යෝබ් Chapter 11

For English

Read යෝබ් Chapter 11 Online

Read යෝබ් Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of යෝබ් in the Old Testament. Browse every verse with easy chapter navigation, continue to the next chapter, or explore the complete Book of යෝබ් and the Holy Bible online.

Choose a Chapter

යෝබ් 11

පරිච්ඡේදය 11

1. එවිට නයමාතිය ශෝපර් උත්තර දෙමින් කියනුයේ:

2. වචන රාශියට උත්තරදිය යුතු නොවේද? නොහොත් අධික කථාකාරයාම නිර්දෝෂ වේද?

3. මනුෂ්‍යයන් ඔබේ ප්‍රලාපවලට නිශ්ශබ්දව සිටින්ටද? ඔබ කවටකම්කරන කල කිසිවෙක් ඔබ ලජ්ජාවට නොපමුණුවන්නේද?

4. මක්නිසාද: මාගේ හැසිරීම නිදොස්ය, මම ඔබගේ ඇස් හමුයෙහි පවිත්‍රව සිටිමියි ඔබ කියන්නෙහිය.

5. අහෝ, දෙවියන්වහන්සේ කථාකොට, ඔබට විරුද්ධව උන්වහන්සේගේ තොල් විවරකරනසේක්වා!

6. ප්‍රඥාවේ රහස්ද උන්වහන්සේගේ ඥානය නානාප්‍රකාර බවද ඔබට පෙන්වනසේක්වා! එබැවින් දෙවියන්වහන්සේ ඔබේ සියලු අයුතුකම්වල ප්‍රමාණයට වඩා අඩුවෙන් ඔබට දඬුවම්කරන බව දැනගන්න.

7. දෙවියන්වහන්සේගේ ගැඹුරු දේවල් දැනගන්ට ඔබට පුළුවන්ද? සර්වපරාක්‍රමයාණන්වහන්සේ සම්පූර්ණ ලෙස දැනගන්ට ඔබට පුළුවන්ද?

8. ඒක ස්වර්ගය මෙන් උසය; ඔබට මක්කරන්ට පුළුවන්ද? ෂෙයෝලට 11:8 හෙවත්, මිනීවළට. වඩා ගැඹුරුය; ඔබට දැනගන්ට පුළුවන් කුමක්ද?

9. ඒකේ මිම්ම පොළොවට වඩා දිගය, මුහුදට වඩා පළලය.

10. උන්වහන්සේ අවුත් හිරකොට විනිශ්චයට අඬගැසුවොත්, උන්වහන්සේ වලක්වන්නේ කවුද?

11. මක්නිසාද උන්වහන්සේ බොරුකාරයන් දන්නාසේක; කල්පනා නොකරන්නාක්මෙන් සිටින නුමුත් උන්වහන්සේ අධර්මිෂ්ඨකම දක්නාසේක.

12. නුමුත් නිරර්ථක මනුෂ්‍යයා අනුවණව සිටින්නේය, එසේය, මනුෂ්‍යයා වල් කොටළුවෙක්ව උපදින්නේය.

13. ඔබේ අතේ අයුක්තිය තිබේ නම් ඒක පහකරන්න, අධර්මිෂ්ඨකමද ඔබේ කූඩාරම්වල වාසය නොකෙරේවා.

14. එවිට ඔබ ඔබේ සිත හරි ආකාර යොමුකොට උන්වහන්සේ දෙසට ඔබේ අත් දිගු කළොත්,

15. ඔබ කැලලක් නැතුව ඔබේ මුහුණ ඔසවාගන, ස්ථිරව භය නැතුව සිටිනවා ඇත.

16. එසේය, ඔබ ඔබේ දුක මතකනැති කර, බැසගිය ජලය මෙන් ඒ ගැන සිතනවා ඇත.

17. ඔබේ ජීවිතය ඉරමුදුන් වේලාවටත් වඩා දීප්තිමත් වන්නේය; අන්ධකාරය තිබෙන නුමුත් එය පහන් වේලාව මෙන් වන්නේය.

18. බලාපොරොත්තුව තිබෙන බැවින් ඔබ විශ්වාසයෙන් සිටින්නෙහිය; එසේය, ඔබ වටකර සෝදිසිකර බලා, සුරක්ෂිතව සැතපෙන්නෙහිය.

19. ඔබ කිසිවෙකුගෙන් භයක් නොලැබ නිදාගන්නෙහිය; එසේය, බොහෝ දෙනෙක් ඔබෙන් කරුණාව සොයන්නෝය.

20. නුමුත් දුෂ්ටයන්ගේ ඇස් ක්ෂයවන්නේය, ඔවුන්ට ගැළවීමක් නොලැබෙන්නේය, ඔවුන්ගේ බලාපොරොත්තුවද ප්‍රාණය ඉකුත්වීමයයි කීවේය.

About යෝබ් Chapter 11

Read යෝබ් Chapter 11 online from the Holy Bible. This chapter is part of the Book of යෝබ් in the Old Testament. Continue reading with the chapter navigation above or explore the complete book.

Book Information

Book: යෝබ්
Chapter: 11
Testament: Old Testament

How to Read this Chapter

Use the Previous and Next Chapter buttons to continue reading යෝබ්. You can also adjust the font size for comfortable reading and browse other books of the Bible using the navigation links.

https://www.youtube.com/watch?v=rzsT_Q3KLzE

More Resources

Continue Reading the Bible

Continue reading යෝබ් Chapter 11 and explore every book, chapter and verse of the Holy Bible. Use the navigation links above and below to move through the Scriptures with ease.

Frequently Asked Questions

What is යෝබ් Chapter 11?

යෝබ් Chapter 11 is part of the Book of යෝබ් in the Holy Bible.

Can I read this chapter online?

Yes. You can read the complete යෝබ් Chapter 11 online for free with easy chapter navigation.

More Chapters from පැරණි ගිවිසුම

  1. නික්මයාම Chapter 1
  2. නික්මයාම Chapter 12
  3. නික්මයාම Chapter 30
  4. නික්මයාම Chapter 26
  5. නික්මයාම Chapter 21
  6. නික්මයාම Chapter 9
  7. නික්මයාම Chapter 2

Explore More from යෝබ්

  1. යෝබ් Chapter 3
  2. යෝබ් Chapter 6
  3. යෝබ් Chapter 18
  4. යෝබ් Chapter 19
  5. යෝබ් Chapter 17
  6. යෝබ් Chapter 8
  7. යෝබ් Chapter 23

Related Chapters & Readings

  1. දානියෙල් Chapter 3
  2. 1 රාජාවලිය Chapter 22
  3. ගීතාවලිය Chapter 76
  4. 2 රාජාවලිය Chapter 18
  5. ශු. මතෙව් Chapter 9
  6. ශු. මාර්ක් Chapter 5
  7. ක්රිරයා Chapter 1
Share Your Love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *