ද්වීතීය කථාව Chapter 31

For English

Read ද්වීතීය කථාව Chapter 31 Online

Read ද්වීතීය කථාව Chapter 31 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ද්වීතීය කථාව and the Holy Bible online.

Choose a Chapter

ද්වීතීය කථාව 31

පරිච්ඡේදය 31

1. තවද මෝසෙස් ගොස් සියලු ඉශ්‍රායෙල්වරුන්ට මේ වචන කීවේය.

2. ඔහු ඔවුන්ට කථාකොට: මම අද අවුරුදු එකසිය විස්සක් වයස්ව සිටිමි; තවත් පිටතට යන්ටත් ඇතුළට එන්ටත් නොහැක්කෙමි. ඔබ මේ යොර්දානෙන් එතරට නොයන්නෙහියයි ස්වාමීන්වහන්සේ මට කීසේක.

3. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට පෙරටුව එතරට යනසේක; උන්වහන්සේම ඔබ ඉදිරියෙන් මේ ජාතීන් විනාශකරනසේක, ඔබ ඔවුන්ගේ දේශය හිමිකරගන්නෙහිය. ස්වාමීන්වහන්සේ කී ලෙස යෝෂුවා ඔබට පෙරටුව යන්නේය.

4. ස්වාමීන්වහන්සේ විනාශකළ අමෝරිවරුන්ගේ රජුන්වූ සීහොන්ට සහ ඕග්ටද ඔවුන්ගේ දේශයටද කළ ලෙස උන්වහන්සේ මොවුන්ටත් කරනසේක.

5. ස්වාමීන්වහන්සේ මොවුන් ඔබ සැමට පාවාදුන් කල්හි මා විසින් ඔබ සැමට අණකළ මුළු ආඥාවේ හැටියට ඔවුන්ට කරන්න.

6. ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න, ඔවුන් ගැන භයනොවන්න, තැතිනොගන්න. මක්නිසාද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේම ඔබ සමඟ යනසේක; උන්වහන්සේ ඔබෙන් අහක්ව යන්නේවත් ඔබ අත්හරින්නේවත් නැතැයි කීවේය.

7. මෝසෙස් යෝෂුවා කැඳවා සියලු ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙහි ඔහුට කථාකොට: ඔබ ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශයට ඔබ ඔවුන් සමඟ ගොස් ඒක ඔවුන්ට උරුමකරදෙනවා ඇත.

8. ස්වාමීන්වහන්සේම ඔබට පෙරටුව යනසේක; උන්වහන්සේ ඔබ සමඟ වනසේක, උන්වහන්සේ ඔබෙන් අහක්ව යන්නේවත් ඔබ අත්හරින්නේවත් නැත. භයනොවන්න, නොකැලඹෙන්නැයි කීවේය.

9. මෝසෙස් මේ ව්‍යවස්ථාව ලියා, ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන ලෙවීගේ පුත්‍රයන්වූ පූජකයන්ටද සියලු ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ටද එය භාරදී,

10. ඔවුන්ට අණකරමින් කියනුයේ: සෑම අවුරුදු සතක කෙළවරදී, මිදීමේ අවුරුද්දේදී, නියම කාලය වන කූඩාරම් මංගල්‍යයේදී,

11. ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්න ස්ථානයේ උන්වහන්සේ ඉදිරියෙහි පෙනෙන පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන් ආ විට, මේ ව්‍යවස්ථාව සියලු ඉශ්‍රායෙල්වරුන් අසාගන සිටිද්දී ඔවුන් ඉදිරිපිට කියවන්න.

12. පුරුෂයන්ද ස්ත්‍රීන්ද බාලයන්ද ඔබේ දොරටු ඇතුළෙහි සිටින විදේශියාද අසා ඉගෙනගන ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවී මේ ව්‍යවස්ථාවේ සියලුම වචනවල හැටියට කරන්ට බලාගන්න පිණිසද,

13. එය දැනනොගත් ඔවුන්ගේ දරුවන්ද අසා ඔබ සැම හිමිකරගන්ට යොර්දානෙන් එතරව යන භූමිය මතුපිට ඔබ සැම ජීවත්වෙන සියලු දවස්වල ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවෙන්ට ඉගෙනගන්න පිණිසද සෙනඟ රැස්කරන්නැයි කීවේය.

14. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, ඔබ මැරෙන කාලය ආසන්නය. ඔබ යෝෂුවා කැඳවාගන විත් මා විසින් ඔහුට අණකරන පිණිස සම්මුඛවීමේ කූඩාරමෙහි සිටින්නැයි කීසේක. එවිට මෝසෙස් හා යෝෂුවා ගොස් සම්මුඛවීමේ කූඩාරමෙහි සිටියෝය.

15. ස්වාමීන්වහන්සේද වලාටැඹකින් කූඩාරමෙහි පෙනුණුසේක. වලාටැඹ කූඩාරමේ දොරකඩට ඉහළින් පිහිටා සිටියේය.

16. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, ඔබ ඔබේ පියවරුන් සමඟ සැතපෙන්නෙහිය; මේ සෙනඟද නැගිට ඔවුන් යන දේශයෙහි වූ අන්‍ය දෙවිවරුන් සමඟ වේශ්‍යාකම්කර, මා අත්හැර, මා ඔවුන් සමඟ කළ මාගේ ගිවිසුම කඩකරනවා ඇත.

17. ඒ දවසේ මාගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළෙන්නේය, මම ඔවුන් අත්හැර මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගන්නෙමි, එවිට ඔව්හු කොල්ලයක් වන්නෝය, ඔවුන් පිටට බොහෝ විපත්තිද දුක්ද පැමිණෙන්නේය; ඔව්හු ඒ දවසේ කථාකොට: මේ විපත්ති අප පිටට පැමිණ තිබෙන්නේ අපේ දෙවියන්වහන්සේ අප අතරේ නැති නිසා නොවේදැයි කියන්නෝය.

18. ඔවුන් අන් දෙවිවරුන් වෙතට හැරීයාමෙන් කළාවූ සියලු දුෂ්ටකම් නිසා ඒ දවසේදී මාගේ මුහුණ සැබවින් සඟවාගන්නෙමි.

19. එබැවින් මේ ගීතිකාව ලියාගෙන ඉශ්‍රායෙල් පුත්‍රයන්ට උගන්වන්න. මේ ගීතිකාව ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විරුද්ධව මා උදෙසා සාක්ෂියක් වන පිණිස ඒක ඔවුන්ගේ මුඛයෙහි තබන්න.

20. මක්නිසාද මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළාවූ, කිරි හා මීපැණි ගලායන්නාවූ දේශයට මා විසින් ඔවුන් පැමිණෙවු කල්හි, ඔවුන් කා තෘප්තියට පැමිණ තරවූ කල්හි, ඔවුන් අන් දෙවිවරුන් වෙතට හැරී ඔවුන්ට සේවයකරමින්, මා එපාකර මාගේ ගිවිසුම කඩකරනවා ඇත.

21. එසේ ඔවුන් පිටට බොහෝ විපත්තිද දුක්ද පැමිණි කල්හි, මේ ගීතිකාව ඔවුන්ගේ දරුමුණුබුරන්ගේ මුඛවලින් පහවී නොයන බැවින් මෙය ඔවුන්ට උත්තර දෙන සාක්ෂිකාරයෙකු මෙන් සාක්ෂිදරනවා ඇත. මක්නිසාද මා විසින් දිවුළ දේශයට ඔවුන් පමුණුවන්ට මත්තෙන් දැන් පවා ඔවුන් කරන ඔවුන්ගේ යෝජනාව දනිමියි කීසේක.

22. එබැවින් මෝසෙස් එම දවසෙහි මේ ගීතිකාව ලියා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ඉගැන්නුවේය.

23. උන්වහන්සේ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාට අණකරමින්: ඔබ ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දිවුළ දේශයට ඔබ ඔවුන් ගෙනයන්නෙහිය. මමද ඔබ සමඟ සිටින්නෙමියි කීසේක.

24. තවද මෝසෙස් මේ ව්‍යවස්ථාවේ වචන තීන්දුවටම පොතක ලියා නිමකළ කල්හි,

25. ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන ලෙවීවරුන්ට මෝසෙස් අණකරමින්:

26. මේ ව්‍යවස්ථා පොත රැගෙන මෙය එහි ඔබ සැමට විරුද්ධව සාක්ෂියක්ව තිබෙන පිණිස ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ තබන්න.

27. මක්නිසාද මම ඔබේ කැරළිකාරකමද ඔබේ කුළලේ තදකමද දනිමි. ඔබ සැම සමඟ දැන් මා ජීවත්ව සිටියදීම ඔබ සැම ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාරව සිටියහුය; මාගේ මරණයෙන් පසු කොපමණ වැඩියෙන් එසේ නොකරන්නහුද?

28. ඔබ සැමගේ ගෝත්‍රවල වැඩිමහල්ලන්ද ඔබ සැමගේ මුලාදෑනීන්ද අසාගන සිටිද්දී මා විසින් මේ වචන කියමින් ඔවුන්ට විරුද්ධව අහසටද පොළොවටද සාක්ෂි පිණිස හඬ ගසන්ට ඔවුන් මා වෙතට රැස්කරන්න.

29. මක්නිසාද මාගේ මරණයෙන් පසු ඔබ සැම සහමුලින් ඔබ සැමම දූෂ්‍ය කරගෙන මා ඔබ සැමට අණකළ මාර්ගයෙන් අහක්ව යන බව දනිමි; එබැවින් මතු දවස්වලදී විපත්තිය ඔබ සැමට පැමිණෙන්නේය; මක්නිසාද ඔබ සැමගේ අත්වල වැඩෙන් ස්වාමීන්වහන්සේ කෝපකරන හැටියට ඔබ සැම උන්වහන්සේගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කරනවා ඇතැයි කීවේය.

30. මෝසෙස් වනාහි මුළු ඉශ්‍රායෙල් සභාව අසාගන සිටිද්දී මේ ගීතිකාවේ වචන නිමවන තෙක් පැවසුවේය.

About ද්වීතීය කථාව Chapter 31

Read ද්වීතීය කථාව Chapter 31 online from the Holy Bible. This chapter is part of the Book of ද්වීතීය කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ද්වීතීය කථාව
Chapter: 31
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ද්වීතීය කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ද්වීතීය කථාව Chapter 31 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ද්වීතීය කථාව Chapter 31?

ද්වීතීය කථාව Chapter 31 is part of the Book of ද්වීතීය කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ද්වීතීය කථාව Chapter 31 online for free with easy chapter navigation.

More Chapters from ද්වීතීය කථාව

  1. ද්වීතීය කථාව Chapter 15
  2. ද්වීතීය කථාව Chapter 16
  3. ද්වීතීය කථාව Chapter 7
  4. ද්වීතීය කථාව Chapter 6
  5. ද්වීතීය කථාව Chapter 5
  6. ද්වීතීය කථාව Chapter 32
  7. ද්වීතීය කථාව Chapter 29

Explore More from පැරණි ගිවිසුම

  1. ගණන් කථාව Chapter 14
  2. 2 රාජාවලිය Chapter 17
  3. හිතෝපදේශ Chapter 25
  4. 1 රාජාවලිය Chapter 3
  5. 2 රාජාවලිය Chapter 1
  6. ගීතාවලිය Chapter 73
  7. යෙසායා Chapter 50

Related Chapters & Readings

  1. රෝම Chapter 10
  2. එළිදරව් Chapter 22
  3. 1 සාමුවෙල් Chapter 28
  4. ක්රිරයා Chapter 24
  5. ක්රිරයා Chapter 4
  6. 2 ලේකම් Chapter 13
  7. 2 ලේකම් Chapter 21
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *