ගීතාවලිය Chapter 38

For English

Read ගීතාවලිය Chapter 38 Online

Read ගීතාවලිය Chapter 38 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of ගීතාවලිය and the Holy Bible online.

Choose a Chapter

ගීතාවලිය 38

පරිච්ඡේදය 38

1. ස්වාමිනි, ඔබගේ උදහසින් මට තරවටු නොකළ මැනව. ඔබගේ කෝපයෙන් මට දඬුවම් නොකළ මැනව.

2. මක්නිසාද ඔබගේ ඊගස් මට තදින් ඇනී තිබේ, ඔබගේ අතද මා පිට බරවේ.

3. ඔබගේ උදහස නිසා මාගේ මාංසයෙහි කිසි නිරෝගි බවක් නැත; මාගේ පාපය නිසා මාගේ ඇටවලට කිසි සැපයක් නැත.

4. මක්නිසාද මාගේ අයුතුකම් මාගේ හිස වසා නැංගේය. ඒවා අධික බරක් මෙන් මට ඉතා බරවෙයි.

5. මාගේ මෝඩකම නිසා මාගේ තුවාල දුර්ගන්ධව පිළිකුල්ව තිබේ.

6. මම වේදනා විඳිමින් අතිශයින් නැමී වැතිර සිටිමි; දවස මුළුල්ලේම වැලපෙමින් පසුවෙමි.

7. මක්නිසාද මාගේ තුනටිය දැවිල්ලෙන් පිරී තිබේ; මාගේ මාංසයෙහි කිසි නිරෝගි බවක් නැත.

8. මම ක්ලාන්තව බොහෝසෙයින් තැළී සිටිමි. මාගේ සිතේ කැළඹීම නිසා මොර ගෑමි.

9. ස්වාමිනි, මාගේ මුළු ආශාව ඔබ ඉදිරියෙහිය; මාගේ සුසුම්ලෑමද ඔබගෙන් සැඟවී නැත.

10. මාගේ හෘදය සැලෙයි, මාගේ ශක්තිය හීනවෙයි. මාගේ ඇසේ එළිය පවා මා කෙරෙන් පහව ගියේය.

11. මට ආදර ඇත්තෝද මාගේ මිත්‍රයෝද මාගේ විපත්තිය කෙරෙන් ඈත්ව සිටිති; මාගේ නෑයෝ දුරින් සිටිති.

12. මාගේ ප්‍රාණය නසන්ට සොයන්නෝ මට මලපත් තබති; මට අන්තරායකරන්ට සොයන්නෝ නපුරු දේ කථාකරමින්, දවස මුළුල්ලේ ප්‍රයෝග යොදති.

13. එහෙත් මම බිහිරෙකු මෙන් නොඅසන්නෙමි; කට නාරින ගොළුවෙකුද මෙන් වෙමි.

14. එසේය, මම නොඇසෙන්නාවූ, තමාගේ මුඛයෙහි තරවටුකිරීම් නැත්තාවූ මනුෂ්‍යයෙකු මෙන් වෙමි.

15. මක්නිසාද, ස්වාමිනි, මම ඔබ කෙරෙහි බලා සිටිමි. මාගේ දෙවිවූ ස්වාමිනි, ඔබම උත්තර දෙනසේක.

16. මක්නිසාද: ඔව්හු මා කෙරෙහි ප්‍රීති නොවෙත්වායි මම කීයෙමි. මාගේ පය ලිස්සන විට ඔව්හු මට විරුද්ධව තමුන්ම උසස්කරගනිති.

17. මම පැකිලෙන්ට ළංව සිටිමි, මාගේ දුකද නිතරම මා ඉදිරියෙහිය.

18. මක්නිසාද මාගේ අයුතුකම කියාදෙමි; මාගේ පාපය නිසා දුක්වෙමි.

19. නුමුත් මාගේ සතුරෝ ප්‍රාණවත් වෙති, බලවත්වෙති. අයුතුලෙස මට වෛරවන්නෝද වැඩිවූවෝය.

20. මා යහපත අනුව යන නිසා, යහපතට නපුරකරන්නොත් මට සතුරු වෙති.

21. ස්වාමිනි, මා අත් නෑරිය මැනව. මාගේ දෙවියන්වහන්ස, මා කෙරෙන් දුරුව නොසිටිය මැනව.

22. මාගේ ගැළවීම වූ ස්වාමිනි, මට උපකාර පිණිස ඉක්මන්වුව මැනව.

About ගීතාවලිය Chapter 38

Read ගීතාවලිය Chapter 38 online from the Holy Bible. This chapter is part of the Book of ගීතාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: ගීතාවලිය
Chapter: 38
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading ගීතාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading ගීතාවලිය Chapter 38 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is ගීතාවලිය Chapter 38?

ගීතාවලිය Chapter 38 is part of the Book of ගීතාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete ගීතාවලිය Chapter 38 online for free with easy chapter navigation.

More Chapters from ගීතාවලිය

  1. ගීතාවලිය Chapter 129
  2. ගීතාවලිය Chapter 106
  3. ගීතාවලිය Chapter 48
  4. ගීතාවලිය Chapter 42
  5. ගීතාවලිය Chapter 150
  6. ගීතාවලිය Chapter 140
  7. ගීතාවලිය Chapter 130

Explore More from පැරණි ගිවිසුම

  1. උත්පත්ති Chapter 48
  2. 1 රාජාවලිය Chapter 15
  3. මලාකි Chapter 3
  4. ගීතාවලිය Chapter 78
  5. උත්පත්ති Chapter 40
  6. දානියෙල් Chapter 2
  7. ගීතාවලිය Chapter 126

Related Chapters & Readings

  1. ක්රිරයා Chapter 4
  2. යෙරෙමියා Chapter 33
  3. රෝම Chapter 15
  4. සාලමොන්ගේ ගීතිකා Chapter 2
  5. නික්මයාම Chapter 29
  6. ශු. යොහන් Chapter 11
  7. එස්රා Chapter 3
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *