Read විනිශ්චයකාරයන් Chapter 3 Online
Read විනිශ්චයකාරයන් Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of විනිශ්චයකාරයන් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of විනිශ්චයකාරයන් and the Holy Bible online.
Choose a Chapter
විනිශ්චයකාරයන් 3
පරිච්ඡේදය 3
1. කානාන්හි සියලු යුද්ධ දැනනොගත්තාවූ සියලු ඉශ්‍රායෙල්වරුන් සෝදිසිකරන පිණිසද,
2. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පරම්පරාවලින් පළමු යුද්ධ කරන්ට දැනනොගත් අයට එය උගන්වන පිණිසද ස්වාමීන්වහන්සේ ඉතිරිකළ ජාතීහු මොව්හුය:
3. පිලිස්තිවරුන්ගේ අධිපතිවරු පස්දෙනාත් සියලු කානානිවරුත් ශීදොන්වරුත් බාල්හෙර්මොන් කන්දේ පටන් හමාත්ට ඇතුල්වෙන තැන දක්වා ලෙබනොන් කඳුකරයේ වාසයකළ හිවීවරුත්ය.
4. ඔවුන් ඉතිරිකළේ ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා ඉශ්‍රායෙල්වරුන්ගේ පියවරුන්ට අණකෙරෙවූ උන්වහන්සේගේ ආඥාවලට ඔව්හු ඇහුම්කන් දෙන්නෝද නැද්දැයි දැනගැනීමට ඔවුන් කරණකොටගෙන ඉශ්‍රායෙල්වරුන් සෝදිසිකරන පිණිසය.
5. ඉශ්‍රායෙල් පුත්‍රයෝ කානානිවරුන්ද හිත්තීවරුන්ද අමෝරිවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද අතරෙහි වාසයකොට,
6. ඔවුන්ගේ දූවරුන් පාවාගෙන, තමුන්ගේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට දී, ඔවුන්ගේ දෙවිවරුන්ට සේවයකළෝය.
7. ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කළෝය, ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැතිකොට බාල් දේවතාවුන්ටත් අෂේරීන්ටත්3:7 එනම්, අෂේරා ස්තම්භ. සේවයකළෝය.
8. එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළ, මෙසොපොතාමියේ රජවූ කුෂන්-රිෂාතයිම් අතට උන්වහන්සේ ඔවුන් පාවාදුන්සේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ කුෂන්-රිෂාතයිම්ට අට අවුරුද්දක් මෙහෙකළෝය.
9. වෙනි විනිශ්චයකාරවූ ඔත්නියෙල්9ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට මොරගැසූකල ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ගැළවුම්කාරයෙකු නැගුටුවා දී ඔවුන් ගැළවූසේක, ඒ වනාහි කාලෙබ්ගේ බාල සහෝදරයා වන කෙනස්ගේ පුත්‍රවූ ඔත්නියෙල්ය.
10. ස්වාමීන්වහන්සේගේ ආත්මය ඔහු කෙරෙහි පැමිණියෙන්, ඔහු ඉශ්‍රායෙල්වරුන් විනිශ්චයකරමින් යුද්ධයට පිටත්ව ගියේය. ස්වාමීන්වහන්සේ මෙසොපොතාමියේ රජවූ කුෂන්-රිෂාතයිම් ඔහු අතට පාවාදුන්සේක. ඔහුගේ අත කුෂන්-රිෂාතයිම්ට විරුද්ධව ජයගත්තේය.
11. එවිට ඒ සතළිස් අවුරුද්දක් දේශය නිශ්චලව තිබුණාය. කෙනස්ගේ පුත්‍රවූ ඔත්නීයෙල්ද මළේය.
12. නැවත ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය. ඔවුන් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළ නිසා උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව මෝවබ්හි රජවූ එග්ලොන් බලවත් කළසේක.
13. ඔහු අම්මොන් සහ අමලෙක් පුත්‍රයන් රැස්කරවාගන ගොස් ඉශ්‍රායෙල්ට පහර දුන්නේය, ඔව්හු ඉඳිගස් නුවරද හිමිකරගත්තෝය.
14. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ්හි රජවූ එග්ලොන්ට දසඅට අවුරුද්දක් සේවයකළෝය.
15. එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට මොරගැසූ කල ස්වාමීන්වහන්සේ ගැළවුම්කාරයෙකු ඔවුන්ට නැගුටුවාදුන්සේක. ඔහු වනාහි බෙන්යමින් ගෝත්‍රයට අයිති ගේරාගේ පුත්‍රවූ වමත හුරු මනුෂ්‍යයෙක්වූ ඒහුද්ය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝවබ්හි රජවූ එග්ලොන්ට ඔහු අත තෑග්ගක් යැවුවෝය.
16. ඒහුද් තෙමේ රියනක් දිග ඇති දෙමුවහත් කඩුවක් සාදාගෙන එය තමාගේ දකුණු කළවේ තමාගේ ඇඳුම් යට බැඳගන ගොස්,
17. මෝවබ්හි රජවූ එග්ලොන්ට ඒ තෑග්ග ඔප්පුකෙළේය. එග්ලොන් වනාහි ඉතා තර මනුෂ්‍යයෙකි.
18. ඒහුද් තෑග්ග ඔප්පුකර නිමවූ විට තෑග්ග ගෙන ගිය මිනිසුන් පිටත්කර හැරියේය.
19. නුමුත් ඔහු ගිල්ගාල් ළඟ තිබෙන ගල් කපන තැන සිට හැරීගොස්: රජ්ජුරුවෙනි, ඔබට කියන්ට රහස්වූ පණිවිඩයක් මට තිබේයයි කීවේය. රජතෙමේ: නිශ්ශබ්ද වෙයව්යයි කීය. එවිට ඔහු වෙත සිටි සියල්ලෝ ඔහු කෙරෙන් පිටතට ගියෝය.
20. ඒහුද් ඔහු ළඟට පැමිණියේය; ඔහු තමාගේ සිසිල් උඩුමහල්තලයෙහි තනියම ඉඳගන උන්නේය. ඒහුද් තෙමේ: ඔබට දෙවියන්වහන්සේගේ පණිවිඩයක් දන්වන්ට මට ඇතැයි කීය. ඔහු හුනස්නෙන් නැගිට්ටේය.
21. ඒහුද් තමාගේ වමත දිඟුකොට දකුණු කළවයෙන් කඩුව හැරගෙන ඔහුගේ බඩට ඇන්නේය.
22. තලය සමඟ මිටත් ඇතුළට ගියේය. ඔහුගේ බඩෙන් ඔහු කඩුව ඇද නොගත් බැවින් තලය මාංසයෙන් වැසී ගොස් පිටිපස්සෙන් එළියට ආයේය.
23. ඒහුද් පිටත ශාලාවට ගොස් උඩුමහල් දොරවල් වසා තබා අගුල් දමාගියේය.
24. ඔහු පිටත්ව ගිය කල රජුගේ මෙහෙකරුවෝ ඇවිත් බැලූහ; තවද ඔව්හු උඩුමහලේ දොරවල් අගුල්දමා තිබෙනවා දැක: සැබවින් රජු සිසිල් උඩුමහල්තලයෙහි තමාගේ පාද වසාගන ඉන්නවා වෙන්ට ඕනෑයයි කීවෝය.
25. ඔව්හු තුෂ්ණිම්භූතව බලා සිටියෝය. ඔහු උඩුමහලෙහි දොරවල් නොඇරිය බැවින් ඔව්හු යතුර ගෙන ඒවා ඇරියකල ඔවුන්ගේ ස්වාමියා බිම වැටී මැරී ඉන්නවා දුටුවෝය.
26. ඔවුන් ප්‍රමාදවෙද්දී ඒහුද් ගැළවී ගල් කපන තැන පසුකර සෙයිරාට ගැළවී ගියේය.
27. ඔහු ඇවිත් එප්‍රායිම් කඳු රටේදී හොරණෑවක් පිම්බේය, එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ ඔහු සමඟ කඳුරටෙන් බැස ගියෝය. ඔහු ඔවුන්ට පෙරටුවෙන් ගොස්,
28. ඔවුන්ට කථාකොට: මා පස්සේ එන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ සතුරන් වන මෝවබ්වරුන් ඔබ සැම අතට පාවා දී තිබේයයි කීවේය. ඔව්හු ඔහු පස්සේ ගොස් මෝවබ් ළඟ තිබෙන යොර්දාන්හි තොටුපළවල් අල්ලාගෙන, කිසිවෙකුට එයින් එගොඩවෙන්ට ඉඩ නුදුන්නෝය.
29. ඔව්හු ඒ ප්‍රස්තාවේදී මෝවබ්වරුන් දසදහසක් පමණ මැරුවෝය. ඔවුන් සියල්ලෝම ශක්තිමත්ව සියල්ලෝම බලවන්තයෝව සිටියෝය; එක්කෙනෙක්වත් ගැළවුණේ නැත.
30. ඒ දවසේදී මෝවබ්වරු ඉශ්‍රායෙල්වරුන්ට යටත්කරනු ලැබුවෝය. ඉක්බිති අසූ අවුරුද්දක් දේශය නිශ්චලව තිබුණාය.
31. ඔහුට පසුව පැමිණියේ අනාත්ගේ පුත්‍රවූ ෂම්ගර්ය. හෙතෙම පිලිස්තිවරුන්ගෙන් මනුෂ්‍යයන් හසියයක් හරක් අංකුසයකින් මැරීය. ඔහුද ඉශ්‍රායෙල් ගැළවුවේය.
About විනිශ්චයකාරයන් Chapter 3
Read විනිශ්චයකාරයන් Chapter 3 online from the Holy Bible. This chapter is part of the Book of විනිශ්චයකාරයන් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: විනිශ්චයකාරයන්
Chapter: 3
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading විනිශ්චයකාරයන්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading විනිශ්චයකාරයන් Chapter 3 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is විනිශ්චයකාරයන් Chapter 3?
විනිශ්චයකාරයන් Chapter 3 is part of the Book of විනිශ්චයකාරයන් in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete විනිශ්චයකාරයන් Chapter 3 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 6
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 21
- නික්මයාම Chapter 18
Explore More from විනිශ්චයකාරයන්
- විනිශ්චයකාරයන් Chapter 18
- විනිශ්චයකාරයන් Chapter 6
- විනිශ්චයකාරයන් Chapter 2
- විනිශ්චයකාරයන් Chapter 20
- විනිශ්චයකාරයන් Chapter 15
- විනිශ්චයකාරයන් Chapter 16
- විනිශ්චයකාරයන් Chapter 14