ගීතාවලිය Chapter 143

For English

Read ගීතාවලිය Chapter 143 Online

Read ගීතාවලිය Chapter 143 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.

Choose a Chapter

ගීතාවලිය 143

පරිච්ඡේදය 143

1. ස්වාමිනි, මාගේ යාච්ඤාව ඇසුව මැනව; මාගේ කන්නලව්වට ඇහුම්කන්දුන මැනව. ඔබගේ විශ්වාසකමින්ද ධර්මිෂ්ඨකමින්ද මට උත්තරදුන මැනව.

2. ඔබගේ මෙහෙකරුවා විනිශ්චයකිරීමට නොපැමුණුණ මැනව; මක්නිසාද ජීවත්වෙන කිසිවෙක් ඔබ ඉදිරියෙහි නිදොස් නොවන්නේය.

3. සතුරා මාගේ ආත්මයට පීඩාකෙළේය; ඔහු මාගේ ජීවිතයට පහරදී බිම හෙළුවේය. ඔහු වනාහි මැරී බොහෝ කල් ගියවුන් මෙන් අඳුරු තැන්වල විසීමට සැලැස්විය.

4. එබැවින් මාගේ ආත්මය මා තුළ ක්ලාන්තවේ; මාගේ සිත මා තුළෙහි සැනසීම් රහිතය.

5. පුරාණ දවස් සිහිකරමි; ඔබගේ සියලු ක්‍රියා භාවනාකරමි ඔබගේ හස්තකර්ම මෙනෙහිකරමි.

6. මාගේ අත් ඔබ දෙසට දිගුකරමි. වියළි බිමක් මෙන් මාගේ ආත්මය ඔබට පිපාසාවේ.

7. ස්වාමිනි, ඉක්මනින් මට උත්තරදුන මැනව; මාගේ ආත්මය ක්ලාන්තවේ. වළට බසින්නන්ට මා සමාන නොවන පිණිස ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව.

8. උදය ඔබගේ කරුණාගුණය මට ඇසෙන්ට සැලැස්සුව මැනව; මක්නිසාද ඔබ කෙරෙහි විශ්වාසය තබමි. මා විසින් යා යුතු මාර්ගය මට දැක්වුව මැනව; මක්නිසාද ඔබ දෙසට මාගේ සිත ඔසවමි.

9. ස්වාමිනි, මාගේ සතුරන්ගෙන් මා ගැළෙවුව මැනව. සැඟවෙන පිණිස ඔබ වෙතට පලාඑමි.

10. ඔබගේ කැමැත්ත කරන්ට මට ඉගැන්නුව මැනව; මක්නිසාද ඔබ මාගේ දෙවියන්වහන්සේය. ඔබගේ ආත්මය යහපත්ය; අවංකකමේ දේශයෙහි මා ගෙනගිය මැනව.

11. ස්වාමිනි, ඔබගේ නාමය උදෙසා මා ප්‍රාණවත්කළ මැනව ඔබගේ ධර්මිෂ්ඨකම නිසා මාගේ ආත්මය විපතින් මිදුව මැනව.

12. ඔබගේ අධික කරුණාවෙන් මාගේ සතුරන් සිඳදමා, මාගේ ආත්මයට පීඩාකරන සියල්ලන් විනාශකළ මැනව; මක්නිසාද මම ඔබගේ මෙහෙකරුයෙමි.

About ගීතාවලිය Chapter 143

Read ගීතාවලිය Chapter 143 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගීතාවලිය
Chapter: 143
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගීතාවලිය Chapter 143 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගීතාවලිය Chapter 143?

ගීතාවලිය Chapter 143 is part of the Book of ගීතාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගීතාවලිය Chapter 143 online for free with easy chapter navigation.

More Chapters from ගීතාවලිය

  1. ගීතාවලිය Chapter 129
  2. ගීතාවලිය Chapter 106
  3. ගීතාවලිය Chapter 42
  4. ගීතාවලිය Chapter 48
  5. ගීතාවලිය Chapter 75
  6. ගීතාවලිය Chapter 69
  7. ගීතාවලිය Chapter 49

Explore More from පැරණි ගිවිසුම

  1. උත්පත්ති Chapter 13
  2. නික්මයාම Chapter 3
  3. යෙසායා Chapter 39
  4. නික්මයාම Chapter 30
  5. 1 රාජාවලිය Chapter 8
  6. එසකියෙල් Chapter 20
  7. යෙරෙමියා Chapter 36

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 97
  2. 1 රාජාවලිය Chapter 14
  3. උත්පත්ති Chapter 26
  4. එසකියෙල් Chapter 25
  5. ගීතාවලිය Chapter 30
  6. යෙරෙමියා Chapter 26
  7. නෙහෙමියා Chapter 7
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *