Read යෙසායා Chapter 66 Online
Read යෙසායා Chapter 66 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෙසායා and the Holy Bible online.
Choose a Chapter
යෙසායා 66
පරිච්ඡේදය 66
1. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහස මාගේ සිංහාසනයය, පොළොව මාගේ පාපුටුවය. නුඹලා කෙබඳු ගෘහයක් මට සාදන්නහුද? නොහොත් මාගේ නිවාසස්ථානය කොතැනද?
2. මේ සියල්ල මාගේ අතින් සාදනලද්දේය, එසේ මේ සියල්ල සිදුවීයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එහෙත් යටහත්වූ, තැළුණු ආත්මයක් ඇත්තාවූ, මාගේ වචනයට වෙවුලන්නාවූ මනුෂ්‍යයා දෙස බලමි.
3. ගොනෙකු මරන අය මනුෂ්‍යයෙකු මරන්නෙකු මෙන් වේ; බැටළු වස්සෙකු පූජාකරන අය බල්ලෙකුගේ බෙල්ල කඩන අය මෙන් වේ; ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නෙකු මෙන් වේ; කට්ටකුමංචල් දවන අය පිළිමයකට බුහුමන් කරන අය මෙන් වේ. එසේය, ඔව්හු තමුන්ගේම මාර්ග තෝරාගත්තෝය, ඔවුන්ගේ ආත්මයද ඔවුන්ගේ පිළිකුල්වලට ප්‍රියවේ.
4. මමත් ඔවුන්ට නිසි විපත්ති නියමකොට, ඔවුන් භයවන දේ ඔවුන් පිටට පමුණුවන්නෙමි; මක්නිසාද මා අඬගැසූ විට කිසිවෙක් උත්තර නුදුන්නේය; මා කථාකළ විට ඔව්හු නොඇසුවෝය; ඔව්හු මාගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කර, මා කැමැති නැති දේ තෝරාගත්තෝය.
5. ස්වාමීන්වහන්සේගේ වචනයට වෙවුලන තැනැත්තෙනි, උන්වහන්සේගේ වචනය අසන්න. මාගේ නාමය නිසා නුඹලාට වෛරවී නුඹලා පන්වා දැමුවාවූ නුඹලාගේ සහෝදරයෝ ස්වාමීන්වහන්සේ ගෞරව ලබාගන්නසේක්වා, එවිට නුඹලාගේ ප්‍රීතිය අපට දකින්ට ලැබේයයි කියති; නුමුත් ඔවුන්ම ලජ්ජාවට පැමිණෙනවා ඇත.
6. ඝෝෂා හඬක් නුවරින් පැමිණෙන්නේය, දේව මාළිගාවෙන් හඬක් පැමිණෙන්නේය; එය වනාහි තමන්ගේ සතුරන්ට ප්‍රතිඵලදෙන ස්වාමීන්වහන්සේගේ හඬය.
7. ප්‍රසව වේදනාව පැමිණෙන්ට පළමුවෙන් ඈ බිහිකළාය; ඈට විළිරුජාව අල්ලන්ට පළමුවෙන් ඈ පිරිමි දරුවෙකු ප්‍රසූතකළාය.
8. මෙබඳු දෙයක් ඇසුවේ කවුද? මෙබඳු දේ දුටුවේ කවුද? එක දවසකදී දේශයක් උපදිනවා ඇද්ද? නොහොත් සෙනඟක් එකවිටම උපදිනවා ඇද්ද? සියොන් ප්‍රසව වේදනා වින්ද ඇසිල්ලෙහිම ඇගේ දරුවන් බිහිකළාය.
9. බිහිවෙන්ට ළංකරන්නාවූ මම උපදින්ට නොසලස්වන්නේම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. නොහොත් බිහිවන්ට සලස්වන්නාවූ මමම ගර්භය පියන්නෙම්දැයි නුඹේ දෙවියන්වහන්සේ කියනසේක.
10. යෙරුසලමට ප්‍රේමකරන සියල්ලෙනි, ඈ සමඟ සන්තෝෂවී, ඈ කෙරෙහි ප්‍රීතිමත්වෙන්න; ඈ ගැන වැලපෙන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඈ සමඟ ප්‍රීතිවෙන්න.
11. මෙසේ නුඹලා ඇගේ සැනසිලි නැමති තන උරා තෘප්තියට පැමිණෙනවා ඇත; ඇගේ තේජසේ පූර්ණකමින් දොවාගන භුක්තිවිඳිනවා ඇත.
12. මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම සමාදානය ගංගාවක් මෙන්ද ජාතීන්ගේ තේජස ඉතිරෙන ඔයක් මෙන්ද ඈ වෙතට හරවමි, නුඹලා එයින් උරා බොන්නහුය; උකුළේ ගෙනයනු ලබන්නහුය, දෙදණ පිට සුරතල්කරනු ලබන්නහුය.
13. මනුෂ්‍යයෙකු තමාගේ මවු විසින් සනසනු ලබන්නාක්මෙන් මම නුඹලා සනසන්නෙමි; යෙරුසලම තුළද නුඹලා සැනසෙනවා ඇත.
14. නුඹලා එය දැක නුඹලාගේ සිත් ප්‍රීතිවන්නේය, නුඹලාගේ ඇටද තෘණ මෙන් සශ්‍රීකවන්නේය. ස්වාමීන්වහන්සේගේ හස්තයද තමන්ගේ මෙහෙකරුවන්ට ප්‍රකාශවන්නේය, උන්වහන්සේ තමන්ගේ සතුරන්ට විරුද්ධව කෝපවෙනවා ඇත
15. මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන්ගේ උදහස කෝපයෙන්ද තමන්ගේ තර්ජනය ගිනිදැල්වලින්ද ඉෂ්ටකරන පිණිස ගිනි සහිතවද උන්වහන්සේගේ රථ සුළිහුළඟ මෙන්ද එනවා ඇත.
16. එසේය, ස්වාමීන්වහන්සේ ගින්නෙන්ද තමන්ගේ කඩුවෙන්ද මාංසමයවූ සියල්ලන් සමඟ විනිශ්චයට පැමිණෙනවා ඇත. බොහෝ දෙනෙක්ද ස්වාමීන්වහන්සේගෙන් මැරුම් කනවා ඇත.
17. මැද සිටින කෙනෙකුට පස්සෙන් උයන්වලට යන පිණිස තමුන් ශුද්ධ පවිත්‍රකරගන්නාවූ, ඌරු මස් සහ පිළිකුල් දේද මීයන්ද කන්නාවූ අය එක්ව නැතිවන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
18. මක්නිසාද මම ඔවුන්ගේ ක්‍රියා සහ යෝජනා දනිමි. සියලු ජාතීන් සහ භාෂාවන් මා විසින් රැස්කිරීමට කාලය පැමිණෙන්නේය; ඔව්හු ඇවිත් මාගේ තේජස දකින්නෝය.
19. මම ඔවුන් අතරේ ලකුණක් තබා, ඔවුන්ගෙන් ගැළවීයන අය මාගේ කීර්තිය නෑසුවාවූ, මාගේ තේජස නුදුටුවාවූ දුරස්තර ද්වීපයන් වන තර්ෂිෂ්හිද පූල්හිද දුනුවායන් සිටින ලූද්හිද තුබල්හිද යාවාන්හිද සිටින ජාතීන් වෙතට යවන්නෙමි; ඔවුන් ජාතීන් අතරෙහි මාගේ තේජස දන්වනවා ඇත.
20. ඉශ්‍රායෙල් පුත්‍රයන් පිරිසිදු භාජනයක ස්වාමීන්වහන්සේගේ ගෘහයට පඬුරු ගෙනෙන්නාක්මෙන් ඔවුන් නුඹලාගේ සියලු සහෝදරයන් සියලු ජාතීන් අතරෙන් අශ්වයන් පිටින්ද රථවලින්ද දෝලාවලින්ද අශ්වතරයන් පිටින්ද ඔටුවන් පිටින්ද මාගේ ශුද්ධ කන්ද වන යෙරුසලමට ස්වාමීන්වහන්සේට පඬුරක් කොට ගෙනෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
21. ඔවුන් ගෙන්ද සමහරුන් මම පූජකයන් සහ ලෙවීවරුන් කොට ගන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
22. මක්නිසාද මා විසින් සාදන අලුත් අහසත් අලුත් පොළොවත් මා ඉදිරියෙහි පවතින්නාක් මෙන් නුඹලාගේ වංශය සහ නුඹලාගේ නාමය පවතින්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
23. තවද අමාවකක් අමාවකක් පාසාද සබත් දවසක් සබත් දවසක් පාසාද මා ඉදිරියෙහි නමස්කාරකරන්ට සියලු මනුෂ්‍යයෝ එන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
24. ඔවුන් පිටතට ගොස් මට විරුද්ධව වරදකළ අයින්ගේ මළකඳන් බලනවා ඇත. මක්නිසාද ඔවුන්ගේ පණුවා නහින්නේවත් ඔවුන්ගේ ගින්න නිවෙන්නේවත් නැත; ඔව්හුද මාංසමයවූ සියල්ලන්ට පිළිකුලක් වන්නෝය.
About යෙසායා Chapter 66
Read යෙසායා Chapter 66 online from the Holy Bible. This chapter is part of the Book of යෙසායා in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.
Book Information
Book: යෙසායා
Chapter: 66
Testament: Old Testament
How to Read this Chapter
Use the Previous and Next Chapter buttons to continue reading යෙසායා. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.
More Resources
Continue Reading the Bible
Continue reading යෙසායා Chapter 66 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.
Frequently Asked Questions
What is යෙසායා Chapter 66?
යෙසායා Chapter 66 is part of the Book of යෙසායා in the Holy Bible.
Can I read this chapter online?
Yes. You can read the complete යෙසායා Chapter 66 online for free with easy chapter navigation.
More Chapters from පැරණි ගිවිසුම
- නික්මයාම Chapter 1
- නික්මයාම Chapter 12
- නික්මයාම Chapter 26
- නික්මයාම Chapter 6
- නික්මයාම Chapter 30
- නික්මයාම Chapter 21
- නික්මයාම Chapter 18
Explore More from යෙසායා
- යෙසායා Chapter 38
- යෙසායා Chapter 29
- යෙසායා Chapter 51
- යෙසායා Chapter 13
- යෙසායා Chapter 52
- යෙසායා Chapter 11
- යෙසායා Chapter 53