෙක්හිදී මනුෂ්‍යයන් දසදහසකට පහර දුන්නෝය.

5. බෙශෙක්හිදී අදොනි-බෙශෙක් ඔවුන්ට සම්බවුණේය. ඔව්හු ඔහුට විරුද්ධව යුද්ධකොට කානානිවරුන්ටත් පෙරිස්සිවරුන්ටත් පහරදුන්නෝය.

6. නුමුත් අදොනි-බෙශෙක් පලාගියේය; ඔව්හු ඔහු පස්සේ එළවාගෙන ගොස් ඔහු අල්ලා, ඔහුගේ අත්පාවල මාපට ඇඟිලි කපාදැමුවෝය.

7. අදොනි-බෙශෙක් කථාකොට: අත්පාවල මාපට ඇඟිලි කපාදමනලද රජවරු සැත්තෑදෙනෙක් මාගේ මේසය යට කෑම ඇහිඳගත්තෝය. මා කළ ලෙස දෙවියන්වහන්සේ මට ප්‍රතිඵල දුන්සේකැයි කීවේය. ඔව්හු ඔහු යෙරුසලමට ගෙනගියෝය, ඔහු එහිදී මළේය.

8. යූදා පුත්‍රයෝ යෙරුසලමට විරුද්ධව යුද්ධකොට, ඒක අල්ලාගෙන, ඊට කඩුමුවහතින් පහරදී, නුවර ගිනිලෑවෝය.

9. ඉන්පසු යූදා පුත්‍රයෝ කඳු රටේද දකුණු දිශාවේද පාත රටේද විසූ කානානිවරුන්ට විරුද්ධව යුද්ධකරන්ට බැස ගියෝය.

10. එසේ යූදා ඉහතදී කිරියත්-අර්බා යන නම ඇති හෙබ්‍රොන්හි වාසයකළ කානානිවරුන්ට විරුද්ධව ගොස්, ෂේෂයිටද අහිමාන්ටද තල්මයිටද පහර දුන්නේය.

11. එතැනින් ඔහු දෙබීර්හි වැසියන්ට විරුද්ධව ගියේය. ඉහතදී දෙබීර්ට තිබුණු නම කිරියත්-සේපෙර්ය.

12. කාලෙබ් කථාකොට: කිරියත්-සේපෙර්ට පහරදී ඒක අල්ලාගන්න තැනැත්තාට මාගේ දුවවූ අක්සා භාර්යාව කොට පාවා දෙන්නෙමියි කීවේය.

13. කාලෙබ්ගේ බාල සහෝදරයා වන කෙනස්ගේ පුත්‍රවූ ඔත්නියෙල් ඒක අල්ලාගත්තේය. කාලෙබ් තමාගේ දූවූ අක්සා ඔහුට භාර්යාව කොට පාවාදුන්නේය.

14. තවද ඈ ඔහු වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන්ට ඔහු ඈට සැලැස්විය, ඈ කොටළුවා පිටින් බැස්සාය. කාලෙබ් ඈට කථාකොට: ඔබට ඕනෑ මොකදැයි ඇගෙන් ඇසීය.

15. ඈද: මට වරයක් දුනමැනවි; මක්නිසාද ඔබ දකුණු රටක් මට දී තිබේ, දිය උල්පත්ද මට ලැබේවයි කීවාය. එවිට කාලෙබ් ඉහළ උල්පත්ද පහළ උල්පත්ද ඈට දුන්නේය.

16. තවද මෝසෙස්ගේ මාමණ්ඩිය වන කේනියයාගේ පුත්‍රයෝ යූදා පුත්‍රයන් සමඟ ඉඳිගස් නුවර සිට ඇවිත්, අරාද්ට දකුණෙන් තිබෙන යූදා කාන්තාරයට ගොස්, සෙනඟ සමඟ වාසයකළෝය.

17. යූදාද තමන් සහෝදරයාවූ සිමියොන් සමඟ ගියේය, ඔව්හු ශෙපත්හි විසූ කානානිවරුන්ට පහරදී එය සහමුලින්ම විනාශකරදැමූවෝය. ඒ නුවරට හොර්මා යන නම තැබූහ.

18. යූදා වනාහි ගාසා හා එහි පළාතද අෂ්කෙලොන් හා එහි පළාතද එක්‍රොන් හා එහි පළාතද අල්ලාගත්තේය.

19. ස්වාමීන්වහන්සේ යූදා සමඟ වූසේක; ඔහු කඳු රටේ වැසියන් පන්නාදැමුවේය. නුමුත් මිටියාවතේස් වැසියන්ට යකඩ රථ තිබුණු නිසා ඔවුන් පන්නාදමන්ට නොහැකිවිය.

20. මෝසෙස් කී ලෙස ඔව්හු කාලෙබ්ට හෙබ්‍රොන් නුවර දුන්නෝය. එතැනින් ඔහු අනාක්ගේ පුත්‍රයන් තුන්දෙනා පන්නාදැමීය.

21. බෙන්යමින් පුත්‍රයෝ යෙරුසලමේ විසූ යෙබූසිවරුන් පන්නානොදැමූහ. යෙබූසිවරු අද දවස දක්වා බෙන්යමින් පුත්‍රයන් සමඟ යෙරුසලමෙහි වාසයකරති.

22. යෝසෙප්ගේ වංශයද බෙතෙල්ට විරුද්ධව ගියේය. ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ වූසේක.

23. යෝසෙප්ගේ වංශය බෙතෙල් සෝදිසිකරන්ට මිනිසුන් යැවුවේය. පළමුවෙන් ඒ නුවර නම ලූස්ය.

24. රැක සිටියෝද මනුෂ්‍යයෙක් නුවරින් එනවා දැක: නුවරට ඇතුල්වෙන මාර්ගය අපට පෙන්වන්න, එවිට අපි ඔබට කරුණාකරන්නෙමුයයි කීවෝය.

25. නුවරට ඇතුල්වෙන මාර්ගය ඔහු ඔවුන්ට පෙන්නුවේය, ඔව්හු කඩු මුවහතින් නුවරට පහරදුන්නෝය; නුමුත් ඔව්හු ඒ මනුෂ්‍යයාත් ඔහුගේ මුළු පවුලත් යන්ට හැරියෝය.

26. ඒ මනුෂ්‍යයා හිත්තීවරුන්ගේ දේශයට ගොස් නුවරක් ගොඩනගා ඊට ලූස් යන නම තැබුවේය. අද දවස දක්වා එහි නම ඒකය.

27. මනස්සේ බෙත්-ෂෙයාන් හා ඊට අයිති නුවරවල වැසියන්වත් තානාක් හා ඊට අයිති නුවරවල වැසියන්වත් දෝර් හා ඊට අයිති නුවරවල වැසියන්වත් ඉබ්ලෙයාම් හා ඊට අයිති නුවරවල වැසියන්වත් මෙගිද්දෝ හා ඊට අයිති නුවරවල වැසියන්වත් පන්නා නොදැමුවේය. කානානිවරු ඒ රටේ වාසයකරන්ටම කැමතිව සිටියෝය.

28. ඉශ්‍රායෙල්වරුන් බලවත්වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට යටත්කළෝය, නුමුත් ඔවුන් සහමුලින් පන්නානොදැමුවෝය.

29. එප්‍රායිම් ගෙසෙර්හි විසූ කානානිවරුන් පන්නා නොදැමුවේය; කානානිවරු ගෙසෙර්හි ඔවුන් අතරේ වාසයකළෝය.

30. සාබුලොන් කිත්‍රොන් වැසියන්ද නහලොල් වැසියන්ද පන්නා නොදැමුවේය; කානානිවරු ඔවුන් අතරේ වාසයකරමින් බර වැඩට යටත් වූහ.

31. ආෂෙර්ද අක්කෝහි වැසියන්වත්, ශිදොන්හිත් අහ්ලාබ්හිත් අක්ශීබ්හිත් හෙල්බාහිත් අපික්හිත් රෙහොබ්හිත් වැසියන්වත් පන්නා නොදැමුවේය.

32. ආෂෙර්වරු ඒ දේශ වාසීවූ කානානිවරුන් අතරේ වාසය කළෝය, මක්නිසාද ඔව්හු ඔවුන් පන්නා නොදැමුවෝය.

33. නප්තලී බෙත්-ෂෙමෙෂ්හි වැසියන්වත් බෙත්-අනාත්හි වැසියන්වත් පන්නා නොදමා රටේ වැසියන්වූ කානානිවරුන් අතරේ වාසය කෙළේය. එසේ වුවත් බෙත්-ෂෙමෙෂ්හිද බෙත්-අනාත්හිද වැසියෝ බර වැඩ පිණිස ඔවුන්ට යටත්වුණෝය.

34. අමෝරිවරු දාන් පුත්‍රයන්ට මිටියාවතට බසින්ට නොදී කඳු රටට ඔවුන් නෙරපා හැරියෝය.

35. අමෝරිවරු හෙරෙස් කන්දේද අයාලොන්හිද ෂාල්බීම්හිද වාසයකරන්ටම කැමතිව සිටියෝය. එසේ වුවත් යෝසෙප්ගේ වංශයේ අත බලවත්ව තිබුණු බැවින් ඔව්හු බර වැඩට යටත් වුණෝය.

36. අමෝරිවරුන්ගේ සීමාව අක්‍රබ්බීම් නැගුම වූ පර්වතයේ සිට ඉහළට පිහිටියේය.

About විනිශ්චයකාරයන් Chapter 1

Read විනිශ්චයකාරයන් Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of විනිශ්චයකාරයන් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: විනිශ්චයකාරයන්
Chapter: 1
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading විනිශ්චයකාරයන්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading විනිශ්චයකාරයන් Chapter 1 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is විනිශ්චයකාරයන් Chapter 1?

විනිශ්චයකාරයන් Chapter 1 is part of the Book of විනිශ්චයකාරයන් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete විනිශ්චයකාරයන් Chapter 1 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 6
  5. නික්මයාම Chapter 30
  6. නික්මයාම Chapter 21
  7. නික්මයාම Chapter 18

Explore More from විනිශ්චයකාරයන්

  1. විනිශ්චයකාරයන් Chapter 10
  2. විනිශ්චයකාරයන් Chapter 4
  3. විනිශ්චයකාරයන් Chapter 17
  4. විනිශ්චයකාරයන් Chapter 11
  5. විනිශ්චයකාරයන් Chapter 5
  6. විනිශ්චයකාරයන් Chapter 14
  7. විනිශ්චයකාරයන් Chapter 2

Related Chapters & Readings

  1. ක්රිරයා Chapter 3
  2. ගීතාවලිය Chapter 78
  3. නෙහෙමියා Chapter 7
  4. 2 රාජාවලිය Chapter 20
  5. ශු. ලූක් Chapter 8
  6. 2 රාජාවලිය Chapter 25
  7. ගීතාවලිය Chapter 113
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *