හබක්කුක් Chapter 1

For English

Read හබක්කුක් Chapter 1 Online

Read හබක්කුක් Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of හබක්කුක් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of හබක්කුක් and the Holy Bible online.

Choose a Chapter

A+ A A-

හබක්කුක් 1

පරිච්ඡේදය 1

1. අනාගතවක්තෘවූ හබක්කුක් දුටු දිව්‍ය ප්‍රකාශනයය.

2. ස්වාමීන්වහන්ස, මම කොපමණ කල් මොරගසම්ද? එහෙත් ඔබ නොඅසනසේක; බලාත්කාරය ගැන ඔබට කෑගසමි, එහෙත් ඔබ නොගළවනසේක.

3. ඔබවහන්සේ අධර්මිෂ්ඨකම දකින්ට මට ඉඩහැර, හිතුවක්කාර හිංසාව බලා සිටින්නේ මක්නිසාද? නාස්තිකිරීමද බලාත්කාරයද මා ඉදිරිපිට තිබේ. භේද තිබේ, තරඟයද හටගනියි.

4. එබැවින් ව්‍යවස්ථාව බෙලහීනවී, විනිශ්චය කවදාවත් නොනික්මෙයි. මක්නිසාද දුෂ්ටයෝ ධර්මිෂ්ඨයා වටකරති; ඒ නිසා විපරීත විනිශ්චයක් සැලසේ.

5. ජාතීන් අතරෙහි බලා, කල්පනාකර, ඉතා විස්මපත්වෙන්න. මක්නිසාද නුඹලාට කීවත් නුඹලා විශ්වාස නොකරන ක්‍රියාවක් නුඹලාගේ දවස්වලදී කරමි.

6. එසේය, රෞද්‍රවූ කඩිසරවූ ජාතියක් වන කල්දිවරුන් නැගුටුවමි; ඔව්හු තමුන්ට අයිති නැති වාසස්ථාන හිමිකරගන්ට පොළොවේ දුරස්තර තැන් දක්වාම යති.

7. ඔව්හු භයානකව භයංකරව සිටිති. ඔවුන්ගේ විනිශ්චයද උසස්කමද ඔවුන්ගෙන්ම පැමිණේ.

8. ඔවුන්ගේ අශ්වයෝ දිවියන්ට වඩා ශීඝ්‍රය, සැන්දෑ වෘකයන්ට වඩා සැරය; ඔවුන්ගේ අසරුවෝ විසිරයති. එසේය, ඔවුන්ගේ අසරුවෝ දුර සිට එති; ගොදුරු කරා වේගයෙන් යන රාජාලියෙකු මෙන් පියාඹති.

9. ඔවුන් සියල්ලෝම බලාත්කාරය පිණිස එති; ඔවුන්ගේ මුහුණු නැගෙනහිර දෙසට යොමුකර තිබේ; ඔව්හු වැලි මෙන් වහලුන් රැස්කරගනිති.

10. එසේය, ඔව්හු රජුන්ට නින්දා කරති, අධිපතීහුද ඔවුන්ට කවටකමක්ය. ඔව්හු සියලු බලකොටුවලට සිනාසී, පස් ගොඩකර, ඒවා අල්ලාගනිති.

11. එකල තමුන්ගේ බලය ස්වකීය දෙවියන් කොට ගත් ඔව්හු හුළඟක් මෙන් ගහගන ගොස් පහවන්නෝය, වරදකාරද වන්නෝය.

12. මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, මාගේ ශුද්ධ තැනන්වහන්ස, ඔබ පුරාණයේ සිට නොසිටිනසේක්ද? අපි නොනසින්නෙමුව. අහෝ ස්වාමීන්වහන්ස, ඔබ ඔහු විනිශ්චය පිණිස නියමකර තිබේ; අහෝ පර්වතයාණෙනි, ඔබ ඔහු දඬුවම පිණිස පිහිටුවා තිබේ.

13. නපුර බලන්ට බැරි තරම් පවිත්‍ර ඇස් ඇත්තාවූ, හිංසාව බලාසිටින්ට නොහැකිවූ ඔබවහන්සේ ද්‍රෝ‍්හීන් දෙස බලාසිටින්නෙත්, දුෂ්ටයා තමාට වඩා ධර්මිෂ්ඨ තැනැත්තා නාස්තිකරන කල ඔබ නිශ්ශබ්දව සිටින්නෙත්,

14. මුහුදේ මත්ස්‍යයන් මෙන්ද තමුන් කෙරෙහි ආණ්ඩුකාරයෙකු නැති බඩගායන සතුන් මෙන්ද වෙන්ට මනුෂ්‍යයන්ට සලස්වන්නෙත් මක්නිසාද?

15. ඔහු බිළිකටුවෙන් සියල්ලන් අල්ලාගන්නේය, තමාගේ දැලෙන් ඔවුන් ඇදගන, තමාගේ අතංගුවෙන් ඔවුන් එකතුකරගන්නේය. ඉන්නිසා ඔහු ප්‍රීතිව සන්තෝෂවන්නේය.

16. එබැවින් ඔහු තමාගේ දැලට පූජා ඔප්පුකොට, තමාගේ අතංගුවට සුවඳ දුම් දමන්නේය; මක්නිසාද ඒවායින්ම ඔහුගේ කොටස තරවී, ඔහුගේ ආහාර පුෂ්ටිමත්ව තිබේ.

17. ඒ පිණිස ඔහු තමාගේ දැල හිස්කොට ජාතීන් නිතරම මරා දැමීමෙන් නොවැලකෙන්නේද?

About හබක්කුක් Chapter 1

Read හබක්කුක් Chapter 1 online from the Holy Bible. This chapter is part of the Book of හබක්කුක් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: හබක්කුක්
Chapter: 1
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading හබක්කුක්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading හබක්කුක් Chapter 1 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is හබක්කුක් Chapter 1?

හබක්කුක් Chapter 1 is part of the Book of හබක්කුක් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete හබක්කුක් Chapter 1 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 30
  3. නික්මයාම Chapter 26
  4. නික්මයාම Chapter 12
  5. නික්මයාම Chapter 9
  6. නික්මයාම Chapter 2
  7. නික්මයාම Chapter 25

Explore More from හබක්කුක්

  1. හබක්කුක් Chapter 3
  2. හබක්කුක් Chapter 2

Related Chapters & Readings

  1. 1 රාජාවලිය Chapter 2
  2. හොෂෙයා Chapter 2
  3. ක්රිරයා Chapter 25
  4. 1 කොරින්ති Chapter 11
  5. යෝබ් Chapter 17
  6. 1 රාජාවලිය Chapter 22
  7. එපීස Chapter 1
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *