ගීතාවලිය Chapter 33

For English

Read ගීතාවලිය Chapter 33 Online

Read ගීතාවලිය Chapter 33 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.

Choose a Chapter

ගීතාවලිය 33

පරිච්ඡේදය 33

1. ධර්මිෂ්ඨයෙනි, ස්වාමීන් කෙරෙහි ප්‍රීතිමත් වව්. ප්‍රශංසාකිරීම අවංකයන්ට හොබනේය.

2. වීණාවෙන් ස්වාමීන්ට ස්තුතිකරව්. තත් දවසේ වීණාව රැගෙන උන්වහන්සේට ප්‍රශංසා ගීතිකා කියව්.

3. උන්වහන්සේට අලුත් ගීතිකාවක් ගායනාකරව්; මහත් ශබ්දයකින් දක්ෂලෙස වාදනය කරව්.

4. මක්නිසාද ස්වාමීන්ගේ වචනය සෘජුය; උන්වහන්සේගේ ක්‍රියා සියල්ල විශ්වාසකමෙන් කෙරෙන්නේය.

5. උන්වහන්සේ ධර්මිෂ්ඨකමටත් යුක්තියටත් ප්‍රියවනසේක. පොළොව ස්වාමීන්ගේ කරුණා ගුණයෙන් පූර්ණය.

6. ස්වාමීන්ගේ වචනයෙන් ආකාශයද උන්වහන්සේගේ මුඛයේ හුස්මෙන් එහි සියලු සේනාවද මවනලද්දේය.

7. උන්වහන්සේ සමුද්‍ර ජලධාරාවන් ගොඩක් සේ රැස්කොට, ගැඹුරු ජලයන් ගබඩාවල නිධාන කොට තබනසේක.

8. මුළු පොළොව ස්වාමීන්ට භයවේවා. ලෝ වැසි සියල්ලෝ උන්වහන්සේ කෙරෙහි භයින් සිටිත්වා.

9. මක්නිසාද උන්වහන්සේ කථාකළ පමණින් ඉෂ්ටවිය; ආඥාකළ පමණින් ස්ථිරවිය.

10. ස්වාමීන්වහන්සේ ජාතීන්ගේ මන්ත්‍රණය නිරර්ථක කරනසේක. මනුෂ්‍ය වර්ගයන්ගේ සිතිවිලි නිෂ්ඵල කරනසේක.

11. ස්වාමීන්ගේ මන්ත්‍රණය සදාකාලයටද උන්වහන්සේගේ සිත්හි කල්පනා සියලු පරම්පරාවලටද පවත්නේය.

12. ස්වකීය දෙවියන් කොට ස්වාමීන්වහන්සේ ඇතුව සිටින ජාතියද, උන්වහන්සේ විසින් ස්වකීය උරුමය කොට තෝරාගත් සෙනඟද ආශීර්වාද ලද්දෝය.

13. ස්වාමීන්වහන්සේ ස්වර්ගයේ සිට බලනසේක; සියලු මනුෂ්‍යපුත්‍රයන් දක්නාසේක;

14. උන්වහන්සේ ස්වකීය වාසස්ථානයේ සිට පොළෝවාසී සියල්ලන් දෙස බලනසේක;

15. ඔවුන් සියල්ලන්ගේ සිත් සාදන්නේ උන්වහන්සේමය, ඔවුන්ගේ සියලු ක්‍රියා සලකන්නෙත්‍ උන්වහන්සේමය.

16. මහත් සේනාව කරණකොටගෙන ගැළවුණු රජෙක් නැත. බලසම්පන්න මනුෂ්‍යයෙක් තමාගේ මහත් ශක්තියෙන් නොගැළවෙයි.

17. ආරක්ෂා පිණිස අශ්වයෙක් නිෂ්ඵලය. ඌ ස්වකීය මහත් බලයෙන් කිසිවෙකු නොගළවන්නේය.

18. බලව, ස්වාමීන් කෙරෙහි භය ඇත්තන් සහ උන්වහන්සේගේ කරුණාව බලා සිටින්නන්ගේ ආත්මය මරණයෙන් ගළවන පිණිසත්,

19. දුර්භික්ෂයේදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරන පිණිසත්, උන්වහන්සේගේ ඇස ඔවුන් කෙරෙහි යොමුකොට තිබේ.

20. අපේ ආත්මය ස්වාමීන් කෙරෙහි බලාසිටියේය. අපේ උපකාරයත් පලිහත් උන්වහන්සේය.

21. අප උන්වහන්සේගේ ශුද්ධ නාමය විශ්වාසකළ නිසා අපේ සිත උන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් වන්නේය.

22. ස්වාමීනි, ඔබ කෙරෙහි අප බලාපොරොත්තුව සිටිය ආකාරයෙන් ඔබගේ කරුණාව අප කෙරෙහි වේවා.

About ගීතාවලිය Chapter 33

Read ගීතාවලිය Chapter 33 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගීතාවලිය
Chapter: 33
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගීතාවලිය Chapter 33 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගීතාවලිය Chapter 33?

ගීතාවලිය Chapter 33 is part of the Book of ගීතාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගීතාවලිය Chapter 33 online for free with easy chapter navigation.

More Chapters from ගීතාවලිය

  1. ගීතාවලිය Chapter 129
  2. ගීතාවලිය Chapter 106
  3. ගීතාවලිය Chapter 48
  4. ගීතාවලිය Chapter 42
  5. ගීතාවලිය Chapter 150
  6. ගීතාවලිය Chapter 140
  7. ගීතාවලිය Chapter 130

Explore More from පැරණි ගිවිසුම

  1. යෙරෙමියා Chapter 2
  2. ලෙවී කථාව Chapter 13
  3. ගීතාවලිය Chapter 63
  4. ගීතාවලිය Chapter 19
  5. 1 සාමුවෙල් Chapter 17
  6. යෙරෙමියා Chapter 7
  7. යෙසායා Chapter 52

Related Chapters & Readings

  1. ද්වීතීය කථාව Chapter 3
  2. පිලිප්පි Chapter 1
  3. ගණන් කථාව Chapter 27
  4. හිතෝපදේශ Chapter 28
  5. උත්පත්ති Chapter 17
  6. ගීතාවලිය Chapter 99
  7. ද්වීතීය කථාව Chapter 14
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *