Read 2 රාජාවලිය Chapter 2 Online
Read 2 රාජාවලිය Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of 2 රාජාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 රාජාවලිය and the Holy Bible online.
Choose a Chapter
2 රාජාවලිය 2
පරිච්ඡේදය 2
1. තවද ස්වාමීන්වහන්සේ එලියා සුළි සුළඟකින් ස්වර්ගයට ගන්ට කැමතිවූ ප්‍රස්තාවේදී එලියා එලිෂා සමඟ ගිල්ගාල්හි සිට ගියේය.
2. එලියා: ස්වාමීන්වහන්සේ මා බෙතෙල්ට යවන නිසා මෙහි නවතින්නැයි එලිෂාට කීවේය. එලිෂාද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයද ජීවත්වන බව සැබෑවා සේම, මම ඔබ අත්නොහරිමියි කීවේය. මෙසේ ඔව්හු බෙතෙල්ට බැස ගියෝය.
3. බෙතෙල්හි සිටි ප්‍රොපේත පුත්‍රයෝ එලිෂා ළඟට ඇවිත්: ස්වාමීන්වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ කෙරෙන් ගන්නා බව දන්නෙහිදැයි ඔහුගෙන් ඇසුවෝය. ඔහු: එසේය, මම දනිමි; නිශ්ශබ්දවෙන්නැයි කීය.
4. එලියා ඔහුට කථාකොට: එලිෂා, මෙහි නැවතියන්න; මක්නිසාද ස්වාමින්වහන්සේ මා යෙරිකෝවට යවනසේකැයි කීවේය. ඔහුද: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයද ජීවත්වන බව සැබෑවා සේම මම ඔබ අත්නොහරිමියි කීවේය. මෙසේ ඔව්හු යෙරිකෝවට ආවෝය.
5. යෙරිකෝවෙහි සිටි ප්‍රොපේත පුත්‍රයෝ එලිෂා ළඟට ඇවිත්: ස්වාමීන්වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ කෙරෙන් ගන්නා බව දන්නෙහිදැයි ඔහුගෙන් ඇසුවෝය. ඔහුද: එසේය, මම දනිමි; නිශ්ශබ්දවෙන්නැයි උත්තරදුන්නේය.
6. එලියාද: ස්වාමීන්වහන්සේ මා යොර්දානට යවන නිසා මෙහි නැවතියන්නැයි ඔහුට කීවේය. ඔහු: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, මම ඔබ අත්නොහරිමියි කීවේය. එවිට ඒ දෙදෙනාම ගියෝය.
7. ප්‍රොපේත පුත්‍රයන්ගෙන් පනස්දෙනෙක්ද ගොස් ඔවුන් ඉස්සරහපිට දුරින් සිටියෝය. ඒ දෙදෙනාද යොර්දාන ළඟ සිටියෝය.
8. එවිට එලියා තමාගේ උතුරු සළුව රැගෙන අකුළා වතුරට ගැසීය, වතුර දෑතට බෙදී ගියේය, ඒ දෙදෙනා වියළි බිම පිට එගොඩවූවෝය.
9. තවද ඔවුන් එගොඩවූකල එලියා කථාකොට: ඔබ වෙතින් මා ගන්ට පළමුවෙන් ඔබට මගෙන් ඕනෑ දෙයක් ඉල්ලන්නැයි එලිෂාට කීය. එලිෂාද: ඔබට තිබෙන ආත්මයෙන් දෙගුණයක් මා කෙරෙහි පැමිණේවයි කීවේය.
10. ඔහුද: ඔබ අමාරු දෙයක් ඉල්ලුවෙහිය. එහෙත් ඔබ වෙතින් මා ගන්න විට ඔබ මා දුටුවොත් ඔබට එසේ වන්නේය; නැතහොත් එසේ නොවන්නේයයි කීය.
11. තවද ඔවුන් කථාකරකර යද්දී ගිනි රථයක්ද ගිනි අශ්වයෝද පෙනී ඔවුන් දෙදෙනා වෙන්කළෝය; එලියා සුළි සුළඟකින් ස්වර්ගයට නැගී ගියේය.
12. එලිෂා ඒ දැක: ඉශ්‍රායෙල්ට රථ සහ අසරුවන් වැනිවූ මාගේ පියාණෙනි, මාගේ පියාණෙනියි කීවේය. ඔහු තවත් ඔහු නුදුටුවේය. එවිට ඔහු තමාගේ වස්ත්‍ර අල්ලා දෙකට ඉරා,
13. එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව රැගෙන හැරී ඇවිත් යොර්දාන අද්දර සිට,
14. එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව අරගෙන: එලියාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කොයිද කියා වතුරට ගැසුවේය. ඔහුත් වතුරට ගැසූවිට එය දෑතට බෙදී ගියේය. එලිෂා එගොඩවුණේය.
15. ඔහු ඉස්සරහින් යෙරිකෝවේ සිටි ශිෂ්‍ය ප්‍රොපේතවරු ඔහු දැක: එලියාට තිබුණු ආත්මය එලිෂා කෙරෙහි පිහිටා තිබේය කියා ඔහුගේ පෙරමගට ගොස් බිමට නැමී ඔහුට වැන්දෝය.
16. ඔව්හු ඔහුට කථාකොට: මෙහි ඔබගේ මෙහෙකරුවන් අතරේ ශක්තිමත් මනුෂ්‍යයෝ පනස් දෙනෙක් සිටිති; ඔව්හු ගොස් ඔබගේ ස්වාමියා සොයත්වා. සමහරවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔහු ගෙනගොස් යම් කිසි කන්දක් පිටවත් යම් කිසි මිටියාවතකවත් දමන්ට ඇතැයි ඔහුට කීවෝය.
17. ඔහුද: අරින්ට එපායයි කීය. නුමුත් ඔහු ඛේදයට පත්වෙන තුරුම ඔවුන් ඔහුට කරදරකළ බැවින්: හරින්නැයි ඔහු කීවේය. එවිට ඔව්හු මනුෂ්‍යයන් පනස්දෙනෙකු හැරියෝය; ඔවුන් තුන් දවසක් සෙවූ නුමුත් ඔහු සම්බනූණේය.
18. ඔව්හු යෙරිකෝවේ නැවතී සිටි ඔහු ළඟට හැරී ආවෝය; ඔහුද: නොයන්නැයි මා ඔබ සැමට කීවා නොවේදැයි ඔවුන්ට කීවේය.
19. ඒ නුවර මනුෂ්‍යයෝ එලිෂාට කථාකොට: මෙන්න, මාගේ ස්වාමියාට පෙනෙන හැටියට මේ නුවර පිහිටා තිබෙන ස්ථානය ප්‍රසන්නය. නුමුත් වතුර නරකය, පොළොවත් වඳ වෙන්ට සලස්වනවායයි කීවෝය.
20. ඔහුද: අලුත් සැළියක් මා ළඟට ගෙනැවිත් එහි ලුණු දමන්නැයි කීවේය. ඔව්හුද එය ඔහු ළඟට ගෙනාවෝය.
21. ඔහු වතුර උල්පත ළඟට ගොස් එහි ලුණු දමා: මේ වතුර සුවපත් කෙළෙමියි කියාත් තවත් එයින් මරණයවත් වඳවීමවත් නොවන්නේය කියාත් ස්වාමීන්වහන්සේ වදාරනසේකැයි කීවේය.
22. මෙසේ එලිෂා කී වචනය ලෙස ඒ වතුර අද දක්වා සුවපත්ව පවතියි.
23. ඔහු එතැනින් බෙතෙල්ට ගියේය. ඔහු පාරේ යද්දී පුංචි ළමයි නුවරින් පිටත්ව ඇවිත් ඔහුට කවටකම්කරමින්: පලායව තට්ටයා, පලායව තට්ටයායයි කීවෝය.
24. ඔහු පස්සට හැරී ඔවුන් දැක ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔවුන්ට ශාපකෙළේය. එවිට වැළහින්නියන් දෙන්නෙක් කැලෑවෙන් ඇවිත් ඒ ළමයින්ගෙන් සතළිස් දෙදෙනෙකු ඉරා දැමුවෝය.
25. හෙතෙම එතැනින් කර්මල් කන්දට ගොස් එයින් සමාරියට හැරී ආවේය.
About 2 රාජාවලිය Chapter 2
Read 2 රාජාවලිය Chapter 2 online from the Holy Bible. This chapter is part of the Book of 2 රාජාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: 2 රාජාවලිය
Chapter: 2
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading 2 රාජාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading 2 රාජාවලිය Chapter 2 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is 2 රාජාවලිය Chapter 2?
2 රාජාවලිය Chapter 2 is part of the Book of 2 රාජාවලිය in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete 2 රාජාවලිය Chapter 2 online for free with easy chapter navigation.
More Chapters from 2-රාජාවලිය
- 2 රාජාවලිය Chapter 21
- 2 රාජාවලිය Chapter 22
- 2 රාජාවලිය Chapter 16
- 2 රාජාවලිය Chapter 9
- 2 රාජාවලිය Chapter 1
- 2 රාජාවලිය Chapter 15
- 2 රාජාවලිය Chapter 11
Explore More from පැරණි ගිවිසුම
- යෝෂුවා Chapter 18
- යෙරෙමියා Chapter 23
- උත්පත්ති Chapter 49
- යෙරෙමියා Chapter 19
- ගීතාවලිය Chapter 77
- එසකියෙල් Chapter 32
- ගීතාවලිය Chapter 52