Read ශු. මාර්ක් Chapter 5 Online
Read ශු. මාර්ක් Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මාර්ක් in the New Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ශු. මාර්ක් and the Holy Bible online.
Choose a Chapter
ශු. මාර්ක් 5
පරිච්ඡේදය 5
1. ඔව්හු මුහුදෙන් එතර ගෙරසේනයන්ගේ රටට පැමිණියෝය.
2. උන්වහන්සේ ඔරුවෙන් බැස්ස කෙණෙහිම අශුද්ධාත්මයක් ආවේශවූ මනුෂ්‍යයෙක් සොහොන් ගෙවලින් පිටත්ව එනවා උන්වහන්සේට සම්බවිය.
3. ඔහු සොහොන් ගෙවල වාසයකෙළේය. දම්වැලකින් පවා ඔහු තවත් නවත්වන්ට කිසිවෙකුට නුපුළුවන්විය.
4. මක්නිසාද විලංගුවලින්ද දම්වැල්වලින්ද බොහෝ වර බඳිනු ලැබූ නුමුත් ඔහු දම්වැල් කඩාදමා විලංගු බිඳදැම්මේය. ඔහු දමනයකරන්ට කිසිවෙකුට ශක්තිය නොවීය.
5. ඔහු නිතරම රෑ දාවල් මොරගසමින්ද ගල්වලින් කපාගනිමින්ද සොහොන් ගෙවල්හිත් කඳුවලත් සිටියේය.
6. ඔහු යේසුස්වහන්සේ දුරදීම දැක දුවගන ඇවිත් උන්වහන්සේට වැඳ:
7. මහෝත්තම දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස්වහන්ස, ඔබවහන්සේට මාගෙන් කම මොකද? මට වද නොදෙනමෙන් දෙවියන්වහන්සේගේ නාමයෙන් උදක්ම ඉල්ලමියි මහත් හඬින් මොරගසා කීවේය.
8. එසේ කීවේ: අශුද්ධාත්මය, මොහුගෙන් දුරුවෙවයි උන්වහන්සේ ඔහුට කී නිසාය.
9. නුඹේ නම මොකදැයි උන්වහන්සේ ඔහුගෙන් ඇසූසේක. මගේ නම ලෙගියොන්ය; මක්නිසාද අපි බොහෝ දෙනෙක් වමුයයි ඔහු කීය.
10. රටෙන් තමුන් දුරු නොකරන හැටියට ඔහු බොහෝසෙයින් උන්වහන්සේගෙන් ඉල්ලුවේය.
11. එතැන කන්ද අයිනේ මහත් ඌරු රැළක් ගොදුරු කමින් සිටියේය.
12. ඔව්හුද: ඌරන්ට වැහෙන පිණිස අප හැරිය මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.
13. උන්වහන්සේ ඔවුන්ට අවසරදුන්සේක. අශුද්ධාත්මයන් නික්ම ගොස් ඌරන්ට වැහුණු කල, දෙදහසක් පමණවූ ඒ ඌරු රැළ ප්‍රපාතය පහළට වේගයෙන් දුව ගොස් මුහුදේ වැටී ගිලී මළෝය.
14. ඌරු රැකවල්ලු පලාගොස් නුවරත් ගම්වලත් එපවත් දැන්නුවෝය. එවිට සිදුවූ දේ කුමක්දැයි බලන පිණිස මනුෂ්‍යයෝ පිටත්ව ඇවිත්,
15. යේසුස්වහන්සේ ළඟට පැමිණ, ලෙගියොන් නම් යක්ෂාවේශවූ මනුෂ්‍යයා වස්ත්‍ර හැඳ සිහි ඇතුව වාඩිවී ඉන්නවා දැක, භයවූවෝය.
16. ඒ දුටු අය යක්ෂාවේවූ මනුෂ්‍යයාට සිදුවුණු හැටිත් ඌරන් ගැනත් ඔවුන්ට දැන්නුවෝය.
17. ඔව්හු වනාහි තමුන්ගේ සීමාවලින් අහක්ව යන මෙන් උන්වහන්සේගෙන් ඉල්ලන්ට පටන්ගත්තෝය.
18. උන්වහන්සේ ඔරුවට නගිද්දී, යක්ෂාවේශව සිටි මනුෂ්‍යයා උන්වහන්සේ සමඟ සිටින ලෙස උදක්ම ඉල්ලා සිටියේය.
19. නුමුත් උන්වහන්සේ ඔහුට අවසර නොදී: නුඹ ගෙදර නුඹේ නෑ මිතුරන් ළඟට ගොස්, ස්වාමීන්වහන්සේ නුඹට කොපමණ මහත් දේවල් කළසේක්ද කියාත් උන්වහන්සේ නුඹට කරුණාකළ හැටිත් ඔවුන්ට දන්වන්නැයි ඔහුට කීසේක.
20. ඔහු පිටත්ව ගොස්, යේසුස්වහන්සේ තමාට කොපමණ මහත් දේවල් කළසේක්ද කියා දෙකපොලිසෙහි ප්‍රකාශ කරන්ට පටන්ගත්තේය. සියල්ලෝ මවිතවූවෝය.
21. යේසුස්වහන්සේ නැවත ඔරුවෙන් එගොඩවූ කල මහත් සමූහයක් උන්වහන්සේ ළඟට රැස්වූවෝය. උන්වහන්සේද මුහුද ළඟ සිටිසේක.
22. එකල සිනගෝගයේ මුලාදෑනීන්ගෙන් කෙනෙක්වූ යායිරස් නැමැත්තෙක් ඇවිත් උන්වහන්සේ දැක, උන්වහන්සේගේ පාමුල වැටී:
23. මාගේ කුඩා දුව මරණාසන්නව සිටින්නීය. ඈ සුවවී ජීවත්වන පිණිස ඔබ ඇවිත් ඈ පිට අත් තැබුව මැනවයි උන්වහන්සේගෙන් බොහෝසෙයින් ඉල්ලුවේය.
24. උන්වහන්සේ ඔහු සමඟ වැඩියසේක; මහත් සමූහයක්ද උන්වහන්සේට තෙරපෙමින් උන්වහන්සේ අනුව ගියෝය.
25. දොළොස් අවුරුද්දක් මහෙල් රෝගය ඇතුව සිටි ස්ත්‍රියෙක්
26. නොයෙක් වෙදුන්ගෙන් බොහෝ දේ විඳ, තමා සතු සියල්ල වියදම්කළ නුමුත් කිසි පලක් නොලැබ, වඩා අමාරුවට පැමිණ සිටියාය.
27. ඈ යේසුස්වහන්සේ ගැන අසා, සමූහයා අතරෙන් පස්සෙන් ඇවිත්, උන්වහන්සේගේ සළුවට අතගැසුවාය.
28. මක්නිසාද: උන්වහන්සේගේ වස්ත්‍රවලට පමණවත් අතගැසුවොත් මට සුවය ලැබේයයි ඈ කීවාය.
29. එකෙණෙහිම ඇගේ ලේ ධාරාව වියළී ගොස්, ඒ පීඩාවෙන් ඈට සුවය ලැබුණු බව ඇගේ ශරීරය තුළෙහි ඈට දැනුණේය.
30. එකෙණෙහිම යේසුස්වහන්සේ තමන් කෙරෙන් නිකුත් වන ආනුභාව පිටවී ගිය බව දැන,, සමූහයා මැද හැරී: මාගේ වස්ත්‍රවලට අතගැසුවේ කවුදැයි ඇසූසේක.
31. උන්වහන්සේගේ ගෝලයෝ: ඔබට තෙරපෙීගන සිටින්නාවූ සමූහයා දැක දැකත්-මට අතගැසුවේ කවුද කියා අසනසේක්දැයි කීවෝය.
32. ඒ දේ කළ ස්ත්‍රිය දකින පිණිස උන්වහන්සේ අවට බැලූසේක.
33. නුමුත් ස්ත්‍රී තමාට සිදුවූ දේ දැන භයවී වෙවුලමින්, ඇවිත් උන්වහන්සේ ඉදිරියෙහි වැටී, සම්පූර්ණ ඇත්ත උන්වහන්සේට කීවාය.
34. උන්වහන්සේද: දියණියනි, නුඹේ ඇදහිල්ල නුඹ සුවකළේය; සමාදානයෙන් ගොස්, නුඹේ පීඩාවෙන් සුවපත්ව සිටින්නැයි ඈට කීසේක.
35. උන්වහන්සේ කථාකරද්දීම සිනගෝ-ගයේ මුලාදෑනියාගේ ගෙදරින් සමහරු ඇවිත්: නුඹේ දුව මැරුණාය; ආචාරීන්වහන්සේට තවත් කුමට වෙහෙසකරන්නෙහිදැයි කීවෝය.
36. නුමුත් යේසුස්වහන්සේ ඒ කීම නොසලකා, සිනගෝගයේ මුලාදෑනියාට කථාකොට: භයනොවී ඇදහිල්ලෙන්ම සිටින්නැයි ඔහුට කීසේක.
37. උන්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යාකොබ්ගේ සහෝදරවූ යොහන්ද හැර වෙන කාටවත් තමන් සමඟ එන්ට නොදී,
38. සිනගෝගයේ මුලාදෑනියාගේ ගෙට ආසේක. එවිට උන්වහන්සේ කෝලාහලයක්ද බොහෝසේ හඬාවැලපෙන්නවුන්ද බලා,
39. ගෙට ඇතුල්ව: නුඹලා ඝෝෂාකරන්නෙත් හඬන්නෙත් මක්නිසාද? දරුවා මැරිලා නොවේ, නිදන්නීයයි ඔවුන්ට කීසේක.
40. එවිට ඔව්හු උන්වහන්සේට සිනාසුණෝය. නුමුත් උන්වහන්සේ සියල්ලන් බැහැරකොට, දරුවාගේ පියාද මවුද තමන්වහන්සේ සමඟ සිටියවුන්ද කැඳවාගෙන, දරුවා හුන් තැනට ගොස්,
41. ඇගේ අත අල්ලා: තලීතාකූමි කියා ඈට කීසේක; එහි අර්ථය-යෞවනිය, නැගිටින්නැයි නුඹට කියමි යනුය.
42. දොළොස් අවුරුදු වයස්වූ ඒ යෞවනී එකෙණෙහිම නැගිට ඇවිද්දාය. එකෙණෙහිම ඔව්හු මහත් විස්මයකින් විස්මිත වූවෝය.
43. උන්වහන්සේ මෙය කිසිවෙකු දැන නොගන්නා ලෙස ඔවුන්ට තදින් අණකොට, ඈට කෑම දෙන්ට කීසේක.
About ශු. මාර්ක් Chapter 5
Read ශු. මාර්ක් Chapter 5 online from the Holy Bible. This chapter is part of the Book of ශු. මාර්ක් in the New Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ශු. මාර්ක්
Chapter: 5
Testament: New Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ශු. මාර්ක්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ශු. මාර්ක් Chapter 5 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ශු. මාර්ක් Chapter 5?
ශු. මාර්ක් Chapter 5 is part of the Book of ශු. මාර්ක් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ශු. මාර්ක් Chapter 5 online for free with easy chapter navigation.
More Chapters from නව ගිවිසුම
- එපීස Chapter 1
- එපීස Chapter 4
- එපීස Chapter 3
- එපීස Chapter 2
- එපීස Chapter 5
- ශු. ලූක් Chapter 15
- ශු. ලූක් Chapter 3
Explore More from ශු.-මාර්ක්
- ශු. මාර්ක් Chapter 6
- ශු. මාර්ක් Chapter 16
- ශු. මාර්ක් Chapter 3
- ශු. මාර්ක් Chapter 12
- ශු. මාර්ක් Chapter 11
- ශු. මාර්ක් Chapter 9
- ශු. මාර්ක් Chapter 13