Read ගීතාවලිය Chapter 35 Online
Read ගීතාවලිය Chapter 35 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.
Choose a Chapter
ගීතාවලිය 35
පරිච්ඡේදය 35
1. ස්වාමිනි, මා සමඟ විවාදකරන්නන් සමඟ විවාදකළ මැනව. මට විරුද්ධව යුද්ධකරන්නන්ට විරුද්ධව යුද්ධකළ මැනව.
2. පලිහත් මහ පලිහත් ගෙන, මට පිහිටවෙන පිණිස නැගුටුණ මැනව.
3. හෙල්ලයත් ඇද මා ලුහුබඳින්නන් වැලැක්වුව මැනව. මම ඔබ සැමගේ ගැළවීමයයි මාගේ ආත්මයට කිව මැනව.
4. මාගේ ප්‍රාණය සොයන්නෝ ලජ්ජාවී අගෞරවයට පැමිණෙත්වා. මට අන්තරාය යොදන්නෝ පස්සට හරවනු ලැබ වියවුල්වෙත්වා.
5. ඔව්හු හුළඟ ඉදිරියෙහි බොල් මෙන් වෙත්වා, ස්වාමීන්ගේ දූතයා ඔවුන් එළවා යේවා.
6. ඔවුන්ගේ මාර්ගය අඳුරුව ලිස්සන්නේවේවා, ස්වාමීන්ගේ දූතයා ඔවුන් ලුහුබදීවා.
7. මක්නිසාද ඔව්හු නිෂ්කාරණයේ මට ඔවුන්ගේ දැල වළක සඟවා තැබූය, නිෂ්කාරණයේ මාගේ ප්‍රාණයට වළක් හෑරුවෝය.
8. නොදැනී විනාශය ඔහු පිටට පැමිණේවා; ඔහු සඟවා තිබූ දැලට ඔහුම අසුවේවා; ඔහු විනාශයට පැමිණ එහි වැටේවා.
9. මාගේ ආත්මය ස්වාමීන් කෙරෙහි සතුටුවන්නේය. උන්වහන්සේගේ ගැළවීම කෙරෙහි ප්‍රීතිවන්නේය.
10. ස්වාමීනි, දුප්පතා ඔහුට වඩා බල වන්තයාගෙන් මුදන්නාවූ, දුප්පතා හා දිළිඳා කොල්ලකාරයාගෙන් ගළවන්නාවූ ඔබ සමාන කවරේදැයි මාගේ ඇට සියල්ලෙන් කියවෙන්නේය.
11. අධර්මිෂ්ඨ සාක්ෂිකාරයෝ නැඟිට, මා නොදන්න කාරණා ගැන මාගෙන් අසති.
12. මාගේ ආත්මය අසරණවන ලෙස ඔව්හු මට යහපත වෙනුවට නපුර කෙරෙති.
13. මම වනාහි ඔවුන් රෝගාතුරවූ කල ගෝණිරෙදි ඇන්දෙමි. නිරාහාරව සිටීමෙන් මාගේ ආත්මයට පීඩාකරගතිමි; මාගේ යාච්ඤාවද මාගේම ළයට හැරී ආයේය.
14. මාගේ මිත්‍රයෙක් නොහොත් සහෝදරයෙක් මෙන් ඔහු ගැන ක්‍රියා කෙළෙමි. මෑණියන් ගැන ශෝකවන්නෙකුසේ දුකින් වැතිර සිටියෙමි.
15. එහෙත් මා පැකුලුණු කල ඔව්හු ප්‍රීතිමත්ව රැස්වූවෝය. නීචයෝ මට විරුද්ධව රැස්වූය, එය දැන නොගත්තෙමි; ඔව්හු නොනැවතී මා ඉරාදැමුවෝය.
16. මංගල්‍යවලදී අභක්තික කවටයන් මෙන් ඔව්හු මට එදිරිව දත්මිටිකෑවෝය.
17. ස්වාමීනි, ඔබ කොපමණ කල් බලා සිටිනසේක්ද? මාගේ ආත්මය ඔවුන් යොදන විනාශවලින්ද මාගේ ප්‍රිය ප්‍රාණය සිංහයන්ගෙන්ද මුදාගත මැනව.
18. මහත් සභාවේදී ඔබට ස්තුතිකරන්නෙමි. බොහෝ සෙනඟ අතරේ ඔබට ප්‍රශංසා කරන්නෙමි.
19. මට සතුරුව සිටින්නෝ අයුත්තේ මා ගැන ප්‍රීතිමත් නොවෙත්වා. නිෂ්කාරණයේ මට වෛරවන්නෝ ඇස ඉඟි නොකෙරෙත්වා.
20. මක්නිසාද ඔව්හු සමාදානය පිණිස කථා නොකෙරෙති. දේශයෙහි නිශ්චලව සිටින්නන්ට විරුද්ධව වංචා වචන යොදති.
21. එසේය, ඔව්හු මට විරුද්ධව කට අයා: ඔහෝ, ඔහෝ, අපේ ඇසින් දුටිමුයයි කීවෝය.
22. ස්වාමීනි, ඔබ එය දුටුසේක, නිශ්ශබ්ද නූව මැනව. ස්වාමීනි, මා කෙරෙන් ඈත් නූව මැනව;
23. මාගේ දෙවියනි, මාගේ ස්වාමීනි, මාගේ යුක්තිය පිණිස එනම් මාගේ කාරණය සඳහා පිබිද නැගුටුණ මැනව.
24. මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබගේ ධර්මිෂ්ඨකම ලෙස මා විනිශ්චයකළ මැනව; මා ගැන ඔව්හු ප්‍රීති නොවෙත්වා.
25. ඔහෝ, අපේ කැමැත්ත සිදුවීයයි ඔව්හු සිතින් නොකියත්වා. අපි ඔහු ගිලගතිමුයයි නොකියත්වා.
26. මාගේ අන්තරායට ප්‍රියවන්නෝ එක්ව ලජ්ජාවී වියවුල්වෙත්වා. මට විරුද්ධව උඩඟුවෙන්නෝ තුමූම ලජ්ජාවෙනුත් නින්දාවෙනුත් හඳවනු ලබත්වා.
27. මාගේ ධර්මිෂ්ඨ කාරණයට ප්‍රියවන්නෝ ප්‍රීතිඝෝෂා කෙරෙත්වා, සන්තෝෂවෙත්වා. එසේය: තමන් මෙහෙකරුවාගේ යහපතට ප්‍රියවූ ස්වාමීන්වහන්සේ උසස්වනසේක්වයි ඔව්හු නිතරම කියත්වා.
28. මාගේ දිව ඔබගේ ධර්මිෂ්ඨකම ගැනද ප්‍රශංසාව ගැනද දවස මුළුල්ලේ කථාකරන්නේය.
About ගීතාවලිය Chapter 35
Read ගීතාවලිය Chapter 35 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: ගීතාවලිය
Chapter: 35
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading ගීතාවලිය Chapter 35 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is ගීතාවලිය Chapter 35?
ගීතාවලිය Chapter 35 is part of the Book of ගීතාවලිය in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete ගීතාවලිය Chapter 35 online for free with easy chapter navigation.
More Chapters from ගීතාවලිය
- ගීතාවලිය Chapter 129
- ගීතාවලිය Chapter 106
- ගීතාවලිය Chapter 48
- ගීතාවලිය Chapter 42
- ගීතාවලිය Chapter 150
- ගීතාවලිය Chapter 130
- ගීතාවලිය Chapter 81
Explore More from පැරණි ගිවිසුම
- ගීතාවලිය Chapter 129
- යෝෂුවා Chapter 22
- ගීතාවලිය Chapter 92
- ගීතාවලිය Chapter 87
- ගීතාවලිය Chapter 74
- ගීතාවලිය Chapter 10
- 1 සාමුවෙල් Chapter 12