ලෙවී කථාව Chapter 8

For English

Read ලෙවී කථාව Chapter 8 Online

Read ලෙවී කථාව Chapter 8 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ලෙවී කථාව and the Holy Bible online.

Choose a Chapter

ලෙවී කථාව 8

පරිච්ඡේදය 8

1. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:

2. ආරොන්ද ඔහුගේ පුත්‍රයන්ද වස්ත්‍රද ආලේප තෙල්ද පාප පූජාවට ගොනාද බැටළුවන් දෙදෙනාද මුහුන් නොදැමූ රොටි පැසද රැගෙන,

3. සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට මුළු සභාව රැස්කරවන්නැයි කීසේක.

4. මෝසෙස් ස්වාමීන්වහන්සේ තමාට අණකළ ලෙස කෙළේය; සභාවද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟට රැස්වූවාය.

5. ස්වාමීන්වහන්සේ කරන්ට අණකළ දේ මේයයි මෝසෙස් සභාවට කීවේය.

6. මෝසෙස් ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ගෙන්වා ඔවුන් වතුරෙන් නෑවුවේය.

7. ඔහු දික් යට ඇඳුම ඔහුට හඳවා, ඉණපිටිය ඔහුගේ ඉඟටියේ බැඳ, සළුව ඔහුට පළඳවා, ඒඵොද් සැට්ටයද ඔහුට හඳවා, ඒඵොද්හි විසිතුරු ලෙස වියනලද පටිය දමා, එය ඔහුගේ ඉඟටියේ බැන්දේය.

8. ඔහු ළය වැස්ම ඔහු පිට පිහිටුවා ඒ ළය වැස්මෙහි ඌරිම් සහ තුම්මිම්8:8 නික්මයාම 28:30 බලනු. තැබුවේය.

9. තවද ඔහුගේ හිස පිට මකුටය ලා, මකුටය පිට ඉදිරියෙන් රන් තහඩුව වන ශුද්ධ ඔටුන්න ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස තැබුවේය.

10. මෝසෙස් ආලේප තෛලය රැගෙන මණ්ඩපය හා එහි තිබුණු සියල්ල ආලේපකරමින් ඒවා පවිත්‍ර කෙළේය.

11. ඔහු එයින් පූජාසනය පිට සත් වරක් ඉස පූජාසනය සහ ඒකේ සියලු භාජනද සෝදන භාජනය හා ඒකේ අඩියද පවිත්‍රකරන පිණිස ඒවා ආලේපකෙළේය.

12. ඔහු ආරොන් පවිත්‍රකරන පිණිස ඔහුගේ හිස පිට ආලේප තෛලය වත්කොට ඔහු ආලේපකෙළේය.

13. තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු ආරොන්ගේ පුත්‍රයන් ගෙන්වා, ඔවුන්ට දික් යට ඇඳුම් හඳවා, ඉණපටි ඔවුන්ගේ ඉඟටිවල බැඳ, ඔවුන්ගේ හිස්වල ඔටුනු බැන්දේය.

14. එවිට ඔහු පාප පූජාවේ ගොනා ගෙනායේය. ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද පාප පූජාවේ ගොනාගේ හිස පිට තමුන්ගේ අත් තැබුවෝය.

15. ඔහු ඌ මැරීය; මෝසෙස් ලේ රැගෙන පූජාසනයේ අං වටේ තමාගේ ඇඟිල්ලෙන් ගා පූජාසනයේ දෝෂය පහකොට පූජාසනය මුල ලේ වත්කර එය උදෙසා සමඟිකමක් කරන පිණිස එය විශුද්ධ කෙළේය.

16. ඔහු අතුණු පිට තිබෙන තෙල සියල්ලද අක්මාවේ දැලද වකුගඩු දෙකද ඒවායේ තෙලද ගත්තේය, මෝසෙස් ඒවා පූජාසනය පිට දැවුවේය.

17. එහෙත් ගොනා සහ උගේ සමද මාංසයද ගොමද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු කඳවුරෙන් පිටත ගින්නෙන් පුලුස්සාදැමුවේය.

18. ඔහු දවන පූජාවේ බැටළුවා ගෙනායේය. ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ බැටළුවාගේ හිස පිට තමුන්ගේ අත් තැබූහ.

19. ඔහු ඌ මැරීය. මෝසෙස් උගේ ලේ පූජාසනය පිට හාත්පස ඉස්සේය.

20. ඔහු බැටළුවා උගේ කොටස්වලට කැපීය; මෝසෙස් උගේ හිස සහ කැබලිත් තෙලත් දැවුවේය.

21. ඔහු අතුණුද කකුල්ද වතුරෙන් සේදුවේය; මෝසෙස් මුළු බැටළුවා පූජාසනය පිට දැවීය. ඒක ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස මිහිරි සුවඳක් පිණිස දවන පූජාවක්ද ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක්ද වූයේය.

22. ඔහු කැපකිරීමේ බැටළුවා වන අනික් බැටළුවා ගෙනායේය. ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ බැටළුවාගේ හිස පිට තමුන්ගේ අත් තැබුවෝය.

23. ඔහු ඌ මැරීය; මෝසෙස් උගේ ලෙයින් මඳක් රැගෙන ආරොන්ගේ දකුණු කනේ කෙළවරෙහිද ඔහුගේ දකුණතේ මාපට ඇඟිල්ලෙහිද ඔහුගේ දකුණු පයේ මාපට ඇඟිල්ලෙහිද ගෑයේය.

24. ඔහු ආරොන්ගේ පුත්‍රයන්ද ගෙනායේය, මෝසෙස් ලෙයින් මඳක් ඔවුන්ගේ දකුණු කන් කෙළවරෙහිද ඔවුන්ගේ දකුණත මාපට ඇඟිල්ලෙහිද ඔවුන්ගේ දකුණු පයේ මාපට ඇඟිල්ලෙහිද ගෑයේය. මෝසෙස් උගේ ලේ පූජාසනය පිට හාත්පස ඉස්සේය.

25. ඔහු තෙලද තර වල්ගයද අතුණු පිට තෙල සියල්ලද අක්මාවේ දැලද වකුගඩු දෙකද ඒවායේ තෙලද දකුණු කළවයද රැගෙන,

26. ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වූ මුහුන් නොදැමූ රොටි පැසින් මුහුන් නැති එක රොටියක්ද තෙල් මිශ්‍රවූ එක රොටි කැවුමක්ද එක පූප පෙත්තක්ද ගෙන ඒවා තෙල පිටත් දකුණු කළවය පිටත් තබා,

27. ඒ සියල්ල ආරොන්ගේ අත්වල සහ ඔහුගේ පුත්‍රයන්ගේ අත්වලත් තබා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවක් පිණිස ඒවා තේව කෙළේය.

28. මෝසෙස් ඒවා ඔවුන්ගේ අත්වලින් ගෙන පූජාසනයෙහි දවන පූජාව පිට දැවුවේය. ඒවා මිහිරි සුවඳක් වන පිණිස කැපකිරීමක් විය. එය ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාවක්ය.

29. මෝසෙස් ළැපැත්ත රැගෙන තේව පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේවකෙළේය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඒක කැපකිරීමේ බැටළුවාගෙන් මෝසෙස්ගේ කොටස විය.

30. මෝසෙස් ආලේප තෙලින් හා පූජාසනය පිට තිබුණු ලෙයින් රැගෙන ඒවා ආරොන් පිටද ඔහුගේ වස්ත්‍ර පිටද ඔහුගේ පුත්‍රයන් පිටද ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර පිටද ඉස ආරොන් සහ ඔහුගේ වස්ත්‍රද ඔහුගේ පුත්‍රයන් සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද විශුද්ධ කෙළේය.

31. මෝසෙස්ද ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට කියනුයේ: සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ ඒ මාංසය තම්බන්න. ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් විසින් එය කෑ යුතුයයි මා විසින් අණකළ ලෙස එහිදී කැපකිරීමේ පැසෙහි තිබෙන රොටිත් සමඟ එය කන්න.

32. මාංසය හා රොටිවලින් ඉතුරු ඒවා ගින්නෙන් දවන්න.

33. ඔබ සැම සත් දවසක් සම්පූර්ණවන තෙක් එනම් ඔබ සැමගේ කැපකිරීමේ දවස් සම්පූර්ණවන තෙක් සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩින් පිටතට නොයන්න. මක්නිසාද සත් දවසක් ඔබ සැම කැපකරනු ලබන්නහුය.

34. ඔබ සැම වෙනුවට සමඟිකමක් කරන පිණිස, අද දවසේදී කළාක්මෙන් කරන්ට ස්වාමීන්වහන්සේ අණකර තිබේ.

35. ඔබ සැම නොනස්නා පිණිස සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩ ළඟ රෑ දාවල් සත් දවසක් සිටිමින් ස්වාමීන්වහන්සේගේ නියමය පවත්වන්න. මක්නිසාද එසේ මට අණකර තිබේයයි කීවේය.

36. මෙසේ ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකළ සියල්ල කළෝය.

About ලෙවී කථාව Chapter 8

Read ලෙවී කථාව Chapter 8 online from the Holy Bible. This chapter is part of the Book of ලෙවී කථාව in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ලෙවී කථාව
Chapter: 8
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ලෙවී කථාව. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ලෙවී කථාව Chapter 8 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ලෙවී කථාව Chapter 8?

ලෙවී කථාව Chapter 8 is part of the Book of ලෙවී කථාව in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ලෙවී කථාව Chapter 8 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 6
  4. නික්මයාම Chapter 30
  5. නික්මයාම Chapter 26
  6. නික්මයාම Chapter 21
  7. නික්මයාම Chapter 10

Explore More from ලෙවී-කථාව

  1. ලෙවී කථාව Chapter 27
  2. ලෙවී කථාව Chapter 11
  3. ලෙවී කථාව Chapter 19
  4. ලෙවී කථාව Chapter 13
  5. ලෙවී කථාව Chapter 23
  6. ලෙවී කථාව Chapter 21
  7. ලෙවී කථාව Chapter 9

Related Chapters & Readings

  1. උත්පත්ති Chapter 49
  2. පිලිප්පි Chapter 2
  3. උත්පත්ති Chapter 17
  4. යෙරෙමියා Chapter 8
  5. 2 ලේකම් Chapter 19
  6. ගීතාවලිය Chapter 66
  7. 1 කොරින්ති Chapter 6
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *