උත්පත්ති Chapter 17

For English

Read උත්පත්ති Chapter 17 Online

Read උත්පත්ති Chapter 17 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of උත්පත්ති and the Holy Bible online.

Choose a Chapter

උත්පත්ති 17

පරිච්ඡේදය 17

1. ආබ්‍රම් අනූනව අවුරුදු වයසට පැමිණි කල ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මම සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේය; මා ඉදිරියෙහි හැසිරෙමින් සම්පූර්ණ වෙන්න.

2. මා සහ ඔබ අතරෙහි මාගේ ගිවිසුම පිහිටුවා අතිශයින්ම ඔබ වැඩිකරන්නෙමියි ඔහුට කීසේක.

3. එවිට ආබ්‍රම් මුහුණින් වැටුණේය. දෙවියන්වහන්සේ ඔහු සමඟ කථාකරමින්:

4. බලව, මාගේ ගිවිසුම ඔබ සමඟය; ඔබ බොහෝ ජාතීන්ගේ පියා වන්නෙහිය.

5. ඔබේ නාමය තවත් ආබ්‍රම්යයි කියනු නොලබන්නේය, ඔබේ නාමය ආබ්‍රහම් 17:5 එනම්, සමූහයක පියාණෝය. වන්නේය; මක්නිසාද මම ඔබ බොහෝ ජාතීන්ගේ පියා කෙළෙමි.

6. මම ඔබ අතිශයින් බෝවෙන්ට සලස්වා ඔබෙන් ජාතීන් උපදවන්නෙමි, රජවරුද ඔබෙන් නික්මෙන්නෝය.

7. ඔබටද ඔබෙන් පසුව ඔබේ වංශයටද දෙවියන්වහන්සේ වන පිණිස මාද ඔබ සහ ඔබෙන් පසුව ඔබේ වංශයද අතරෙහි ඔවුන්ගේ පරම්පරාවන්හි සදාකාල ගිවිසුමක් කොට මාගේ ගිවිසුම පිහිටුවන්නෙමි.

8. ඔබ විදේශීව වාසයකරන දේශය වන මුළු කානාන් දේශය ඔබට සහ ඔබෙන් පසුව ඔබේ වංශයටත් සදාකාල උරුමයක් කොට දෙන්නෙමි; මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමියි කීසේක.

9. තවද දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට කථාකොට: ඔබද ඔබෙන් පසුව සිටින ඔබේ වංශයද තමන්ගේ පරම්පරාවන්හි මාගේ ගිවිසුම රක්ෂාකළ යුතුය;

10. මාද ඔබ සැම සහ ඔබෙන් පසු ඔබේ වංශයද අතරෙහි ඔබ සැම විසින් රක්ෂාකළයුතු මාගේ ගිවිසුම නම් ඔබ සැම අතරෙහි සියලු පිරිමින් චර්මඡේද්‍යය කිරීමය.

11. ඔබ සැම ඔබ සැමගේ චර්මාග්‍ර මාංසයෙහි ඡේද්‍යයකරනු ලබන්නහුය; ඒක මා සහ ඔබ සැම අතරෙහි ඇති ගිවිසුමක ලකුණක් වන්නේය.

12. ඔබ සැමගේ පරම්පරාවන්හි ඔබ සැම අතරෙහි ගෙයි උපන් තැනැත්තා හෝ ඔබේ වංශයෙහි නොවන්නාවූ විදේශියෙකුගෙන් මිලේට ගන්නාලද තැනැත්තා හෝ අට දවසක් වයස්වූ සියලු පිරිමි චර්මඡේද්‍යයකරනු ලබන්නෝය.

13. ඔබේ ගෙයි උපන් තැනැත්තාද ඔබ විසින් මිලයට ගන්නා ලද තැනැත්තාද චර්මඡේද්‍යයකරනු ලබන්ටම ඕනෑය. මෙසේ මාගේ ගිවිසුම සදාකාල ගිවිසුමක් පිණිස ඔබ සැමගේ මාංසයෙහි පවත්නේය.

14. තමාගේ චර්මාග්‍ර මාංසය ඡේද්‍යය නොකරනලද අචර්මඡේදිත පිරිමියෙක් ඇද්ද ඒ තැනැත්තා තමාගේ සෙනඟ කෙරෙන් සිඳදමනු ලබන්නේය; ඔහු මාගේ ගිවිසුම කඩකෙළේයයි කීසේක.

15. තවද දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට කථාකොට: ඔබේ භාර්යාවවූ සාරයිට වනාහි සාරයි යන නාමය නොකියව, ඇගේ නාමය සාරා 17:15 එනම්, කුමාරි. වන්නේය.

16. මම ඈට ආශීර්වාදකරන්නෙමි, තවද ඇගෙන් ඔබට පුත්‍රයෙකු දෙන්නෙමි. එසේය, මම ඈට ආශීර්වාදකරන්නෙමි, ඈද ජාතීන්ගේ මවක් වන්නීය; ජනයන්ගේ රජවරු ඇගෙන් නික්මෙන්නෝයයි කීසේක.

17. එවිට ආබ්‍රහම් මුහුණින් වැටී සිනාසී: සියක් අවුරුදු වයස්වූ තැනැත්තෙකුට දරුවෙක් උපදින්නේද? අනූ අවුරුදු වයස්වූ සාරා බිහිකරන්නීදැයි සිත තුළ කියාගත්තේය.

18. ආබ්‍රහම්: අහෝ; ඉෂ්මායෙල් ඔබවහන්සේ ඉදිරියෙහි ජීවත්වෙවයි දෙවියන්වහන්සේට කීය.

19. දෙවියන්වහන්සේද: සැබවින්ම ඔබේ භාර්යාවවූ සාරා ඔබ සැමට පුත්‍රයෙකු බිහිකරන්නීය; ඔබ ඔහුට ඊසාක් 17:19 එනම්, සිනාසීම. යන නම තබන්න. ඔහුගෙන් පසු ඔහුගේ වංශයට සදාකාල ගිවිසුමක් කොට මාගේ ගිවිසුම ඔහු සමඟ පිහිටුවන්නෙමි.

20. මම ඉෂ්මායෙල් ගැනත් ඔබේ බස් ඇසීමි. බලව, ඔහුට ආශීර්වාද කෙළෙමි, ඔහු සඵලකරමින් අතිශයින් වැඩිකරන්නෙමි; ඔහුට දාව අධිපතීන් දොළොස් දෙනෙක් උපදින්නෝය, මම ඔහු මහත් ජාතියක් කරන්නෙමි.

21. එහෙත් මාගේ ගිවිසුම එන අවුරුද්දේ නියම කාලයේදී සාරා ඔබට බිහිකරන්නාවූ ඊසාක් සමඟ පිහිටුවන්නෙමියි කීසේක.

22. එවිට දෙවියන්වහන්සේ ආබ්‍රහම් සමඟ කථාකිරීම නිමවා ඔහු වෙතින් නැගී ගියසේක.

23. එවිට ආබ්‍රහම් දෙවියන්වහන්සේ ඔහුට කී ලෙස එම දවසෙහිම තමාගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ද තමාගේ ගෙයි උපන් සියල්ලන්ද තමා මිලදී ගත් සියල්ලන්ද යන ආබ්‍රහම්ගේ ගෙයි මිනිසුන් අතරෙන් සියලු පිරිමින් රැගෙන ඔවුන්ගේ චර්මාග්‍ර මාංසය ඡේද්‍යය කෙළේය.

24. ආබ්‍රහම් චර්මාග්‍ර මාංසය ඡේද්‍යය කරනු ලබන කල අවුරුදු අනූනවයක් වයස්ව සිටියේය.

25. ඔහුගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ගේ චර්මාග්‍ර මාංසය ඡේද්‍යය කරනු ලබන කල ඔහු අවුරුදු දහතුනක් වයස්ව සිටියේය.

26. එම දවසෙහිම ආබ්‍රහම්ද ඔහුගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ද චර්මඡේද්‍යය කරනු ලැබුවෝය.

27. ගෙයි උපන්නෝද විදේශීන්ගෙන් මිලේට ගනු ලැබුවෝද යන ඔහුගේ ගෙදර සියලු පිරිමි ඔහු සමඟ චර්මඡේද්‍යය කරනු ලැබුවෝය.

About උත්පත්ති Chapter 17

Read උත්පත්ති Chapter 17 online from the Holy Bible. This chapter is part of the Book of උත්පත්ති in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: උත්පත්ති
Chapter: 17
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading උත්පත්ති. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading උත්පත්ති Chapter 17 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is උත්පත්ති Chapter 17?

උත්පත්ති Chapter 17 is part of the Book of උත්පත්ති in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete උත්පත්ති Chapter 17 online for free with easy chapter navigation.

More Chapters from උත්පත්ති

  1. උත්පත්ති Chapter 2
  2. උත්පත්ති Chapter 19
  3. උත්පත්ති Chapter 1
  4. උත්පත්ති Chapter 39
  5. උත්පත්ති Chapter 49
  6. උත්පත්ති Chapter 33
  7. උත්පත්ති Chapter 30

Explore More from පැරණි ගිවිසුම

  1. යෙසායා Chapter 16
  2. ගීතාවලිය Chapter 127
  3. ගීතාවලිය Chapter 47
  4. යෝනා Chapter 3
  5. හිතෝපදේශ Chapter 15
  6. උත්පත්ති Chapter 31
  7. ද්වීතීය කථාව Chapter 22

Related Chapters & Readings

  1. හිතෝපදේශ Chapter 2
  2. 1 සාමුවෙල් Chapter 17
  3. එසකියෙල් Chapter 7
  4. ගණන් කථාව Chapter 3
  5. හිතෝපදේශ Chapter 24
  6. එස්රා Chapter 7
  7. හිතෝපදේශ Chapter 25
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *