2 රාජාවලිය Chapter 25

For English

Read 2 රාජාවලිය Chapter 25 Online

Read 2 රාජාවලිය Chapter 25 online from the Holy Bible. This chapter is part of the Book of 2 රාජාවලිය in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of 2 රාජාවලිය and the Holy Bible online.

Choose a Chapter

2 රාජාවලිය 25

පරිච්ඡේදය 25

1. තවද ඔහුගේ රජකමේ නවවෙනි අවුරුද්දේ දහවෙනි මාසයේ දහවෙනිදා බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් තමාගේ මුළු සේනාව සමඟ යෙරුසලමට විරුද්ධව ඇවිත් ඊට විරුද්ධව කඳවුරු බැඳ, වටකරින් ඊට විරුද්ධව කොටු ගොඩනැඟුවේය.

2. මෙසේ ශෙදෙකියා රජුගේ එකොළොස්වෙනි අවුරුද්ද දක්වා නුවර වටලා තිබුණේය.

3. සතරවෙනි මාසයේ නවවෙනිදා දේශයේ සෙනඟට කෑම නැතිවෙන තරම් සාගතය නුවර තුළ බලවත් විය.

4. එකල නුවර අසුවී කල්දිවරුන් නුවර වටකර සිටිද්දී, සියලු යුද්ධකාරයෝ රජ උයන ළඟ පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් රාත්‍රියේ පලාගියෝය. රජ අරබා සමභූමි පාරෙන් ගියේය.

5. එහෙත් කල්දිවරුන්ගේ සේනාව රජු පස්සේ එළවාගන ගොස් යෙරිකෝවේ සමභූමිවලදී ඔහු කිට්ටුකර ආවෝය. ඔහුගේ මුළු සේනාවද ඔහු වෙතින් විසිර ගියාය.

6. ඔව්හු රජු අල්ලා බබිලෝනියේ රජු ළඟට රිබ්ලාට ගෙන ගියෝය; එවිට ඔව්හු ඔහු ගැන තීන්දුව දුන්නෝය.

7. ඔව්හු ශෙදෙකියාගේ පුත්‍රයන් ඔහුගේ ඇස් හමුවෙහි මරා, ඔහුගේ ඇස් අන්ධකොට, ඔහු විලංගු දමා බබිලෝනියට ගෙන ගියෝය.

8. තවද බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් රජුගේ දහනවවෙනි අවුරුද්දේ පස්වෙනි මාසයේ සත්වෙනිදා බබිලෝනියේ රජුගේ සේවකයෙක්වූ රැකවලුන්ගේ අධිපතිවූ නෙබු-සරදාන් යෙරුසලමට ඇවිත්,

9. ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජ ගෙයද යෙරුසලමේ සියලු ගෙවල්ද ගිනිලෑවේය, ලොකු ගෙවල් සියල්ලම ඔහු ගින්නෙන් දවාදැමුවේය.

10. රැකවලුන්ගේ අධිපතියා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු සේනාව යෙරුසලමේ පවුරු හාත්පසින්ම බිඳ දැමුවෝය.

11. සෙනඟගෙන් නුවර ඉතුරුව සිටිය අයද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයටවූ අයද සමූහයාගෙන් අනික් අයද රැකවලුන්ගේ අධිපතිවූ නෙබුසරදාන් තෙමේ අල්ලාගෙන ගියේය.

12. නුමුත් මිදිවතු වවන්ටත් ගොවිතැන් කරන්ටත් රැකවලුන්ගේ අධිපතියා දේශයේ ඉතා දිළිඳුන්ගෙන් සමහරෙක් ඉතුරුකොට ගියේය.

13. තවද කල්දිවරු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තිබුණු පිත්තල කණුද මැහිද ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තිබුණු පිත්තල මුහුදද කඩාගන ඒවායේ පිත්තල බබිලෝනියට ගෙනගියේය.

14. ඇතිලිද හැඳිද පහන් කතුරුද පාත්‍රාද මෙහෙයට පාවිච්චිකළ පිත්තල බඩු සියල්ලද ඔව්හු ගත්තෝය.

15. ගිනිකබල්ද තාළිද රන් බඩුවල රන්ද රිදී බඩුවල රිදීද රැකවලුන්ගේ අධිපතියා විසින් ගන්නාලද්දේය.

16. සාලමොන් විසින් ස්වාමීන්වහන්සේගේ ගෘහයට සෑදූ කුළුනු දෙකත් මුහුදත් මැහිත් යන සියලු බඩුවල පිත්තල බර ගණනක් නැතුව තිබුණේය.

17. එක එක කුළුනේ උස දහඅට රියනක්ය, ඒක පිට පිත්තල පේකඩයක් විය. පේකඩයේ උස තුන් රියනක්ය; පේකඩය පිට වටකරින් දැල් වැඩක් සහ දෙළුම් ගෙඩිත් තිබුණේය, ඒ සියල්ල පිත්තලෙන් විය. දෙවෙනි කුළුන පිටත් එයාකාරම දැල් වැඩ තිබුණේය.

18. තවද රැකවලුන්ගේ අධිපතිතෙම නායක පූජකයාවූ සෙරායාද දෙවෙනි පූජකයාවූ ශෙපතියාද දොරටුපාලයන් තුන්දෙනාද අල්ලාගත්තේය.

19. යුද්ධකාරයන්ගේ අධිපතියෙක්වූ ඇමතියෙක්ද රජු ඉදිරියෙහි සිටිය මනුෂ්‍යයන්ගෙන් නුවර සිටිය පස්දෙනෙක්ද දේශයේ සෙනඟ යුද්ධයට රැස්කළ සේනාපතියාගේ ලේකම්ද නුවර සිටිය දේශයේ සෙනඟගෙන් හැට දෙනෙක්ද අල්ලා ගත්තේය.

20. එවිට රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් ඔවුන් බබිලෝනියේ රජු ළඟට රිබ්ලාට ගෙනගියේය.

21. බබිලෝනියේ රජ හමාත් රටේ රිබ්ලාහිදී ඔවුන්ට පහරදී ඔවුන් මැරුවේය. මෙසේ යුදාවරු තමුන්ගේ ප්‍රවේණි භූමියෙන් ගෙනයනලද්දෝය.

22. තවද ඔහු යුදා දේශයෙහි ඉතුරුව සිටියාවූ, බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් ඉතුරුකර ගියාවූ සෙනඟ කෙරෙහි ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා අධිපතියා කොට පත්කෙළේය.

23. බබිලෝනියේ රජු විසින් ගෙදලියා ආණ්ඩුකාරයා කොට පත්කළ බව සේනාවල සියලු අධිපතීන්ද ඔවුන්ගේ මිනිසුන්ද ඇසූ විට ඔව්හු එනම් නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ද කාරියාගේ පුත්‍රවූ යෝහානාන්ද නෙටොපාතිය තන්හුමෙත්ගේ පුත්‍රවූ සෙරායාද මයකාතියයාගේ පුත්‍රවූ යාශනියාද ඔවුන්ගේ මිනිස්සුද ගෙදලියා ළඟට මිශ්පාට ආවෝය.

24. ගෙදලියා ඔවුන්ටත් ඔවුන්ගේ මිනිසුන්ටත් දිවුරුම්දී කථාකොට: කල්දිවරුන්ගේ සේවකයන්ට භයනොවී දේශයෙහි වාසයකොට බබිලෝනියේ රජුට සේවයකරන්න, එවිට ඔබ සැමට ශුභසිද්ධවන්නේයයි කීවේය.

25. නුමුත් සත්වෙනි මාසයේදී රාජ වංශයේ එලිෂාමාගේ පුත්‍රයා වන නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මනුෂ්‍යයන් දසදෙනෙකුන් සමඟ ඇවිත් ගෙදලියාටත් මිශ්පාහි ඔහු සමඟ සිටි යුදෙව්වරුන්ටත් කල්දිවරුන්ටත් පහරදී මැරුවේය.

26. එවිට ලොකු කුඩා සියලු මනුෂ්‍යයෝද සේනාවන්ගේ අධිපතීහුද මිසරයට පිටත්ව ගියෝය. මක්නිසාද ඔව්හු කල්දිවරුන්ට භයවූහ.

27. යුදාහි රජවූ යෙහෝයාඛින් ගෙනයනු ලැබ තිස්හත්වෙනි අවුරුද්දේ දොළොස්වෙනි මාසයේ විසිහත්වෙනිදා, බබිලෝනියේ රජවූ එවිල්-මෙරොදක් තමා රජවුණ අවුරුද්දේදී යුදාහි යෙහෝයාඛින්ගේ හිස ඔසවා, හිරගෙයින් ඔහු නිදහස්කර,

28. ඔහුට කරුණාවෙන් කථාකොට, බබිලෝනියෙහි ඔහු සමඟ සිටි රජුන්ගේ සිංහාසනවලට වඩා ඔහුගේ සිංහාසනය උසස්කෙළේය.

29. ඔහුගේ හිරකාර ඇඳුම්ද මාරුකෙළේය, තවද ඔහු තමාගේ ජීවිතයේ සියලු දවස්වල නිතරම රජු ඉදිරියෙහි කෑම කෑවේය.

30. ඔහුගේ ආහාර කොටසද නියමලෙස දවස්පතාම රජු වෙතින් ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල ඔහුට දෙනලද්දේය.

About 2 රාජාවලිය Chapter 25

Read 2 රාජාවලිය Chapter 25 online from the Holy Bible. This chapter is part of the Book of 2 රාජාවලිය in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: 2 රාජාවලිය
Chapter: 25
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading 2 රාජාවලිය. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading 2 රාජාවලිය Chapter 25 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is 2 රාජාවලිය Chapter 25?

2 රාජාවලිය Chapter 25 is part of the Book of 2 රාජාවලිය in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete 2 රාජාවලිය Chapter 25 online for free with easy chapter navigation.

More Chapters from 2-රාජාවලිය

  1. 2 රාජාවලිය Chapter 21
  2. 2 රාජාවලිය Chapter 22
  3. 2 රාජාවලිය Chapter 9
  4. 2 රාජාවලිය Chapter 16
  5. 2 රාජාවලිය Chapter 6
  6. 2 රාජාවලිය Chapter 2
  7. 2 රාජාවලිය Chapter 1

Explore More from පැරණි ගිවිසුම

  1. දේශනාකාරයා Chapter 6
  2. නෙහෙමියා Chapter 3
  3. ගීතාවලිය Chapter 123
  4. යෙරෙමියා Chapter 15
  5. යෙරෙමියා Chapter 11
  6. ලෙවී කථාව Chapter 23
  7. එස්රා Chapter 3

Related Chapters & Readings

  1. ගීතාවලිය Chapter 87
  2. 2 ලේකම් Chapter 28
  3. එසකියෙල් Chapter 34
  4. ශු. මතෙව් Chapter 12
  5. ශු. මතෙව් Chapter 17
  6. ශු. මතෙව් Chapter 26
  7. ගීතාවලිය Chapter 84
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *