Read මීකා Chapter 1 Online
Read මීකා Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of මීකා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of මීකා and the Holy Bible online.
Choose a Chapter
මීකා 1
පරිච්ඡේදය 1
1. යෝතාම්ද ආහාස්ද හෙසකියාද යන යූදාහි රජවරුන්ගේ දවස්වලදී මොරෂ්තිය මීකා වෙතට පැමින්නාවූ, සමාරිය සහ යෙරුසලම ගැන ඔහු දුටුවාවූ ස්වාමීන්වහන්සේගේ වචනයය.
2. ජනයෙනි, නුඹලා සියල්ලෝ අසන්න; පොළොව සහ එහි ඇති සියල්ල, ඇහුම්කන්දෙන්න. ස්වාමීන්වහන්සේ වන ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ ශුද්ධවූ මාළිගාවේ සිට නුඹලාට විරුද්ධව සාක්ෂිකාර වනසේක්වා.
3. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් ස්ථානයෙන් පිටත්වී බැස ඇවිත්, පොළොවේ උසස්ථාන පිට ඇවිදිනසේක.
4. උන්වහන්සේ යට කඳු දියවන්නේය, ගින්න ඉදිරියෙහි ඉටි මෙන්ද පල්ලමක වගුරුවන වතුර මෙන්ද මිටියාවත් පැළෙන්නේය.
5. මේ සියල්ල වන්නේ යාකොබ්ගේ වරද සහ ඉශ්‍රායෙල් වංශයේ පාපවල් නිසාය. යාකොබ්ගේ වරද මොකද? සමාරිය නොවේද? යූදාහි උස්තැන් මොනවාද? යෙරුසලම නොවේද?
6. එබැවින් මම සමාරිය කෙතේ ගොඩක්ද මිදිවතුද කරන්නෙමි. එහි ගල් මිටියාවතට වගුරුවා, එහි අත්තිවාරම් ප්‍රකාශකරන්නෙමි.
7. එහි කැපූ රූප සියල්ල පොඩිකරනු ලබනවා ඇත, එහි පණයම් සියල්ලම ගින්නෙන් දවනු ලබනවා ඇත, එහි දේවරූප සියල්ලද නාස්තිකරන්නෙමි. මක්නිසාද ඈ වේශ්‍යාවෙකුගේ පණයම්වලින් ඒවා එක්කරගත්තාය; ඒවා වනාහි වේශ්‍යාවෙකුගේ පණයම්වලට හැරෙනවා ඇත.
8. ඉන්නිසා මම වැලපී කෑගසන්නෙමි, වස්ත්‍ර ගළවා නිර්වස්ත්‍රව යන්නෙමි. සිවලුන් මෙන් විලාපයක් කරන්නෙමි, පැස්බරුන් මෙන් වැලපෙන්නෙමි.
9. මක්නිසාද ඇගේ තුවාල අසාධ්‍යව තිබේ. එය යූදා දක්වාත් පැමුණුණේය; මාගේ සෙනඟගේ දොරටුව දක්වාම යෙරුසලම ළඟටම ආයේය.
10. ගාත්හි එය නොදන්වව්, අක්කොවෙහි නාඬව්. බෙත්-ලෙ-අප්‍රාහි දූවිල්ලේ පෙරළී ඉඳින්න.
11. ෂාපීර්හි වාසයකරන්නිය, නිර්වස්ත්‍රව, ලජ්ජා ඇතිව යන්න. ශයනාන්හි වසන්නී පිටතට ආවේ නැත; බෙත්-ඒශෙල්හි වැලපීම නිසා එහි පිහිට නුඹලාගෙන් පහවන්නේය.
12. මාරෝත්හි වාසයකරන්නී යහපත ගැන ආශාවෙන් බලාසිටියි. මක්නිසාද විපත්තිය ස්වාමීන්වහන්සේ වෙතින් යෙරුසලමේ දොරටුව ළඟට බැස තිබේ.
13. අහෝ ලාකීෂ්හි වාසයකරන්නිය, ශීඝ්‍ර අශ්වයා රථයේ බඳින්න. ඈ වනාහි සියොන් දුවට පාපයේ පටන්ගැන්මය; මක්නිසාද ඉශ්‍රායෙල්ගේ වරද නුඹ තුළ සම්බවිය.
14. එබැවින් නුඹ මෝරෙෂත්-ගාත්ට අත්ඇරීම් පත්‍රයක් දෙනවා ඇත. අක්සීබ් වංශ ඉශ්‍රායෙල් රජුන්ට රැවටිල්ලක් වන්නේය.
15. එම්බා මරේෂාහි වාසය කරන්නිය, නුඹ හිමිකරගන්නා නැවත නුඹ ළඟට පමුණුවන්නෙමි. ඉශ්‍රායෙල්ගේ තේජස අදුල්ලාම්ට පවා පැමිණෙන්නේය.
16. නුඹේ හිස බූගා, නුඹේ ප්‍රිය දරුවන් නිසා හිස මුඩුකොට, නුඹේ මුඩුකම රාජාලියා මෙන් පළල්කරගනින්න; මක්නිසාද ඔව්හු නුඹ වෙතින් වහල්කමට ගියෝය.
About මීකා Chapter 1
Read මීකා Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of මීකා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: මීකා
Chapter: 1
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading මීකා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading මීකා Chapter 1 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is මීකා Chapter 1?
මීකා Chapter 1 is part of the Book of මීකා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete මීකා Chapter 1 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 20
- නික්මයාම Chapter 9
- නික්මයාම Chapter 6